නෙට්ෆ්ලික්ස් එකෙන් බලන්න, ස්ත්‍රීන් ගැන කතා කරන හින්දි චිත්‍රපටි II.

කාන්තාවන් පසුබිම් කරගෙන නිර්මාණය වුණු, නෙට්ෆ්ලික්ස් එකෙන් හොයාගන්න පුළුවන් හින්දි චිත්‍රපටි ගැන ලියන ලිපි මාලාවේ දෙවැනි කොටසයි මේ. පළමු කොටස මෙතැනින්.

Highway

2014 වසරේ නිකුත් වුණ හයිවේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළේ ඉම්තියාස් අලී. ආලියා භාත් සහ රන්දීප් හූදා ප්‍රධාන චරිත නිරූපණය කරනවා. මැර පිරිසක් අතින් පැහැර ගැනීමකට ලක් වෙන වීරා නම් ධනවත් පවුලක ගැහැනු ළමයෙක්, පැහැර ගැනීමෙන් පස්සේ සිදු වෙන සිදුවීම් මාලාව ඇතුළේ තමන්ගේ ජීවිත කාලය තුළ ඊට පෙර නොලැබූ ජීවිතාවබෝධයක් ලබාගන්න ආකාරය මේ ෆිල්ම් එකෙන් දකින්න පුළුවන්. මේ අතරේ මැර කල්ලියේ ප්‍රධානියා වෙන මහබීර් සහ වීරා අතර හටගන්න අප්‍රකාශිත ප්‍රේමය සහ සියුම් හැඟීම් එහෙමත් මෙයින් අපූරුවට නිරූපණය වෙනවා. මේ චිත්‍රපටියේ සංගීතය අධ්‍යක්ෂණය කළේ ඒ. ආර්. රහ්මන්.

No one Killed Jessica

ක්‍රයිම් ත්‍රිලර් ශානරයට අයත් නෝවන් කිල්ඩ් ජෙසිකා චිත්‍රපටිය රිලීස් වුණේ 2011 දී. ප්‍රධාන චරිතවල රඟපාන්නේ විද්‍යා බාලන් සහ රාණි මුකර්ජි. දේශපාලකයෙකුගේ පුතෙකු අතින් ඝාතනය වුණු තමන්ගෙ සොයුරිය වෙනුවෙන් යුක්තිය ඉටු කරගන්න උත්සාහ කරන කාන්තාවක් සහ ඒ සඳහා ඇයට උදව් වෙන ගවේෂණාත්මක මාධ්‍යවේදිනියක් වටායි කතාව ගෙතෙන්නේ. අධ්‍යක්ෂණය කළේ රාජ් කුමාර් ගුප්තා. සත්‍ය කතාවක් ආශ්‍රයෙන් තමයි මේ ෆිල්ම් එක නිර්මාණය වෙලා තියෙන්නෙ.

Kahaani

සුජෝයි ඝෝෂ් අධ්‍යක්ෂණය කළ කහානි චිත්‍රපටිය තිරගත වුණේ 2012 වසරේ. විද්‍යා බාලන්, නවාසුද්දීන් සිද්දිකී ප්‍රධාන චරිත නිරූපණය කරනවා. අතුරුදන් වුණ තමන්ගෙ ස්වාමි පුරුෂයා හොයාගන්න උත්සාහ කරන ගැබ්බර බිරිඳකගේ කතාවක්. කල්කටා නගරය තමයි ෆිල්ම් එකට පසුබිම් කරගෙන තියෙන්නෙ. රසික විචාරක හැමෝගෙම නොමඳ පැසසුමට බඳුන් වුණ කහානි, සම්මාන රාශියක් දිනාගන්නත් සමත් වුණා.

Dolly Kitty Aur Woh Chamakte Sitare

2019 දී එළිදැක්වුණු මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළේ අලංක්‍රිතා ශ්‍රීවාස්තව. කොන්කොනා සෙන් ශර්මා සහ භූමි පෙඩ්නෙකර් ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වෙනවා. ඩොලී සහ කිටී කියන ඥාති සොයුරියන් දෙන්නගෙ ප්‍රේමය, විවාහය, ලිංගිකත්වය සහ ආශාවන් වටා ගෙතෙන මේ කතාව, පැසසුම්වලට වගේ ම විවේචනවලටත් එක වගේ ම භාජනය වුණා.

Stree

ශ්‍රද්ධා කපූර්, රාජ්කුමාර් රාඕ සහ පංකජ් ත්‍රිපති රඟපාන ස්ත්‍රී රිලීස් වුණේ 2018 දී. හොරර් කොමඩි ගණයට අයත් මෙහි අධ්‍යක්ෂවරයා අමර් කෞෂික්. මේ ඔහුගේ ප්‍රථම අධ්‍යක්ෂණය. රාත්‍රියේ දී පිරිමි උදවියට විවිධ හිරිහැර කරන ස්ත්‍රියකගේ ආත්මයක් නිසා බියෙන් පසු වෙන එක්තරා ප්‍රදේශයක් මේ කතාවට පසුබිම් වෙනවා. මේ අබිරහස විසඳන්න උත්සාහ කරන පිරිසක් ගැන සහ අබිරහසට හේතු වුණු සිද්ධිය හොයාගැනීම ගැනයි කතාව ගෙතෙන්නේ. මේ චිත්‍රපටිය සම්මාන රාශියකට නිර්දේශ වුණා වගේ ම, විචාරක රසික ප්‍රශංසාවටත් ලක් වුණා. 

Margarita With a Straw

2014 දී එළිදැක්වුණු මාගරිටා විත් අ ස්ට්‍රෝ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කළේ ශොනාලි බෝස්. කල්කි කොඑච්ලින් සහ සයනි ගුප්තා මෙහි රඟපානවා. සිංහලෙන් මස්තිෂ්ක ආඝාතය කියලා හඳුන්වන Cerebral Palsy කියන රෝගයට ගොදුරු වුණ තරුණ ගැහැනු ළමයෙක් වැඩිදුර අධ්‍යාපනය සඳහා නිව්යෝක් නගරයට යනවා. එහිදී ලෝකය ගැන ඇගේ අවබෝධය වෙනස් වෙන ආකාරය සහ, පිළිකාවකින් පීඩා විඳිමින් ම ඇගේ මව ඇය වෙනුවෙන් කැප වෙන ආකාරය මෙයින් දකින්න පුළුවන්.

Lust Stories

අධ්‍යක්ෂකවරු සිව් දෙනෙකුගේ චිත්‍රපට 4ක එකතුවක් වෙන ලස්ට් ස්ටෝරීස් නිකුත් වුණේ 2018 අවුරුද්දේ. අනුරාග් කාශ්‍යප්, සෝයා අක්තාර්, දිබාකර් බැනර්ජි සහ කරන් ජොහාර් තමයි අධ්‍යක්ෂවරු හතර දෙනා. එකිනෙකට වෙනස් ෆිල්ම්ස් හතරක් වුණත් හතර ම ගෙතෙන්නෙ කාන්තාවන් පසුබිම් කරගත් ප්‍රේමය, ලිංගිකත්වය, විවාහය යනාදී කරුණු ගැන කතා කරන එක රේඛාවක් දිගේ. රාධිකා ආප්තේ, භූමි පෙඩ්නෙකර්, මනීෂා කොයිරාල, කියාරා අද්වානි, විකී කෞෂාල්, නේහා ඩුපියා ඇතුළු පිරිසක් මෙහි රංගනයේ යෙදෙනවා.

Dear Zindagi

ආලියා භාත් එක්ක ශාරුක් ඛාන් රඟපාන ඩියර් සින්දගී නං බොහොම ජනප්‍රිය චිත්‍රපටියක්. අධ්‍යක්ෂණය කළේ ගෞරි ශින්දේ. රිලීස් වුණේ 2016 වසරේ. ගැහැනු ළමයින්ට තමන්ගෙ ජීවිතේ අතීත සිදුවීම් නිසා වර්තමානයට මුහුණ දෙන්න දුෂ්කර වෙද්දි, එයින් මිදිලා අලුතින් ම ජීවිතේ ගැන හිතන්න පටන්ගන්නෙ කොහොමද කියලා කයිරා කියන ගෑනු ළමයා සහ ඇගේ අපූරු මානසික වෛද්‍යවරයා ඇසුරින් වටහලා දෙන හොඳ ෆිල්ම් එකක් විදිහට මේක නම් කරන්න පුළුවනි.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

What is the DINIDU Lanka Pendant & Is It Sri Lanka’s Most Recognisable Modern Jewellery Icon?

Few gold pendants crafted in Sri Lanka carry the weight of identity quite like the DINIDU Lanka Pendant. Shaped after

Highlights Trending

Radisson Hotel Kandy Welcomes Global Travel Influencers to Showcase Sri Lanka’s Hill Capital and Island Experiences

Radisson Hotel Kandy recently welcomed a group of eight global travel and lifestyle influencers as

Highlights Trending

A Taste of the Swiss Alps comes to Colombo

High in the Swiss Alps, where mountain landscapes shape both life and cuisine, Chef Heinz

Highlights Trending

Sheraton Colombo Unveils a New Chapter for Ceylon Bake Shop with a Fresh Home in the Hotel Lobby

Sheraton Colombo Hotel is delighted to announce the relocation of its beloved Ceylon Bake Shop

Highlights Trending

ITC Ratnadipa Introduces Rūhāniyat, an Indian Heritage Dining Experience, Available Until 16 August

ITC Ratnadipa introduces Rūhāniyat, an Indian heritage dining experience that invites diners to discover the

Highlights Trending

Anantara Peace Haven Tangalle Resort Introduces Panoramic Ocean View Rooms, Elevating Luxury on Sri Lanka’s Southern Coast

Set along Sri Lanka’s southern shores, Anantara Peace Haven Tangalle Resort announces the introduction of

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide