නෙට්ෆ්ලික්ස් එකෙන් බලන්න, ස්ත්‍රීන් ගැන කතා කරන හින්දි චිත්‍රපටි I.

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ කාන්තා නිදහස වගේ දේවල්, සංකල්පවලට සීමා නොවී හැබෑ ලෝකෙ පැළ කරන්න පුළුවන් වෙන්නෙ මිනිස්සු හිතන පතන විදිහ වෙනස් කළොත් විතරයි. මිනිස්සුන්ගේ චින්තන රටාවට බලපෑම් කරන්න කලාව කියන්නෙ හොඳ මාධ්‍යයක්. 

හින්දි චිත්‍රපටි කිව්වම ඉස්සර මැවුණ රූපය දැන් වෙනස් වෙලා නේ. දැන් හින්දි චිත්‍රපටි බොළඳ ආදර කතාවලට වඩා සංකීර්ණයි. මේ ලිපිය ස්ත්‍රීන් කේන්ද්‍ර කරගත් දෘෂ්ටියක් තියන ඒ වගේ හොඳ හින්දි චිත්‍රපටි ගැන ලියන ලිපි මාලාවක පළමු කොටස. ඉන්දියානු සමාජයේ සිදුවීම් ඇසුරෙන් නිර්මාණය කරලා තියන නිසා මේ චිත්‍රපටි ලංකාවෙ අපිටත් ලේසියෙන් ම රිලේට් වෙනවා.

Soni

ඉවාන් අයර් අධ්‍යක්ෂණය කළ සෝනි ෆිල්ම් එක නිකුත් වුණේ 2018 අවුරුද්දේ. ගීතිකා විද්‍යා සහ සලෝනි බට්රා ප්‍රධාන චරිත රඟපානවා. දිල්ලි පොලීසියේ සේවය කරන සෝනි කියන පොලිස් නිලධාරිනිය වටා තමයි කතාව ගෙතෙන්නෙ. 2012 වසරේ දිල්ලියේ සමූහ දූෂණයක් සිද්ධ වුණ පසුබිමක දිල්ලි පොලිස් නිලධාරිනියන්, කාන්තාවන් සම්බන්ධ අපරාධවලට විරුද්ධ ව පියවර ගන්න ආකාරය හා බැඳුණු කතාවක්.

Pink

2016 නිකුත් වුණ පින්ක් අධ්‍යක්ෂණය කළේ අනිරුද්ධ රෝයි චෞද්රි. අමිතාබ් බච්චන් සහ තාප්සි පන්නු ප්‍රධාන චරිත රඟපානවා. කතාව ගෙතෙන්නේ තරුණියක් විසින් තරුණයෙකුට මරණීය තුවාල සිදු කිරීම හා බැඳුණු නඩු විභාගයක් වටා. එහිදී ප්‍රධාන ගැහැනු චරිත තුන වෙනුවෙන් නඩුවට පෙනී සිටින්නේ විශ්‍රාමික නීතිඥවරයෙක්. තරුණ ගැහැනු ළමයින්ගේ හැසිරීම් ගැන සමාජයේ මුල් බැහැගෙන තියන වැරදි අර්ථ දැක්වීම් සහ ‘එපා’ කියන වචනේ තියන ප්‍රබල අර්ථය මතු කරමින් තමයි කතාව ගලාගෙන යන්නෙ.

Pagglait

මේ අවුරුද්දේ මුල රිලීස් වුණ මේ ෆිල්ම් එක උමේෂ් බිස්ට් අධ්‍යක්ෂණය කළා. සාන්යා මල්හෝත්‍රා තමයි ප්‍රධාන නිළිය. විවාහ වෙලා වැඩි කලක් යන්න කලින් සැමියා මිය යෑමෙන් පස්සෙ තනි වෙන තරුණියක් වටා ගෙතෙන මේ කතාව, වැන්දඹු කාන්තාවන් ගැන සාම්ප්‍රදායික පවුල්වලින් දරන මතය සහ, එවැනි කාන්තාවන්ගේ ජීවිත තමන් අතට ගන්නට ඒ පවුල්වල උදවිය උත්සාහ කරන ආකාරය හෙළි කරනවා. 

Gunjan Saxena

ශරන් ශර්මාගේ අධ්‍යක්ෂණයෙන් 2020 වසරේ නිකුත් වුණ මේක ඉන්දීය ගුවන් හමුදා නිලධාරිනියකගේ ඇත්ත කතාවක් ආශ්‍රයෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නෙ. ජාන්වි කපූර් සහ පංකජ් ත්‍රිපති ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වෙනවා. ඉන්දීය ගුවන් හමුදාවේ ගුවන් නියමුවන් රැසක් හිටියත් ගුවන් නියමුවරියන් නොසිටි කාලයක,අපමණ බාධා මැද ධෛර්යයෙන් සහ කැපවීමෙන් ගුවන් නියමුවරියක බවට පත් වෙන තරුණියක් ගැනයි කියවෙන්නෙ.

Queen

2013 අවුරුද්දේ තිරගත වීම ඇරඹුණ ක්වීන් විකාස් බාල්ගේ අධ්‍යක්ෂණයක්. කන්ගනා රනවුත් ‘රාණි’ කියන ප්‍රධාන චරිතය රඟපානවා. විවාහයට ඔන්න මෙන්න කියලා සිය පෙම්වතා විවාහය අවලංගු කරාට පස්සේ බලවත් සිත් තැවුලකින් ඉන්න රාණි, දෙන්නත් එක්ක යන්න ලෑස්ති වුණ පිටරට මධුසමයට තනියම යන්න අන්තිමේ තීරණේ කරනවා. ඒ ගමනට තනියම මුහුණ දීමෙන් පස්සෙ ඇගේ ලෝකෙ සම්පූර්ණයෙන් වෙනස් වෙන විදිහ මේ ෆිල්ම් එකෙන් බලන්න පුළුවන්.

Guilty

කියාරා අද්වානි ප්‍රධාන චරිතය නිරූපණය කරන ගිල්ටි, 2020 වසරේ නිකුත් වුණා. රුචි නාරයින් අධ්‍යක්ෂණය කරපු මේ ෆිල්ම් එක, #MeToo කියන සෝෂල් මීඩියා මූව්මන්ට් එක වයිරල් වුණ පසුබිමක, තරුණියක් තමන්ගේ පෙම්වතා විසින් වෙනත් ගැහැනු ළමයෙකුට සිදු කළ අපචාරයක් ගැන තොරතුරු හොයාගෙන යන කතාවක්.  

Dangal

නිතේෂ් තිවාරිගේ අධ්‍යක්ෂණයෙන් 2016 දී රිලීස් වුණ දංගල් චිත්‍රපටියේ ප්‍රධාන චරිතයේ රඟපාන්නේ අමීර් ඛාන්. වෘත්තීය නොවන මල්ලව පොර ශිල්පියෙකු වන පියෙක්, සමාජයෙන් එල්ල වෙන බාධක පීඩා මැද තමන්ගේ දියණියන් ජාතික මට්ටමේ මල්ලව පොර ශූරියන් බවට පත් කරන්න කැප වෙන විදිහ ගැන කතාවක්. මේකත් හැබෑ කතාවකින් තමයි සිනමාවට නඟලා තියෙන්නෙ. 

Mary Kom

2014 අවුරුද්දේ රිලීස් වුණ මේරි කොම් චිත්‍රපටියේ ප්‍රධාන චරිතය ප්‍රියංකා චොප්රා නිරූපණය කරනවා. අධ්‍යක්ෂවරයා ඕමන්ග් කුමාර්. තමන්ගේ පියා ඇතුළු බොහෝ දෙනෙක් විරුද්ධ වෙද්දිත්, ආශාව හඹාගෙන ගිහින් ජාත්‍යන්තර බොක්සිං ශූරියක් බවට පත් වුණු මේරි කොම්ගේ ඇත්ත කතාව ඇසුරෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නෙ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Yoroko at Cinnamon Life: An Unforgettable Sky-High Japanese Experience

Our visit to Yoroko was one for the books — and your bucket list. It’s

Highlights Kamu

The Chinwag- Review

By Sharon Nonis Chinwag has always been a crowd favorite, and now with their new

Highlights Kamu

Trending.

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

ITC Ratnadipa Celebrates the Spirit of the Season with its 2nd Annual Cake Mixing Ceremony

ITC Ratnadipa, the jewel in Colombo’s skyline, heralded the start of the festive season with

Trending

The Kingsbury, Colombo, Crowned Sri Lanka’s Leading Hotel 2025 at World Travel Awards

The Kingsbury, Colombo, is honoured to have been awarded Sri Lanka’s Leading Hotel 2025 at

Trending

8 Thai Restaurants to try in Sri Lanka

You can ask around – but it’s rare to find someone who doesn’t love Thai

Highlights Trending Yamu Guide

Yamu Guide.

Sip, Slurp and Savour : 9 Ramen Spots to try in Colombo

If you’re food curious and always looking for your next Instagram-worthy bite, this ramen route

Highlights Yamu Guide

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Top Affordable Countries in Asia : Budget Destinations 

Sitting at your office desk wishing you’d have a little getaway for yourself - but

Highlights Yamu Guide

Baked with Love – Meet 9 of Sri Lanka’s sweetest home bakers

There’s something undeniably magical about home-bakes that café and bakery chains just cannot get right.

Highlights Yamu Guide

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide