ඔෆිස් එකයි ගෙදරයි දෙකම එපා වෙලා ද? නිවාඩු පාඩුවේ ඔෆිස් වැඩ කරන්න යන්න පුළුවන් කැෆේස් මෙන්න!.

මීට අවුරුද්දකට විතර කලින් කොරෝනා වසංගතය ලංකාවේ ව්‍යාප්ත වෙන්න පටන්ගත්ත වෙලාවේ, හුඟක් ඔෆිස් තමන්ගේ සේවකයන්ට ‘වර්කිං ෆ්‍රොම් හෝම්’, නැත්තං ගෙදර ඉඳන් ඔෆිස් වැඩ කිරීමේ පහසුකම සලසලා දුන්නා. විවිධ හේතු නිසා සමහරුන්ට මේ වැඩේට පුරුදු වෙන්න ටිකක් අපහසු වුණාට, අපිට දැනුණ විදිහට නං වැඩි දෙනෙක් මේ අලුත් ක්‍රමයට බොහොම කැමැත්තෙන් හැඩ ගැහුණා.

කොහොම වුණත් මෙහෙම කාලයක් ගෙදර ඉඳන් වැඩ කරද්දි කාටකාටත් ඔෆිස් එක මිස් වෙන්න පටන්ගත්තා කිව්වොත් ඒක බොරුවක් නෙමෙයි. මොකද ගෙදර ඉඳන් වැඩ කරපු පලියට ගේ ඇතුළෙ ඔෆිස් වටපිටාව පහළ වෙන්නෙ නෑනෙ. ගෙදර කියන්නෙ ගෙදර. ඉතින් දැන් නං ඔෆිස් වැඩ කරන්න ගෙදරත් නොවෙන වෙන තැනක්, නැත්තං මොකක් ම හරි වෙනසක් ඕනෙ කියල ගොඩක් අයට හිතිලා ඇති. අන්න එයාලට තමයි මේ හෝඩුවාව.

බාධාවක් නැතුව තමන්ගෙ පාඩුවෙ ඔෆිස් එකේ වැඩ රාජකාරි කරන්න ඉඩ දෙන කැෆේස් ගොඩක් දැන් දැන් කොළඹ වටේට සෑහෙන විවෘත වෙලා තියනවා. මේවයින් වැඩි හරියක් ෆ්‍රී වයිෆයි එහෙමත් සපයනවා. හැබැයි ඉතිං ගොඩක් වෙලාවට වයිෆයි එක එච්චර ස්ට්‍රෝං නැහැ. කොහොම වුණත් තමන්ගෙ ම ලැප් එකක්, රවුටරයක් ප්ලග් කරගන්න විදුලි සැපයුම එහෙම මේ තැන්වලින් බොහෝ වෙලාවට ලබාගන්න පුළුවන්. ඉතින් නිස්කලංකේ, ඒසී එකට වෙලා, කන්න බොන්නත් මොනාහරි අරගෙන, ඕන තරං වෙලාවක් ඉඳලා, රාජකාරි කටයුතු ටික ඉවර කරගන්නයි තියෙන්නේ.

Java Lounge

ජාවා ලෞන්ජ් එකේ බ්‍රාන්චස් හයක් කොළඹ විවිධ තැන්වල තියනවා. ඒ තැන් හයේ ම කරදරයක් නැතුව ඔෆිස් වැඩ කරගන්න පුළුවන් විදිහේ පරිසරයක් තියනවා. අපි ළඟ දි එයාලගෙ අලුත් ම සහ පුංචි ම නුගේගොඩ බ්‍රාන්ච් එකට ගියා. එතන ලොකු ඉඩකඩක් නැතත්, කිසිම බාධාවක් නැතුව පැය පහක් විතර එක දිගට වැඩ කරන්න අපිට පුළුවන් වුණා. වයිෆයි නං ඉස්සරට වඩා හුඟක් හොඳයි. හැබැයි ඕන නං ඔයාගෙ ම රවුටරයක් ගෙනියලා ප්ලග් කරගන්නත් ඒගොල්ලො ඉඩ දෙනවා.

Monkeybean Cafe

මංකිබීන් කියන්නෙ හොඳ කෝපි එකක්, හොට් චොක්ලට් එකක් බොන ගමන්, ලංකාවේ ගතියට හදපු පනිනි එකක් කන ගමන්, නිස්කාංසුවේ වැඩ රාජකාරි කරගන්න පුළුවන් තැනක්. මෙතන වටපිටාවත් නිදහස්, ඒ වගේ ම ලස්සනයි. ඉතිං හිතටත් නිදහසක් දැනෙයි.

Cafe Mocha (by Barista)

කැෆේ මොකා එකේ පරිසරේට තමයි අපි වැඩිපුර ම කැමති. නිශ්ශබ්දයි, වැඩි කලබල නෑ, සුවපහසුවෙන් වාඩි වෙන්න ඕන තරං ඉඩත් තියනවා. 

Cafe Rafaella

මේක කොළ පාටින් පිරුණ, පැෂන් ෆෘට් වියනකින් හෙවණ වුණ ලස්සන කැෆේ එකක්. ඒ විතරක් යැ. මෙයාලගෙ පැස්ටා, පිට්සා, කෝපි.. ඔය කොයිකත් පංකාදු පහයි. ගිහින් ම බලන්නකො.

The Cauldron

පහුගිය අවුරුදු කීපය පුරාම, කෑම වගේ ම සර්විස් එකත් තිතට ම මේන්ටේන් කරන, ඕන තරං සීටිං ස්පේස් තියන මෙතනත්, ඔයාගෙ වැඩ රාජකාරි සුවපහසුවෙන් කරගන්න කියාපු තැනක්. මොකද මෙතන ඉඩකඩ කොටස් තුනකට බෙදලයි තියෙන්නේ. ඉතිං වෙන අයගෙන් බාධා නොවෙන්න වැඩ කරන්න පුළුවනි.

Nature’s Corner Cafe

නේචර්ස් කෝනර් කියන්නෙ ෂොප් එකක් වගේ ම කැෆේ එකක්. සම්පූර්ණයෙන් ම පරිසර හිතකාමී දේවල් තමයි මේ අය ළඟ තියෙන්නේ. සෞඛ්‍ය සම්පන්න කෑමබීම විතරක් නෙවෙයි, පරිසර හිතකාමී රූපලාවණ්‍ය අඩුමකුඩුම එහෙමත් මෙතනින් ගන්න පුළුවන්. ලොකු වීදුරු බිත්තිවලින් පෙරිල එන ඉර එළිය නිසා මෙතන හරිම ආලෝකමත්. ඒ වගේ ම හුඟක් ඉඩකඩත් තියනවා.

Kaffeine By RE.PUB.LK

කොළඹ කොටුවේ තියන හැංගුණු පුංචි කැෆේ එකක් තමයි කැෆේන් කියන්නෙ. ඒ හරියෙන් හොයාගන්න පුළුවන් හොඳ ම කෑම වගේ ම කෝපිත් මෙතන තියනවා. මේක ඇතුළට ගියාම එළියේ කලබල ලෝකෙන් පොඩ්ඩකට බැහැර වුණා වගේ සනීපයක් දැනෙයි. ඒ නිසා නිස්කලංක ව වැඩ කරන්න නියම තැනක්.

E-Cafe

සැප පුටුවකට බර වෙලා පාඩුවෙ වැඩක් පලක් කරගන්න මෙතන මරු තැන. තට්ටු දෙකක් පුරා ම ඕන තරං ඉඩ තියනවා. ප්‍රයිවට් රූම්ස් වගේ ම බැල්කනි එකකුත්. හැම සීට් එකක් ළඟ ම වගේ ප්ලග් පොයින්ට්ස් එහෙමත් තියනවා.

Coco Veranda

කොකෝ වැරන්ඩා එකේ වටපිටාවත් නිදහසේ වැඩ කරන්න නියමයි. මෙයාලගෙත් බ්‍රාන්චස් දෙකක් තියනවා. වෝඩ් ප්ලේස් එකෙයි, නාවලයි. කෑමබීම වුණත් නරක ම නෑ. 

Black Cat Cafe

කෑමබීම, වයිෆයි, පවර් සප්ලයි, ඉඩ පහසුකම්, ආලෝකය.. මේ හැම දේ ම ඇති තරමට බ්ලැක් කැට් කැෆේ එකෙත් තියනවා. ඉතින් මුල්ලක් අල්ලගෙන ගෙදර වගේ වැඩ කරන්නයි තියෙන්නෙ.

KIKU

මේගොල්ලන්ගෙ මෙනු එක නියමයි. කෑමවල පෙනුම, රස, හැම දේ ම ගැන එයාල තිතට ම සැලකිලිමත්. ඔයා මොනවා ඕඩර් කළත් මෙතන කෑමබීම නං සුපිරි කියල අපිට සහතික වෙන්න පුළුවන්. ඒ වගේ ම ස්වාභාවික ආලෝකය නිසා හොඳට එළියයි. ඔෆිස් වැඩ කරන්න මූඩ් එක හදාගන්න මෙතන මරු. කොහොම වුණත් ලන්ච් ටයිම් කිට්ටු වෙනකොට මෙතන ටිකක් බිසී. ඉතිං පොඩ්ඩක් කලින් ගිහිල්ලා වැඩ පටන්ගත්තොත් වඩා පහසු වේවි.

Bakes By Bella

වැඩ අස්සෙ ම කේක් කෑල්ලක් රස බලනව නං මෙන්න තැන. නැත්තං එයාලගෙ බ්‍රන්ච් / ඩිනර් මෙනුවලින් ඔයා කැමති වෙන ඕන ම දෙයක් ඕඩර් කරන්නත් පුළුවන්. වාඩි වෙන තැන්වල පවර් අවුට්ලට් එහෙමත් හයි කරලා තියන නිසා වඩා ලේසියි. වැඩ කරල මහන්සි වුණාම බ්‍රේක් එකක් ඕන නං ඔය රාක්කෙන් පොතක් වුණත් අරං කියවන්න බැරියෑ..

The Coffee Bean & Tea Leaf

කොෆී බීන් එකේ මේට්ලන්ඩ් ක්‍රෙසන්ට් බ්‍රාන්ච් එක නිතර ම සෙනඟ ගැවසෙන තැනක්. ඒ නිසා දෙමටගොඩ, ලිබර්ටි ප්ලාසා, නැත්තං ගාලු පාරෙ බ්‍රාන්ච්වලින් එකකට යනව නං වඩා හොඳයි කියල මතක් කරන්න අපි කැමතියි. එතකොට කරදරේකින් තොරව පහසුවෙන් ඔයාගෙ වැඩ කටයුතු කරගන්න පුළුවන්. 

Seed Cafe

කොළඹ තියන කැෆේවලින් වැඩිපුර ම ඇහැ පිනවන, ලස්සන ම කැෆේ එකක් කියල මෙතන නම් කරන්න පුළුවන්. මෙතන පෙනුම වගේ ම කෑම සහ කෝපිත් ඉතා හොඳයි. යහමින් වැටෙන ඉර එළිය නිසා අඳුරුත් නැහැ. ඉතිං ගෙදර ඉඳල වැඩ කරල ඇති වෙලා වගේ නං සීඩ් කැෆේ පැත්තෙත් ගිහින් බලන්න.

Brew 1867 by Dilmah (Colombo 07)

මෙතනට ඇතුළු වුණ ගමන් ම නං පේන්නේ මේක ටේක් අවේ විතරක් තියන තැනක් කියලා. අපිත් මුලින් හිතුවෙ එහෙමයි. හැබැයි උඩ තට්ටුවට ගිහින් බලන්න එපායැ ඉඩ! පෙරළි පෙරළි වැඩ කරන්න තරං ඉඩකඩ තියනවා. එක එක ජාතියෙ පාට පාට පුටු පිරිලා. විශේෂයෙන් කට්ටියක් එක්ක ගිහින් මීටිං එකක් තියන්න වගේ වුණත් පුළුවන්.

Café by Raffles

වීව් එකක් දිහා බලාගෙන ම වැඩ කරන්න ආස නං මේක තමයි තැන. නවම් මාවතේ බේරෙ වැව පැත්තට මූණ දාල තියන මේක, නැචුරල් එළියෙන් හොඳට එළිය වුණ කැෆේ එකක්. කෑමබීම මිලත් ඒ තරං සාක්කුවට දැනෙන්නෙ නෑ.

Tea Avenue

ටී ඇවනිව් කියන්නෙ කවුරුත් දන්න කැෆේ චේන් එකක්. ඒගොල්ලන්ගෙ බ්‍රාන්චස් වැඩි හරියක ම ඔෆිස් වැඩ කරන්න හරි යන විදිහේ වටපිටාවක් තියනවා. ඉතින් එයාලගෙ රස මොකා එකක් එහෙම ඕඩර් කරගෙන ම වැඩ පටන්ගන්න ඔයාට පුළුවන්.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Heritance Hotels & Resorts and Sara Ali Khan Spotlight Sri Lanka’s Diverse Landscapes, Heritage and Hospitality

The collaboration brings together celebrity-led storytelling and Heritance’s distinctive hospitality to showcase Sri Lanka’s cultural

Highlights Trending

ITC Ratnadipa Welcomes Chef Prakhar Srivastava to Lead the Next Chapter of Avartana in Colombo

ITC Ratnadipa, Colombo welcomes Chef Prakhar Srivastava as Sous Chef to Avartana, marking a new

Highlights Trending

Are Men Moving With The Jewellery Trends in Sri Lanka? ‘Yes,’ says DINIDU Colombo

Fine jewellery in Sri Lanka is no longer bound by gender. Accessorising has become an

Highlights Trending

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

25% Off Lunch at Harbour Court This September

Make lunch plans worth looking forward to this September at The Kingsbury’s Harbour Court, with

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide