සිල්ලර බඩු ගෙදරටම ගෙන්නගන්න හොඳම ක්‍රමය ‘ප්‍රොවිඩෝ’! මෙන්න ඒකට හේතු...

ගිය අවුරුද්දේ කොවිඩ්-19 වසංගතය ව්‍යාප්ත වෙන්න පටන්ගත්ත කාලේ, අපි සුපිරි වෙළෙඳසල්වල පොර කන එක නවත්තලා සිල්ලර බඩු ගෙදරට ඩිලිවර් කරන ක්‍රම ගැන වැඩිපුර හොයන්න පටන්ගත්තා. කඩේ ගිහින් බඩුමුට්ටු අරං එන එක ගැන අපේ හිතේ එතෙක් තිබුණ චිත්‍රය වෙනස් වෙනවත් එක්ක ම, ‘ඔන්ලයින් ෂොපිං’ ශීඝ්‍ර දියුණුවක් අත් කරගන්නවා දකින්න ලැබුණා. 

වෙළෙඳසලකට ගිහින් කල් වේලා ගත කර කර, තෝර තෝර පෝලිමේ ඉඳන් බඩු ගන්නවට වඩා, ඔන්ලයින් ඕඩර් කරලා ගෙදරට ම බඩු ගෙන්නගන්න ක්‍රමේට පෞද්ගලිකව මමත් කැමතියි. අනෙක් කාරණය තමයි දැන් ඔන්ලයින් ඩිලිවරි, එක වෙළෙඳසලකට / වෙබ්සයිට් එකකට / ඇප් එකකට විතරක් සීමා වෙලා නෑ. තෝරගන්න ඔප්ෂන්ස් ගොඩක් තියනවා.

ප්‍රොවිඩෝ ආරම්භ කළේ කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන සහ තවත් විවිධ ක්ෂේත්‍රවල නියැළිලා ඉන්න තිදෙනෙක්. විශ්වසනීය සැපයුම්කරුවන්ගේ තෝරාගත් එකතුවකින් එන ගුණාත්මක නිෂ්පාදන තමයි ප්‍රොවිඩෝ එකේ තියෙන්නෙ. ප්‍රොවිඩෝ මේ නිෂ්පාදන ඉතා ම සෞඛ්‍යාරක්ෂිත ව ඔබේ ගෙදරට ම ගෙනල්ලත් දෙනවා. තාක්ෂණය සහ ව්‍යාපාරය යන දෙක ම සම්බන්ධ කරගෙන, උපරිම වශයෙන් ක්‍රියාත්මක වෙන අපේ රටේ තියන ඊ කොමර්ස් වෙබ් අඩවි කීපයෙන් එකක් තමයි ප්‍රොවිඩෝ. www.providore.shop ඔස්සේ ඊට පිවිසෙන්න පුළුවන්.

ඉතා ම සතුටුදායක පාරිභෝගික සේවාවක් සපයන නිසා වගේ ම, තවත් හේතු ගණනාවක් නිසා ප්‍රොවිඩෝ කැපී පේනවා. මේ තියෙන්නේ ඔබ ප්‍රොවිඩෝ මඟින් සිල්ලර බඩු ගෙන්නගත යුත්තේ ඇයි කියන එකට, හේතු 9ක්.

තෝරාගැනීම් රැසක් 

අපි දැකල තියන ලොකු ම ග්‍රොසරි බඩු එකතුවක් ප්‍රොවිඩෝ එකේ තියෙනවා. අලුත් ම අලුත් එළවළු පලතුරු වගේ ම, කරි හදන්න, ග්‍රිල් කරන්න, මේ ඕන දේකට ගැළපෙන විදිහට චිකන්, බීෆ්, මට්න්, පෝක්, ලෑම්බ්, ඩක්, කල් තබාගන්නා මස් සහ සොසේජස් ආදී විවිධාකාර වූ මස් සහ සීෆුඩ් වර්ග රාශියකුත් ප්‍රොවිඩෝ ග්‍රොසරි එකතුවේ තියනවා.

දේශීය සහ ආනයනික චීස් මිලට ගන්නත් මෙතන පහසුකම් තියනවා. ඒ විතරක් නෙවෙයි. කිරි පිටි, UHT, ලැක්ටෝස් රහිත කිරි, රස කළ කිරි, යෝගට්, බටර් සහ තැවරුම් ආදී කිරි ආහාර වර්ග ගණනාවකුත් මෙතන තියනවා.

බේකරි නිෂ්පාදන ගැන කිව්වොත්, අපි කඩෙන් ගන්න පාන්වල ඉඳන් මල්ටි සීඩ් බ්‍රවුන් බ්‍රෙඩ් දක්වා බේකරි නිෂ්පාදන එකතුවක් මෙතනින් හොයාගන්න පුළුවන්. මේවයේ ගුණාත්මක බව සහ අලුත් බව තහවුරු වෙන්න ඕන නිසා, පාරිභෝගිකයන්ගෙන් ඇණවුම් ලැබෙන විට තමයි අලුතෙන් ම බේක් කරලා ඔවුන්ට සපයන්නේ.

ප්‍රොවිඩෝ එකේ කෑමබීම කබඩ් එක දිහාවට හැරුණොත්, බ්‍රෙක්ෆස්ට් සීරියල්, විවිධ බීම වර්ග, රසකැවිලි, ඇට වර්ග, ස්නැක්ස්, සෝස්, ආහාර රස කරන අඩුමකුඩුම, කුළුබඩු, බේක් කරන්න අවශ්‍ය අමුද්‍රව්‍ය, නූඩ්ල්ස්, පැස්ටා, තෙල් වර්ග, කෑන් කරපු සහ බෝතල් කරපු කෑම වර්ග, බිස්කට්, තේ, කෝපි සහ සහල්, කඩල වැනි ධාන්‍ය වර්ගත් තියනවා දකින්න පුළුවන්. 

ගෘහ අංශයෙන් ඔබට හොයාගන්න පුළුවන් වේවි සේදීම්කාරක සහ පිරිසිදුකාරක ද්‍රව්‍ය, පෞද්ගලික සනීපාරක්ෂක ද්‍රව්‍ය, හෑන්ඩ්වොෂ්, සැනිටයිසර් වගේ ම මැගසින් එහෙමත්.

මේ ඔක්කොම වෙබ් අඩවියේ වෙන වෙන ම අදාළ කොටස්වලට වෙන් කරලා තියන නිසා හොයාගන්න හරි ම පහසුයි. ඒ වගේ ම දේශීය, ආනයනික දෙවර්ගයේ ම නිෂ්පාදනත් මීට ඇතුළත් නිසා තෝරගන්න ඕන තරම් ඔප්ෂන්ස් තියනවා.

ඩිලිවරි ෂෙඩුල් කිරීමේ හැකියාව 

ඔබේ කාර්යබහුල ජීවන රටාවට ගැළපෙන විදිහට ඩිලිවරි එකට වෙලාවක් නියම කරන්න ප්‍රොවිඩෝ මඟින් ඔබට හැකියි. උදෑසන 8.00 ඉඳන් රාත්‍රී 8.00 දක්වා කාලය ඇතුළත ඕනෑ ම වෙලාවක් මේ සඳහා ඔබට ලබා දිය හැකියි. ඒ වගේ ම මේ වෙලාව සති හතරකට පෙර සිට වෙන් කරවාගැනීමේ හැකියාව ඔවුන් ලබා දෙනවා.

ඔවුන් ළඟ ඩිලිවර් කරන වෙලාවල් රාශියක් තියන නිසා, ඒ අතරින් ඔබට පහසු වෙලාවේ ඔබේ ඇණවුම ගෙන්වාගන්න ඒ අනුව පුළුවන්. ඔබ සූම් කෝල් එකක කාර්යබහුල වෙලා ඉන්න අතරෙ ඩිලිවරි එක ගෙදරට ආවොත්? අන්න ඒ වගේ හදිසි කලබල වළක්වා ගන්න මේක හොඳ ම ක්‍රමයක්.

කුඩා පරිමාණ නිෂ්පාදන රැසක්

ප්‍රොවිඩෝ සම්බන්ධයෙන් මගේ ප්‍රියතම කොටස තමයි මෙන්න මේක. මේ ලිපිය ලියන්න කලින් මං පැය කීපයක් මේ ඔන්ලයින් ස්ටෝර් එකේ සැරිසැරුවා නේ. එතකොට මෙයාල ළඟ තියන කුඩා පරිමාණ නිෂ්පාදන ගොඩ දැකලා සෑහෙන විස්මයට පත් වුණා කිව්වොත් හරි.

උදාහරණයක් විදිහට, මෙයාලගේ ශීත කළ ආහාර කොටසේ තියන අයිස්ක්‍රීම් සෙක්ෂන් එක දිහා බලන්න. සුපුරුදු වෙළෙඳ නාම අතරෙ ම, Isle of Gelato එකේ නිෂ්පාදන, Frozen සහ King Cone Ice Cream ² එකේ නිෂ්පාදන එහෙමත් ඇතුළත් කරන්න මේ අය කටයුතු කරලා තියනවා. සාමාන්‍යයෙන් සුපිරි වෙළෙඳසලකට ගියත් මේ විදිහේ කුඩා පරිමාණ නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන හොයාගන්න අපහසුයි.

පරිභෝජනය සඳහා සූදානම් ආහාර, කේක් සහ Cafe Kumbuk, The Cake Factory, Ceylan Creperie සහ Skrumptious වැනි ඔබේ ප්‍රියතම කැෆේ සහ රෙස්ටොරන්ට්වල ආහාරත් මේ අතරතුරේ හොයාගන්න පුළුවන්.

මෙවැනි කාලයක කුඩා ව්‍යාපාරවලට, වෙළෙන්දන්ට සහ නිෂ්පාදකයන්ට අතහිත දීම ඉතා ම වැදගත් දෙයක්. මේ කර්තව්‍යය සඳහා ‘ද ආටිසන් ප්‍රෝග්‍රෑම්’ නම් විශේෂ වැඩසටහනක් ප්‍රොවිඩෝ විසින් හඳුන්වා දෙනු ලැබුවා. මේ ගැන වැඩි විස්තර ඔවුන්ගේ වෙබ් අඩවියෙන්, 0774074074 දුරකතන අංකයෙන් වගේ ම customerservice@providore.shop ඊමේල් ලිපිනයෙනුත් දැනගන්න පුළුවන්.

සෞඛ්‍යාරක්‍ෂිත ඩිලිවරි සේවාව 

කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනයට අවශ්‍ය දැඩි සෞඛ්‍ය පිළිවෙත් ප්‍රොවිඩෝ විසින් අනුගමනය කෙරෙනවා. එහි සේවකයන්, පාර්ශ්වකරුවන්, සැපයුම්කරුවන් මෙන් ම තුන් වැනි පාර්ශ්වයන් ද මෙම සෑම සෞඛ්‍ය පියවරක් ම අනුගමනය කරනවා. විෂබීජහරණය, සමාජ දූරස්ථකරණය, පරීක්ෂණ සඳහා සහාය වීමට දත්ත එක්රැස් කිරීම, අනිවාර්යයෙන් මුඛ ආවරණ සහ අත් ආවරණ පැළඳීම වැනි සෞඛ්‍ය පියවර, ඩිලිවර් කිරීමේ ක්‍රියාවලිය සිදු වන සම්පූර්ණ කාලය ඇතුළත ම ඔවුන් පිළිපදිනවා. තවදුරටත් අවශ්‍ය වූ ඕනෑ ම විටෙක සෞඛ්‍ය පියවර යාවත්කාලීන කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට ප්‍රොවිඩෝ අඛණ්ඩ ව නිරීක්ෂණ සිදු කරනවා. 

ගුණාත්මක ව උසස් දේ

කුඩා පරිමාණ නිෂ්පාදන හෝ විශාල වෙළෙඳ නාම හෝ මේ ඕනෑ ම සැපයුම්කරුවෙකුගේ  නිෂ්පාදනවල අඛණ්ඩතාව, විශ්වසනීය බව සහ ගුණාත්මක භාවය සහතික කරගන්න, ප්‍රොවිඩෝ නොකඩවා නිරීක්ෂණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරනවා. මේ නිෂ්පාදන, පාරිභෝගිකයාගේ අපේක්ෂාවන් සහ ඔහු විසින් ඉල්ලුම් කරන ලද ගුණාත්මක භාවයට අනුකූලයි ද යන්න එයින් තහවුරු කෙරෙනවා. භාණ්ඩ ඔවුන් අතට පත් වූ මොහොතේ සිට ඒවා නිවැරදි ව හැසිරවීම, ගබඩා කිරීම සහ පසුව නිවෙස්වලට පිටත් කර හැරීම දක්වා භාණ්ඩ ප්‍රවේශම් කිරීමට ඔවුන් වැඩිපුර අවධානයක් යොමු කරනවා. 

ප්‍රදේශ රැසක් ආවරණය කරන ඩිලිවරි සේවාව

ප්‍රොවිඩෝ කොළඹ සහ ඒ අවට ප්‍රදේශ රාශියකට සිය ඩිලිවරි සේවාව සපයනවා. කොළඹ 1 – 15, දෙහිවල, කොහුවල, අත්තිඩිය, කළුබෝවිල, ගල්කිස්ස, මොරටුව, නාවල, නුගේගොඩ, රාජගිරිය, කෝට්ටේ, බත්තරමුල්ල, තලවතුගොඩ, පැලවත්ත, කොස්වත්ත, හෝකන්දර, මාලබේ, මහරගම, බොරලැස්ගමුව, රත්මලාන, කොටිකාවත්ත, වැල්ලම්පිටිය, කැලණිය, කඩුවෙල, කිරිබත්ගොඩ ඇතුළු ප්‍රදේශ රැසක් ඊට අයත්.

ඉක්මන් ඩිලිවරි සේවාව 

ප්‍රොවිඩෝ එකෙන් බඩු ඕඩර් කළාම පැය 2ක් ඇතුළත බඩු ටික ළඟට ම ගෙන්නගන්න පුළුවන් බව ඔබ දැනගෙන හිටියද?

ඔව්! ප්‍රොවිඩෝ එක්ස්ප්‍රස් ඩිලිවරි සේවාව ඔස්සේ ඇණවුම ලබා දීමෙන් පැය 2ක් ඇතුළත භාණ්ඩ ඩිලිවර් කරගන්න ඔබට පුළුවන්. හැමදාම උදෑසන 9.00 ඉඳන් හවස 6.00 දක්වා මෙවැනි එක් දින ඩිලිවරි ඇණවුම් භාර ගැනෙනවා. හැබැයි ඔබ ඇණවුම ලබා දෙන්නේ හවස 6.00න් පසුව නම් එය ඊළඟ දිනයේ ඔබට ඩිලිවර් කෙරෙනවා. හැබැයි ඉක්මනින් නරක් වන සුලු ද්‍රව්‍ය සඳහා මේ එක්ස්ප්‍රස් ඩිලිවරි සේවාව ලබා ගත නොහැකියි.

පහසු ගෙවීම් ක්‍රම 

ඔබේ පහසුව පිණිස ඔන්ලයින් ගෙවීම්, කෑෂ් ඔන් ඩිලිවරි, කාඩ් ඔන් ඩිලිවරි.. මේ ක්‍රම සියල්ල ම ප්‍රොවිඩෝ එකෙන් භාර ගන්නවා. 

විශේෂ වට්ටම්

දේශීය බැංකු සමග අත්වැල් බැඳගෙන පාරිභෝගිකයන්ට විශේෂ වට්ටම් රැසක් ලබා දීලා, මේ අමාරු කාලේ ඔබේ වියදම් අඩු කරන්න ප්‍රොවිඩෝ සූදානමින් ඉන්නවා. මේ මොහොතේ NDB ක්‍රෙඩිට් කාඩ් සඳහා 25%ක වට්ටමක්, HSBC ක්‍රෙඩිට් කාඩ් සඳහා 15%ක වට්ටමක්, ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකු ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ් හිමි ප්‍රමුඛ පාරිභෝගිකයන් සඳහා 15%ක වට්ටමක් සහ අනෙකුත් පාරිභෝගිකයන් සඳහා 10%ක වට්ටමකුත් ඔවුන් ලබා දෙනවා. ඒ වගේ ම ඔබේ එදිනෙදා නිෂ්පාදන සඳහා ඔවුන් ෆ්ලෑෂ් ඩීල්ස් එහෙමත් ලබා දෙනවා. ඒ ගැන දැනගන්න මෙතන ක්ලික් කරන්න.

පරිශීලකයන්ට හිතකාමී මුහුණත 

ඔවුන්ගේ වෙබ් අඩවිය පිරිසිදුයි, පිළිවෙළයි, සරලයි. ඇහැට හරි ම ප්‍රියමනාප නිසා වගේ ම ඇණවුම් කරන ක්‍රමවේදය සංකීර්ණ නැති නිසා වැඩි වැඩියෙන් ඔවුන් එක්ක ෂොපිං කරන්න හිතෙනවා.

ඒ වගේ ම providore.shop ඇප් එක ඇපල් ස්ටෝර් සහ ප්ලේ ස්ටෝර් දෙකේ ම තියනවා. ඇප් එකෙන් ඔබ ලබා දෙන පළමු වැනි ඇණවුම සඳහා ඔබට 15%ක විශේෂ වට්ටමක් ලබා දෙන්නත් ඔවුන් කටයුතු සලසලා තියනවා. චෙකවුට් එකේ දි APP15 යන යෙදුම ලබා දෙන්න විතරයි තියෙන්නෙ.

ඒ විතරකුත් නෙමෙයි. මේ අය ළඟ ‘My Shopping List’ නම් අපූරු විශේෂාංගයක් තියනවා. ඔබට නිතර නිතර එදිනෙදා අවශ්‍ය වෙන සිල්ලර බඩු සටහන් කරලා සේව් කරගන්න එයින් පුළුවන්. එතකොට ඔබ ඇණවුම ලබා දෙද්දී ඒවා එකතු කරගන්න ලේසියි. ඔබට අවශ්‍ය ප්‍රමාණය සටහන් කරලා ඕඩර් ක්ලික් කරන්න විතරයි ඕනෑ. ඉතින් මේ  ‘My Shopping List’ විශේෂාංගය නිසා ඔබට එදිනෙදාට අවශ්‍ය භාණ්ඩ ඇණවුම් කරන්න ගත වෙන්නේ විනාඩි 10කටත් අඩු කාලයක්. 

වැඩි විස්තර සඳහා මෙතන ක්ලික් කරන්න.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

What is the DINIDU Lanka Pendant & Is It Sri Lanka’s Most Recognisable Modern Jewellery Icon?

Few gold pendants crafted in Sri Lanka carry the weight of identity quite like the DINIDU Lanka Pendant. Shaped after

Highlights Trending

Radisson Hotel Kandy Welcomes Global Travel Influencers to Showcase Sri Lanka’s Hill Capital and Island Experiences

Radisson Hotel Kandy recently welcomed a group of eight global travel and lifestyle influencers as

Highlights Trending

A Taste of the Swiss Alps comes to Colombo

High in the Swiss Alps, where mountain landscapes shape both life and cuisine, Chef Heinz

Highlights Trending

Sheraton Colombo Unveils a New Chapter for Ceylon Bake Shop with a Fresh Home in the Hotel Lobby

Sheraton Colombo Hotel is delighted to announce the relocation of its beloved Ceylon Bake Shop

Highlights Trending

ITC Ratnadipa Introduces Rūhāniyat, an Indian Heritage Dining Experience, Available Until 16 August

ITC Ratnadipa introduces Rūhāniyat, an Indian heritage dining experience that invites diners to discover the

Highlights Trending

Anantara Peace Haven Tangalle Resort Introduces Panoramic Ocean View Rooms, Elevating Luxury on Sri Lanka’s Southern Coast

Set along Sri Lanka’s southern shores, Anantara Peace Haven Tangalle Resort announces the introduction of

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide