MSI සමාගම MGA 2024 සඳහා මාර්ගගත ලියාපදිංචි වීම එළිදක්වයි. .

ලෝකයේ ප්‍රමුඛතම ගේමිං සන්නාමයක් වන MSI සමාගම හරහා පවත්වනු ලබන, 2010 දී ආරම්භ වූ, MGA 2024 හෙවත් MSI Gaming Arena හී මාර්ගගත ලියාපදිංචිය එළි දැක්වීමට මේ වන විටත් සියලු කටයුතු සූදානම් වී තිබෙනවා. MGA යනු, ලොව වටා සිටින, පරිගණක ක්‍රීඩා වල යෙදෙන්නන් සියලු දෙනා මග බලා සිටින වාර්ෂික උත්සව අවස්ථාවක්. මෙමඟින්, එම පිරිසගේ ක්‍රීඩාකරණ හැකියාව ඉහළ නැංවීමත්, ඔවුන්ට ලෝක මට්ටමේ අසමසම ගේමිං අත්දැකීමක් ලබා දීමත්,  පරිගණක ක්‍රීඩා වල යෙදෙන්නන් අතර ජාත්‍යන්තර සහයෝගිතාව ප්‍රවර්ධනයත්, අපේක්ෂා කරනු ලබනවා. 

තරඟාවලියේ ශීර්ෂය ‘Valorant’ වීම සහ, අග්නිදිග හා දකුණු ආසියානු කලාපයන් ආවරණය වන ලෙස පැවැත්වීම MGA 2024 හි සුවිශේෂී අංගයන්. ලෝකය පුරා සිටින පරිගණක ක්‍රීඩා වල යෙදෙන්නන්ට ආකර්ෂණීය හා උද්‍යෝගකර පරිගණක ක්‍රීඩා අත්දැකීමක්  ලබාදෙමින්, මෙම තරඟාවලිය හරහා තායිලන්තය, පිලිපීනය, ඉන්දුනීසියාව, වියට්නාමය, මැලේෂියාව, සිංගප්පූරුව, ඉන්දියාව, ශ්‍රී ලංකාව හා බංගලාදේශය යන රටවල් වල හොඳම පරිගණක ක්‍රීඩාකරණ කණ්ඩායම් එකම වේදිකාවකට ගෙන එනු ලබනවා. මාර්ගගත ලියාපදිංචි වීමේදී එක් රටක් සඳහා උපරිම වශයෙන් slots 32 ක් විවෘතව ඇති අතර එම කටයුතු අගෝස්තු 5 පස්වරු  12.00 (GMT+8) සිට අගෝස්තු 25 රාත්‍රී 11.59 (GMT+8) දක්වා සිදු වනු ඇති. තරඟාවලිය සඳහා ඉදිරිපත් වන කණ්ඩායම් ප්‍රථමයෙන් තම කලාප වලින් තේරී පත් වූ කණ්ඩායම් වලින් තරඟ කරනු ඇති අතර (Online Regional Qualifiers), ඉන් ජයග්‍රහණය කරනු ලබන කණ්ඩායම්, දෙවන අදියරේදී එකිනෙකා සමඟ තරඟ වදිනු ඇති (Online Playoffs). සියලු මාර්ගගත තරඟයන් MSI නිල YouTube නාලිකාව හරහා සජීවීව විකාශය කෙරෙන්නේ තරඟාවලියේ අපූර්වතම මොහොතවල් ලොව පුරා විහිදී සිටින ප්‍රේක්ෂකයින්ට ඒ මොහොතේම අත්විඳ ගැනීමට ඉඩ සලසමින්. 

එහිදී ජයග්‍රහණය කෙරෙන කණ්ඩායම් තායිලන්තයට කැඳවෙනු ඇති අතර, ඔවුන් සඳහා ගුවන් ටිකට්පත්, වීසා බලපත්, නවාතැන්, ප්‍රවාහන පහසුකම් ආදිය MSI සමාගම මගින් සපයනු ලැබේ. තරඟාවලියේ අවසන් මහා තරඟය Thailand Game Show 2024 අතරතුර බැංකොක් Queen Sirikit National Convention Center හී පිහිටා ඇති MSI booth හිදී පැවැත්වේ. මේ අවස්ථාව වන විට ලොව නන්දෙසින් පැමිණෙන ලෝකයේ හොඳම පරිගණක ක්‍රීඩාකරණ කණ්ඩායම් MGA 2024 ජයග්‍රාහකයා වීම සඳහා තරඟ වදිනු ඇති. 

MSI හී නියෝජ්‍ය අලෙවිකරණ සභාපති Sam Chern මහතා ද මේ පිළිබඳව අදහස් පළ කළා. 

“MGI 2024 සඳහා මාර්ගගත ලියාපදිංචි කිරීම් ආරම්භ කිරීමට සියල්ල සූදානම් බව ප්‍රකාශ කිරීමට ලැබීම විශාල ගෞරවයක්. පරිගණක ක්‍රීඩාකරණයේ ප්‍රමුඛයෙක් වන MSI විසින් සංවිධානය කරනු ලබන වාර්ෂික ඉසව්වක් වන මේ හරහා පරිගණක ක්‍රීඩාකරණ‍යේ යෙදෙන පිරිස අගය කිරීම හා පරිගණක ක්‍රීඩාකරණ ක්ෂේත්‍රයේ උන්නතියට දායක වීම ඉලක්ක කෙරෙනවා. ආධුනිකව හා වෘත්තීමය ලෙස පරිගණක ක්‍රීඩා වල යෙදෙන්නන්ට ඔවුන්ගේ හැකියා ප්‍රදර්ශනය කිරීම සඳහා අපි විශාල අවස්ථා ගණනක් සලසනවා. ඉතිහාසගත වන ජයග්‍රහණයන් ලබා ගැනීමටත්, ත්‍යාග හිමි කර ගැනීමටත් ඉහළ කාර්‍යක්ෂමතාවක් සහිත නිෂ්පාදන ලබා දෙමින්, අප ඔවුන්ව දිරිමත් කරනවා. එසේම සැබෑ ලෝකයේ අත්දැකීම් මත පාදක වෙමින්, ඔවුන්ගේ අවශ්‍යතා වලට ප්‍රතිචාර දක්වමින් සෑම පරිගණක ක්‍රීඩා පරම්පරාවකම නිෂ්පාදන වැඩි දියුණු කිරීමත් අප සිදු කරනවා. මේ උත්කර්ෂවත් අවස්ථාව සඳහා ලියාපදිංචි වන ලෙස ලොව නන්දෙස පරිගණක ක්‍රීඩා වල යෙදෙන පිරිසට ආරාධනා කරනවා. සෑම දෙනාටම මේ තරඟාවලියේ උද්‍යෝගකර අවස්ථාවන් අත් විඳීමට හැකියාව ලබා දෙමින් මේ සියලු තරඟ නිල MSI YouTube නාලිකාවේත් විකාශනය කෙරෙනවා.”

තරඟ කාල සටහන:

ලියාපදිංචිය: අගෝස්තු 05 පස්වරු 12:00 (GMT+8) සිට අගෝස්තු 25, රාත්‍රී 11:59 තෙක් (GMT+8)

Online Regional Qualifiers තරඟ වටය:      සැප්තැම්බර් 12 සිට සැසැප්තැම්බර් 17 තෙක්

Online Playoffs තරඟ වටය: සැප්තැම්බර් 21 සහ සැප්තැම්බර් 22 

අවසන් මහා තරඟය: ඔක්තෝම්බර් 19 සහ  ඔක්තෝබර් 20

තරඟ පැවැත්වෙන ස්ථාන:

Qualifiers සහ Playoffs: මාර්ගගත (MSI නිල යූ ටියුබ් නාලිකාව ඔස්සේ) 

අවසාන මහා තරඟය: Thailand Game Show 2024 අතරතුර බැංකොක් Queen Sirikit National Convention Center හී පිහිටා ඇති MSI booth හිදී

MGA 2024:    https://mga.msi.com/

MSI:                             https://www.msi.com

MSI YouTube:   https://www.youtube.com/user/MSIGamingGlobal

MSI Facebook: https://www.facebook.com/MSIGaming

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

25% Off Lunch at Harbour Court This September

Make lunch plans worth looking forward to this September at The Kingsbury’s Harbour Court, with

Highlights Trending

Barista Reaches 100 Outlets, Bringing World-Class Coffee Experience Closer Across Sri Lanka

Barista Coffee Lanka marked a significant milestone in its journey on 31 August 2026 with

Highlights Trending

L’Incontro: An Italian Table by the Bentota Coast

There’s something particularly appealing about an Italian restaurant at the beach. Perhaps it’s the shared

Highlights Trending

Yazu at the Beach Brings Galle’s Pan-Asian Flavour to ON14

Colombo, your dinner plans just got a whole lot more interesting. On 28 August, Yazu

Highlights Trending

Gatz at City of Dreams Sri Lanka Brings Live Entertainment to the Heart of Colombo

Gatz Re-imagined brings a fresh take on classic supper club culture, with live entertainment throughout

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide