MSI Launches Next-Gen AI+ Gaming and Business & Productivity Laptops with Latest Processors at IFA 2024.

IFA 2024 හිදී MSI නවතම ප්‍රොසෙසර සහිත Next-Gen AI+ ගේමිං, ව්‍යාපාර සහ ඵලදායිතා ලැප්ටොප් පරිගණක හඳුන්වා දේ.

නවතම AI-supported ප්‍රොසෙසර සහ NVIDIA® GeForce RTX™ ග්‍රැෆික් කාඩ්පත් වලින් බලගැන්වීම්

ඊට අමතරව, MSI හරහා Intel Core™ අල්ට්‍රා ප්‍රොසෙසර (Series 2) මගින් බල ගැන්වුණු, අඟල් 8 ක තිරයක් සහිත නවතම ගේමිං හෑන්ඩ් හෙල්ඩය වන Claw 8 AI+ Windows 11 හඳුන්වා දුන්නේ වඩා සුමට වූත්, පුළුල් වූත් ගේමිං අත්දැකීමක් ලබා දෙමින්.

එසේම, අඩු බරක් සහ ඉහළ කාර්‍යක්ෂමතාවක් යන සං‍යෝජනය නැවත අලුත් කරමින්, නවතම  Venture පරිගණක මාලාව පිළිබඳවද එහිදී ප්‍රකාශයට පත් කරනු ලැබුවා. Intel Core™ අල්ට්‍රා ප්‍රොසෙසර (Series 2) සහිත මෙම ලැප්ටොප් පරිගණක, අඟල් 14, 15.6, 16, සහ 17 යන ප්‍රමාණ වලින් ලබා ගත හැකියි.

“MSI මේ කර්මාන්තය තුළ පවතින AI සහ PC සම්මිශ්‍රණය වුණු නිෂ්පාදන මාලාවක් ගෙන එනවා විතරක් නෙවෙයි, ලෝකය පුරාම ඉන්න ගේමර්ස්ලා වෙනුවෙන්ම නිර්මාණය කරපු අලුත්ම වර්ගයේ විවිධාකාර ලැප්ටොප් සහ හෑන්ඩ් හෙල්ඩ් උපාංගත් හඳුන්වා දෙනවා.” එසේ පැවසුවේ MSI හී ලැප්ටොප් ව්‍යාපාර ඒකකයේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂ සහ කළමණාකාරී Eric Kuo මහතා. “Next-gen AI පරිගණකකරණය හා තවත් උද්වේගකර ගේමිං නිෂ්පාදන පෙළක අත්දැකීමක් ලබා ගැනීම සඳහා ලෝකය වටෙන්ම පැමිණෙන අමුත්තන්ව අපේ MSI කුටියට අපි සාදරයෙන් පිළිගනු ලබනවා.

Prestige & Summit: Intel® Core™ අල්ට්‍රා ප්‍රොසෙසර සහිත (Series 2) ප්‍රමුඛතම Next-gen AI+ ව්‍යාපාර සහ ඵලදායිතා ලැප්ටොප් පරිගණක.

IFA 2024 හිදී, MSI ප්‍රථම, Intel Core™ අල්ට්‍රා ප්‍රොසෙසර (Series 2) මඟින් බල ගැන්වුණු, ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම Next-gen AI+ව්‍යාපාර සහ ඵලදායිතා ලැප්ටොප් පරිගණක නිකුත් කෙරෙනවා. පෙර ජෙනරේෂන් එක හා සසඳන විට, නවතම ප්‍රොසෙසර, අනුකලිත GPU, CPU, සහ NPU සමඟින් තෙගුණයක් TOPs ලබා දෙනවා. එමඟින් පූර්ණ වශයෙන් platform TOPS 120 ක AI ක්‍රියාකාරීත්වයක් ලබා දෙන අතර ඒ හරහා AI මෘදුකාංග සහ සේවා ගණනාවක් ස්ථානීයව හැසිරවිය හැකියි. 100 කට අධික ස්වාධීන මෘදුකාංග අලෙවිකරුවන්ගෙන් ලබාගත්, මෘදුකාංග  සහ සේවා සමඟ මෙම පරිගණක ක්ෂණික සහ ආරක්ෂිත අත්දැකීමක් පරිශීලකයින්ට ලබා දෙනවා.

ඊට අමතරව, මෙය AI හා සබැඳි සේවාවන් සඳහා වඩාත්ම සුදුසු වේදිකාව බවට පත් කරමින් එමගින් AI මොඩල 500 කට අධික ප්‍රමාණයක් ප්‍රශස්ත ලෙස භාවිතා කර තිබෙනවා. එහි ප්‍රමුඛ AI ක්‍රියාකාරීත්වයට අමතරව Intel Core™ අල්ට්‍රා ප්‍රොසෙසර (Series 2) වලට සුවිශිෂ්ට ශක්ති කාර්‍යක්ෂමතා අනුපාතයක් ද පවතිනවා. එම නිසා Prestige සහ Summit වැනි, දීර්ඝ, බැටරි ආයු කාලයක් සහිත, බරින් ඉතා අඩු, සිහින්, ව්‍යාපාර හා ඵලදායිතා ලැප්ටොප් පරිගණක නිර්මාණය කිරීමට හැකියාව ලැබී තිබෙනවා. 

“Intel’s long-standing partnership with MSI has been instrumental in co-engineering the MSI Prestige and Summit. Harnessing the power of AI with the all-new Intel Core™ Ultra processors that redefine what’s possible in modern computing, these devices offer an unmatched balance of performance and energy efficiency. Together, we’re proud to unveil the next generation of AI PCs that will revolutionize experiences for gamers, creators, and professionals alike,” said, Intel executive vice president and general manager, Client Computing Group.

 “Intel සහ MSI අතර තියෙන මේ දීර්ඝ කාලීන සහයෝගීතාව, Prestige සහ  Summit ලැප්ටොප් පරිගණක සම-නිර්මාණකරනය සම්පූර්ණ කරගැනීමට බොහෝ උපකාර වුණා. නූතන පරිගණනයේ හැකියාවන් යළි යළිත් අලුත් කරමින්, නවතම Intel Core™ අල්ට්‍රා ප්‍රොසෙසර හරහා කෘත්‍රිම බුද්ධියේ බලය උපයෝගී කර ගනිමින් මේ උපාංග අසමසම ක්‍රියාකාරීත්වයක් හා ශක්ති කාර්‍යක්ෂමතාවක් ලබා දෙනවා. පරිගණක ක්‍රීඩා වල යෙදෙන්නන්, නිර්මාණකරුවන් හා වෘත්තිකයන්ගේ අත්දැකීම් වෙනස් කරවමින්, අප ඊළඟ පරම්පරාවේ AI PC ඔබ වෙත ගෙන එන්නේ ඉතාමත් ආඩම්බරයෙන්.” එසේ පැවසුවේ Intel හී නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂ සහ Client Computing Group හී සාමාන්‍යාධිකාරී Michelle Johnston Holthaus මහතා. 

Prestige ලැප්ටොප් පරිගණක අඟල් 13, 14 සහ 16 ලෙස ප්‍රමාණ තුනකින් ලබාගත හැකියි. නවතම ප්‍රොසෙසර වලට අමතරව, අඩු බර, විශාල බැටරි, ඒවායේ දීර්ඝ ආයු කාලයන්, Prestige පරිගණක මාලාවේම දක්නට ලැබෙන සුවිශේෂී අංගයන් වනවා. නිදසුනක් ලෙස, පෙර Prestige පරිගණක මාලාව හා සසඳන විට, මෙම පරිගණක සියල්ල වඩා දීර්ඝ බැටරි ආයු කාලයක් ඇති බැටරි සහිත වීම, වීඩියෝ ධාවනය සහ අනෙක් කාර්‍යයන් සඳහා පැය 20ක් දක්වා වූ උපරිම ඵලදායිතාවක් ලබා දීම ආදියට වැඩි දියුණු කොට තිබෙනවා. ඊට අමතරව තත්ත්වයෙන් ඉහළ live streaming සහ මාර්ගගත (online) රැස්වීම් ආදිය සඳහා මෙගා පික්සල් 5 ක වෙබ් කැමරාවක් ද මේවාට ඇතුළ් කොට තිබෙනවා. එය, XX හිදී, £XXX මුදලක සිට මිලට ගැනීමේ හැකියාව පවතිනවා.

Prestige 13 පරිගණකය, 1080p video ධාවනය සහ streaming සඳහා පරීක්ෂාවට ලක්කොට ඇත. පද්ධති සැකසුම් අනුව ප්‍රතිඵල වෙනස් විය හැකිය. 

“Intel’s long-standing partnership with MSI has been instrumental in co-engineering the MSI Prestige and Summit. Harnessing the power of AI with the all-new Intel Core™ Ultra processors that redefine what’s possible in modern computing, these devices offer an unmatched balance of performance and energy efficiency. Together, we’re proud to unveil the next generation of AI PCs that will revolutionize experiences for gamers, creators, and professionals alike,” said Michelle Johnston Holthaus, Intel executive vice president and general manager, Client Computing Group.

 “Intel සහ MSI අතර තියෙන මේ දීර්ඝ කාලීන සහයෝගීතාව, Prestige සහ  Summit ලැප්ටොප් පරිගණක සම-නිර්මාණකරනය සම්පූර්ණ කරගැනීමට බොහෝ උපකාර වුණා. නූතන පරිගණනයේ හැකියාවන් යළි යළිත් අලුත් කරමින්, නවතම Intel Core™ අල්ට්‍රා ප්‍රොසෙසර හරහා කෘත්‍රිම බුද්ධියේ බලය උපයෝගී කර ගනිමින් මේ උපාංග අසමසම ක්‍රියාකාරීත්වයක් හා ශක්ති කාර්‍යක්ෂමතාවක් ලබා දෙනවා. පරිගණක ක්‍රීඩා වල යෙදෙන්නන්, නිර්මාණකරුවන් හා වෘත්තිකයන්ගේ අත්දැකීම් වෙනස් කරවමින්, අප ඊළඟ පරම්පරාවේ AI PC ඔබ වෙත ගෙන එන්නේ ඉතාමත් ආඩම්බරයෙන්.” එසේ පැවසුවේ Intel හී නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂ සහ Client Computing Group හී සාමාන්‍යාධිකාරී Michelle Johnston Holthaus මහතා.

AMD Ryzen AI ප්‍රොසෙසර වල ගේමිං හා ව්‍යාපාර ඵලදායිතාව: සියලු ඉල්ලුම් සැපිරීම සඳහා MSI වෙනස්ම තනා දෙන්නේ වෙනස්ම වේදිකාවක්.

IFA 2024 හිදී, MSI AMD Ryzen™ AI 300 මාලාවේ ප්‍රොසෙසර සහිත, Stealth A16 AI+, Summit A16 AI+, Prestige A16 AI+ සහ Creator A16 AI+ ඇතුළු නවතම ලැප්ටොප් පරිගණක ප්‍රදර්ශනය කරනු ඇති. AMD Ryzen AI processors ඉතා සුවිශේෂී අංගයක් වන මෙම පරිගණක වලට පෙර පරම්පරාවේ පරිගණක මෙන 2.8 ගුණයක TOPs ලබා දිය හැකි වන අතර කෘත්‍රිම බුද්ධි පරිගණන විභවය ආශ්‍රයෙන් ප්‍රශස්ත ලෙස භාවිතයට ගැනීමා හැකියාව පවතිනවා. එමඟින්, ජනන කෘත්‍රිම බුද්ධිය (generative AI) විශාල ලැන්ග්වේජ මොඩල සෘජුවම මෙම ලැප්ටොප් පරිගණක තුළ භාවිතයට ගත හැකි වනවා.

Stealth A16 AI+ සහ Creator A16 AI+ වෙසෙසින්ම නිපදවා තිබෙන්නේ පරිගණක ක්‍රීඩා වල නියැළෙන්නන් හා නිර්මාණකරුවන් වෙනුවෙනි. අතිශයින් සිහින් හා බරින් අඩු මැග්නීසියම්-ඇලුමිනියම් මිශ්‍ර ලෝහයෙන් සැදි රාමුවෙන් යුතු මෙම ලැප්ටොප් පරිගණක මාලාව නවතම NVIDIA® GeForce RTX™ 40 ග්‍රැෆික් කාඩ් මාලාව හරහා, පරිශීලකයින්ට වඩා සුමට හා අපූර්ව අත්දැකීමක් ලබා දෙනවා. 

එසේම, Summit A16 AI+ සහ Prestige A16 AI+ යන ලැප්ටොප් පරිගණක  AMD Ryzen™ AI 300 Series Processors 

කෘ ත්‍රිම බුද්ධිය මඟින් පාලනය මෘ දුකාංග ද්විත්වය වන MSI AI Engine සහ MSI AI Noise Cancellation Pro යන සුවිශේෂාංග එළි දක්වමින්. මෙම නව්‍යකරණය කරන ලද ලැප්ටොප් සැලැස්මෙන් හා ප්‍රශස්ත ලෙස භාවිතයට ගෙන ඇති කෘ ත්‍රිම බුද්ධිය මඟින් ක්‍රියාත්මක වන මෘ දුකාංග හේතුවෙන් Summit A16 AI+ සහ Prestige A16 AI+ යන ලැප්ටොප් පරිගණක, ව්‍යාපාර ක්ෂේත්‍රය සඳහා වඩාත්ම යෝග්‍ය පරිගණක බවට පත් වනු ඇති. 

Claw 8 AI+: Intel Core™ අල්ට්‍රා ප්‍රොසෙසර (Series 2) සහිත ලෝකයේ ප්‍රථම Windows 11 ගේමිං හෑන්ඩ් හෙල්ඩය.

2024 වර්ෂයේ පටන්ම MSI ගේමිං හෑන්ඩ් හෙල්ඩය වෙළෙඳපොළේ සුවිශේෂී ස්ථානයක් හිමි කරගන්නවා. මෙය පාදක කරගනිමින්, MSI විසින්,  Intel® Core™ අල්ට්‍රා ප්‍රොසෙසර (Series 2) මඟින් බලගැන්වූ ලෝකයේ ප්‍රථම Windows 11 ගේමිං හෑන්ඩ් හෙල්ඩය වන Claw 8 AI+ පිළිබඳව IFA හිදී ප්‍රකාශයට පත් කරන්නේ, නැවත වතාවක් ලෝකයේ සිටින ගේමිං හෑන්ඩ් හෙල්ඩ රසිකයන්ගේ අවධානය දිනා ගනිමින්. පරිගණක ක්‍රීඩා වල නියැළෙන්නන්ට මෙවර තනි තනි පුද්ගලයින් වශයෙන් එම හෑන්ඩ් හෙල්ඩයේ අත්දැක ගැනීමටද හැකි වනු ඇති.

ඊළඟ පරම්පරාවේ ප්‍රොසෙසර වල, වැඩි දියුණු කරන ලද ශක්ති කාර්‍යක්ෂමතාවට අමතරව, MSI, පාරිභෝගික ප්‍රතිචාර වලට සවන් දී, ඒවාට අනුකූලව, LB/RB බොත්තම් වල ස්පර්ශ සංවේදනය වැඩි දියුණු කරමින්, Thunderbolt 4-supported USB-C port එකක් ලැප්ටොප් පරිගණක වලට ඇතුළත් කිරීම, බැටරි ධාරිතාව ඉහළ නැංවීම, සුපුරුදු ලැප්ටොප් චාජර, බිත්තියකට සවි කළ හැකි සැහැල්ලු චාජර වලින් ප්‍රතිස්ථාපනය කිරීම ආදී දෘ ඪාංග වලද යම් යම් වෙනස්කම් සිදුකර තිබෙනවා. Claw 8 AI+ ගේමිං හෑන්ඩ් හෙල්ඩය වෙළෙඳපොළේ පවතින වඩාත්ම උසස් හෑන්ඩ් හෙල්ඩය බවට පත් වීම අපේක්ෂා කෙරෙනවා. නිල වශයෙන් වෙළෙඳපොළට නිකුත් ම්කිරීමෙන් පසුව, මේ මොහොතේ වඩාත්ම ජනප්‍රිය AAA ගේම් අත්විඳ ගැනීම සඳහා පාරිභෝගිකයින්ට ඉඩ සලස්වනු පිණිස හෑන්ඩ් හෙල්ඩය සඳහා, මසක free trial එකක් සහිත Xbox Game Pass එකක් ලබා දෙනු ඇති. කරුණාකර, නිකුත් කිරීමේ දිනය පිළිබඳ අවධානයෙන් සිටින්න. 

නවතම Venture ලැප්ටොප් පරිගණක මාලාව

දිගු කාලයක් තිස්සේ, MSI විවිධ වර්ග වල ව්‍යාපාර හා ඵලදායිතා ලැප්ටොප් පරිගණක හඳුන්වා දෙමින්, ඒ හා සමඟම මෙම නිෂ්පාදන තවත් වැඩි දියුණු කිරීමට විවිධ සැලසුම්,ක්‍රම සහ විධි අනුගමනය කරමින් සිටිනවා. මේ සාර්ථකත්වය පදනම් කරගනිමින් නවතම Venture ලැප්ටොප් මාලාව අඟල් 14, 15.6, 16, සහ 17 යන ප්‍රමාණ වලින් ලබාගත හැකි බව MSI සමාගම ප්‍රකාශ කරන්නේ ඉතාමත් ආඩම්බරයෙන්. Venture ලැප්ටොප් මාලාවේ පරිගණක Intel Core™ අල්ට්‍රා ප්‍රොසෙසර (Series 2) සහිත වන අතර16:10 OLED තිරය සහ 100% ක DCI-P3 Color gamut ආවරණය හරහා ගුණාත්මක බවින් ඉහළ වර්ණ රූප නැරඹීමේ අවස්ථාව පරිශීලකයාට ලබා දෙනවා.

තවද, ඔවුන්ට අසීමිත ඵලදායිතාවක් ලබා දෙමින්, 100W USB PD charing සහිත වැඩි දියුණු කරන ලද බැටරි ආයු කාලයක් ලබා දෙනවා. එසේම MSI මගින් වැඩි දියුණු කරන ලද AI තාක්ෂණ සහය උපයෝගී කරගනිමින් කාර්‍යයන් ඉටු කර ගැනීමේ හැකියාව මෙම ලැප්ටොප් වලට පවතිනවා. MSI AI engine යෙදුමට, performance light, audio, visual ආදියෙන් ස්වයංක්‍රීයව සීරුමාරු විය යුත්තෙ මොනවාදැයි සැකසීමට හැකියාව පවතිනවා. 

 ඉහත සඳහන් සියලු උපාංග IFA 2024 හී MSI කුටියේ ප්‍රදර්ශනය කෙරෙනවා. ලෝකයේ නන් දෙසින් පැමිණෙන සැපයුම්කරුවන්ට, මාධ්‍ය වලට සහ නරඹන්නන්ට එහි පැමිණ තම ප්‍රතිචාර ලබා දෙන ලෙස MSI සමාගම ඇරයුම් කර සිටින අතර මේ සියලු දෙනාගේ පැමිණීමත් MSI විසින් අපේක්ෂා කරනු ලබනවා. 

වැඩි විස්තර පහතින්:

කුටි අංකය: H11.2-113

කුටි ලිපිනය: Messe Berlin Messedamm 22, 14055 Berlin, Germany

ප්‍රදර්ශන කාල සීමාව: 2024/09/06 – 09/10 10:00 – 18:00

* සියලු නිෂ්පාදන වල පිරිවිතර, ක්‍රියාකාරීත්වය සහ බාහිර පෙනුම, මොඩල හා අදාළ රට අනුව වෙනස් විය හැකිය. සියළු පිරිවිතර, පූර්ව දැනුම් දීමකින් තොරව වෙනස් කිරීමට ලක් විය හැකිය

* *Copilot+ PC අත්දැකීම විඳගන්න සූදානම් වෙන්න. මේ වසර අග පටන් නොමිලේ ලබාදෙන යාවත්කාලීන කිරීම් මේ සඳහා අවැසි වේ. එම කාල සීමාවන් උපාංගය හා කලාපය මත වෙනස් වේ. පිවිසෙන්න aka.ms/copilotpluspcs

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

What is the DINIDU Lanka Pendant & Is It Sri Lanka’s Most Recognisable Modern Jewellery Icon?

Few gold pendants crafted in Sri Lanka carry the weight of identity quite like the DINIDU Lanka Pendant. Shaped after

Highlights Trending

Radisson Hotel Kandy Welcomes Global Travel Influencers to Showcase Sri Lanka’s Hill Capital and Island Experiences

Radisson Hotel Kandy recently welcomed a group of eight global travel and lifestyle influencers as

Highlights Trending

A Taste of the Swiss Alps comes to Colombo

High in the Swiss Alps, where mountain landscapes shape both life and cuisine, Chef Heinz

Highlights Trending

Sheraton Colombo Unveils a New Chapter for Ceylon Bake Shop with a Fresh Home in the Hotel Lobby

Sheraton Colombo Hotel is delighted to announce the relocation of its beloved Ceylon Bake Shop

Highlights Trending

ITC Ratnadipa Introduces Rūhāniyat, an Indian Heritage Dining Experience, Available Until 16 August

ITC Ratnadipa introduces Rūhāniyat, an Indian heritage dining experience that invites diners to discover the

Highlights Trending

Anantara Peace Haven Tangalle Resort Introduces Panoramic Ocean View Rooms, Elevating Luxury on Sri Lanka’s Southern Coast

Set along Sri Lanka’s southern shores, Anantara Peace Haven Tangalle Resort announces the introduction of

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide