2021 ජූලි මාසේ අපට හමු වුණ.. රසම කෑම තියන හොඳම තැන් 5.

පහු වුණ ජූලි මාසෙ අලුත් රෙස්ටොරන්ට් / ක්ලවුඩ් කිචන් කීපයක් ම අපිට හමු වුණා. මේ තියෙන්නේ ඒ අතරින් වඩාත් ම අපේ සිත් ගත් තැන් 5.

Ristorante Via Torino

Gourmet අමුද්‍රව්‍ය ගන්න කොළඹ තියන හොඳ ම තැනක් වෙන LUXE Colombo එක දැන් පිට්සාවලටත් නමක් දිනාගෙන ඔන්න. Restorante Via Torino කියන මේ රෙස්ටොරන්ට් එකෙන්, ඉතාලියෙන් ම ආපු ඔරිජිනල් අමුද්‍රව්‍ය පාවිච්චි කරලා හදන රස ම රස තින් ක්‍රස්ට් පිට්සා ලබා ගන්න පුළුවන්. 

මේගොල්ලන්ගෙ Diavola පිට්සා නමින් හැඳින්වෙන පෙපරෝනි පිට්සා එකයි, ඉතාලි තක්කාලි, මොසරැල්ලා, ෆ්‍රෙන්ච් චීස්, ස්පැනිෂ් සොසේජස්, වර්ජින් ඔලිව් තෙල් එහෙම පාවිච්චි කරලා සකස් කරන Cugine එකයි අපි හොඳට ම රස වින්දා. 

ඕඩර් කරන්න 0761336675 අංකයට වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න. මෙනු එක ඒ අයගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවෙන් බලා ගන්න පුළුවන්. කොළඹ සහ ඒ අවටට ඩිලිවරි නොමිලේ.

Miris By Island Mom

ඔයාගෙ සාමාන්‍ය කෑම වේලට අලුත් සැරක් එකතු කර ගන්න කැමති ද? එහෙම නං මේගොල්ලන්ගෙ නිෂ්පාදන ට්‍රයි කරල බලන්න. කවුරුත් දන්න නයි මිරිස්වලින් එක එක වැඩ දාන හෝම් බේස්ඩ් තැනක් මේක. අලුත් ම අලුත් නයි මිරිස්වලින් හොට් සෝස්, ජෑම් වගේ දේවල් සකස් කරලා ඔයාගෙ ගෙදරට ම ගෙනත් දෙන්න ඒගොල්ලො ලෑස්තියි.

අපි ජෑම් එකකුයි හොට් සෝස් දෙකකුයි ඕඩර් කළා. චිලි ජෑම්, ලෙවල් එක්ස්ට්‍රීම් හොට් සෝස් සහ ලෙවල් ඩයිනමයිට් හොට් සෝස්. අපේ වැඩිපුර හිත ගියේ චිලි ජෑම් එකට. මොකද ඒකෙ සැරයි, පැණි රසයි, ඇඹුල් රසයි ගාණට බැලන්ස් වෙලා, ඒකට කූනිස්සන්ගෙන් ආපු ලුනු ගතියකුත් එකතු වෙලා තිබුණා. හොට් සෝස් දෙක ඩිප් එකක් විදිහටයි, මැරිනේට් කරන්න, උයන්න හොඳ අමුද්‍රව්‍යයක් විදිහටයි පාවිච්චි කරන්න පුළුවන්. 

ඒගොල්ලන්ගේ ඉන්ස්ටග්‍රෑම් පිටුව @naimiris_addict එකට ගිහින් වැඩි විස්තර බලා ගන්න පුළුවන්. ස්ටෝරි හයිලයිට්ස්වල ප්‍රඩක්ට් ලිස්ට් එක තියනවා. ඔයාගෙ නම, දුරකතන අංකය, ලිපිනය සහ කැමති ගෙවීම් ක්‍රමය (බෑන්ක් ට්‍රාන්සර් / කෑෂ් ඔන් ඩිලිවරි) එක්ක ඕඩර් එක ප්ලේස් කරන්න. ඒගොල්ලො ඔයාට අවශ්‍ය දේ ගෙදරට ම ගෙනත් දෙනවා.

Kremèux

මෙතන තියෙන්නේ බෝතල් කරපු අලුත් ම අලුත් හෝම් මේඩ් ක්‍රීම් චීස්. විශේෂත්වය වෙන්නේ මේගොල්ලො ළඟ විවිධ රස රැසකින් ගන්න පුළුවන් ක්‍රීම් චීස් තියන එක. චීස් කේක් හදද්දි වුණත්, ඩිප් එකක් විදිහට වුණත්, පාන්වල/ බිස්කට්වල ගාගෙන කන්න වුණත් මරු.

දැනට ඔරිජිනල්, කාරමිරිස්, ක්‍රස්ටි ක්‍රැබ්, ගාලික් ඇන්ඩ් හර්බ් සහ චොක්ලට් කියන ෆ්ලේවර්ස් 5 මෙතන තියනවා. මේ සේරම 125g, 200g සහ 500g බෝතල්වලින් ලබා ගන්න පුළුවන්. මේවයෙ තියන රසට අමතර ව අපි කැමති ම දේ තමයි, ඒගොල්ලො කල් තබා ගැනීමේ ද්‍රව්‍ය හෝ වෙනත් කෘත්‍රිම රසකාරක මේවට එකතු කරන්නෙ නැති එක.

මේ අය කොළඹ 1 – 15 දක්වා ප්‍රදේශවලට සහ ඒ අවටට ඩිලිවරි සේවාව සපයනවා. ඕඩර් එක පිකප් කරන්න කැමති නං වැල්ලවත්තෙන් පිකප් කරන්න පුළුවන්. ඉන්ස්ටග්‍රෑම් මැසේජ් එකකින් ඇණවුම ලබා දෙන්න. ඒගොල්ලො බෑන්ක් ට්‍රාන්සර් සහ කෑෂ් ඔන් ඩිලිවරි ක්‍රම දෙකෙන් ම ගෙවීම් බාර ගන්නවා.

Taste of Taprobane

නමේ හැටියට ම මෙතන තියෙන්නේ ලංකාවේ අපි කැමති ම රස කෑමක් වෙන බැදුම් බෝතල් කරලා. අපිට ආරංචි විදිහට ඒගොල්ලො පවුලේ රෙසිපියකින් තමයි මේවා හදන්නේ. ඒ නිසා ම මේ බැදුම්වල තියෙනවා හොඳ හෝම් මේඩ් ගතියක් සහ රසක්.

අපි බැදුම් ජාති තුනක් ට්‍රයි කළා. කෙසෙල් මුව බැදුම, ඉස්සො බැදුම සහ හාල්මැස්සෝ බැදුම. ඇත්තට ම මේවා අපි හිතුවටත් වඩා ගොඩක් රසයි. කෙසෙල් මුව බැදුමේ පුංචි පුංචි උම්බලකඩ කෑලි ගොඩක් තිබුණා. ඉස්සො බැදුම සහ හාල්මැස්සෝ බැදුමත් ඊට දෙවෙනි නෑ. හොඳ ඉස්සො, හාල්මැස්සෝ රස මේ දෙකෙන් ම දැනුණා.

ටේස්ට් ඔෆ් තැප්‍රෝබේන් එකේ නිෂ්පාදන මාස හයක් දක්වා කල් තියා ගන්න පුළුවන්. ඒ වගේ ම කුස්සියෙ කලබල දවසට කෑම වේලට හදිස්සියෙ එකතු කරගත හැකි හොඳ උපකාරකයක් මේක. ඒ වගේ ම විශේෂයෙන් අගය කරන්න ඕන දෙයක් තියනවා. ඒ තමයි මේ බැදුම්වලට අනවශ්‍ය තරම් තෙල් ගතියක් හෝ කල් තබා ගැනීමේ ද්‍රව්‍ය හෝ වෙනත් කෘත්‍රිම රසකාරක හෝ එකතු කරලා නැති වීම.

ඇණවුමක් ලබා දෙනවා නම් ඔවුන්ගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවට මැසේජයක් දාන්න. ඒගොල්ලො නිතර ඉන්ස්ටග්‍රෑම් එකේ ඇක්ටිව් නිසා ඔයාගෙ ඕඩර් එක ඉක්මනින් තහවුරු කරයි. බෑන්ක් ට්‍රාන්සර්වලින් ගෙවීම් කරන්න පුළුවන්. එහෙම නැත්තං 0765321002 අංකයෙන් වට්ස්ඇප් හරහාත් ඕඩර්ස් ලබා දෙන්න හැකියි.

Better Butter Bakery

බෙටර් බටර් බේකරි කියන්නෙ ඩිලිවරි බේස්ඩ් හෝම් බේකර් කෙනෙක්. මිලෙන් අඩු, ගුණාත්මක බවින් වැඩි, රස අතුරුපසක් ගෙන්නගන්න දැනට තියන හොඳ ම තැනක් තමයි මෙතන. කලින් දැනුම් දීමකින් තොර ව එවෙලේ ම ඕඩර් කරන්න පුළුවන් ෆුල් කේක් සහ බ්‍රවුනි ස්ලැබ්ස් එහෙමත් මේගොල්ලො ළඟ තියනවා. ඉතින් පාරිභෝගිකයන්ට ඒක හරි ම පහසුවක්. මේ මොහොතේ කොළඹ අවට බෙටර් බටර් බේකරි එකේ ශාඛා හතරක් තියනවා. ඒ බත්තරමුල්ල, රත්මලාන, මහරගම සහ ඇඹුල්දෙණිය කියන ප්‍රදේශවල. 

මෙතනින් ඕඩර් කරනකොට මතක ඇතිව මේඩ් ඉන් හෙවන් බ්‍රවුනීස් ට්‍රයි කරන්න. ඇත්තට ම මේවා දන්නෙම නැතුව ඔක්කොම කැවෙනවා. ඒ වගේ ම Tres leches වලට එහෙමත් දැනට කොළඹ තියන හොඳ ම තැනක් මේ.

ඉන්ස්ටග්‍රෑම් මැසේජ් එකකින් හරි, 0771565898 අංකයට ඇමතුමක් දීමෙන් හරි ඕඩර්ස් ලබා දෙන්න සහ වැඩි විස්තර දැන කියා ගන්න පුළුවන්.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide