‘යමු’ එකෙන් හොඳ රිවීව් එකක් ගන්න නං, කරන්න ඕන දේවල් 5ක්!.

මේ දවස්වල අලුත් අලුත් රෙස්ටොරන්ට්, විශේෂයෙන් ක්ලවුඩ් කිචන් එහෙම හරි හරියට විවෘත වෙනවා ‘යමු’ එකේ අපිට පේනවා. මේ වගේ අලුත් අලුත් තැන් රිවීව් කරන්න අපිත් ඉතින් බොහොම උනන්දුයි. මොකද අලුත් තැනක් කියන්නෙ අලුත් රසක්, අලුත් වෙනසක්, අලුත් අත්දැකීමක්.

තමන්ගෙ පාරිභෝගිකයකුගෙන් ලැබෙන රිවීව් එකක් කියන්නෙ, අලුතෙන් ඕපන් කරන රෙස්ටොරන්ට් එකකට හෝ ක්ලවුඩ් කිචන් එකකට, තමන් ගැන ම සතුටු වෙන්න, ඒ වගේ ම තව වැඩි දියුණු වෙන්න ඕන දේවල් ගැන දැන කියාගන්න සහ අඩුපාඩු හදාගන්න හොඳ අවස්ථාවක්. ඒ නිසා බොහෝ විට රෙස්ටොරන්ට් හිමිකරුවන් හිමිකාරියන්, තමන්ගෙ කෑමබීමවල තත්ත්වය ගැන වෙන කෙනෙකුගේ විචාරය දැනගන්න උද්‍යෝගයෙන් තමයි ඉන්නෙ.

මේ ලිපියෙන් අපි කියන්න හදන්නෙ ‘යමු’ එකේ අපි, රිවීව් එකක් කරද්දි අවධානය යොමු කරන නිර්ණායක වගේ කරුණු කීපයක් ගැන. මේවා ගැන සැලකිලිමත් වුණොත්, ඕන ම රෙස්ටොරන්ට් එකකට අපෙන් හොඳ රිවීව් එකක් ගන්න අමාරු නෑ.

1 කෑමබීම

අංක එකට ම අපි බලන්නෙ කෑම දිහා තමයි ඕං. කෑම කිව්වම කෑමවල පෙනුම, සුවඳ, රස.. මේ ඔක්කොම අයිතියි. යොදාගෙන තියන අමුද්‍රව්‍ය, කුක් කරලා තියන විදිහ, ඩීටේල්ස් ගැන අවධානය යොමු කරලා තියන විදිහ, ප්‍රසන්ට් කරලා තියන විදිහ, කන්න කලින් ස්මෙල් එක බඩගිනි අවුස්සන සුලු ද, කටට රස දැනෙනකොට මොන වගේ ද.. ඔය ඔක්කොම අපි හිතනවා.

ඒ නිසා අලුතෙන් දාපු තැනක් නං විශේෂයෙන් ම ඕගොල්ලන්ගෙ චෙෆ් හැම වෙලේ ම කිචන් එකේ ඉන්න බවට වග බලාගන්න. මොකද ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක අවුල් වුණොත් ආයෙ කස්ටමර්ස්ලා පැත්ත පළාතෙ එන්නෙ නැති වෙන්න ඉඩ තියනව නෙ. කාලෙත් එක්ක ටික ටික කිචන් එකේ අනෙක් ස්ටාෆ් එක ට්‍රේන් කරගන්න පුළුවන් වෙයි. හැබැයි පටන්ගද්දි ම නං චෙෆ් කුස්සියේ ඉන්න එක වැදගත්.

2 ගණන්

කෑමබීමවල ගණන් වැඩි වුණාට කමක් නැහැ. හැබැයි ඒකට හේතුවක් තියෙන්න ඕනෙ. මේ කියන්නෙ පෝෂන් සයිස් එක ලොකු වෙන්න ඕනෙ කියන එක ම නෙමෙයි. ඒ කෑම එකේ ඒ ගාණට හරි යන විදිහේ, අනෙක් කෑමවල නැති මොකක් හරි විශේෂත්වයක් තියෙන්න ඕනෙ. එහෙම විශේෂත්වයකුත් නැත්තං, හැබැයි ගාණත් වැඩියි නං, ඇත්තට ම පෝෂන් සයිස් එකවත් ලොකු වෙන්න ඕනෙ ඉතින් අඩු ගාණේ.

3 තැන

ගෙදර උයාගෙන කන්න පුළුවන්කම තියෙද්දි, මිනිස්සු රෙස්ටොරන්ට් එකකට ගිහින් කෑම කන හේතුව මොකක්ද? ‘ඩයිනිං අවුට්’ කියල සංකල්පයක් ලෝකෙ තියෙන්නෙ මොකටද? ඇත්තට ම ‘ එළියෙන් කනවා’ කියන්නෙ, කන එක ඔහේ කරන්නන් වාලේ කරනවා වෙනුවට, ඒ වෙනුවෙන් වෙලාවක් වෙන් කරලා, ඒ වෙනුවෙන් ම සූදානම් වෙලා, තව කැමති කෙනෙක් හෝ කීප දෙනෙක් එකතු කරගෙන, හැමෝගෙම කැමැත්තට හරි යන කෑම ජාති ඕඩර් කරලා, කතාබහ කරමින් සතුටු වෙමින් ඕනෑකමින් කනවා කියන එකයි. ඒක ගෙදර කෑම මේසෙ වටේට හෝ ටීවී එක ඉස්සරහ වාඩි වෙලා පුරුද්දට කනවට වඩා වෙනස් අත්දැකීමක්. ඒ වෙනසට හරි යන තැන සහ වටපිටාව ඕගොල්ලන්ගෙ රෙස්ටොරන්ට් එකට එන කස්ටමර්ට ලැබෙනවා ද කියලා සැලකිලිමත් වෙන්න ඕනෙ.

ඉතින් අපිත් රෙස්ටොරන්ට් එකකට ගියාම විශේෂයෙන් බලන දේවල් කීපයක් තියනවා. ඒ ප්ලේස් එකේ වයිබ් එක මොන වගේ ද, පිරිසිදුකම සහ පිළිවෙළ කොහොමද වගේ දේවල්. විශේෂයෙන් ඕපන් කිචන් එකක් තියනව නං කෑමබීම පිළියෙල වෙන විදිහ ඕන කෙනෙකුට බලාගන්න පුළුවනි. ඒ වගේ ම වඩා හොඳ සේවාවක් සපයන්න කැමති නං පාරිභෝගිකයන්ට පිරිසිදුවට වොෂ්රූම් එහෙමත් ඇරේන්ජ් කරන්න ඕගොල්ලන්ට පුළුවන්.

4 සර්විස් එක

ඕං අපි ගිහින් රෙස්ටොරන්ට් එකේ වාඩි වෙනවා කියමුකො. මෙනු එක දිහා බලලා මොනවද ගන්නෙ කියල හිතාගන්න බැරි තැන, අපි ළඟ හිටගෙන ඕඩර් එක බාරගන්න බලන් ඉන්න කෙනාගෙන් අපි අහනව මොනවද හොඳ, ඔයා මොනවද අපිට රෙකමන්ඩ් කරන්නෙ කියල. එතකොට එක පාරට එයා අන්දුන් කුන්දුන් වුණොත් අපි මොකද කරන්නෙ?

යම්කිසි තැනක් රිවීව් කරද්දි සර්විස් එක ගැන අපි සෑහෙන සැලකිලිමත්. විශේෂයෙන් ස්ටාෆ් එකේ අය රෙස්ටොරන්ට් එකේ හදන කෑමබීම ගැන දැනුවත් ව සිටීම අත්‍යවශ්‍යයි. ඔයාගෙ ස්ටාෆ් එක රෙස්ටොරන්ට් එකේ කෑමබීම හදන විදිහ දැකලා තියනවා නං සහ, ඒ කෑමබීම කාල බීලා තියනවා නං වඩාත් හොඳයි. මොකද එතකොට එයාල පාරිභෝගිකයන්ට සපයන කෑමබීමවල පෙනුම, රස සහ හදන විදිහ ගැන එයාලට හරි අදහසක් එනවා. 

ඒ වගේ ම කස්ටමර් ඕඩර් කරපු කෑමබීමවලට ගැළපෙන පිඟන් කෝප්ප, හැඳි ගෑරුප්පු සහ අනෙකුත් අවශ්‍ය බඩුමුට්ටු සපයන්න ස්ටාෆ් එකට දැනුම තියෙන්න ඕනෙ. අනෙක් කාරණේ තමයි ඔවුන් පාරිභෝගිකයන් එක්ක ගනුදෙනු කරද්දි කතාබහ කරද්දි සුහදයි ද, මිත්‍රශීලීයි ද, හැමෝටම එක වගේ සලකනවද කියන එක. කස්ටමර් වැඩිපුර ටිෂූ එකක් ඉල්ලුවත් ‘මොන කරදරයක් ද මන්දා’ වගේ මූණ බෙරි කරගත්ත, නැත්තං ඔරවගත්ත ස්ටාෆ් එකක් ඉන්නව නං, අපිට එන ඉම්ප්‍රෙෂන් එක එච්චර හොඳ වෙන්න විදිහක් නෑනෙ. 

5 මෙනු එක

රෙස්ටොරන්ට් එකකට ගිහින් මෙනු එක අතට අරං බැලුවම අපි ෆුල් හොල්මන් වෙන අවස්ථා එනවා. මොකද කෑම ජාති 50කටත් වැඩිය තියන තැන් තියනවා. අහල බැලුවම ජාති ඔක්කොම අවේලබල්. ඔය හැම එකකට ම අවශ්‍ය අමුද්‍රව්‍ය මේගොල්ලන් ළඟ තියනවද, තියනව නං ඒ ඔක්කොම ජාති ෆ්‍රෙෂ් අමුද්‍රව්‍ය වෙන්න පුළුවන් ද, එක චෙෆ් කෙනෙක් දෙන්නෙක් මේ ඔක්කොම ජාති හදන්න දන්නවද, ඒගොල්ලන්ට ඒකට වෙලාව තියනවද.. ඔන්න ඔය වගේ ප්‍රශ්න එතකොට අපිට එනවා.

හොඳ රිවීව් එකක් ගන්න මෙනු එකේ ජාති සීයක් විතර තියෙන්නවත්, ඒ ඔක්කොම අවේලබල් වෙන්නවත් ඕනෙ නෑ. ඕගොල්ලන්ට හොඳට ම පිළියෙල කරන්න පුළුවන් එක කෑමක්, දෙකක්, තුනක් තියනව නං, ඒවට සීමා වෙන්න. දොඩං ගොඩ බදාගත්ත වගේ, අපිට මේකත් පුළුවන්, අපි ළඟ මේවත් තියනව කියල තරග කරන්න නොයා, තමන්ට හොඳින් ම පුළුවන් දේ විතරක් තෝරගන්න. එතකොට ඒ ගැන වැඩිපුර ෆෝකස් කරන්න සහ වඩා හොඳින් අවධානය දෙන්න වෙලාව හම්බ වෙයි. 

සැ.යු.

අන් මත ඉවසීම!

අපේ රිවීව් එක ගැන අවන්හලේ ඈයෝ සතුටු නැති අවස්ථා එන්න පුළුවන්. හැබැයි එහෙම රිවීව් එකක් ලියන්න අපිට සිද්ධ වුණේ, ඕගොල්ලන්ගෙ තැන ගැන අපි සතුටු නැති නිසා. අපි රෙස්ටොරන්ට් එකක් රේට් කරන්නෙ සහ, කෑමබීම, තැන සහ සර්විස් එක ගැන අපේ අදහස් පළ කරන්නෙ, අපිට එතැනින් හම්බුණ අත්දැකීමට අනුව. සමහර විට අපි එතැනට ගිය දවස ඕගොල්ලන්ගෙ කුස්සියට ඒ තරං හොඳ දවසක් නෙමෙයි වෙන්න පුළුවන්. අපි දන්නෑනෙ ඒක!

ඒ නිසා රිවීව් එකක් හොඳ නෑ කියල අපිව මරන්න හදන්න එපා ඕං. අපි කියන්නෙ අපේ අදහස. අපේ අදහස වැරදියි නං, ඒ බව ක්‍රියාවෙන් ම ඔප්පු කරන්න ඕන නං ඕගොල්ලන්ට පුළුවන්. ඊළඟ පාර අපි රිවීව් කරද්දි තව හොඳ අතට හැම දේ ම වැඩි දියුණු කරගෙන, අඩුපාඩු හදාගෙන, අපි මේ උඩ කියපු කරුණු ගැනත් සැලකිල්ලෙන් වැඩ කටයුතු කරනවා නං… අන්න ඒක තමයි හොඳ රිවීව් එකකට යන පාර!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide