කෑම බීම රස පරදන කෑම බීම ගැන රස කතා 7 ක් .

By Yesha Fernando

1. Potato Chips

අපි දන්න famous ම Potato Chips තමයි Pringles. ඒත් මේ වෙනකොට පවතින තත්වයත් එක්ක අපිට  Potato Chips වෙනුවට ඒ වගේ ඇසුරුමක එන Manioc chips තමයි මිලදී ගන්න හැකියාව තියෙන්නේ. කොහොමවුනත් Potato Chips කියන්නේ කන්න ගත්තම ආයේ නවත්තන්න හිතෙන්නේ නැති snak එකක්. මේවා අපිට ගෙදරම වුනත් හදාගන්න පුළුවන්කම තිබුණත් අපි  පුරුදු වෙලා ඉන්නේ කඩේ තියෙන Potato Chips රහට. ඉතින් මේ Potato Chips වල ආරම්භයත් අහම්බයක්.

1853 අගෝස්තු 24 වෙනිදත් ඇෆ්රෝ-ඇමරිකානු ජාතික George Crum තමන්ට සුපුරුදු Saratoga Springs හි නිවාඩු නිකේතනයේ කෝකියා විදිහට වැඩ කරමින් හිටියා. ඔහුට french fries සඳහා ඇණවුමක් ලැබුණත්, පාරිභෝගිකයා වරින් වර  ඒවා “ඝන වැඩියි” කියා මැසිවිලි නඟමින් ඔහුගේ ඇණවුම නැවත නැවතත් හරවා යවමින් හිටියා. කළකිරීමට හා නොසන්සුන්තාවයට පත් Crum අර්තාපල් කිහිපයක් පොතු ගසා ඒවා සිහින්ව කපා, crispy ගතිය එනතුරු බැද මේසයට යවනු ලැබුවා. පුදුමයකට මෙන් මෙම කරදරකාරී පාරිභෝගිකයා ඉන් ඉමහත් සතුටට පත් වූණා. Potato Chips  බිහිවීමේ කතාව එහෙම වුණත් ඇත්තටම නම් මුලින්ම පවුලේ ආහාරයක් ලෙස Saratoga Chips නමින් Potato Chips හදලා තියෙන්නේ Crum ගේ සහෝදරිය වුණු Kate Speck Wicks ලු.

2. Chocolate Chip Cookie

චොකලට් චිප් කුකීස් අපි කව්රුත් ඉතාම  ප්‍රිය කරන ආහාරයක්, නමුත් ඒවා හොයාගත්ත විදිහනම් රසවත් අහම්බයක්. Ruth Graves Wakefield දක්ෂ කෝකියෙක් වගේම පෝෂණවේදියෙක්. ඇය සිය සැමියා සමඟ මැසචුසෙට්ස් හි  Toll House Inn නමින් පවත්වාගෙන් ආගිය තානායමේ සියලුම රසවත් ආහාර වර්ග සෑදුනේ ඇය අතින්  පවත්වාගෙන ගියාය. මේ තානායම වඩාත් ජනප්‍රිය වුණේ ප්‍රනීත හා ආකර්ෂණීය අතුරුපස සඳහායි.

1930 වසරේ දිනක ඇය චොක්ලට් කුකීස් කිහිපයක් පිළිස්සීමට පටන් ගත්තත් අතරමගදී, ප්‍රමාණවත් baker’s chocolate ඇය සතුව නැති බව Wakefield ට තේරෙනවා. නමුත් ආහාරය සැකසීම අතරමඟ නතර කරන්න බැරි නිසා ඇය baker’s chocolate වලට ආදේශකයක් ලෙස Nestle chocolate යොදාගන්නවා. නමුත් ඒ නිසාම මිශ්‍රණය හරියට මිශ්‍ර නොවෙන බව දැනුණත් ඇය පුළුවන් විදිහට කුකීස් ටික හදල ඉවර කරනවා. අවසන් පතිඵලය ලෙස ඇයට ලැබිලා තිබුණේ තැන තැන කුඩා චොකලට් කුට්ටි විසිරුණු චොකලට් චිප් කුකීස්. මේවා තානායමට එන පාරිභෝගිකයන් අතර කොයිතරම් ජනප්‍රිය වුණාද කියනවනම් ,  Wakefield මේ සඳහාම වට්ටෝරුවක් නිර්මාණය කරලා ඒක ප්‍රාදේශීය පුවත්පත්වල ප්‍රචාරය කිරීමට පටන් ගන්නවා. චොක්ලට් ක්‍රන්ච් කුකී ලෙස හැඳින්වූ ඒ වට්ටෝරුව, ගුවන් විදුලියේ බෙටි ක්‍රොකර් ඉවුම් පිහුම් පාසලේ කථාංගයක ඉදිරිපත් කිරීමෙන් පසු මුළු රට පුරාම ජනප්‍රියත්වයට පත් වෙනවා. ඔන් එහෙමයි චොකලට් චිප් කුකීස් හැදිලා තියෙන්නේ

3. Cornflakes

උදේට අපි ආහාරයට ගන්න Cornflakes කියන්නේ ඇත්තටම සැහැල්ලු ඒ වගේම ඉතා පෝෂදායි ආහාරයක්. නමුත් මේවා පළමුවෙන් නිර්මාණය කරපු අරමුණ ඇහුවොත් ඔයා පුදුම වෙයි. මේවා මුලින්ම හොයාගත්ත John Kellogg කියන්නේ වික්ටෝරියානු ප්‍රමිතීන් පවා ඉක්මවා යන තරම් අසාමාන්‍ය ලෙස සුචරිතවාදයේ හැසිරුණු මනුස්සයෙක්. මානසික හා කායික සෞඛ්‍ය වෛද්‍යවරයකු වුනු ඔහු ලිංගික ක්‍රියාකාරකම් මිනිස්සුන්ගේ මානසික, චිත්තවේගීය සහ කායික යහපැවැත්මට හානිකර බව තරයේ විශ්වාස කරපු කෙනෙක්. පෞද්ගලිකව ලිංගික ක්‍රියාවලින් වැළකී සිටි John Kellogg කිසිවිටෙක සම්පුර්ණ විවාහ ජීවිතයක් ගත කළේ නැහැ. ඔහුට සහ බිරිඳට වෙනම නිදන කාමර තිබූ අතර ඔවුන්ගේ සියලුම දරුවන්, පිටතින් රැගෙන දරුකමට හදාවඩා ගත් අයයි. ස්වයං වින්දනය විශේෂයෙන් හෙළා දැකපු Kellogg සාමාන්‍ය ශරීර දුර්වලතාවයේ සිට අපස්මාරය දක්වා සියලු වර්ගවල රෝග ඇති කරන හේතුව ලිංගික ක්‍රියාකාරකම් බව විශ්වාස කළා. ඒ කාලයේ ගොඩ දෙනෙක් උදේ අහාරයට තෝරාගත්තේ මස් වර්ගයි. මේවා ලිංගික රුචිය වැඩි කරන බවට තරයේ විශ්වාස කළ Kellogg සරල ආහාර ගැනීමෙන් ලිංගික හැසිරීම් අඩු වන බවට වූ විශ්වාසයෙන් 1980 වසරේදී Cornflakes නිර්මාණය කළේ සීනි පවා රහිතවයි.
නමුත් වඩා ප්‍රායෝගික බුද්ධියක් තිබුණු ඔහුගේ සහෝදරයා Will Kellogg මේකේ ආර්ථික වාසිය කල් තියාම දැකපු කෙනෙක්. ඔහු මේ Cornflakes වලට සීනි ටිකකුත් එකතු කරලා නිෂ්පාදනය කරන්න කියලා සිය සහෝදරයාගෙන් දිගින් දිගටම ඉල්ලලා හිටියත් John Kellogg නෙමෙයි ඒවා කනකට ගත්තේ. පස්සේ  1906 වසරේදී තමන්ගේ සහෝදරගෙන් වෙන් වෙලා තනිවම Kellogg සමාගම පිහිටුවාගත්ත Will Kellogg සීනි සහිත Cornflakes නිපදවන්න පටන්ගත්ත අතර ඒක ලෝකය පුරා උන්මාදයක් වගේ ලෝකය පුරාම පැතිරිලා ගියා. ඔන්න ඔහොමයි Cornflakes හැදුණේ.

4. Nutella

Nutella මුලින්ම නිර්මාණය කර ඇත්තේ දෙවන ලෝක යුද්ධ සමයේ ආහාර අවශ්‍යතාවය පිරිමැසීම උදෙසායි. දෙවන ලෝක යුද්ධ සමයේදී කොකෝවා කියන්නේ ඉතාලියේ දුර්ලභ හා මිල අධික වෙලා තියෙනවා. ඔය අතරේදී Nutella සමාගමේ CEO වන Michele Ferrero තාත්තා Pietro, තමන්ගේ මුදල් මේ ව්‍යාපාරය සඳහා ආයෝජනය කරලා තියෙනවා. ඔහු ඒ කාලයේ තිබුණු මිල අධික chocolate spreads වෙනුවට hazelnuts සහ සීනි යොදාගනිමින් චොකලට් paste එකක් නිමවූ අතර,මෙම නිෂ්පාදනය නම් කෙරිලා තියෙන්නේ Giandujot ලෙසයි. වසර කිහිපයකට පස්සේ 1951 දී, මේක spread එකක් විදිහට වෙනස් කරලා jar එකක අසුරලා SuperCrema කියලා නම් කළා. කොහොමවුනත් වැරදීම් සහ අත්හදාබැලීම් කිහිපයකින් පස්සේ  vegetable oil සහ palm oil එකතු කරපු SuperCrema නිෂ්පාදනය Nutella විදිහට පළමුවෙන් වෙළඳපලට එන්නේ 1964 දී Michele Ferrero ගේ වෑයමෙන්. පවුලේ ව්‍යාපාරයක් විදිහට තිබුණු Nutella ගෝලීය ව්‍යාපාරයක් බවට පත් වන්නේ එහෙම වුණත් මේ රසවත් චොකලට් උන්මාදයක් බඳු Nutella නිපදවන Ferrero සමාගම තවමත් අයිති ඉතාලියේ Ferrero පවුලටයි.

5. Fanta

Fanta කියන ජනප්‍රිය බීම නොබීපු කෙනෙක් නැති තරම් නේ? ඒත් මේක ජර්මනියේ හිට්ලර්ගේ හමුදාව වුනු නාසීන් ගේ අනුදැනුම යටතේ බිහිවූ බීමක් බව ඔයා දන්නවද? දෙවන ලෝක යුද්ධය දරුණුවට ඇවිල ගිය 1940 වසරේ ජර්මනියේදී Fanta නිර්මාණය වුණේ Coca-Cola වලට ආදේශකයක් විදිහටයි. ඒ ඇමරිකාව සිය විසින් ජර්මනියට වෙළඳ සම්බාධක පනවා ඇමරිකානු Coca-Cola ආයතනයට අනුබද්ධිත ජර්මනියේ Coca-Cola සමාගම ට Coca-Cola essence එක එවීම නතර කිරීමත් සමඟයි. ඒ අනුව එරට හිටපු ප්‍රධාන පෙළේ ජර්මානු ව්‍යාපාරිකයෙකු වුනු Max Keith විසින්  beet sugar, වෙඬරු , සහ apple මධ්‍යසාරය යොදාගනිමින් ආදේශක බීමක් නිපදවූ අතර එයට නමක් යෝජනා කිරීමේ සැසියේදී තම පරිකල්පන හැකියාව පාවිච්චි කරමින් නමක් යෝජනා කරන්නයි අලෙවි නියෝජිතයින්ට දන්වා සිටියා. “පරිකල්පන හැකියාව භාවිතා කිරීම” යන්නට  ජර්මානු භාෂාවෙන් කියන වචනය වන Fantasie යන්න එහිදී Keith  අතින් කියවුණු අතර එක්වරම නැගී සිටි අලෙවි නියෝජිතයෙකු “Fanta” යයි පැවසුවලු. අන්න එහෙමයි නිෂ්පාදනයත් සමඟ අතිශය ජනප්‍රියත්වයට පත් Fanta ලෝකයට පළමුවෙන් බිහිවුණා කියන්නේ.

6. Popsicle

පොඩි ළමයි වගේම අපි වුනත් අදටත් කෑදර Popsicle හි සොයාගැනීමත් ලස්සන කතාවක්. 1905 වසරේදී  Frank Epperson කියන 11 හැවිරිදි පිරිමි ළමයා අහම්බෙන් නිර්මාණය කරපු දෙයක් තමයි Popsicle. තමන්ට බොන්න බීමක් හදාගන්න වතුර වීදුරුවකට soda powder ටිකක් එකතු කරලා පොඩි ලී පැත්තක් වගේ දේකින් කලවම් කර කර හිටපු Frank ඒක එහෙම තියලා වෙන කොහෙටහරි ගිය පාර ආපහු ඔහුට ඒක මතක් වෙලා තියෙන්නේ පහුවෙනිදා උදේ. උෂ්ණත්වය හිම මිදෙන තත්වයට පහත බැහැපු රැයක් පුරා එකදිගට මිදුණු ඒ ද්‍රාවණය පසුදා උදේ  Frank ට හොයාගන්න ලැබුණේ ලෝකයේ නිපදවුණු පළවෙනි Popsicle එක විදිහට. Epsicle විදිහට මේක නම් කරපු Frank ඔහුගේ අසල්වැසි අනෙකුත් දරුවන්ට ඒවා විකිණීමට පටන් ගත්තලු. වැඩිහිටික් වුණාට පස්සේ Epsicle ගැන අමතක වුණු Frank ලෙමනේඩ් වෙළෙන්දෙකු විදිහට රැකියාව කළා . කොහොමවුණත් ඔහු 1922 දී දේශීය ගිනි නිවන භටයින්ගේ  අවස්ථාවක් සඳහා ගෙන යාමට ආයෙමත් අයිස් පොප් කිහිපයක් සාදන විට Frank මේ නව නිපැයුමට ආපහු අත තිබ්බා.  මේක අතිශයින් ජනප්‍රිය වීමත් එක්ක 1924 දී Frank විසින්  මේ සඳහා වන patent එකත් ලබා ගත්තා. නමුත් අවාසනාවකට, ඔහු මූල්‍යමය වශයෙන් දුෂ්කර අඩියකට ආපු 1929 දී ඔහුගේ පේටන්ට් බලපත්‍රය Popsicle Corporation වෙත විකුණන්න  Frank Epperson ට සිදු වුණාලු.  කොහොමවුනත් අන්න එහෙම පොඩි දරුවෙකුගේ අමතක වීමක් ලෙසයි Popsicle මුලින්ම ලෝකයට බිහි වෙලා තියෙන්නේ. 

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Heritance Hotels & Resorts and Sara Ali Khan Spotlight Sri Lanka’s Diverse Landscapes, Heritage and Hospitality

The collaboration brings together celebrity-led storytelling and Heritance’s distinctive hospitality to showcase Sri Lanka’s cultural

Highlights Trending

ITC Ratnadipa Welcomes Chef Prakhar Srivastava to Lead the Next Chapter of Avartana in Colombo

ITC Ratnadipa, Colombo welcomes Chef Prakhar Srivastava as Sous Chef to Avartana, marking a new

Highlights Trending

Are Men Moving With The Jewellery Trends in Sri Lanka? ‘Yes,’ says DINIDU Colombo

Fine jewellery in Sri Lanka is no longer bound by gender. Accessorising has become an

Highlights Trending

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

25% Off Lunch at Harbour Court This September

Make lunch plans worth looking forward to this September at The Kingsbury’s Harbour Court, with

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide