DJ කෙනෙක් වෙන්න කැමති ද? එන්න DJ Academy එකට!.

Disc Jockey නැත්තං DJ කෙනෙක් කියන්නෙ කවුද කියල නොදන්න තරුණයෙක්, තරුණියක් අද කාලෙ නෑ. තරුණ වයසේ අය වෙනුවෙන් තියන ඕන ම ඉවෙන්ට් එකක DJ කෙනෙක් අපිට අනිවාර්යයෙන් දකින්න පුළුවන්. ඒ නිසා ම වෘත්තියක් විදිහටත් DJ කියන රැකියාව මේ වෙද්දි තරුණ තරුණියන් අතරෙ ජනප්‍රියයි. DJ Academy මුලින් ම පිහිටවනු ලැබුවෙ මේ සිත් ඇදගන්නා ආස්වාදනීය ක්ෂේත්‍රයට අවශ්‍ය වෘත්තීය මාර්ගෝපදේශනය සපයන්න. ඔවුන්ගේ අපේක්ෂාව වුණේ DJ ක්ෂේත්‍රය නඟා සිටුවීම සහ ඊට හොඳ පිළිගැනීමක් ලබා දීම. ඒ ආකාරයට ම පහුගිය අවුරුදු 12 ඇතුළත සිසුසිසුවියන් රාශියකට DJ ශිල්පියෙක් වෙන්න අවශ්‍ය වලංගු සහතිකපත් සමග නිරන්තර මාර්ගෝපදේශනය ලබා දෙන්න DJ Academy එකට හැකි වුණා.

සාමාන්‍යයෙන් වයස් භේදයකින් තොර ව හැමෝම වගේ සංගීතයට ආදරේ කරනවා. ඒ නිසා ම DJ කියන භූමිකාවට ලංකාවේ සහ ලෝකයේ හුඟක් අය අතරෙ තියන කැමැත්ත පුදුමයක් නෙමෙයි. යම්කිසි ඉවෙන්ට් එකක තියන උද්වේගය සහ ආස්වාදය, අවසානය වෙනකන් ම පවත්වාගෙන යන ජවය භාර වෙන්නේ DJට. මේ වෙද්දි ලංකාවේ DJ ක්ෂේත්‍රය තියෙන්නෙ දිනෙන් දින දියුණු වෙමින්. මනා පුහුණුවක් තියන, වෘත්තිමය DJ ශිල්පියෙකුට දේශීය ව විතරක් නෙමෙයි, ජාත්‍යන්තර වශයෙන් පවා ලොකු ඉල්ලුමක් තියනවා.

මේ ගැන දැනුවත් වුණ, කොළඹ විතරක් නෙමෙයි, ලංකාව පුරා ම පදිංචි සිසුසිසුවියන් රාශියක් DJ Academy එකට එනවා. 2008 වසරේ DJ Academy එක පිහිටවපු දා ඉඳන් වසරකට සිසුසිසුවියන් 100කට වැඩි ප්‍රමාණයකට අධ්‍යාපනය ලබා දෙන්න ඔවුන්ට හැකි වුණා.

DJ Academy කළමනාකාර අධ්‍යක්ෂ තනුජික පෙරේරා කියන විදිහට DJ කෙනෙක් වෙන්න අවශ්‍ය විශේෂ කුසලතා කීපයක් තියනවා. සංගීත තැටි ගොඩක් එකට ජෑම් කරන එකට අමතර ව, DJ කරනවා කියන්නෙ ඒ එක්ක ම තමන්ගේ වටේ ඉන්න ක්‍රවුඩ් එකේ මූඩ් එක අඳුනගෙන, ඊට අනුව සංගීතය සපයන එකට. ඒ කියන්නෙ ඇත්තට ම DJ ශිල්පියෙකුගේ රාජකාරිය වෙන්නේ ඒ මොහොතේ තමන්ගේ ඉවට සහ අවස්ථාවට අනුව කටයුතු කිරීම.

DJ කෙනෙක් ඉන්නෙ හැම වෙලේ ම ක්‍රවුඩ් එකකින් වට වෙලා. ඒ නිසා ම මෘදු කුසලතා කියන්නෙ DJ කෙනෙකුට අත්‍යවශ්‍ය මූලිකාංගයක්. ක්‍රවුඩ් එකේ අවධානය ග්‍රහණය කරගන්න එක සහ ඔවුන් බලාපොරොත්තු වෙන විදිහේ සංගීතය ඔවුන්ට සපයන එක තමයි එයාගේ වගකීම. බොහෝ විට DJ කෙනෙකුගෙ ඇටිටියුඩ් එක, ඔවුන්ගෙ ඉදිරිපත් කිරීමට ආරෝපණය වෙනවා. ඒ නිසා ම තමන්ගෙ සිසුසිසුවියන්ට න්‍යායික දැනුම සපයන අතරෙ ම මෘදු කුසලතා ඇතුළු DJ කලාවේ සියලු ම අංගවලින් ඔවුන් පෝෂණය කරන්න DJ Academy එක කටයුතු කරනවා.

DJ Academy එකේ සාර්ථකත්වය පිටුපස තියන රහස තමයි නම්‍යශීලී බව සහ සියලු පාඨමාලා සිසුන් කේන්ද්‍ර කරගත්ත ඒවා වීම. DJ Academy එක තමන්ගෙ සිසුන් වෙනුවෙන් පාඨමාලා හතක් ඉදිරිපත් කරනවා. පළපුරුදු DJ ශිල්පීන්ට වෘත්තීය ස්ථාවරත්වය සඳහා වලංගු සහතිකපතක් ලබා ගන්න වගේ ම, විනෝදාංශයක් විදිහට DJ කරන්න කැමති, සංගීතය ගැන උනන්දු අයට මූලික සංයෝග කිරීම් ඉගෙනගෙන සංගීතය එක්ක රිලැක්ස් වෙන්නත්, DJ Academy එක්ක එකතු වෙන්න පුළුවන්. මේ ඕන ම කෙනෙකුට හරි යන කෝස් එකක් DJ Academy එකේ තියනවා.

ප්‍රධාන DJ පාඨමාලාව Foundation, Intermediate සහ Advanced යනුවෙන් ලෙවල්ස් තුනකින් සමන්විතයි. Foundation පියවරේ දී ඔබට මූලික පුහුණුව ලැබෙනවා. ඊළඟ පියවර දෙකේ දී DJ කිරීම හා බැඳුණු කලාත්මක අංශය පිළිබඳ දැනුම ඔවුන් ලබා දෙනවා.

ලොව ප්‍රමුඛතම DJ බ්‍රෑන්ඩ්ස් වෙන Pioneer DJ, Ableton සහ Serato Inc සමග එකතු වෙලා Computer-based DJing, Turntable DJing, Electronic Music DJing සහ තවත් දේ පිළිබඳ දැනුම ඔබට ලබා දෙන්න DJ Academy සූදානම්.

DJ කිරීම කියන්නේ නිරන්තර පුහුණුව අවශ්‍ය දෙයක්. මේ නිසා තමන්ගෙ සිසුසිසුවියන්ට හැම විට ම DJ පුහුණු වීමේ අවස්ථාව ලබා දෙන්න DJ Academy ලෑස්තියි. තමන් තෝරගත්ත පාඨමාලාව සම්පූර්ණ කිරීමෙන් පස්සෙත් ආයතනය එක්ක එකතු වෙලා DJ ප්‍රැක්ටිස් කරන්න, ඔවුන් සිසුන්ට අවස්ථාව සලසා දීල තියනවා. මේ ඔස්සේ ඔවුන්ගේ හැකියාව සහ කලාව වැඩි දියුණු කරගන්න ලැබෙනවා වගේ ම, DJ Academy එකෙන් නිර්මාණය කරන DJ ශිල්පීන් ජාත්‍යන්තර මට්ටමේ අය බවටත් මෙයින් සහතික කෙරෙනවා.

DJ Academy එකේ විෂය මාලාව සකස් කරලා තියෙන්නේ, ක්ෂේත්‍රයේ නැඟී එන නව ප්‍රවණතා සහ අලුත් තාක්ෂණය පිළිබඳ මනා අවබෝධයක් සහ පළපුරුද්දක් සහිත වෘත්තිකයන් විසින්. මේ ක්ෂේත්‍රයේ තවතවත් ඉහළට නැඟීමට අවශ්‍ය පුහුණුව සහ අවස්ථා DJ Academy වෙතින් ඔබට ලැබෙනවා. නවීනතම උපකරණ භාවිතය සහ නවෝත්පාදක පුහුණු ක්‍රම ඔස්සේ, ඔබට න්‍යායාත්මක පසුබිම වගේ ම ප්‍රායෝගික පුහුණු අත්දැකීම් ලබා දෙන්නත් DJ Academy වගබලා ගන්නවා. ඒ විතරක් නෙමෙයි, DJ Academy එකේ ලයිබ්‍රරි එක, සංගීත එකතුව සහ පුහුණු වීඩියෝ සම්පූර්ණයෙන් පරිශීලනය කිරීමේ අවස්ථාව සිසුසිසුවියන්ට ලැබෙනවා.

මේ වසංගතය කාලය තුළ නිල සෞඛ්‍ය අංශ විසින් සපයන ලද උපදෙස්වලට අනුකූල ව, කොවිඩ් -19 පාලනය කිරීම සඳහා අවශ්‍ය සියලු සෞඛ්‍ය පියවර අනුගමනය කරන්න DJ Academy කටයුතු කරනවා. ආයතනයේ සිසුසිසුවියන්, කාර්ය මණ්ඩලය වගේ ම ආයතනයට පැමිණෙන අමුත්තන් යන සියල්ලන්ට ම එම සෞඛ්‍ය පියවර අදාළයි. ඒ අනුව මුඛ ආවරණ පැළඳීම අනිවාර්යයි. ඒ වගේ ම, සියලු පාඨමාලා පැවැත්වෙන්නේ තනි තනි ඉගැන්වීම් වාර වශයෙන් නිසා, සෑම ඉගැන්වීම් වාරයකට ම පසුව අදාළ උපකරණ විෂබීජහරණය කරන්න ඔවුන් කටයුතු කරනවා.

විනෝදාස්වාදන කර්මාන්තය කියන්නෙ ලෝකයේ වැඩි ම මිලක් උපයන ක්ෂේත්‍රයක්. DJ කලාව කියන්නෙ එහි ප්‍රධාන ම කොටසක් බව අමුතුවෙන් කිව යුතු නෑ. ඒ නිසා මේ ක්ෂේත්‍රයේ රැකියාවක් කිරීමට බලාපොරොත්තු වෙන ඕනෑ ම අයෙකුට ලංකාවේ වගේ ම පිටරටත් ඕනෑ තරම් අවස්ථා තියෙනවා. DJ Academy වෙතින් ලබා දෙන Pioneer DJ certificate සහ Serato DJ pro Certificate ඔස්සේ, පාඨමාලා සම්පූර්ණ කරන හැම සිසුසිසුවියකට ම ක්ෂේත්‍රයේ ඉහළට ම ගමන් කිරීමට වැඩිවැඩියෙන් අවස්ථා ලැබෙන බවට සහතික කෙරෙනවා.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide