පෙම්වතුන්ගේ දිනය දා බලන්න.. පහුගිය දශකයේ නිර්මාණය වුණ, වෙනස් ආදර කතා රැගත් චිත්‍රපට 10ක්.

පෙබරවාරි 14 උදා වෙනකං පෙම්වතුන් නං ඉන්නෙ නොඉවසිල්ලෙන්. තමන්ගෙ පෙම්වතා , පෙම්වතිය එක්ක වැලන්ටයින් දිනය සමරන එක දැන් උපන්දිනය සමරනවා තරම් ම සුලබ දෙයක් වෙලා. හැම දෙයක් වෙනුවෙන් ම දින වෙන් කරලා තියන එකේ ආදරේ වෙනුවෙන් දිනයක් වෙන් කළාම මක් වෙනවද නේද?

හැබැයි පෙම්වතුන්ගේ දිනය උදා වෙනවට හදවතින් ම විරුද්ධ කට්ටියකුත් අපි අතරෙ ඉන්නව. ඒ තමා තනිකඩයො. හැමෝමත් නෙමෙයි, ඔය ‘අපිට කොහෙද බූල් බල්ලො?’ කියකිය වැලපෙන කට්ටිය තමයි වැලන්ටයින් දවස ගැන හිත නරක් කරගෙන ඉන්නෙ. අනික් අය නං අපිට නැතත් ‘සාදු සාදු මල් පිපියන් හොඳ රුවට..’ කියලා තමන්ගෙ පාඩුවේ ඉන්නවා.

කොහොම වුණත් පෙම්වතුන්ගේ දිනය දාට, පෙම්වතුන්ට දෙන්නා එක්ක එකතු වෙලා බලන්න වගේ ම, තනිකඩයන්ට තනියම රසවිඳින්නත් පුළුවන්, වෙනස් ම ආදර කතා ඇසුරෙන් නිර්මාණය වුණ චිත්‍රපට 10ක් ගැන කියන්නයි අපි මේ ලෑස්ති වෙන්නෙ. මේ ඔක්කොම පහුගිය දශකයේ, ඒ කියන්නෙ 2010 – 2020 ඇතුළත තමයි එළිදක්වලා තියෙන්නේ. මීට අමතරව ඕගොල්ලන්ට මතක් වෙන අමුතු ආදර කතා තියන චිත්‍රපට තියනව නං කමෙන්ට් එකක් දාන්නකො..

1. October (2018)

හරිම ඉවසීමෙන් ගලාගෙන යන, ලේසියෙන් දකින්න නොලැබෙන විදිහේ ආදර කතාවක් තියන හින්දි චිත්‍රපටයක්. එහෙම කිව්වට මේක ආදර කතාවක් ම නෙමෙයි, ආදරය ගැන කතාවක්. කොයි තරම් සුළු සිද්ධියකින්, බැල්මකින්, වචනයකින් වුණත් මුළු ජීවිතය ම වෙනස් කරන්න පුළුවන් විදිහේ ආදරයක් ඇති වෙන්න පුළුවන් ද කියලා මේකෙන් පෙන්නනවා. ශියුලි සහ ඩෑන් තමයි ප්‍රධාන චරිත දෙක. රඟපාන්නේ වරුන් ධවාන් සහ බනිටා සන්ධු. තිරගත වුණේ 2018 අවුරුද්දේ. අධ්‍යක්ෂවරයා ශූජිත් සිර්කාර්.

2. Five Feet Apart (2019)

ස්ටෙලා සහ විල් අතර ඇති වෙන හැඟීම්බර යොවුන් ප්‍රේමයක් ගැනයි මේ කතාව. අවාසනාවකට මේ දෙන්නම රෝගීන් නිසා එකිනෙකාට ලං වෙන්න තහනම්. හැම වෙලේ ම එකිනෙකාගෙන් අඩි හයක් ඈතින් තමයි ඉන්න ඕනේ. ඒත් ඒ අඩි හයෙන් එක අඩියක් හොරකම් කරන්න මේ දෙන්නා ලෑස්තියි. ප්‍රේමයකදි ස්පර්ශය කොයි තරම් වැදගත් ද කියල හැමෝටම නැවත මතක් කරලා දෙන මේක ඇමරිකානු චිත්‍රපටයක්. තිරගත වුණේ 2019 වසරේ. අධ්‍යක්ෂණය කළේ ජස්ටින් බල්ඩෝනි. ප්‍රධාන චරිත රඟපාන්නේ කෝල් ස්ප්‍රවුස් සහ හේලි රිචර්ඩ්සන්.

3. Masaan (2015)

එකිනෙකට සම්බන්ධයක් නැති දුක්බර ප්‍රේම කතා දෙකක් සමාන්තරව ගලාගෙන යන විදිහ මේ ඉන්දීය චිත්‍රපටයෙන් දකින්න පුළුවන්. ඒත් ඒ දෙකටම පොදු සමාජීය ලක්ෂණ රාශියක් තියනවා. දේවි, දීපක් සහ ශාලු තමයි ප්‍රධාන චරිත. ඉන්දියානු සංස්කෘතියේ විවිධ හැලහැප්පීම් එහෙමත් දිගහැරෙන මේ චිත්‍රපටය අවසාන වෙන්නේ ප්‍රේම කතා දෙක එකට හැප්පෙන තැනින්. මසාන් අධ්‍යක්ෂණය කළේ  නීරජ් ඝේවන්. තිරගත වුණේ 2015 දී. ප්‍රධාන චරිතවල රංගනයේ යෙදුණේ විකී කෞෂාල්, ශ්වේතා ත්‍රිපති සහ රිචා චඩ්ඩා.

4. Begin Again (2013)

කඩා වැටෙමින් තියන රෙකෝඩ් ලේබල් එකක අයිතිකාරයෙකුට, පෙම්වතා හැර ගිය ගෑනු ළමයෙක් හම්බ වෙනවා. මේ ගෑනු ළමයත් සංගීතයට සම්බන්ධයි. ඉතින් මේ දෙන්නා එකතු වෙලා අලුත් විදිහක ඇල්බම් එකක් නිර්මාණය කරනවා. මේක සංගීතමය ෆිල්ම් එකක්. ජෝන් කානේ තමයි අධ්‍යක්ෂණය කළේ. මුලින් ම 2014 අවුරුද්දේ ජර්මනියෙදි රිලීස් වුණා. මාක් රෆලෝ සහ කේරා නයිට්ලි, ඩෑන් සහ ග්‍රේටා කියන ප්‍රධාන චරිතවලට පණ දෙනවා.

5. '96 (2018)

මෑත කාලේ සෑහෙන ජනප්‍රියත්වයක් අත් කරගත්ත දමිළ චිත්‍රපටයක්. කාලයකට කලින් මඟ හැරී ගිය නැවුම් පාසල් ප්‍රේමයක් නැවත හමු වීමක් ගැනයි කතාව. ඒ නිසා ම යොවුන් වියේ ආදරය, වැඩිහිටි වියේ වගකීම්, ප්‍රේමය මඟ හැරුණු දුක, පසුතැවිල්ල, නැවත හමු වීමේ සතුට කියන හැඟීම් සියල්ල මේ කතාවෙන් අපූරුවට නිරූපණය වෙනවා. අධ්‍යක්ෂණය කළේ සී. ප්‍රේම්කුමාර්. විජේ සේතුපති සහ ට්‍රීෂා, රාම් සහ ජානු කියන ප්‍රධාන චරිතවල රඟපානවා.

6. Premam (2015)

මලයාලම් සිනමාව ලංකාවේ සිනමාලෝලීන් අතරත් හුඟක් ජනප්‍රියයි. ප්‍රේමම් කියන්නේ ඒ අතරිනුත් පුදුමාකාර ජනප්‍රියත්වයක් ලබපු චිත්‍රපටයක්. ජීවිතේ කාලෙන් කාලෙට විවිධාකාර ප්‍රේම කතා එක්ක ඉදිරියට ගලාගෙන යන විදිහ වගේ ම, ප්‍රේමය අහිමි වීමත් එක්ක ලැබෙන අත්දැකීම්වලින් ජීවිතේට එන අවබෝධයත් ප්‍රේමම් ඔස්සේ දකින්න පුළුවනි. අල්ෆොන්සේ පුත්රන් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටයේ සායි පල්ලවී සහ නිවින් පෞලි, මලර් සහ ජෝජ් ලෙස රංගනයේ යෙදෙනවා. 

7. Marriage Story (2019)

ප්‍රේම කරන අය බොහොම කැමැත්තෙන් සහ උත්කර්ෂයෙන් විවාහයට ඇතුළු වුණාට, විවාහ ජීවිතයේ වගකීම් යුතුකම් එක්ක අර මුලින් තිබුණු ආදරය විවාහයෙන් පස්සේ පවත්වාගෙන යන්න බැරි වෙනවා. මේ කතාවේ විවාහක යුවළ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් සහ රංගන ශිල්පිනියක්. ඒ දෙන්නා අතරත් ඒ විදිහට ඇති වෙන කෙළවරක් නැති ගැටුම් නිසා එයාලා දික්කසාද වෙන්න තීරණය කරනවා. එහෙම අවස්ථාවකට පත් වෙන එක කොයි තරම් වේදනාකාරී ද සහ, වැඩිහිටි වියේ ආදරය යොවුන් ආදරයට වඩා වෙනස් වෙන විදිහ මේ චිත්‍රපටයෙන් පෙන්නනවා. නෝවා බොම්බාක් අධ්‍යක්ෂණය කළ මැරේජ් ස්ටෝරි චිත්‍රපටයේ ස්කාලට් ජොහැන්සන් සහ ඇඩම් ඩ්‍රයිවර් ප්‍රධාන චරිතවල රඟපෑවා. මෙහි රඟපෑ ලෝරා ඩර්න් 2020 ඔස්කාර් සම්මාන උළෙලේ හොඳ ම සහය නිළිය ලෙස සම්මාන දිනුවා.

8. Highway (2014)

වීරා නම් ධනවත් පවුලක ගැහැනු ළමයෙක් මැර පිරිසක් අතින් පැහැර ගැනීමකට ලක් වෙනවා. මේ පැහැර ගැනීමෙන් පස්සේ සිදු වෙන සිදුවීම් මාලාව ඇතුළේ ඇය තමන්ගේ ජීවිත කාලය තුළ ඊට පෙර නොලැබූ ජීවිතාවබෝධයක් ලබාගන්නවා. මේ කල්ලියේ ප්‍රධානියා වෙන මහබීර් සහ වීරා අතර හටගන්න අප්‍රකාශිත ප්‍රේමය සහ සියුම් හැඟීම් මේ චිත්‍රපටයෙන් අපූරුවට නිරූපණය වෙනවා. ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක වෙන්නේ ආලියා භාත් සහ රන්දීප් හූදා. අධ්‍යක්ෂවරයා ඉම්තියාස් අලි. ඒ. ආර්. රහමන්ගේ සංගීතයෙන් හැඩ වුණ මේ චිත්‍රපටය තිරගත වුණේ 2014 වසරේ. 

9. A Star Is Born (2018)

හින්දි චිත්‍රපට බලන අය අතරේ ආශිකී 2 නොබලපු අය ඉන්න විදිහක් නෑනේ. මේ ඇමරිකානු චිත්‍රපටයේ එන කතාවත් ආශිකී 2 කතාවට සමානයි. ඒත් සම්පූර්ණයෙන් ම නෙමෙයි. සංගීතය ජීවිතය කරගත් යුවළක් අතර ඇති වෙන ප්‍රේමයක් සහ එහි හැලහැප්පීම් ගැන දකින්න සලසන සංගීතමය චිත්‍රපටයක්. අධ්‍යක්ෂණය කළේ බ්‍රැඩ්ලි කූපර්. බ්‍රැඩ්ලි කූපර් සහ ලේඩි ගාගා ජැක්සන් සහ ඇලී කියන ප්‍රධාන චරිතවලට පණ දෙනවා. 2018 ස්පාඤ‍්ඤයෙදි තමයි තිරගත වීම ඇරඹුණේ.

10. Once Again (2018)

මේ ලිස්ට් එකේ කලින් තිබුණු චිත්‍රපට 9ට ම වඩා ජනප්‍රියත්වයෙන් සහ ප්‍රසිද්ධියෙන් අඩු, හැංගුණ මැණිකක් වගේ චිත්‍රපටයක් මේ. වන්ස් අගේන් කියන්නේ 2018 නිකුත් වුණු ඉන්දීය චිත්‍රපටයක්. පැරණි සිනමා තරුවක් වුණු අමර් සහ අවන්හලක හිමිකාරිනියක් වගේ ම වැන්දඹුවක් වෙන තාරා කියන මැදිවියේ යුවළ අතර වැරදීමකින්, නැත්තං අහම්බයකින් ඇති වෙන දුලබ ගනයේ ආදරයක් ගැනයි මේ කතාව. කන්වල් සේති තමයි අධ්‍යක්ෂවරයා. නීරජ් කබි සහ ශෙෆාලි ෂා ප්‍රධාන චරිත රඟපානවා.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Goodies at Cinnamon Lakeside Empowers Women with All Female Team

In a significant step towards promoting greater female representation in hospitality, Cinnamon Lakeside Colombo has

Highlights Trending

Cinnamon Colombo Hotels and Royal Colombo Golf Club Tee Off the Inaugural Cinnamon Colombo Golf Classic

Cinnamon Colombo Hotels is proud to announce the launch of the inaugural Cinnamon Colombo Golf

Highlights Trending

ITC Ratnadipa Presents Dim Sum & Co., an Exclusive Dim Sum Experience at Yi Jing

Yi Jing at ITC Ratnadipa introduces Dim Sum & Co., a first-of-its-kind curated series of

Highlights Trending


Anantara Kalutara Resort Unveils a Taste of La Dolce Vita at Acquolina Restaurant & Lounge

Kalutara, Sri Lanka – 22 June 2026 – Anantara Kalutara Resort unveiled a renewed dining

Highlights Trending

Soul Sounds Returns to the Lionel Wendt with The Pop Era!

Led by internationally acclaimed Music Director Soundarie David Rodrigo, the celebrated ensemble will revisit the

Highlights Trending

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide