Powercut වෙලාවට කරන්න පුළුවන් ජොලි වැඩ 7 ක්.

Yesha Fernando 

ඔන්න ආපහුමත් “මා ඉන්නේ අන්ධකාරේ දැන්” යුගයක් ඇවිල්ලා. රටේ පවතින ආර්ථික අවපාතයත් එක්ක ඉන්ධන මිලදී ගැනීම නතර වීම නිසා ඉන්ධන පිරිමහගන්න ඇරඹුණු විදුලි කප්පාදුව පැය 1/2 ඉඳලා මේ වෙනකොට පැය 4.40ක් දක්වා වැඩි වෙලා තියෙනවා. ඉස්සර ඒවට කිව්වේ ‘ඩලස් පැය’ කියල, දැන්නම් ‘ගම්මන් පැය’ කියලා තමයි කියන්න වෙන්නේ. කොහොමවුණත් විදුලියට අධිකව හුරු වෙලා ඉන්න අපිට මේක ලේසි පහසු දෙයක් නෙමේ.

දවල්ට වගේ නම් විදුලිය නැති වෙලාවට වුණත් ඉර එළිය තියෙන නිසා අපිට මොනවාම හෝ වැඩ ටිකක් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒත් අඳුර වැටෙනවත් එක්කම විදුලියත් කපා දැම්මම කොරේ පිටට මරේ වගේ තමා. ඉතිං මෙහෙම වෙලාවක නහයෙන් අඬ අඬ, දෙස් දෙවොල් තිය තිය ඉන්නේ නැතිව ඇත්තටම අපිට බැරිද හොඳ Family time එකක් බවට ඒක පත් කරගන්න. Hostel වල, බෝර්ඩින් වල ඉන්න යාලුවොන්ට වුණත් phone එක, laptop එක පොඩ්ඩක් පැත්තකින් තියලා යාලුවෝ එක්ක set වෙන්න මේක හොඳ වෙලාවක් කරගන්න පුළුවන්.

විදුලි කප්පාදුව හොඳයි කියනවා නෙමේ, නමුත් ඕනෑම දෙයක් යහපත් අතට හරවගන්න අපි දක්ෂ වෙන්නම ඕනේ. ඇත්තටම විදුලිය නැති වෙලාවට මොනවද අපිට කරන්න පුළුවන්. අපි ඒවා දැනගෙන හිටියත් හුඟ කාලයක් මඟහැරිලා තිබිලම අපිට ඒවා අමතක වෙලා නේද ? හරි එහෙනම් අපි බලමු Power cut එක වෙලාවට අපිට කරන්න පුළුවන් Fun activities 7 ක්

1. ගීතයෙන්, ගීතය

මතකද ඉස්කෝලේ යන කාලේ එහෙම විවේකයක් ලැබුණු ගමන් school bus එකේදීත් අපි කරපු මේ සෙල්ලම. එක්කෙනෙක් ගීතයක කොටසක් කියලා ඉවර කරන තැන අන්තිම අකුරෙන් ඊළඟට ඉන්න කෙනා ගීතය පටන් ගන්න ඕනේ. මේ වගේ මේක වටේට, වටේට යනවා. අදාළ අකුරෙන් ගීතයක් කියාගන්න බැරි වෙන කෙනා තරඟයෙන් ඉවත් වෙනවා. පවුලේ  කට්ටිය, නැත්නම් බෝඩිමේ යාලුවෝ ටික එකතු කරගෙන, ගෙයින් එළියෙ පුටු ටිකක් වටේට තියාගෙන, මැද්දෙන් පොඩි ඉටිපන්දමකුත් පත්තු කරගෙන ගීතයෙන් ගීතය කරන්න පටන් ගත්තනම් ඒක කොච්චර නැගලා යන සෙල්ලමක්ද කිව්වොත් විදුලිය ආවට පස්සෙත් සමහරවිට නතර කරන්න හිතෙන එකක් නැහැ.

2. ආලෝක සෙවනැළි

ඔබ ඉන්නේ ඔබේ පොඩි බබාලා එක්කනම්, මේ වගේ කළුවරේ ඉන්න වෙලාවක එයාලගේ බය නැති කරලා එයාලව විනෝදෙන් තියන්න හොඳම සෙල්ලමක් තමයි මේ ආලෝක සෙවනැළි සෙල්ලම. සමහරු මේකට සෙවනැළි භූතයෝ කියලත් කියනවා.ඉටිපන්දමක් නැත්නම් විදුලි පන්දමක් අරගෙන එකේ ආලෝකය බිත්තියට වැදෙන්න ඉඩ හැරලා අතේ ඇඟිලි වල හෙවනැල්ල ඒ බිත්තිය මත විවිධ සතුන් හා හැඩ තල මවා පෙන්වන්න ආකාරයට සකසන්න ඔබට පුළුවන්. මේකට පොඩ්ඩක් පුහුණුව වගේම නිර්මාණශීලි බවත් අවශ්‍යයි. හැබැයි ඒ ගැන පුහුණුවක් නැති පොඩි දරුවෝ ඇතුළු පවුලේ හැම කෙනෙක්ටම ඒ සඳහා උත්සාහ කරලා බලන්න අවස්ථාව දෙන්න අපිට පුළුවන්. ඒක හරිම අපූරු විනෝදයක් ගෙනේවි. නැත්නම් කතන්දරයක් කියන ගමන් ඒකට ගැළපෙන රූපරාමු ඇඟිලි වල හෙවණැලි වලින් මවන එකත් මේ කළුවර වෙලාවට කරන්න පුළුවන් හොඳ සෙල්ලමක්.

3. ගී මිමිනීම්  

අපි මේකට කියන්නේ humming කියලා. මේකත් විදුලි කප්පාදුව වෙලාවට පවුලේ කට්ටිය හෝ යාළුවො ටික එකතු කරගෙන කරන්න හොඳ සෙල්ලමක්. එක්කෙනෙක් ගීතයක මුල් හෝ අන්තරා කොටසක් මුමුණන කොට අනිත් අය ඒ ගීතය මොකක්ද කියලා නිවැරදිවම අනුමාන කරලා කියන්න ඕනේ. නැත්නම් කිසියම් ටෙලි නාට්‍යක, කාටූන් එකක, movie එකක තේමා ගීත වගේ ඒවා මුමුණා ඒ නිර්මාණය මොකක්ද කියලා හරියටම අනුමාන කරන්න අනිත් අයට අවස්ථාව සලසා දෙන්න පුළුවන්. මේකත් කට්ටියට හරිම විනෝදයෙන් කරන්න පුළුවන් සෙල්ලමක්.  

4. හොල්මන් කතා වටය

මේකත් පුංචි කාලේ කළුවර වෙලාවට අපි කරපු හරිම thirilling වැඩක්. ටිකක් බය හිතෙන වැඩක් වුනාට විනෝදය උපරිමයි. වැඩිහිටි පරම්පරාවේ කට්ටිය ඉන්නවනම් වැඩිපුර රස කතා අහගන්නත් පුළුවන්. කට්ටිය එකතු වෙලා තම තමන්ගේ හොල්මන් කතා අත්දැකීම් වගේම, අහපු, දැකපු, හදපු හොල්මන් කතාත් රසවිඳින්න මේ විදුලි කප්පාදු මොහොතවල් හරිම මරු. හැබැයි වැරදිලා හරි ඔහොම හොල්මන් කතාවක් කියන කළුවර වෙලාවක ගෙදර බළල් උන්නැහේ ඇවිත් ඇඟේ ගෑවුනත් නැත්නම් කුස්සියේ හයියෙන් කෝප්පයක් වත් පෙරලුනොත් කට්ටියගෙම හුස්ම පොඩ්ඩකට නතර වෙනවනම් සිකුරුයි.

5. බූරුවා ගහමු

ඔන්න කරනවානම් විදුලි කප්පාදුව වෙලාවට කරන්න පුළුවන්, වෙලාව යනවා දැනෙන්නේ නැති සෙල්ලමක් තමයි කාර්ඩ් සෙල්ලම්. බිමින් පැදුරක් එහෙම දාල, ඉටිපන්දමක් දෙකක් පත්තු කරගෙන, පවුලේ කට්ටිය, නැත්නම් යාලුවෝ ටික එකතු වෙලා, පොඩි දරුවෝ ඉන්නවනම් එයාලටත් ගැළපෙන විදිහට කාර්ඩ් සෙල්ලම් කරන්න ඔබට පුළුවන්. කාර්ඩ් අතක් නැත්නම් නයි බෝර්ඩ් (Snake and ladder) එකක් තිබ්බත් අපූරුයි. කළුවර නිසා  පොඩ්ඩක් හොර කරන්නත් පුලුවන්නම් ඕන නම්. විදුලිය නැවත එනකම්ම වෙලාව යනවා දැනෙන එකකුත් නැහැ.

6. තරු කතා

ඔය කලුවර පැය ගාන, කිසි ගානක් නැතුව ගෙවාගන්න පුළුවන් තවත් විදිහක් තමා තරු කතා. හැබැයි ඒ තාරකා තියෙන රාත්‍රියක් වුනොත් තමයි. විශේෂයෙන්ම ඔබේ පවුලේ පොඩි දරුවෝ එහෙම ඉන්නවා නම් මේ එයාලත් එක්ක එකට එකතු වෙලා අහසේ තියෙන තරු, තරු රටා හා ඒවල ජනප්‍රවාද ඔවුන්ට කියල දෙන්න රසවත්ම වෙලාවක්. පොඩි දරුවෝ විතරක් නෙමේ වැඩිහිටි අපි වුනත් හරිම කුතුහලෙන් ඇහුම්කන් දෙන විෂයක්නේ අභ්‍යවකාශ විෂය කියන්නේ. ඉතින් තරු රටා ගැන කතා වගේම UFO ගැන කතා කියන ගමන්ම, ඒ වෙලාවේ එකතු වෙලා ඉන්න පිරිස හැමෝටම කියන්න එයාල කැමති තරුවක් තෝරාගෙන ඒකට එයාලගෙම කතාවක් ගොතලා කියන්න කියලා. අන්න එහෙම අපිට පුළුවන් මේ කළුවර පැය ගණන ඉතාම නිර්මාණශීලි හා විනෝදාත්මක විදිහට ගෙවාගන්න.

7. අනුකරණ රංගන

අපි ඉතිං නිකම් ඉන්න ගමනුත් දවසකට වතාවක් හරි කාට හරි ඇද කරනවනේ. ඉතිං රජය අපිව කළුවරේ තියන මේ මොහොත හිනාවෙන් ආලෝක කරගන්න පුළුවන් තව සෙල්ලමක් තමයි අනුකරණ රංගන. මුලින්ම පොඩ්ඩක් අතපය දිගෑරලා ඇවිදින්න පුළුවන් තැනකට කට්ටිය එකතු වෙන්න ඕනේ. මිදුල නම් වඩා හොඳයි. ඊට පස්සේ හැමෝටම පොඩි කොළ තීරු කිහිපයක් බෙදලා දීල තමන් කැමති හෝ අකැමති චරිත කිහිපයක නම් ඒවල ලියන්න කියන්න. ඊළඟට ඒවා රෝල් කරලා පොඩි භාජනයක දාලා රවුමේ මුල ඉන්න කෙනාට මුලින්ම එයින් එකක් තෝරාගෙන අදාළ චරිතය අනුකරණය කරන්න කියන්න, ඉතිරි අය නිවැරදිව අනුමාන කරන්න ඕනේ ඒ කව්ද කියලා. ඒ විදිහට වටරවුමේ ඊළඟට ඉන්න අයටත් පුළුවන් අනුකරණ රංගනයෙන් මේ කළුවර පැය ගණන අනිත් අයත් එක්ක සතුටින් ගෙවා දාන පැය ගණනක් කරන්න.  

එහෙනම් මීට පස්සේ කලුවර වෙලාවට මේ වගේ විනෝදයෙන් ඉන්න පොඩි උත්සාහයක් ගන්න_____________________________

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Radisson Hotel Kandy Brings Exclusive Wedding Experiences to Wedding Show 2026 at Kandy City Centre

Radisson Hotel Kandy is set to showcase its signature wedding offerings at the upcoming Wedding

Highlights Trending

The Mystique Nuwara Eliya – Timeless Luxury in the Hills.

Nestled in the heart of Sri Lanka’s picturesque hill country, The Mystique Nuwara Eliya offers

Highlights Trending

ONYX Hospitality Group Celebrates 60th Anniversary, Sets THB 10.33 Billion Revenue Target with THB 5.5 Billion Expansion Plan

ONYX Hospitality Group, a leading hospitality management company in Asia-Pacific, has unveiled its growth strategy

Highlights Trending

Is Your Diamond Actually Real? Why Savvy Sri Lankans are Choosing DINIDU for Non-Negotiable Authenticity

In the fabulous world of heirloom jewellery, the glamour of gemstones can often hide the

Highlights Trending

NH Collection Colombo strengthens leadership with Kedar Dighe as General Manager

Colombo, Sri Lanka – NH Collection Colombo welcomes Mr. Kedar Dighe as General Manager, bringing

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide