වසංගත කාලේ ෆුඩ් ඩිලිවරි ඇප්ස් වලින් තියන වාසි!.

කොරෝනා වසංගතය අපි නොදැන හිටපු, අමතක කරලා හිටපු හුඟක් දේවල් අපිට මතක් කරලා දුන්නා. අපි හිතන පතන විදිහ වෙනස් කරන්න මේ ව්‍යසනය හුඟක් දායක වුණා. ඒ ගැන අපි ගිය අවුරුද්දෙ ලියපු මෙන්න මේ ලිපියෙන් කියවල බලන්න පුළුවන්.

බඩගිනි වුණාම ගෙදර උයාගෙන කන එකයි, කඩේට ගිහින් කෑම එකක් අරං ඇවිත් කන එකයි ඇරුණම, තවත් ඔප්ෂන්ස් තියනව කියල මීට ටික කාලෙකට කලින් අපිට පෙන්නලා දුන්නෙ ෆුඩ් ඩිලිවරි ඇප්ස්. ඒ කියන්නෙ, අපි ඕඩරයක් දුන්නම, අදාළ කඩේට ගිහින් අපේ කෑම එක අරගෙන ඇවිත් අපි ඉන්න තැනට ම ගෙනත් දෙන්න ඒගොල්ලො කටයුතු කරනවා.

මේක ලෝකෙ පුරා හුඟ කාලෙක ඉඳන් තියන පහසු ක්‍රමයක් වුණත්, අපිට මේ සම්බන්ධ ව ඒ තරම් පුරුද්දක් තිබ්බෙ නෑ මෑතක් වෙනකන්. විශේෂයෙන් අපේ වැඩිහිටි පරම්පරාව එහෙම මේ වගේ දේවල් ගැන වැඩි විශ්වාසයක් නෑනේ. ඒත් ෆුඩ් ඩිලිවරි ඇප්ස්වල වැදගත්කම හැමෝටම ඒත්තු ගියේ කොරෝනා ව්‍යාප්තිය නිසා ඇඳිරි නීතිය, ලොක්ඩවුන්, සංචරණ සීමා පනවන්න පටන්ගත්තට පස්සෙයි.

ඇත්තට ම වසංගත කාලේ ෆුඩ් ඩිලිවරි ඇප්ස් ප්‍රයෝජනවත් වෙන්නෙ කොයි විදිහට ද? ඒ ගැන හොයල බලන්න අපි කල්පනා කළා.

සමාජ දූරස්ථකරණයට උදව්වක්

කොවිඩ් 19 පැතිරීම පාලනය කරගන්න අනුගමනය කරන්න ඕන අනිවාර්ය පියවරක් සමාජ දූරස්ථකරණය. ඒ කියන්නෙ එකිනෙකා අතර ගැවසීමෙන් වැළකී සිටීම. සෙනඟ අතරදි අවම වශයෙන් මීටරයක දුරක් පවත්වා ගැනීම.

මේ වෙද්දි ෆුඩ් ඩිලිවරි ඇප්ස් ‘කන්ටැක්ට්ලස් ඩිලිවරි’ හෙවත් ස්පර්ශයෙන් තොර ඩිලිවරි සිදු කරනවා. ඒ කියන්නෙ මෙතැනදි ඔබ ඇණවුම් කළ කෑම හෝ ග්‍රොසරි බඩු ඩිලිවර් කරන පුද්ගලයා මුණගැසීම අවශ්‍ය වෙන්නෙ නෑ. ඔබේ නිවසේ ගේට්ටුව හෝ දොර අසල පාර්සලය තබා යෑමට ඔහුට ඉඩ සලසන්න මේ ඔප්ෂන් එකෙන් පුළුවන්. ඔහු නික්ම ගියාට පසුව ඔබට එය ගෙතුළට ගන්න පුළුවන්. සල්ලි අතපත ගාන්න අවශ්‍යත් නෑ. මෙවැනි වෙලාවක මෙන්න මේ පියවර අනුගමනය කරන්නත් අමතක කරන්න එපා.

පහසුවෙන් පිවිසිය හැකියි

ෆුඩ් ඩිලිවරි ඇප් එකකට පිවිසෙන්න ඔබට අවශ්‍ය වෙන්නෙ ස්මාට්ෆෝන් එකක් විතරයි. මේ කාලේ හැමෝ ළඟ ම වගේ ස්මාට්ෆෝන් තියනව නේ. ඇප් එක ඉන්ස්ටෝල් කරගත්තා, ඔබ කැමති රෙස්ටොරන්ට් එක සහ කෑම වර්ගය තේරුවා. එච්චරයි. 

රෙස්ටොරන්ට් එකේ ෆෝන් නම්බර් එකට දහ සැරයක් විතර කෝල් කරල, ලයින් එකේ ඉඳල ඉඳල, ඕඩර් එක දීල කෑම ගෙන්නගන්නවට වඩා මේක හැම අතින් ම ලේසියි. අනික ඇණවුම බාර දුන්නට පස්සෙ ඔබට ලැබෙනකන් ඕන ම අවස්ථාවක ඕඩර් එක ට්‍රැක් කරන්නත් ඇප් එකෙන් පුළුවන්.

කෑම වගේ ම ග්‍රොසරි බඩුත්..

මේ වෙද්දි කෑම විතරක් නෙමෙයි, නිවසට අවශ්‍ය සිල්ලර බඩු එහෙමත් මේ ඇප්ස් හරහා ගෙන්නගන්න පුළුවන්. ඔවුන් මේ සේවාව පටන්ගත්තේ පළවෙනි ලොක්ඩවුන් එකේදිමයි. දැන් තුන් වෙනි රැල්ලත් ඇවිත් තියන වෙලාවේ ගෙදරට අවශ්‍ය බඩු ගෙන්නගන්න එළියට බහිනවට වඩා මේ ක්‍රමය ආරක්ෂිතයි වගේ ම විශ්වාසවන්තයි. ඔන්ලයින් ඕඩර් කරලා පුරුදු නැති අයට පවා මේ පහසු ක්‍රමය එක වරක් අත්හදා බැලුවොත් වෙනස වැටහෙයි.

ක්ලවුඩ් කිචන් තවතවත්..

ෆුඩ් ඩිලිවරි ඇප්ස් එක්ක එකතු වෙන්න ලොකු ලොකු රෙස්ටොරන්ට් වලට විතරක් නෙමෙයි, ගෙදර කෑම හදල විකුණන හැමෝටමත් පුළුවන්. ක්ලවුඩ් කිචන් කියන්නෙ රෙස්ටොරන්ට් එකක් නැතුව, ඩිලිවර් කරන්න ම විතරක් කෑම හදන ඒ වගේ තැන්. එන්න එන්න ම ෆුඩ් ඩිලිවරි ඇප්ස් වල තියන ක්ලවුඩ් කිචන් ප්‍රමාණය වැඩි වෙනවත් මේ වෙද්දි පේන්න තියනවා. ඉතින් මේක ගෙදර ඉන්න අතරේ තමන්ගෙ මුළුතැන්ගේ ම කෑම හදල විකුණන්න කැමති හැමෝටම ආදායම් උපදවන ක්‍රමයක්.

ඕන ම කෙනෙකුට ඕන ම කෑමක්..

බිස්කට් පුඩිං විතරක් හදන හෝම් බේස්ඩ් බිස්නස් එකේ ඉඳන්, තරු පන්තියේ කෑම හදන තරු පහේ හෝටලේ දක්වා හැම තැනක් ම ෆුඩ් ඩිලිවරි ඇප්ස් වල තියනවා. ඒ නිසා ඔබ කැමති මාළු පාන් ද, ලම්ප්‍රයිස් ද, පැඩ් තායි ද, පිට්සා ද, මේ ඕන එකක් ෆුඩ් ඩිලිවරි ඇප් එකේ අවේලබල්.

රැකියා අවස්ථා

මේ විදිහේ ඇප්ස් මඟින් ෆුඩ් ඩිලිවරි රයිඩර්ස්ලා අතිවිශාල ප්‍රමාණයකට රැකියා අවස්ථා උත්පාදනය කරනවා. ඒ වගේ ම අවන්හල් හිමිකරුවන්ට සහ අනෙකුත් ඩිලිවරි සහකරුවන්ටත් ෆුඩ් ඩිලිවරි ඇප්ස් ලොකු අවස්ථාවක් වගේ ම සහනයක්. මොකද සංචරණ සීමා නිසා මේ වෙලාවේ කොහොමටත් පාරිභෝගිකයන් අවන්හලට ඇවිත් කෑමබීම මිල දී ගන්නෙ නෑනේ.

ආර්ථිකය නංවමින්..

සමස්තයක් විදිහට බැලුවම, කොවිඩ් 19 නිසා පල්ලම් බහින ආර්ථිකය නඟා සිටවන්න ෆුඩ් ඩිලිවරි ඇප්ස් ලොකු දායකත්වයක් ලබා දෙනවා. අවන්හල් වැහෙන එක නවත්වන්න, රැකියා අහිමි වීම අවම කරන්න, රට තුළ ආර්ථික අවපාතයක් ඇති වීම පාලනය කරන්න මේ ඔස්සේ පුළුවන් .

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Yoroko at Cinnamon Life: An Unforgettable Sky-High Japanese Experience

Our visit to Yoroko was one for the books — and your bucket list. It’s

Highlights Kamu

The Chinwag- Review

By Sharon Nonis Chinwag has always been a crowd favorite, and now with their new

Highlights Kamu

Trending.

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

ITC Ratnadipa Celebrates the Spirit of the Season with its 2nd Annual Cake Mixing Ceremony

ITC Ratnadipa, the jewel in Colombo’s skyline, heralded the start of the festive season with

Trending

The Kingsbury, Colombo, Crowned Sri Lanka’s Leading Hotel 2025 at World Travel Awards

The Kingsbury, Colombo, is honoured to have been awarded Sri Lanka’s Leading Hotel 2025 at

Trending

8 Thai Restaurants to try in Sri Lanka

You can ask around – but it’s rare to find someone who doesn’t love Thai

Highlights Trending Yamu Guide

Yamu Guide.

Sip, Slurp and Savour : 9 Ramen Spots to try in Colombo

If you’re food curious and always looking for your next Instagram-worthy bite, this ramen route

Highlights Yamu Guide

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Top Affordable Countries in Asia : Budget Destinations 

Sitting at your office desk wishing you’d have a little getaway for yourself - but

Highlights Yamu Guide

Baked with Love – Meet 9 of Sri Lanka’s sweetest home bakers

There’s something undeniably magical about home-bakes that café and bakery chains just cannot get right.

Highlights Yamu Guide

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide