ක්ලවුඩ් කිචන් එකක් පටන්ගන්නෙ කොහොමද? වැදගත් පියවර 9ක්.

ක්ලවුඩ් කිචන් එකක් කියන්නේ, ඩයින් ඉන් පහසුකම සහිත රෙස්ටොරන්ට් එකක් නැතිව, ඩිලිවරි මත පදනම් වෙලා ආහාරපාන සපයන තැනක්. ගිය අවුරුද්දේ ලංකාවේ කොරෝනා වසංගතය පැතිරෙන්න පටන්ගත්ත කාලේ ම, වේගයෙන් ක්ලවුඩ් කිචන් විවෘත වෙන්න පටන්ගත්තා. කොරෝනා නිසා අවන්හල්, හෝටල් වැහිලා ගිහින්, කෑමබීම ගෙදරට ම ඩිලිවර් කරන තැන්වලට වැඩි වාසි උදා වීම තමයි ඒකට හේතුව. දැන් මේ ක්ලවුඩ් කිචන් වෙතින් කේක්, පේස්ට්‍රි, චට්නි, අයිස්ක්‍රීම්වල ඉඳල ලම්ප්‍රයිස්, බිරියානි, නාසිගුරන් දක්වා විවිධ කෑම ජාති සපයනවා. 

මේ වගේ ක්ලවුඩ් කිචන් එකක් පටන්ගැනීම, ඔබේ ඉවුම් පිහුම් හැකියාවෙන් ගෙදර ඉඳන් ම අතට මුදලක් හොයාගන්න පුළුවන් ක්‍රමයක්. ඒ විදිහට ක්ලවුඩ් කිචන් එකක් පටන්ගන්න හිතන අයට පුංචි පියවර 9ක මාර්ගෝපදේශයක් තමයි මේ.

විශේෂ කෙනෙක් වෙන්න

මතක ද පොල් රොටි, පෝක් කරි, කෝච්චි සම්බෝල ට්‍රෙන්ඩ් එක? තාම පෝක් කරි පොල් රොටි තිබුණට, පටන්ගත්ත කාලේ තරම් උද්‍යෝගයක් නෑ දැන්. මොකද පටන්ගද්දි ඒ බිස්නස් එකේ හිටියෙ කීප දෙනයි. ඊටපස්සෙ මුළු කොළඹ ම පෝක් කරි පොල් රොටි බිස්නස් එකට බැස්සා. තාම සමහර තැන් තියනවා නියම රසට දැවිල්ලට පෝක් කරි පොල් රොටි හදන. ඒත් වැඩි හරියක් තැන් මෙලෝ රහක් නෑ.

කොච්චර කෑවත් එපා නොවෙන කෑමක් වුණත් ගොඩ දෙනෙක් හදනකොට අගය නැතුව යනවා. අන්න ඒකයි ඔබේ ක්ලවුඩ් කිචන් එක විශේෂ වෙන්න ඕනේ. අනෙක් අයට සම කරන්න බැරි විදිහේ විශේෂත්වයක් තිබුණොත් තමයි හුඟ කලක් පවතින්න පුළුවන්. ඉතින් වෙනස් විදිහට හිතන්න. හැමෝම කරන දේවල් කරන්නෙ නැතුව, පාරිභෝගිකයාට මතක හිටින, සුවිශේෂී රසක් සපයන්නෙ කොහොමද කියන එක ගැන කල්පනා කරන්න.

ඔබේ ශක්තිය අඳුනගන්න 

මේ දවස්වල වෙළෙඳපොළට ගැළපෙන ම කෑම ජාතිය මොකද්ද කියල හිතනවා වගේ ම, ඔබ වැඩිපුර ම දක්ෂ මොන කෑම ජාතිය හදන්න ද කියලත් හිතන්න. ඔබ ගී රයිස් වලට වඩා යෙලෝ රයිස් රහට හදන්න දක්ෂයි නං, දෙක ම හදන්න ගිහින් අමාරුවෙ වැටෙන්නෙ නැතුව, යෙලෝ රයිස් විතරක් හදන්න තෝරගන්න. ඔබේ ක්ලවුඩ් කිචන් එකේ මෙනු එක සකසගන්නකොට මේ තෝරා බේරා ගැනීම් ඉතා වැදගත්.

අමුද්‍රව්‍ය සපයගන්න ක්‍රමය ගැන හිතන්න

ඔබ නිර්මාණය කරන ක්ලවුඩ් කිචන් එක කිසියම් විශේෂ කෑම වර්ගයකට ම සුවිශේෂී වුණ එකක් නම්, ඒ ආහාරපාන පිසගැනීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය අඛණ්ඩ ව සපයාගැනීමට ක්‍රමයක් ඔබ ළඟ තියෙන්න ඕන. සමහර විට මේ අමුද්‍රව්‍ය ආනයනික ඒවා විය හැකියි. නැත්නම් සපයාගන්න අපහසු ඒවා විය හැකියි. මේ වසංගත කාලේ ආනයනික අමුද්‍රව්‍ය එහෙම සපයාගැනීම දුෂ්කර නිසා, ඔබේ ක්ලවුඩ් කිචන් එක කඩන් වැටෙන්නෙ නැති වෙන විදිහට පවත්වාගන්න කටයුතු කරන්න වෙනවා.

ඔබේ ආහාරවලට පුරුදු වුණාට පස්සෙ පාරිභෝගිකයා ඔබෙන් ඒ ආහාරය ඉල්ලන විට එය සපයන්න බැරි වුණොත් ඔවුන්ට ඔබ ගැන ඇති වෙන්නෙ ප්‍රසාදයක් නෙමෙයි. ඒ වගේ ම ඔබේ ආහාරවල ගුණාත්මක භාවය එක විදිහට ම පවත්වාගන්නත් නිසි පරිදි අමුද්‍රව්‍ය සපයාගැනීම වැදගත්. ඒ නිසා දුර්ලභ අමුද්‍රව්‍ය සපයාගන්න ක්‍රමයක් නැති වුණොත්, ඒ බාධකය මඟ හරවගන්න ගන්න පුළුවන් පියවර ගැනත් ක්ලවුඩ් කිචන් එක පටන්ගන්න කලින් හිතන්න.

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන්න

ඔබේ ව්‍යාපාරය ගැන අනෙක් අය දැනුවත් කරන්න ක්ලවුඩ් කිචන් එකේ කටයුතු පටන්ගන්නකන් ම ඉන්න අවශ්‍ය නෑ. ව්‍යාපාරයේ නම, සකසන කෑම වර්ග සහ මෙනු එක ගැන අවසන් තීරණය ගත්තට පස්සේ සමාජ මාධ්‍යවල ප්‍රචාරය කරන්න කටයුතු යොදන්න. ආහාරපාන ගැන ඔබ පළ කරන ඡායාරූප හොඳ තත්ත්වයේ ඒවා බවට වග බලාගන්න. මොකද පාරිභෝගිකයන්ට ඔබේ ආහාර ගැන ප්‍රියතාවයක් මුලින් ම එන්නේ ඒ පින්තූර දැකීමෙන්. මේ වැඩේට ඡායාරූප ශිල්පියෙක් යොදාගන්න ම අවශ්‍ය නෑ. හැබැයි ඔබට තියන සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගන්න. ඒ වගේ ම අන්තර්ජාලයේ දැනට තියන ස්ටොක් ඉමේජස් පාවිච්චි කරන්න එපා. එයින් පාරිභෝගිකයාට ඔබ ගැන ඇති විශ්වාසය බිඳ වැටෙනවා.

සාම්පල් යවන්න

ඔබේ පවුලේ අයට, යාළුවන්ට, ඔබ හදන කෑමවල සාම්පල් කීපයක් යවල බලන්න. ඔවුන් ඒ ගැන දෙන කමෙන්ට්ස් ඔබේ ව්‍යාපාරය දියුණු කරගන්න වැදගත් වෙනවා. දැන් සමාජ මාධ්‍යවල ඉන්න ‘ඉන්ෆ්ලුවන්සර්ස්ලා’ ඔස්සේත් මේ වැඩේ කරගන්න පුළුවන්. ඒ වගේ ම ‘යමු’ එකේ අපිට සාම්පල් එවන්නත් ඔබට පුළුවන්! ඔබේ බිස්නස් එකට සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය ලබා දෙන්න වගේ ම, හොඳ නරක ගැන අවංක ව අදහස් කියන්නත්, දියුණු කරගන්න ඕන පැති ගැන (එහෙම දේවල් තියනවා නං) පෙන්නලා දෙන්නත් අපි සැදී පැහැදී ඉන්නවා.

විචාර විවේචන භාර ගන්න

පවුලේ කෙනෙකුගෙන්, යාළුවෙකුගෙන්, ඉන්ෆ්ලුවන්සර් කෙනෙකුගෙන් හෝ ඕන ම අපක්ෂපාතී ෆුඩ් රිවීවර් කෙනෙකුගෙන් එන විචාර සහ විවේචන භාර ගන්න. ඔබ නොදැකපු සමහර පැති ගැන ඔබේ ඇස් අරවන්න ඔවුන්ට පුළුවන්. ඒවා ඔබේ බිස්නස් එකේ ඉදිරි යහපැවැත්මට බොහොම වැදගත්.

ඔන්ලයින් ඉන්න 

පහසුවෙන් සම්බන්ධ කරගත හැකි, සුහද, මිත්‍රශීලී සහ තමන්ට උදව් කරන්න කැමැත්තෙන් ඉන්න ක්ලවුඩ් කිචන්වලට තමයි පාරිභෝගිකයෝ කැමති. සමාජ මාධ්‍ය ඔස්සේ සහ ඉන්බොක්ස් පණිවිඩ ඔස්සේ ඔවුන් අහන ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. දුරකතන ඇමතුම්වලට පිළිතුරු දෙන්න. ඔවුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න දවස් ගණන්, සති ගණන් කල් ගත්තොත්, පාරිභෝගිකයෝ ඔබ ගැන බලාපොරොත්තු අත්හැරලා වෙනත් කෙනෙක් වෙත යොමු වෙන්න සෑහෙන ඉඩ තියනවා.

නිසි සෞඛ්‍ය පියවර අනුගමනය කරන්න

කොරෝනාවලට අදාළ සෞඛ්‍ය පියවර විතරක් නෙමෙයි, සාමාන්‍යයෙන් ආහාරපාන සකසනකොට අපි අනුගමනය කරන දෑත් පිරිසිදු ව තබාගැනීම, නාසය, මුඛය, හිසකෙස්, සම ඇල්ලීමෙන් වැළකීම, හිසකෙස් ආවරණ පැළඳීම, ආහාරපාන අතපත ගෑමේදී අත් ආවරණ පාවිච්චි කිරීම වැනි ක්‍රියා පිළිවෙත් නිසි පරිදි පිළිපදින්න. 

ඔන්ලයින් ඇණවුම් කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්න

අපි කලින් කිව්වා වගේ ම මේ වසංගත කාලේ, ඩිලිවරි පදනම් කරගත් බිස්නස්වලට තමයි වැඩි තැන. ඉතින් ඔබේ ක්ලවුඩ් කිචන් එකට ලැබෙන ඔන්ලයින් ඇණවුම් ඩිලිවර් කරන්න ක්‍රමවේදයක් ඔබ සකසගන්න අවශ්‍යයි. ජංගම ඩිලිවරි ඇප් එකක් හරහා, කූරියර් සර්විස් එකක් හරහා හෝ ඔබට හැකි නම් ඔබේ ම ක්‍රමයක් හරහා ඩිලිවරි සේවාව ලබාදෙන්න. උදාහරණයක් විදිහට, අපි ළඟදි කෑම ඕඩර් කළා ක්‍රැබ් ටේල්ස් එකෙන්. ඒ අය කෑම ඩිලිවර් කරන්නෙ ඒ වෙනුවෙන් ම තබාගත් ත්‍රිරෝද රථයකින්. ඒ වගේ ම බවේරියන් ජර්මන් රෙස්ටොරන්ට් එකේ බර්නිං බර්ඩ් සේවාව ඔබට ආහාරපාන ඩිලිවර් කරගන්න පික්මී ෆ්ලෑෂ් එකක් සූදානම් කරන්න ඉඩ දෙනවා. ඉතින් මේ වගේ පහසු ක්‍රම රැසක් තියනවා. ඉන් ඔබ කැමති එකක් තෝරගන්න පුළුවන්.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Yoroko at Cinnamon Life: An Unforgettable Sky-High Japanese Experience

Our visit to Yoroko was one for the books — and your bucket list. It’s

Highlights Kamu

The Chinwag- Review

By Sharon Nonis Chinwag has always been a crowd favorite, and now with their new

Highlights Kamu

Trending.

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

ITC Ratnadipa Celebrates the Spirit of the Season with its 2nd Annual Cake Mixing Ceremony

ITC Ratnadipa, the jewel in Colombo’s skyline, heralded the start of the festive season with

Trending

The Kingsbury, Colombo, Crowned Sri Lanka’s Leading Hotel 2025 at World Travel Awards

The Kingsbury, Colombo, is honoured to have been awarded Sri Lanka’s Leading Hotel 2025 at

Trending

8 Thai Restaurants to try in Sri Lanka

You can ask around – but it’s rare to find someone who doesn’t love Thai

Highlights Trending Yamu Guide

Yamu Guide.

Sip, Slurp and Savour : 9 Ramen Spots to try in Colombo

If you’re food curious and always looking for your next Instagram-worthy bite, this ramen route

Highlights Yamu Guide

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Top Affordable Countries in Asia : Budget Destinations 

Sitting at your office desk wishing you’d have a little getaway for yourself - but

Highlights Yamu Guide

Baked with Love – Meet 9 of Sri Lanka’s sweetest home bakers

There’s something undeniably magical about home-bakes that café and bakery chains just cannot get right.

Highlights Yamu Guide

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide