පොත්ගුල්ලන්ට ඔත්තුවක්! ඕන තැනකට පොත් ගෙනත් දෙන ලංකාවේ පොත් ඩිලිවරි සර්විසස් මෙන්න.

සාමාන්‍යයෙන් හුඟක් අයට පොත් පිස්සුව හැදෙන්නෙ සැප්තැම්බර් සාහිත්‍ය මාසෙ කොළඹ බුක් ෆෙයා එකත් එක්ක. ඒත් පුරුද්දක් විදිහට කොයි වෙලෙත් පොත් කියවන ඇත්ත ම පොත්ගුල්ලො නං සාහිත්‍ය මාසෙ උත්කර්ෂයට විතරක් නෙමේ, මුළු අවුරුද්ද පුරා ම අලුත් පොත් මිලට ගන්න, තමන්ගෙ පොත් එකතුවට ඒව එකතු කරගන්න එහෙම හුඟක් උනන්දුයි. ඒත් ඉතින් මේ කොරෝනා කාලේ පොත් ගන්න එළියට පහළියට බහින්න වෙන්නෙ ජීවිත අවදානම අතේ අරං නේ. ඒ නිසා අපි කල්පනා කළා ඔබ ඉන්න තැනට ම පොත් ගෙනත් දෙන ලංකාවේ පොත් ඩිලිවරි සර්විසස් මොනවද කියල හොයා බලලා ලිස්ට් එකක් හදන්න. ඉතින් මේක පොත්ගුල්ලන්ට සෑහෙන හොඳ ඔත්තුවක් වේවි.

kbooks.lk

ලංකාවේ ඉන්න ප්‍රමුඛතම බුක් ඩිලිවරි වෙබ්සයිට් එකක් කේබුක්ස් කියන්නෙ. මෙයාල තනි තනි පොත්වලට වට්ටම් දෙනවා වගේම, වට්ටම් සහිතව පොත් කට්ටල අලෙවි කරන ප්‍රමෝෂන් එකකුත් මේ දවස්වල කරගෙන යනවා. මෙයාලගෙ වෙබ්සයිට් එකට ගියාම ලොකු ම ලොකු බුක් කලෙක්ෂන් එකක් ඔබට මුණගැහේවි. ඔබ ඉන් රු. 3000කට වඩා වටින පොත් මිල දී ගත්තොත් ලංකාවේ ඕන ම තැනකට ඩිලිවරි ගාස්තු රහිතව පොත් ගෙනත් දෙන්නත් මේ අය සැදී පැහැදී ඉන්නවා. මේගොල්ලො ඔන්ලයින් පේමන්ට් කරන්න වගේ ම කෑෂ් ඔන් ඩිලිවරි පහසුකමත් ලබා දෙනවා. 0765515400 අංකයෙන් වැඩි විස්තර දැනගන්න පුළුවන්.

grantha.lk

පොත් 9000කට වැඩි කලෙක්ෂන් එකක් තියන ග්‍රන්ථ පොත්ගුලත් මේ වෙද්දි ලංකාවේ තියන ප්‍රසිද්ධ ම පොත් ඩිලිවරි සේවාවක්. විවිධ වර්ගයේ පොත්වලට 80%ක් දක්වා වට්ටම් මෙතැනින් ලබා දෙනවා. ඒ ඇර කතුවරුන් සහ පොත් මාලා වශයෙන් වර්ග කරපු පොත් කට්ටලත් ග්‍රන්ථ ඔස්සේ අඩු මිලට ගන්න පුළුවන්. ඔන්ලයින් ගෙවීම් කරන්න පුළුවන්. නැත්නම් ම කෑෂ් ඔන් ඩිලිවරි පහසුකමත් තියනවා. වැඩි විස්තර දැනගන්න අවශ්‍ය නම් 0719448899 අංකයට කතා කරන්න.

slbooks.lk 

තනි තනි පොත්වලට අමතරව, සාහිත්‍යය, නීතිය, සමාජ විද්‍යාව, ඉතිහාසය වගේ විෂය ක්ෂේත්‍රවලට අදාළව ලියැවුණු ශාස්ත්‍රීය පතපොත ‘බුක් පැක්ස්’ විදිහට වට්ටම් සහිතව ලබා දෙන්න මේ අය කටයුතු කරනවා. රු. 5000ට වැඩි ඇණවුම් සඳහා ඩිලිවරි ගාස්තුවක් නෑ. ඔබ කැමති ඩිලිවරි වෙලාවක් තෝරාගැනීමේ පහසුකමත් තියනවා. 0777342809 / 0112417949 අංකවලින් තොරතුරු දැනගන්න පුළුවනි.

bookfair.lk

මේ වෙබ්සයිට් එක ලංකාවේ ඕන තැනකට වගේ ම පිටරටටත් පොත් ඩිලිවර් කරනවා. ලංකාව ඇතුළත නම් ව්‍යාපාරික දින 3-5 අතර පොත් ඇණවුම ඔබේ ළඟට ම ගෙනත් දෙනවා. ලංකාවෙන් පිටතට ඇණවුම් කළොත් ව්‍යාපාරික දින 5-7 අතර කාලයක් තුළ පොත් ටික ෂිප් කරනවා. කතුවරුන් යටතේ වගේ ම ප්‍රකාශකයන් යටතේත් පොත් වර්ග කරලා තියනවා. දුරකතන අංකය 0112076701.

books.lk

විවිධ විෂයයන් ඔස්සේ සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා තුනෙන් ම ලියැවුණු පොත් එකතුවක් තියන බුක්ස් වෙබ්සයිට් එකත් ඔබේ ළඟට ම පොත් ගෙනත් දෙන්න ලෑස්තියි. තොරතුරු අවශ්‍යයි නම් 0773441066 නොම්මරෙන් දැනගන්න  පුළුවනි. 

viyathbooks.lk

වියත් බුක් ස්ටෝර් එකත් හැම පොතකට ම වගේ 20%ක් දක්වා වට්ටම් දෙනවා. මේගොල්ලො දෙහිවල, මොරටුව, රත්මලාන, ගල්කිස්ස, පිළියන්දල කියන පැතිවලට සතිඅන්තයේ නොමිලේ ඩිලිවරි පහසුකම සපයනවා. අනෙක් පැතිවලට ව්‍යාපාරික දින 3-5 අතර කාලයක් තුළ පොත් ගෙනත් දෙනවා. ඒ ප්‍රදේශවලට ඩිලිවරි ගාස්තුවක් එකතු වෙනවා. ඒත් කෑෂ් ඔන් ඩිලිවරි පහසුකම තියනවා. බෑන්ක් ඩිපොසිට් ක්‍රමයට ගෙව්වොත් ඒ අය තැපැල් මඟින් පාර්සලය ඔබ ඉන්න තැනට එවනවා. එහෙමත් නැත්නම් පිකප්, ඒ කියන්නෙ ඇණවුම ලබා දීල දින දහයක් තුළ එයාල ඉන්න තැනට ගිහිල්ලා, ඔබේ පොත් පාර්සලය ඔබට ම අරන් එන්නත් පහසුකම් සපයලා තියනවා. 0777044884 අංකයෙන් විස්තර දැනගත හැකියි.

jumpbooks.lk

ජම්ප් බුක්ස් වෙබ්සයිට් එක www.jump.lk එකේ ම බුක් ඩිලිවරි සර්විස් එක. මෙයාල ලංකාව තුළ ඩිලිවරි නොමිලේ සපයනවා. ඉංග්‍රීසි පොත් කියවන අයට තමයි මෙතන විශේෂයෙන් වැදගත් වෙන්නේ. වැඩි විස්තර සඳහා 0767271345 අංකය අමතන්න.

bookrack.lk

බුක් රැක් කියන්නෙ ඔන්ලයින් ස්ටෝර් එකක් වගේ ම ප්‍රකාශන ආයතනයක්. නවකතා, පරිවර්තන, ළමා කතා ආදිය 20%ක් දක්වා වට්ටම් සහිතව ගෙදරට ම ගෙනත් දෙන්න මේ අය ලෑස්තියි. තව තොරතුරු දැනගන්න ඕන නම් 0711114422 / 0761074191 අංකවලට කෝල් එකක් දෙන්න.

jeyabookcentre.com

ජෙයා බුක් සෙන්ටර් කියන්නෙ ලංකාවේ සුප්‍රසිද්ධ පොත්හලක් නේ. ඉංග්‍රීසි පාඨකයෝ නම් නිතර යන එන තැනක්. මෙයාලගෙ ඔන්ලයින් බුක් ස්ටෝර් එකෙනුත් ඔබ ළඟට ම පොත් ගෙන්වාගැනීමේ හැකියාව තියනවා. කොළඹ ඉඳන් කිලෝමීටර් දහයක් ඇතුළත ප්‍රදේශවලට ව්‍යාපාරික දින 3-4 ඇතුළත පොත් ඩිලිවර් කරනවා. ඉන් පිට ප්‍රදේශවලට ව්‍යාපාරික දින 5-6 වගේ කාලයක් ගත වෙනවා. මේ අය ලංකාවෙන් පිටතට පොත් ඩිලිවර් කරන්නෙ නෑ. 0775253777 / 0112307199 අංකවලට කතා කළොත් තවත් විස්තර දැනගන්න පුළුවන්.

samudrabooks.com

සමුද්‍ර පොත් ප්‍රකාශකයන්ගේ ඔන්ලයින් පොත්ගුල මේ. මෙතනින් පොත් ඕඩර් කරනවා නම් මුලින් බෑන්ක් ඩිපොසිට් එක කරලා, බෑන්ක් ස්ලිප් එක එයාලට ලැබෙන්න සලස්වන්න ඕනේ. ඔබේ පොත් ඇණවුම ගෙදරට ගෙනත් දෙන්නේ ඉන්පස්සේ. සමුද්‍ර ප්‍රකාශනවලට වගේ ම අනෙකුත් ප්‍රකාශනවලටත් 20%ක වට්ටමක් ඔවුන් ලබා දෙනවා. 0710122122 තමයි දුරකතන අංකය.

sarasavi.lk

කවුරුත් දන්න සරසවියේ ඔන්ලයින් බුක් ස්ටෝර් එකෙනුත් ඔබට පොත් තෝරගෙන ගෙදරට ම ගෙන්නගන්න පුළුවන්. ඒත් ඔන්ලයින් පේමන්ට් කරන්න හැකියාවක් නෑ. කෑෂ් ඔන් ඩිලිවරි පදනම මත තමයි පොත් ඇණවුම් කරන්න ඕනේ. කොළඹ සහ අවටට ව්‍යාපාරික දින 2-5 අතර ඇණවුම ගෙනැවිත් දෙනවා. ඉන් පිටත නම් දුර අනුව කාලය වෙනස් වෙනවා. මෙයාලා පිටරටවලටත් ඇණවුම් භාර ගන්නවා. 20%ක් දක්වා වට්ටම් සහිතව පොත් ලබාගන්න පුළුවන්. සරසවි ඔන්ලයින් බුක් ස්ටෝර් එකේ පොත් ලක්ෂයකට අධික ප්‍රමාණයක් තියනවා. 0706999400 / 0711304050 අංක අමතන්න.

vijithayapa.com

ඉංග්‍රීසි පොත් කිව්වම අමතක කරන්න බැරි නමක් විජිතයාපා. විජිතයාපා ඔන්ලයින් බුක් ස්ටෝර් එක සාමාජිකයන්ට සියලු පොත් සඳහා 5%ක වට්ටමක් දෙනවා. ඒ වගේ ම මෙයාලගේ කලෙක්ෂන් එකත් විශාලයි. විජිතයාපා වෙබ්සයිට් එකට පිවිසිලාම බලන්නකෝ. රට වටේට ම විතරක් නෙමේ, ලෝකේ වටේටත් මෙයාල පොත් ඩිලිවර් කරනවා. වැඩි විස්තර ඕන නම් 0112810714 නොම්මරේට කෝල් කරන්න.

makeenbooks.com

ඔන්ලයින් පොත් අලෙවිසැල් අතරින් හොඳ ම සේවාවක් සපයන තැනක් විදිහට මැකීන් බුක්ස් ප්‍රකටයි. මේ අය ලංකාවේ හැම තැනකට ම පොත් ඩිලිවර් කරනවා. ලෝක ප්‍රකට ඉංග්‍රීසි කෘති එකතුවක් මෙතන තියනවා. රු. 2500ට වැඩි, ඔන්ලයින් ගෙවීම් සහිත ඇණවුම් සඳහා ඩිලිවරි ගාස්තු අදාළ වෙන්නෙ නෑ. රු. 2500ට අඩු ඇණවුම් සඳහා ඔබේ ප්‍රදේශය මත පදනම්ව ඩිලිවරි ගාස්තුවක් එකතු වෙනවා. පිටරට අයටත් මෙතැනින් පොත් ගෙන්නගන්න පුළුවනි. වැඩි විස්තර 0117463463 අංකයෙන්.

godage.com

මරදානේ ගොඩගේ පොත් මැදුර කිව්වම කවුද නොදන්නේ? ගොඩගේ වෙබ්සයිට් එකෙනුත් ඔබට කැමති පොතක් ඕඩර් කරලා ගෙන්නගන්න පහසුකම් තියනවා. මෙන්න දුරකතන අංක. 0112685369 / 0112683322

ashirwadabooks.com

ආශීර්වාද ප්‍රකාශකයෝ කියන ප්‍රකාශන ආයතනයේ ඔන්ලයින් පොත් අලෙවිසැල මේ. නවකතා, පරිවර්තන, ළමා කතා සහ වෙනත් කෘති රැසක් මේගොල්ලො ළඟ තියනවා. රු. 5000ට වැඩි ඇණවුම් සඳහා නොමිලේ ඩිලිවරි පහසුකම සැපයෙනවා. ඔන්ලයින් ගෙවන්න වගේ ම කෑෂ් ඔන් ඩිලිවරිත් පුළුවන්. 0332275419 අංකයෙන් තොරතුරු දැනගත හැකියි.

vidarshana.lk

විදර්ශන ප්‍රකාශන ආයතනයේ සිංහල, දෙමළ, ඉංග්‍රීසි කෘති එකතුවෙනුත් ඔන්ලයින් පොත් ඕඩර් කිරීමේ අවස්ථාව ඔබට ලැබෙනවා. විදර්ශන ප්‍රකාශන වගේ ම අනෙකුත් ප්‍රකාශකයන්ගේ කෘතිත් මේ අය ළඟ තියනවා. හැම පොතකට ම වගේ වට්ටමකුත් ලැබෙනවා. දින තුනක් තුළ ඔබ ළඟට පොත් ඩිලිවර් කරන්න ඔවුන් ලෑස්තියි. තව තොරතුරු දැනගන්න 0112765020 දුරකතන අංකය අමතන්න.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Heritance Hotels & Resorts and Sara Ali Khan Spotlight Sri Lanka’s Diverse Landscapes, Heritage and Hospitality

The collaboration brings together celebrity-led storytelling and Heritance’s distinctive hospitality to showcase Sri Lanka’s cultural

Highlights Trending

ITC Ratnadipa Welcomes Chef Prakhar Srivastava to Lead the Next Chapter of Avartana in Colombo

ITC Ratnadipa, Colombo welcomes Chef Prakhar Srivastava as Sous Chef to Avartana, marking a new

Highlights Trending

Are Men Moving With The Jewellery Trends in Sri Lanka? ‘Yes,’ says DINIDU Colombo

Fine jewellery in Sri Lanka is no longer bound by gender. Accessorising has become an

Highlights Trending

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

25% Off Lunch at Harbour Court This September

Make lunch plans worth looking forward to this September at The Kingsbury’s Harbour Court, with

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide