ඔබ දැනගත යුතුම පෙම්වතුන් 8 දෙනෙක්.

බලන්න ඔයාගේ පෙම්වතා මෙතැනින් කොයිකෙනාද කියලා. මේ ආදරවන්තයින්ගේ මාසයේ දී  එයාට හොඳම හෝ නරකම surprise එකක් දෙන්න මේ ටික ගැන කියවලා ඉන්න එක ඔයාට ටිකක් වැදගත් වේවි. ඒ වගේම තමා මේ Valentine එකේදී Crush එක Love එක කරගන්න බලන් ඉන්න ගැහැණු ළමයින්ටත් මේ ටික කියවන එක පාඩු නැහැ.

1. The Genuine Guy (හොඳ කොල්ලා)

Man holding the door for woman with books

මෙයාලව අඳුරගන්න එච්චර අමාරු නැහැ. හැබැයි ඔවුන් ඕනෑවටත් වඩා හොඳ නිසා ඔයාල නිතරම වගේ කරන්නේ මෙයාලව මිතුරු ලැයිස්තුවෙම තියාගන්න එකයි. කොල්ලෙක් හොයාගන්නවානම් මෙන්න මෙහෙම කෙනෙක් වෙන්න ඕනේ කියලා ඔයාගේ අම්මා කියන හැමදේම මෙයාට තියෙනවා.
*ඔහු අව්‍යාජයි, කාරුණිකයි, ආදරණීයයි
*ඔහු ඔයාට මුල්තැන දෙනවා වගේම ඔයාගේ සතුට ගැන සැළකිලිමත් වෙනවා
*ඔහු රවටන්නේ නැහැ, අතහැරලා දාන්නේ නැහැ, ඔහු ඔයා වෙනුවෙන් ඉන්නවා
* ඔහු ඔබට ආදරය කරන්නේ ඔබ ලෙසමයි

ගැහැණු ළමයි කියන්නේ නම් එයාල හොයන හොඳ කොල්ලෝ තවදුරටත් මේ ලෝකේ ඉතිරි වෙලා නැහැ කියල. ඒත් ඇත්තම කථාවනම් එයාල කැමති ටිකක් අවදානමක් පේන්න තියෙන, ලබාගන්න අපහසුයි වගේ පේන අයටමයි. ඉතිං මේ වගේ The Genuine Guy type එකේ පිරිමි ළමයි හොයාගන්න බැරි හොයාගන්න නැති නිසා නෙමේ එයාලව නොසොයාම අතහැර දාල තියෙන නිසා

2. The Jerk

හොඳ කොල්ලගේ සම්පුර්ණ අනිත් පැත්ත තමයි මෙයාල.ඇත්තටම මෙයාලට ඔයාල හොයන ආදරය වෙනුවෙන් කරන්න දෙයක් නැහැ.

* උඩින් හොඳින් වගේ පෙනුනට මෙයාල ඉන්නේ ඇතුළෙන් වියරු වැටිලා
* ඔයාව emotinally bully කරනවා වගේම හසුරුවන්නත් උත්සාහ කරනවා
* ඔයා යන්නේ කොහෙද ඉන්න ඕනේ කා එක්ක කියන එක තීරණය කරන්නේ එයා  
* ඔයා අඳින්න ඕනේ දේවල් සහ අඳින්න ඕනේ නැති දේවල් තීරණය කරන්නේ එයා
* ඔයා ගැන ඔත්තු බලන්න, හිටිගමන් ඔයා යන එන තැන් වලින් මතු වෙන්න මෙයාල හරි දක්ෂයි
* එයා නිතර කියන දෙයක් තමයි “මටනම් දැන් ඔයත් එක්ක ජීවත් වෙන්න බැහැ ඔයාට පිස්සු” කියන එක

මෙයාල හුඟක් වෙලාවට පිටට පෙන්නගෙන ඉන්නේ එයාල තමා ලෝකේ ඉන්න Cool ම කට්ටිය කියලා, මේ නිසා මෙයාල වගේ අයට ගෑනුළමයි ලේසියෙන් අහුවෙනවා. ඒකෙන් පරිස්සම් වෙන්න! එයාට වැඩිය වැදගත් වෙන්නේ එයාගේ ego එක මිසක් ඔයාව නෙමේ.

ඔයාගේ අවශ්‍යතා මොනවද කියන එක මෙයා දන්නේ නැහැ. ඒ එයා එයාගෙම අවශ්‍යතාව සහ එයාට වෙන්න ඕනේ දේ විතරක්ම බලාපොරොත්තු වෙන නිසා. එයාට පුළුවන් වචන වලින්ම ඔයාගේ ජීවිතේ විනාස කරන්න  – ඒ නිසා පුළුවන්තරම් මෙහෙම අයගෙන් බේරිලා ඉන්න.

3. The Jealous Guy (ඉරිසියාකාරයා)

ඉරිසියාකාර පෙම්වතුන් කියන්නේත් නරකම අයගේ ගොඩට වැටෙන කට්ටිය. එයාල කවදාවත් ඔයාට ඔයාගේ ජීවිතයක් ගත කරන්න දෙන්නේ නැහැ. හැම ස්තිස්සෙම ඔයාගේ ජීවිතේට involve වෙලා ඔයාව පාලනය කරන්න හදන මේ වගේ අය ඔයාව එහෙම පාලනය කරගන්න බෑ වගේ දැනුනොත් වියරු වැටිලා වගේ හැසිරෙන්න ගන්නවා. එයාට ඔයාගේ පරණ boyfrineds ලගේ ඉඳලා අලුත් යාළුවො, නෑදෑයෝ ඔයා ආශ්‍රේ කරන හැම කෙනෙක් ගැනම , යන එන, කරන හැමදෙයක් ගැනම අකුරක නෑර දැනගන්න අවශ්‍යයි. මෙයාගේ මේ අවශ්‍යතාව මුලින් පටන් ගන්නේ නිකම් විහිළුවට වගේ, ඒත් ඊළඟට එන්නේ විධායක ස්වරයෙන්

ඔයා කොහේද යන්නේ?

කාවද හම්බවෙන්නේ ?

ආයේ එන්නේ කීයටද, හවස 7 ට කලින් ගෙදර ඉන්න ඕනේ හරිද ?

ඔයා ඉවර වෙලා මට SMS එකක් දානවද ?

ඇයි ඔයා මට Whatsapp කළේ නැත්තේ?

ඔතන කොල්ලෝ ඉන්නවද?

ඔයාට මං නැතුව පාලු නැද්ද?

මම ඊයේ රෑ ඔයාට Whtasapp කරනකොට ඔයා කොහෙද හිටියේ?

ඊයේ රෑ 12 ටත් Online හිටියේ මොකා එක්කද?

හරිම emotional විදිහට මේවා අහන ගමන් වරද ඔයාගේ තම අකියල ඔයාට තේරුම් කරවලා එයාලගේ උගුලේ ඔයාව දිගටම තියාගන්න වගේම මේ හැමදේම කරන්නේ ඔයාට තියෙන ආදරේට කියලා පෙන්නනත් මෙයාල දක්ෂයි. හැබැයි එතන තියෙන්නේ තමන් ගැන අවිශ්වාසය. “මං මෙයාට මදි, කොයි වෙලාවේ මාව රවට්ටයිද දන්නේ නෑ ” කියන සැකසහිත හැඟීම. ඔයා වෙන මිනිස්සු එක්ක කතා කරනවට තියා හිනාවෙනවටවත් මෙහෙම අය කැමති නෑ.

එකම දේ මේක තව නරක අතට පෙරළිලා ඔයා මානසික ලෙඩෙක් වෙන්න කලින් එයාලගෙන් ඈත් වීමයි.

4. The Free Spirit (පාවෙන ජීවිතේ)

නිදහස්, සැහැල්ලු සහ සරාගී ආත්මයකින් යුත් හරිම Cool character එකක් වන මේ ජාතියේ පෙම්වතෙක් තමයි බොහොමයක් ගැහැණු ළමයි හොයන්නේ. හැබැයි ඒ නිසාමයි හිත් බිඳීම් වැඩිත්.මොවුන් බොහෝ වෙලාවට කැරලිකාරයෝ සහ කලාකාරයෝ. මෙයාල පොඩ්ඩක්වත් comitted නැහැ. තමන්ගේ නිදහස වෙනුවෙන් සති ගාණක් වුණත් කොහේ හරි අතුරුදන් වෙන්න මෙයාල කැමතියි.

මොවුන් කවදාවත් රැකියාවක්, ව්‍යාපාරයක් වෙනුවෙන් කැපවෙන අය නෙමෙයි, මොකද එයාට මේ  සමාජයේ සීමාවන්ගෙන් හැමවෙලාවෙම පැනලා යන්න ඕනේ නිසා. ඔහු අවදානම් වලට කැමතියි. ඒත් එක ප්‍රේම සම්බන්ධයක, විවාහයක ඉන්න මොවුන්ට බැහැ. ඔවුන් හැමවෙලාවෙම වෙනසක් හොයන් යන සංචාරකයෝ.

මේ වගේ පෙම්වතුන් ඔබට මොනම සීමාවක් වත් දාන්නේ නැහැ. ඔවුන් ඔබට උපරිම නිදහස දෙනවා, ඒ වගේම ඔබ ඔවුන්ගේ නිදහසට බාධා කරන පළවෙනි තප්පරේම පැනල දුවනවා. මොවුන්ගේ ජීවිත තරුණ කාලෙදි නම් හරිම ආකර්ෂණීයයි, විනෝදජනකයි, ඒත් නිසි සැලසුමක් නැති නිසා එතනින් එහා ජිවිත කාලය නම් බොහෝදුරට ඛේදනීයයි. ඒ නිසා මෙහෙම අයත් එක්ක serious relationship නම් බලාපොරොත්තු වෙන්න එපා.

5. The Shy One (ඇඹරෙන්නා)

මොවුන් හරිම ලැජ්ජාශීලී වගේම බොහෝ වෙලාවට හුරුබුහුටි පෙනුමක් තියෙන නිහතමානී සහ නිශ්ශබ්ද අයයි. මීට පෙර කිසි දිනෙක බැරෑරුම් සම්බන්ධතාවයක් මෙයාලට තිබිලා නැති වෙන්න ඉඩ තියෙනවා. බොහෝ දුරට මෙයාල Mama’s boys ලා.

ගොඩක් වෙලාවට අම්මාගේ තුරුළෙම උස් මහත් වුණු මෙහෙම පිරිමි ළමයි එච්චර ලැජ්ජාශීලී වෙන්නෙ සාමාන්‍යයෙන් තනියෙන් දෙයක් කරගන්න හුරු නොකිරීම නිසා. හැම වෙලාවේම කාගේ හරි මූලිකත්වයක් හොයන්නේ ඔවුන් තුළම ඔවුන් ගැන ඇති  අවිනිශ්චිතභාවය, යමකට මුලපිරීමේ අඩු හැකියාව සහ හැම දෙයක් ගැනම එයාලට තියෙන පැටළිලි ස්වභාවය නිසා.ඒකෙන් කියන්නේ ඔයා මෙහෙම පෙම්වතෙක් හොයා ගත්තොත්, “මං ඔයාට කැමතියි” කියන තැන ඉදන් ඔයාලගේ සම්බන්ධතාවයේ මූලිකත්වය ගන්නත්, හැම තීරණයකම ගන්නත් ඔයාට සිද්ද වෙනවා කියන එකයි. ඒක ඔයාට ටිකක් වෙහෙසකර වෙන්න පුළුවන්. හැබැයි මෙහෙම අය ඔයා කියන දේකට එකඟ වෙන නිසා මෙයාලත් එක්ක සම්බන්ධකම් පවත්වාගෙන යන්න එච්චරම අමාරු නම් නැහැ.

6. The Macho-man (හොඳටම කරන අය)

මේ ඇවිල්ලා ඔය උඩ කට්ටියගේ විරුද්ධ පැත්ත. දැඩි පීතෘමූලික පවුල් අතීතයක් තමයි මෙයාලට තියෙන්නේ.  හැම වෙලාවකම හොඳම දේ දන්නේ, හොඳම දේ කරන්නේ එයා. ඔව් මේ තමා “හොඳටම කලේ අපි” කියලා හිතන් ඉන්න කට්ටිය. ඔයා එයාගේ ආදරේට සුදුස්සෙක් වෙන්න නම්  ඔයාට එයා බලාපොරත්තු වෙන දේවල් ඒ විදිහටම කරන්නත් යම් තත්වයක් maintain කරන්නත් සිද්ද වෙනවා. නැත්නම් එයාගේ යාලුවෝ ඉස්සරහ එයාට ඔයාව මදිපුංචිකමක් වෙන්න ඉඩ තියෙනවා.
එයාගේ ඒ වගේ ආකල්ප නම් ඔයාට වෙනස් කරන්නම බැහැ, ඔයා වෙනස් වුණොත් මිසක්. එයා ඔයාගෙන් ගෙදර අම්මයි, මෙහෙකාරියයි අතර භූමිකාවක් තමා නිතරම බලාපොරොත්තු වෙන්නේ. ඔයාට අවශ්‍ය දේ එයා දන්නෙත් නැහැ, දැනගත්තත් ගණන් ගන්නෙත් නැහැ. එයාගේ අවශ්‍යතා ටික සපිරෙනකම් එයා සතුටින්.

එයාට වඩා ලොකු නීති ගොඩක් ඔයාට අදාළ වෙනවා කියලා එයා විශ්වාස කරනවා. එයාට ඕනෙම දෙයක් කරන්න පුළුවන් වුනත්, එයා අපේක්ෂා කරන ප්‍රතිරූපයට හානි වෙන කිසිම දෙයක් කරන්න ඔයාට නම් පුළුවන් වෙන්නේ නැහැ

7.The Long-term Relationship Guy – (වෘත්තීය පෙම්වතුන්)

මොවුන් හැමවිටම දිගුකාලීන සම්බන්ධතාවයන් තෝරා ගන්නවා. ඔහු දැඩිව ආදරය පෙන්නන්නෙක්. මෙහෙම අය කිසිම දවසක තනිකඩයෙක් නම් වෙන්නේ නැහැ. මොකද මෙයාල වෘත්තීය ක්‍රීඩාවක් වගේ එක  දිගුකාලීන පෙම්වතියක්ගෙන් තවත් පෙම්වතියක් වෙත පනිනවා. ඒ විතරක් නෙමේ ඒ හැම සම්බන්ධයක්ම ඔහු සමාජය ඉස්සරහට ගේනවා. එහෙමයි ඔහු පෙම්වතියගේ විශ්වාසය තහවුරු කරන්නේ. Facebook relationship status අලුත් පෙම්වතියගේ නමින් අලුත් කරන මේ වගේ අය තමාගේ couple photos එහෙමත් නොපැකිළිව සමාජ මාධ්‍ය වල share කරනවා. ගොඩක් වෙලාවට මොවුන් පෙම්වතියගේ හැකියාවන්ගෙන්, දැනුමෙන් වගේම මුල්‍යම පැත්තෙනුත් ප්‍රයෝජන ගන්නවා.

ඉතින් ඔබ ප්‍රවේසම් වෙන්න ඕනේ ඇයි දනන්වද? දිගුකල් සම්බන්ධතා පවත්වන් යන නිසා ඉතාම loyal වගේ පෙනුණට මොවුන් අවුරුදු 3-4ක් ඇතුලත ඔබව අතහැරලා වෙනත් අයෙක් තෝරාගන්නවා. හැබැයි හොඳින් බැලුවොත් ඔහු තෝරාගන්නේ  රූපයෙන්, ගතිගුණ වලින් වගේම හැකියාවන්ගෙනුත් ඔබට බොහෝ දුරට සමාන අයෙක්.

8. The Man-child (සිඟිති කොල්ලෝ)

මිනිහා සම්පූර්ණ බබෙක්! එයා එයාගේ ළමාවියත් එක්ක හුඟක් තදින් බැඳිලා ඉන්න කෙනෙක්. එයා කැමති සෙල්ලමක් කරන්න ගිහින් නිකමට හරි ඔයා එයාව පැරද්දුවොත් හරියටම පොඩි ළමයෙක් වගේ එයා ඔයත් එක්ක තරහ වෙනවා.

ඉතිරිකිරීමේ ගිණුමක්,විශ්‍රාම වැටුප් සැලැස්මක්, අනාගත සැලැස්මක් එහෙම ගැන නම් මෙයාල දන්නේ නැහැ. වයසින් කීය වුනත් එයාගේ මොළේ වැඩීම , ආකල්ප සහ හැසිරීම අවුරුදු 15 දී විතර නතර වෙලා. මේ වගේ අය වැඩිහිටියෙක් ලෙස හැසිරීම ප්‍රතික්ෂේප කරන අතර ජීවිතයේ වගකීම නම් කොහොමටවත් භාර ගන්නේ නැහැ.බොහෝ වෙලාවට මෙයාල දවස ගත කරන්නේ වීඩියෝ ක්‍රීඩා කරමින්, බියර් බොමින් හෝ නිදාගනිමින්. මෙහෙම පෙම්වතෙක්ගෙන් ඔයාට අයින් වෙන්න ඕන වුණත් ඒක ලේසි වෙන්නේ නැහැ. මොකද ඒක විශ්වාස කරන්න මේ වගේ අය කැමති නැහැ. ඒ වෙනුවට එහෙම කරන එක වැරදියි කියලා ඔබට වරදකාරී හැඟීමක් දනවන අතරේ  “ඔයා මාව දාලා ගියොත් මම මැරෙනවා” වගේ දෙයක් කියන්නත්, බොහෝ වෙලාවට කරන්නත් ඉඩ තියෙනවා. මොකද මොවුන් තවමත් ජීවිතේ බරක් පතළක් දන්නේ නැති නිසා.

ඉතිං සමහරවිට ඔයාගේ පෙම්වතා මේ අතරින් කිහිප දෙනෙක්ගේම ලක්ෂණ එකට mix වුණු කෙනෙක් වෙන්න පුළුවන්. කොහොමවුණත් ඔයාගේ ජීවිතේ විනාස නොකරන සහකාරයෙක් හොයාගන්න එක ඔයාගේ වගකීම. එතැනදී හදවත නෙමේ මොළේ පාවිච්චි කරලා මේ පාර Valentine එකත් මෙයා එක්කම ගෙවනවද, Single වෙනවද ? නැත්නම් වඩා සෞක්‍යසම්පන්න අලුත් කෙනෙක් try කරලා බලනවද කියලා ඔයාම තීරණය කරන්න.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

25% Off Lunch at Harbour Court This September

Make lunch plans worth looking forward to this September at The Kingsbury’s Harbour Court, with

Highlights Trending

Barista Reaches 100 Outlets, Bringing World-Class Coffee Experience Closer Across Sri Lanka

Barista Coffee Lanka marked a significant milestone in its journey on 31 August 2026 with

Highlights Trending

L’Incontro: An Italian Table by the Bentota Coast

There’s something particularly appealing about an Italian restaurant at the beach. Perhaps it’s the shared

Highlights Trending

Yazu at the Beach Brings Galle’s Pan-Asian Flavour to ON14

Colombo, your dinner plans just got a whole lot more interesting. On 28 August, Yazu

Highlights Trending

Gatz at City of Dreams Sri Lanka Brings Live Entertainment to the Heart of Colombo

Gatz Re-imagined brings a fresh take on classic supper club culture, with live entertainment throughout

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide