ලෝකයම හඳුනන සමකාලීන දකුණු ආසියානු ලේඛකයෝ II.

දකුණු ආසියානු කලාපයෙන් බිහි ව ලොව පුරා අවධානයට ලක් වුණු සමකාලීන ලේඛකයන් ගැන තොරතුරු ඇතුළත් ලිපි මාලාවක දෙවැන්න මේ.. පළමු ලිපිය මෙතැනින්.

ශ්‍යාම් සෙල්වදුරෙයි

පසුගිය වසරේ එළිදැක්වුණු, දීපා මේතා අධ්‍යක්ෂණය කළ ‘ෆනී බෝයි’ චිත්‍රපටයට පාදක වුණු නවකතාවේ රචකයා තමයි ශ්‍රී ලාංකික ලේඛක ශ්‍යාම් සෙල්වදුරෙයි. 1994 දී ඔහු ලියූ මේ නවකතාව Books in Canada First Novel සහ Lambda සාහිත්‍ය සම්මාන දිනාගත්තා. ශ්‍යාම් ලංකාවේ ඉඳන් කැනඩාවට සංක්‍රමණය වෙද්දි ඔහුට වයස අවුරුදු දහනවයයි. ඒ 1983 ජූලි කලබල කාලය. ඔහුගේ ෆනී බෝයි පොතටත් මේ කාලය ආශ්‍රිත සිදුවීම් තමයි පසුබිම් වෙන්නේ. 56 වැනි වියේ පසු වෙන ශ්‍යාම් දැනට කැනඩාවේ ජීවත් වෙනවා.

රූපි කෞර්

ඉන්දියාවේ ඉපදී කැනඩාවේ ජීවත් වන රූපි කෞර් 28 හැවිරිදි තරුණ ලේඛිකාවක් වගේ ම චිත්‍ර ශිල්පිනියක්. ඇය වයස 21 දී සිය ප්‍රථම කාව්‍ය සංග්‍රහය Milk and Honey ප්‍රකාශයට පත් කළා. ඉන්පසුව The Sun and Her Flowers සහ Home Body කාව්‍ය සංග්‍රහ පළ කළ ඇය ලොව පුරා අවධානයට ලක් වුණා. ඇගේ කාව්‍ය සංග්‍රහ සඳහා සිතුවම් අඳින්නෙත් ඇයමයි. මේ කවි පොත් ලොව භාෂා 42කට වඩා පරිවර්තනය වී තිබෙනවා. ඇගේ කවි වැඩිපුර ම ප්‍රකට වුණේ සමාජ මාධ්‍ය ඔස්සේ. 

මොහ්සින් හමීඩ්

පකිස්තානයේ උපත ලබා එංගලන්තයේ ජීවත් වන මොහ්සින් හමීඩ් නීති ක්ෂේත්‍රයෙන් අධ්‍යාපනය ලැබුවත් සාහිත්‍යකරණයට පිවිසී ජාත්‍යන්තර සම්මාන රැසකට පාත්‍ර වුණා. ඔහුගේ ප්‍රථම නවකතාව වන Moth Smoke කෘතිය පාඨක විචාරක පැසසුමට ලක් වුණේ දකුණු ආසියානු සාහිත්‍යයට පෙර නුවූ විරූ රසයක් එක් කිරීම හේතුවෙන්. හමීඩ්ගේ දෙවැනි නවකතාව සහ අවසන් වරට එළිදැක්වුණු නවකතාව බුකර් ත්‍යාගය සඳහා නිර්දේශ වුණා. ඔහු දැනට 50 වැනි වියේ පසු වෙනවා.

අරවින්ද් අදිගා

මෑතකදී ලොව පුරා ප්‍රකට වුණු ‘ද වයිට් ටයිගර්’ චිත්‍රපටයට පාදක වුණු නවකතාවේ රචකයා තමයි ඉන්දීය ලේඛක අරවින්ද් අදිගා. ඔහුගේ ප්‍රථම නවකතාව වන මේ පොතට 2008 වසරේ දී බුකර් ත්‍යාගය හිමි වුණා. ඉන්දියාවේ චෙන්නායිහි උපත ලබා තරුණ වියේ දී ම ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වුණු ඔහු, පසුව වැඩිදුර අධ්‍යාපනය සඳහා ඇමරිකාවට යනවා. බොහෝ කලක් ඔහු මාධ්‍යවේදියෙකු ලෙස ද සේවය කළා. 46 හැවිරිදි අදිගා දැනට මුම්බායි නගරයේ වාසය කරනවා.

ෂෙහාන් කරුණාතිලක

ශ්‍රී ලාංකික ලේඛක ෂෙහාන් කරුණාතිලක 2010 වසරේ දී සිය ‘චයිනමන්’ පොතෙන් ලොව අවධානය දිනාගත්තා. මේ පොතට පොදුරාජ්‍ය මණ්ඩලීය සාහිත්‍ය සම්මානය, දකුණු ආසියානු සාහිත්‍යය සඳහා පිදෙන DSC සම්මානය සහ ග්‍රේෂන් සම්මානය හිමි වුණා. වෝටර්ස්ටෝනස් හොඳ ම කුලුඳුල් නවකතා 11 අතරත් චයිනමන් පොත වැජඹුණා. ඊට අමතර ව විස්ඩන් සඟරාව මඟින් චයිනමන් පොතට ලොව හොඳ ම ක්‍රිකට් නවකතා අතර දෙවැනි ස්ථානය ලබා දුන්නා. ඒ අනුව චයිනමන්, ජාත්‍යන්තර සම්මාන වැඩි ම ගණනක් දිනාගත් ශ්‍රී ලාංකික නවකතාව විදිහට නම් කරන්න පුළුවන්. දිලීප අබේසේකර මේ පොත සිංහලට පරිවර්තනය කළා. මෑතකදී ෂෙහාන් සිය දෙවැනි නවකතාව Chats With The Dead එළිදැක්වූවා.

කිරන් දේසායි

ඉන්දීය ලේඛිකා කිරන් දේසායි 2006 දී The Inheritance of Loss කෘතිය වෙනුවෙන් බුකර් ත්‍යාගය ඇතුළු සම්මාන ගණනාවක් දිනාගත්තා. ඇගේ මව ඇනිටා දේසායිත් ලේඛිකාවක්. අවුරුදු 14 දී සිය මව සමග ඉන්දියාවෙන් පිට වෙන ඇය, මුලින් එංගලන්තයෙත් පසුව ඇමරිකාවෙත් වාසය කරනවා. 2015 දී ‘ද ඉකොනොමික් ටයිම්ස්’ පුවත්පත ලොව වඩාත් ම බලපෑම් සහගත ඉන්දීය කාන්තාවන් 20 දෙනා අතරට කිරන් එක් කළා. ඇය දැනට 49 වැනි වියේ පසු වෙනවා.

මොනිකා අලී

බංග්ලාදේශයේ උපන් මොනිකා අලී ඇයට වයස අවුරුදු තුනේ සිට ජීවත් වෙන්නේ බ්‍රිතාන්‍යයේ. ඇය 2003 දී ‘ග්‍රන්ථ’ සඟරාව විසින් නම් කෙරුණු, බ්‍රිතාන්‍යයේ විශිෂ්ටතම තරුණ නවකතාකරුවන් අතරට එක් වුණා. ඒ ගෞරවය හිමි වුණේ ඇගේ පළමු නවකතාව වන Brick Lane සඳහා. මේ කෘතිය බුකර් ත්‍යාගය සඳහාත් නිර්දේශ වුණා. පසුව 2007 දී එය සිනමාවට නැඟුණා. ඉන්පසුව තවත් නවකතා කිහිපයක් ලියා පළ කළ ඇය මේ වන විට 53 වැනි වියේ පසු වෙනවා.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide