කොරෝනා කාලේ ඔන්ලයින් බඩු ඕඩර් කිරීමේ හොඳ සහ නරක!.

ඔන්ලයින් බඩු ඕඩර් කරලා ඩිලිවර් කරගැනීම ලංකාව ඇතුළෙ සෑහෙන දියුණුවක් අත් කරගත්තෙ පහුගිය අවුරුද්දක විතර කාලය ඇතුළත. ඒකට ලොකු ම හේතුව වුණේ කොවිඩ් 19 වසංගතය. ගිය අවුරුද්දෙ ඉඳන් වසංගතය නිසා ගමන්බිමන් සීමා වෙන්න පටන්ගත්තට පස්සේ ගෙදරට අත්‍යවශ්‍ය දේවල් සහ සිල්ලර බඩු ගෙදරට ම ගෙන්නගන්න ක්‍රම වැඩි වැඩියෙන් සැලසුණා. මුලින් ම මේ සේවාව ක්‍රියාත්මක කළේ ප්‍රසිද්ධ සුපිරි වෙළෙඳසල් විතරයි. ඒත් දැන් දැන් නං හන්දියෙ එළවළු කඩෙත් පික්මී ෆුඩ් එකෙන් හොයාගන්න පුළුවන් තත්ත්වයට මේක දියුණු වෙලා.

ඇත්තට ම මේ කාලේ ඔන්ලයින් ඕඩර් කරලා ඩිලිවර් කරගැනීම කියන්නෙ අත්‍යවශ්‍ය සේවාවක්. මේක පාරිභෝගිකයාට වගේ ම වෙළෙන්දටත් හුඟක් වාසි සැලසෙන ක්‍රමයක්. ලංකාවට දාපු පළවෙනි ලොක්ඩවුන් එකේ ඉඳන් මේ වෙද්දි අවුරුද්දකට ටිකක් වැඩි කාලයක් ගෙවිලා. ඒ නිසා අපි හිතුවා ලංකාවේ ඔන්ලයින් ෂොපිංවලදි අපි අත්දැකපු හොඳ සහ නරක කරුණු ගැන ටිකක් කතාබහ කළොත් හැමෝට ම වැදගත් වෙයි කියලා.

හොඳ!

මේ තියෙන්නේ ලංකාවේ ඔන්ලයින් ෂොපිංවලදි අපි අත්වින්ද වාසිදායක පැත්ත.

පහසුව

අපි ඉන්න ඕන ම තැනක ඉඳලා බඩු ගෙන්නගන්න පුළුවන් වීම ඔන්ලයින් ෂොපිංවල ලොකු ම වාසියක්. ඇඳ පැළඳගෙන එළියට ගිහින් කඩෙන් කඩේට ගොඩ වෙලා කාලේ ගෙවාගෙන පෝලිම්වල රස්තියාදු වෙලා අතින් කටින් එල්ලගෙන ගෙදර එන්න සිද්ද වෙන වදේ විඳින්න ඕන නෑ මේ ක්‍රමේ නිසා.

ඒ විතරක් නෙමෙයි, ඔයාට ම බඩු ගෙන්නගන්න වගේ ම, ටිකක් දුර ඈත ඉන්න ඔයාගෙ පවුලේ උදවියගෙ හෝ වෙනත් ඕන ම කෙනෙකුගේ ගෙදරකට බඩුමුට්ටු යවන්නත් මේ ක්‍රමේදී පුළුවන්. බඩු යවන්න ඕන තැන සහ කෙනාගේ විස්තර, අදාළ ඩිලිවරි සේවාවට සපයන්න විතරයි ඕනේ. එතකොට ඔයාට කරදර වෙන්නෙ නැති වෙන්න, බඩු ටික අදාළ තැනට ගිහින් බාර දෙන්න ඒ අය කටයුතු යොදනවා.

කාඩ් ගෙවීම්

දැනට බලපැවැත්වෙන ලොක්ඩවුන් එක නිසා සල්ලි ගන්න ATM එකකට යන්න අමාරුයි නේ. හැබැයි, ප්‍රසිද්ධ සුපිරි වෙළෙඳසල් බොහොමයක්, වෙනත් කඩසාප්පු බහුතරයක් සහ ඇප්ස් ආදී වෙනත් ඩිලිවරි සේවාවන් මඟින් බඩුමුට්ටු ඩිලිවර් කරන වෙළෙඳසල් ඔක්කොම, ඩෙබිට් සහ ක්‍රෙඩිට් කාඩ්පත් මඟින් ගෙවීම් කරන්න ඉඩ සලසල තියනවා. ඉතින් පහසුවට අමතර ව සල්ලි අතපත ගාන්න සිද්ද නොවීමේ වාසියත් මෙයින් සැලසෙනවා. මොකද කාසි සහ නෝට්ටු කියන්නේ කොවිඩ් 19 පැතිරෙන්න පුළුවන් ප්‍රධාන වාහකයක්.

ක්ෂණික රිෆන්ඩ් 

කාඩ්පත්වලින් කරපු ගෙවීම්වල පවා රිෆන්ඩ් එකක් තිබුණොත් සමහර සුපිරි වෙළෙඳසල්වලින් ඒක ක්ෂණික ව අන්තිම රුපියලට ම බේරනවා. ඉතින් සල්ලි වැටිල ද කියලා සැරෙන් සැරේ අකවුන්ට් එක චෙක් කරන්නවත්, මගේ රිෆන්ඩ් එක ලබා දෙන්න කියල දිග ඊමේල් ලිය ලිය යවන්නවත් කරදර වෙන්න ඕන නෑ. 

විවිධත්වය

එළවළු, පලතුරු, වියළි ආහාරවල ඉඳන් කිරි නිෂ්පාදන, ඖෂධ, ළමා නිෂ්පාදන දක්වා විවිධාකාර බඩු භාණ්ඩ මහ ගොඩක් මේ ඔන්ලයින් වෙළෙඳසල්වලින් සපයනවා. සුපිරි වෙළෙඳසල් මෙතනදි විශේෂයි. ඔයා කැමති ම බ්‍රෑන්ඩ් එකේ ප්‍රඩක්ට් එකක් හැම විට ම ලබාගන්න බැරි වෙන්න පුළුවන්. ඒත් ඊට හරි යන ළඟ ම විකල්පයක් මේ අය ළඟ තියන බව නං ෂුවර්.

විශේෂ වෙළෙඳසල් 

එක ජාතියක බ්‍රෑන්ඩ් එකකට අදාළ බඩු විතරක් තියන ඇතැම් වෙළෙඳසල් එහෙමත් දැන් දැන් මේ ඔන්ලයින් ඕඩර්ස් බාරගන්නවා. සමහර සාප්පු තමන්ගේ ම ඩිලිවරි සේවා ක්‍රියාත්මක කරන අතරෙ, තවත් සමහර සාප්පු ඇප්ස් ආදී වෙනත් ඩිලිවරි සේවා මඟින් අපිට බඩු ගෙනත් දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඔයා පාවිච්චි කරන විශේෂ බ්‍රෑන්ඩ්ස් තියනවා නං මේ ඔප්ෂන් එක වාසිදායක වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට, ඔයාට CIAO චීස් මිලට ගන්න ඕනෙ කියල හිතමුකෝ. එතකොට කිසි ම සුපිරි වෙළෙඳසලක ඒවා හොයාගන්න නැත්තං, පික්මී ෆුඩ් එකෙන් ඒව තියෙන්නෙ කොහෙද කියල හොයලා, එතනින් ඕඩර් කරන්න ඔයාට පුළුවන්.

වට්ටම්

ඇප්ස් ආදී වෙනත් ඩිලිවරි සේවා මඟින් බඩු මුට්ටු ඩිලිවර් කරන්න එකතු වෙලා ඉන්න වෙළෙඳසල් බොහොමයක් පාරිභෝගිකයන්ට වට්ටම් සපයනවා. ඊට අමතර ව මේ ඩිලිවරි ඇප්ස්වලිනුත්, ඔයාගෙ ක්‍රෙඩිට් / ඩෙබිට් කාඩ් ගෙවීම් සඳහා විවිධ බැංකු එක්ක එකතු වෙලා තවත් වට්ටම් ලබා දෙනවා.

වසංගත ව්‍යාප්තිය අඩු කිරීම 

මාස්ක් දාගෙන, සෙනඟ අස්සෙ ඇවිදලා, පෝලිම්වල තෙරපිලා කරදර වෙන්නෙ නැතිව, ගෙදර ම ඉඳන් සැප පහසුවට ඔයාට අවශ්‍ය දේවල් ගෙන්නගන්න, ඔන්ලයින් ෂොපිං ක්‍රමයෙන් අවස්ථාව ලැබෙනවා. ඒ නිසා ස්පර්ශය සහ හමු වීම් සීමා වෙලා, කොවිඩ් 19 ව්‍යාප්තියත් පාලනය වෙනවා.

නරක!

මේ කියපු වාසි වගේ ම, ඔන්ලයින් ෂොපිං නිසා ඉඳලා හිටලා කලකිරීම් එහෙමත් ඇති වෙන්න බැරිකමක් නෑ. මේ, එහෙම අවස්ථා.

සීමිත තොග 

ඔන්ලයින් ඕඩර්ස් හුඟක් එන මේ කාලේ, ඇතැම් විට වෙළෙඳසල්වලින් කිසියම් උපරිම ප්‍රමාණයකට යටත් ව බඩු නිකුත් කරන නීතියක් ක්‍රියාත්මක කරන්න ඉඩ තියනවා. නැතිනම් බඩු තොග සීමිත වෙලා හෝ අවසන් වෙලා තියෙන්න ඉඩ තියනවා. මේ හේතු නිසා සමහර විට ඔයාට ඇති තරමට බඩු ඕඩර් කරන්න බැරි වෙන්න පුළුවන්. හුඟක් සුපිරි වෙළෙඳසල් තමන්ට ඕඩර්ස් එන පිළිවෙළටයි බඩු ඩිලිවර් කරන්නෙ. ඒ නිසා ඔයාගේ බඩු ලැයිස්තුව හුඟක් දිග නං, පුළුවන් තරං ඉක්මන් කරලා ඕඩරය ලබා දෙන එක තමයි නුවණට හුරු.

ප්‍රමාද වීම්

මේ දිනවල ලැබෙන ඇණවුම් ප්‍රමාණය හුඟක් වැඩි නිසා වගේ ම, බඩු තොග සීමිත වීම නිසාත් ඇතැම් විට බඩු ඩිලිවර් කිරීම ප්‍රමාද වෙන්න ඉඩ තියනවා. කොහොම වුණත් ඇතැම් සුපිරි වෙළෙඳසල් සහ ඩිලිවරි ඇප්ස් මඟින් ඕඩර් එක ට්‍රැක් කිරීමේ පහසුකම ලබා දීල තියනවා. ඒ අය ඇණවුම පිළිගත්ත තැන ඉඳන්, බඩු ටික ඔයාගෙ දොර ළඟට එනකං ගමන් මාර්ගය ඒ ඔස්සේ බලාගන්න පුළුවන්.

මාරු කිරීම් 

දැනට ලංකාවේ ක්‍රියාත්මක ඔන්ලයින් ඇණවුම් ක්‍රමවේදයත් එක්ක, කිසියම් නිෂ්පාදනයක් ගැන ඔයා සතුටු නැත්නම්, ඒක මාරු කරලා වෙනත් නිෂ්පාදනයක් ඔයාට ගෙනත් දීම දෙපැත්තට ම ප්‍රශ්නකාරී කරදර වැඩක් වෙන්න තියන ඉඩ වැඩියි. එහෙම අවස්ථාවක ඒ අයට දෙන්න පුළුවන් හොඳ ම විසඳුම තමයි ඊට අදාළ මුදල ඔයාට රිෆන්ඩ් කරන එක.

හැම දේම එක තැනක නැති අවස්ථා 

මේ ප්‍රශ්නෙ එන්නෙ සාමාන්‍යයෙන් ඩිලිවරි ඇප්ස් හරහා ඕඩර් කරද්දි. සහ ඔයාගෙ ප්‍රදේශයට අදාළ ව පෙන්නන වෙළෙඳසල් මතත් මේක තීරණය වෙනවා. සමහර වෙලාවට එළවළු, වියළි ආහාර සහ මස් කියන ජාති තුන ම තියන ෂොප් එකක් ඔයාගෙ ප්‍රදේශයට අදාළ ව නැත්නම්, ජාති තුනට තැන් තුනකින් ඕඩර්ස් තුනක් දාන්න සිද්ද වෙන්න පුළුවන්. ඕඩර්ස් තුනක් දාන අපහසුවට අමතර ව, ඩිලිවරි ගාස්තු තුනක් ගෙවන කරදරෙත් විඳගන්න, මෙහෙම අවස්ථාවක සිද්ද වෙනවා.

එපා වෙන සිද්ධි!

මේ කියන්න හදන්නෙ, කලින් කියපු හොඳ සහ නරකවලට අමතර ව ඔන්ලයින් ෂොපිංවලදි අත්විඳින්න සිද්ද වෙන්න පුළුවන් එපා ම වෙන අවස්ථා ගැන. අපි ඔය ‘නරක’ කොටසේ කියපු දේවල් කොහොම හරි විඳගත්තත්, මේවා නං සමාව දෙන්න ම බැරි අවස්ථා.

නරක් වුණ එළවළු/ පලතුරු

Image source: mashed.com

ළඟදි අපේ යාළුවෙක් ප්‍රසිද්ධ සුපිරි වෙළෙඳසලකින් දාපු ඕඩරෙකට ඒගොල්ලො නරක් වුණ කැරට් අල වගේකුයි, තැලිච්ච තක්කාලි වගේකුයි, මිල්ක්ෂේක් එකක් වගේ දිය වෙච්ච අයිස්ක්‍රීම් ටබ් එකකුයි එවල තිබුණා. අයිස්ක්‍රීම් එක ඇරුණම ඉතුරු සේරම විසි කරන්න සිද්ද වුණේ ඒව පාවිච්චි කරන්න සුදුසු නැති තත්ත්වෙක තිබුණ නිසා. මේවයේ පිටත පෙනුම, තත්ත්වය හෝ පාවිච්චියට සුදුසු / නුසුදුසු බව ගැන කිසි ම සැලකිල්ලක් නැතිව එවල තියන බව ඒකෙන් පැහැදිලියි.

කල් ඉකුත් වුණ නිෂ්පාදන

Image source: insider.com

සමහර සුපිරි වෙළෙඳසල්වලින් කල් ඉකුත් වුණ නිෂ්පාදන සහ විශේෂයෙන් බේකරි නිෂ්පාදන එවපු අවස්ථා ගැන සමාජ මාධ්‍යවල සෑහෙන පැමිණිලි දකින්න තිබුණා. පරණ කල් ඉකුත් වීමේ දිනය උඩින් අතින් ලියපු දිනයක් සහිත ස්ටිකරයක් අලවපු බේකරි ප්‍රඩක්ට් එකක් අපේ යාළුවෙකුටත් ළඟදි ඇවිත් තිබුණා. ප්‍රඩක්ට් එකේ පාට වගේ ම මතුපිට ස්වභාවයත් වෙනස් වෙලා නිසා කල් ඉකුත් වෙලා බව හොඳට ම පේන්නත් තිබිලා. මේ වගේ අවස්ථා නං හොඳ තත්ත්වයන් නෙමෙයි. 

රිෆන්ඩ් නොකිරීම/ ප්‍රමාද වීම 

දැනට රටේ තියන තත්ත්වයත් එක්ක බැංකුව මඟින් රිෆන්ඩ් කිරීම් ප්‍රමාද වෙන්න පුළුවන්. කොහොම වුණත් රිෆන්ඩ් එකක් සති දෙකකටත් වඩා පරක්කු වුණ අවස්ථා සහ සම්පූර්ණයෙන් ම රිෆන්ඩ් නොකර ඉඳීම් සිදු වුණ අවස්ථා ගැන පැමිණිලි අපිට දකින්න ලැබුණා. මේක නම් සැලකිලිමත් වෙන්න ඕන තත්ත්වයක්.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Yoroko at Cinnamon Life: An Unforgettable Sky-High Japanese Experience

Our visit to Yoroko was one for the books — and your bucket list. It’s

Highlights Kamu

The Chinwag- Review

By Sharon Nonis Chinwag has always been a crowd favorite, and now with their new

Highlights Kamu

Trending.

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

ITC Ratnadipa Celebrates the Spirit of the Season with its 2nd Annual Cake Mixing Ceremony

ITC Ratnadipa, the jewel in Colombo’s skyline, heralded the start of the festive season with

Trending

The Kingsbury, Colombo, Crowned Sri Lanka’s Leading Hotel 2025 at World Travel Awards

The Kingsbury, Colombo, is honoured to have been awarded Sri Lanka’s Leading Hotel 2025 at

Trending

8 Thai Restaurants to try in Sri Lanka

You can ask around – but it’s rare to find someone who doesn’t love Thai

Highlights Trending Yamu Guide

Yamu Guide.

Sip, Slurp and Savour : 9 Ramen Spots to try in Colombo

If you’re food curious and always looking for your next Instagram-worthy bite, this ramen route

Highlights Yamu Guide

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Top Affordable Countries in Asia : Budget Destinations 

Sitting at your office desk wishing you’d have a little getaway for yourself - but

Highlights Yamu Guide

Baked with Love – Meet 9 of Sri Lanka’s sweetest home bakers

There’s something undeniably magical about home-bakes that café and bakery chains just cannot get right.

Highlights Yamu Guide

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide