කෘත්‍රිම බුද්ධි පරිගණක විප්ලවකරණයේ මුල් තැන හොබවන MSI .

AI PCs are becoming the next big thing in the tech world, with every major PC brand vying to take the lead. As software increasingly harnesses AI, users will need AI-capable PCs to enhance productivity and entertainment. But before diving into why MSI is ahead in this race, let’s first explore why AI PCs are essential for the future.

සෑම පරිගණක සන්නාමයක්ම පරිගණක ලොවේ ප්‍රමුඛයා වන්නට තරඟයක යෙදී සිටින අතරේ ක්ෘත්‍රිම බුද්ධි පරිගණක තාක්ෂණික ලොවේ මීළඟ පෙරළිකාර අංගය බවට පත්ව තිබෙනවා. මෘදුකාංග සඳහා කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීම ඉහළ යාමත් සමඟ පරිගණක පරිශීලකයින්ට ඵලදායිතාව හා විනෝදාස්වාදය ඉහළ නංවා ගැනීම සඳහා කෘත්‍රිම බුද්ධිය භාවිතයට ගත හැකි පරිගණක අවැසි වනවා. එහෙත්, මේ තරඟයේ පෙරමුණේම සිටින MSI ගැන වැඩිදුර තොරතුරු සොයා බැලීමට ප්‍රථමයෙන් කෘත්‍රිම බුද්ධි පරිගණක අනාගතයට අත්‍යවශ්‍ය වන්නේ ඇයිදැයි අපි ගවේෂණය කරමු.

කෘත්‍රිම බුද්ධි පරිගණකයක් යනු කුමක්ද?

සරලවම, කෘත්‍රිම බුද්ධි පරිගණකයක් නිර්වචනය වන්නේ එහි නියුරල් ප්‍රොසෙසින් යුනිට් එක හෙවත් NPU එක මතයි. NPU යනු, පරිගණකයේ ප්‍රධානම ප්‍රොසෙසරය තුළ තැන්පත් කරන ලද විශේෂ චිපයකි. මෙම චිප වෙසෙසින්ම නිර්මාණය කර ඇත්තේ කෘත්‍රිම බුද්ධිය හා අදාළ කාර්‍යය රැස හැසිරවීම සඳහායි. එය අතිශයින්ම වේගවත්ව හා කාර්‍යක්ෂමව කෘත්‍රිම බුද්ධිය ඇසුරෙන් සිදු කරනු ලබන කාර්‍යයයන්  සිදු කරනු ලබන්නේ සාමාන්‍ය සාම්ප්‍රදායික පරිගණක වලින් කෘත්‍රිම බුද්ධි පරිගණක වෙන් කරනු ලබන ප්‍රධානම අංගය බවට පත් වෙමිනි.

ඒ හේතුවෙන් කෘත්‍රිම බුද්ධි පරිගණකය යන්නෙහි නිර්වචනය අනුව මෑතකදී සාකච්ඡාවට බඳුන් වූ Copilot+ පරිගණකයද කෘත්‍රිම බුද්ධි පරිගණකයක් ලෙස හැඳින්විය හැකියි. කෙසේ වුවත්, නියුරල් ප්‍රොසෙසින් යුනිට් (NPU) එකෙහි යම් කිසි මට්ටමක් දක්වා වූ පරිගණන විභවයක් හෝ යම්කිසි මතක ධාරිතාවක් වැනි අතිරේකක අවැසිතා ද මයික්‍රොසොෆ්ට් මෘදුකාංග සඳහා අවශ්‍ය වේ.

අපට කෘත්‍රිම බුද්ධි පරිගණක අවැසි වන්නේ ඇයි?

කෘත්‍රිම බුද්ධි පරිගණක වල අවැසිතාවක් ඇති වන්නේ කෘත්‍රිම බුද්ධිය ආශ්‍රයෙන් ක්‍රියාත්මක වන මෘදුකාංග හා කාර්‍යයන් ප්‍රමාණය වැඩි වීමත් සමඟයි. බොහෝ ඩිවලොපර්වරු කෘත්‍රිම බුද්ධියෙන් ක්‍රියාත්මක වන අංගෝපාංග, නවතම සහ දැනට පවතින මෘදුකාංග හා ඒකාබද්ධ කිරීම නිසා NPU එකක් සහිත පරිගණකයක් තිබීම හරහා මෙම කාර්‍යයන් ඉක්මනින් හා කාර්‍යක්ෂ්මව සිදු කිරීම සහතික කෙරෙනවා. Intel සමාගමට අනුව සිදුවන්නේ කෘත්‍රිම බුද්ධිය අනුසාරයෙන් වඩාත් වැඩි දියුණු කරන ලද මෘදුකාංග සඳහා ඇති ඉල්ලුම ඉහළ යෑම පමණි. ඊට අමතරව NPU ඉතා කාර්‍යක්ෂම වන අතර එනම්, වැඩිමනක් යෙදවුම් කෘත්‍රිම බුද්ධියෙන් ක්‍රියාත්මක කරවීමට හැකි වනු ඇත. දීර්ඝ බැටරි ආයු කාලයකට හා වැඩි පහසුතාවකට මග සලසමින් ඔබේ පරිගණකය අඩු ශක්තියක් පරිභෝජනය කරනු ඇත. 

කෘත්‍රිම බුද්ධි පරිගණක වලට දැන් කළ හැක්කේ මොනවාද?

මෙම පරිගණක තවමත් පවතින්නේ ඒවායේ මුල් අදියර වල වුවත්, ඒවාට දැනටමත් අතිශයින් විස්මය දනවන සුළු කාර්‍යයන් සිදු කළ හැකිය. නිදසුනක් ලෙස එම පරිගණක වලට ඉතා අඩු ශක්තියකින්, පසුබිම බොඳ කිරීම මගින් හෝ eye-contact පවත්වා ගැනීම මගින් වෙබ් කැම් වලින් ලබා ගන්නා ඡායාරූප වල quality වෙනස් කළ හැකියි. තවද, මෙම පරිගණක වලට, වීඩියෝ සංස්කරණ යෙදවුම් වලදී කෘත්‍රිම බුද්ධියෙන් පණ ගන්වන ලද effects, offload කළ හැකි අතර එසේම සරල සිතුවම්, අනායාසයෙන් හා ශීඝ්‍රයෙන් වැඩි තොරතුරු ප්‍රමාණයක් අඩංගු, සංකීර්ණ images බවට බවට හැරවිය හැකියි. වඩාත්ම වැදගත් දෙය වන්නේ මේ සියල්ල වඩාත් ඉක්මනින් හා කාර්‍යක්ෂමව සිදු කෙරෙන බව තහවුරු කරමින් ඒවා NPU හරහා බලගැන්වීමයි.

මයික්‍රොසොෆ්ට් සමාගම විසින් ද Copilot+ පරිගණකය සඳහාම විශේෂිත වූ යෙදවුම් මාලාවක් හඳුන්වා දී තිබෙනවා. 

Recall – පරිශීලකයින්‍ට files හෝ images ආදිය search කිරීමට උපකාර කරයි. 

Cocreator – සරල සිතුවම්කරණ මෙවලමක්, මෙය text-to-image යෙදුම හා ඒකාබද්ධ කොට ඇත.  

Live caption – real time වීඩියෝ පරිවර්තන මෙවලමකි. 

මේ සියල්ලෙන් ඉලක්ක කොට ඇත්තේ පරිගණකය භාවිතා කිරීමේ පහසුතාව ඉහළ නංවා ගැනීමයි. 

MSI මෙම කෘත්‍රිම බුද්ධි පරිගණක තරඟයේ මුල් තැන ගන්නේ ඇයි?

පරිගණක කර්මාන්තය තුළ සිදු කරන නව සොයා ගැනීම් සඳහා දක්වන දැඩි කැපවීම වෙනුවෙන් MSI සමාගමට ඇත්තේ ඉහළ පිළිගැනීමක්. 2018 සිට MSI සමාගම බුද්ධියෙන් යුත් මෘදුකාංග නිර්මාණය කිරීමට අවධානය යොමු කොට තිබෙනවා. වර්තමානයේ AI හැකියාවන් බවට හැරී තිබෙන්නේ එයයි. නිදසුනක් ලෙස Gaming Mode සලකා බලන්න. එමඟින් ඔබේ පරිගණකය ගේමිං සඳහා ස්වයංක්‍රීයව ප්‍රශස්තකරණය (optimize) කරනු ලැබීම අද අප දකිනු ලබන කෘත්‍රිම බුද්ධි ක්‍රියාකාරකම් වල ආරම්භක අවස්ථාවකි. MSI AI Engine හෝ MSI AI Artist වැනි සංකීර්ණ, කෘත්‍රිම බුද්ධි පරිගණක  සඳහාම නිර්මාණය කෙරුණු මෘදුකාංග පෙළක් MSI සමාගම සතුව පවතන අතර NVIDIA RTX AI Event වැනි ක්ෂේතරයේ දැවැන්ත උත්සව අවස්ථාවන් වල සිය AI solutions ප්‍රදර්ශනය කරනු ලබන එකම සන්නාමය එයයි. 

මෘදුකාංග වලට ඔබ්බෙන්, MSI වඩාත් විස්තීර්ණ කෘත්‍රිම බුද්ධි පරිගණක මාලාවක් හඳුන්වා දෙනු ලබනවා. මෙයට, සම්මත කෘත්‍රිම බුද්ධි පරිගණක, Copilot+ පරිගණක සහ RTX ග්‍රැෆික් සහිත ප්‍රිමියම් කෘත්‍රිම බුද්ධි පරිගණක ආදී පරිශීලකයින්ගේ විවිධ අවශ්‍යතා වලට භාවිතා කළ හැකි පරිගණක අයත් වනවා. IFA ප්‍රදර්ශනයේදී MSI සමාගම හරහා, AMD strix point හෝ Intel Luna Lake ප්‍රොසෙසරයෙන් බලගැන්වුණු Copilot+ පරිගණක පෙළ හඳුන්වා දුන්නා. ඒවායෙන්, අතිශයින් සිහින්, Prestige පරිගණක මාලාව, Summit පරිගණක මාලාව සහ විභවයෙන් ඉහළ Stealth A16  සහ Creator A16 පරිගණක නිෂ්පාදනය වූ අතර මේ සියල්ලෙන් සෑම පරිශීලකයෙක්ටම සුදුසු පරිගණකයක් ඇති බව සහතික කෙරුණා. 

Stealth A16 AI+ : විභවයෙන් ඉහළම Copilot+ පරිගණකය

ඉහළම සිසිලන ධාරිතාවක් සහිත විභවයෙන් ඉහළ Strix Point ප්‍රොසෙසරය සහ RTX 40 ග්‍රැෆික් කාඩ් මාලාව නිසා  Stealth A16 AI+ පරිගණකය මිහිමත ඇති බලවත්ම පරිගණකය බවට පත් වන්නේ, එහි ඉහළ කෘත්‍රිම බුද්ධි හැකියාවන් සහ සුවිශේෂී ක්‍රියාකාරීත්වය හේතුවෙන්. 

Creator A16 AI+ : නිර්මාණකරුවන් සඳහා වන විභවයෙන් ඉහළම Copilot+ පරිගණකය

Creator A16 AI+ නිමවා ඇත්තේ තම නිර්මාණ වල තත්ත්වය වැඩි දියුණු කර ගැනීම සඳහා කෘත්‍රිම බුද්ධිය විශාල වශයෙන් භාවිතා කරන නිර්මාණකරුවන් වෙනුවෙනි. මේ පරිගණකයෙන්, විවිධ කාර්‍යයන් ඉටු කිරීම සඳහා ගත වන  කාලය සැලකිය යුතු මට්ටමකින් අඩු කොට, කාර්‍යක්ෂමතාව ඉහළ නංවන කෘත්‍රිම බුද්ධි හැකියාවන් සහ සුවිශිෂ්ට ක්‍රියාකාරීත්වයක් ලබා දෙයි. විවිධාකාර  I/O options සහ පුළුල් වර්ණාවලිත තිර සහිත මෙම පරිගණකය වර්තමානය වන විට නිර්මාණකරුවන් සඳහා වන හොඳම පරිගණකය වේ. 

Summit A16 AI+ & Prestige A16 AI+: වඩාත්ම සුරක්ෂිත AI 2-in-1 සහ Clamshell පරිගණක 

Summit A16 AI+ & Prestige A16 AI+ පරිගණක දැනට පවතින වඩාත්ම ආරක්ෂිත 2-in-1 and clamshell Copilot+ පරිගණක වේ. TPM 2.0 චිපය, facial recognition හරහා සහ වින්ඩෝස් Hello හී fingerprint සමඟ පරිගණකයට ප්‍රවේශ වීමේ හැකියාව ලබා දෙන dual authentication, සහ ඉදිරියේ මිනිසුන් රැඳී සිටින බව අනාවරණය කරගත හැකි  Proximity සෙන්සරය වැනි දැවැන්ත සමාගම් වලටම සරිලන ආරක්ෂක උපක්‍රම සමඟ මෙම පරිගණක ඉහළ දත්ත සුරැකුමට ප්‍රමුඛතාවක් දෙන වෘත්තීයවේදීන් හා ව්‍යාපාරිකයින් වෙනුවෙන් විශේෂයෙන්ම නිර්මාණය කොට ඇත. 

Prestige 13 AI+: හොඳම කෘත්‍රිම බුද්ධි පරිගණකය 

990g ක් බරැති මෙම පරිගණකය ක්ෂේත්‍රයේ පවතින වඩාත් සැහැල්ලුතම කෘත්‍රිම බුද්ධි පරිගණකය Prestige 13 AI+ වේ. අඟල් 13 මොඩල අතරින් විශාලම බැටරිය වන 75Wh බැටරියේ සහ අධි කාර්‍යක්ෂම Lunar Lake ප්‍රොසෙසරයේ සංයෝජනය සහිත මෙම Prestige 13 පරිගණකය පුද්ගලික පරිගණක වල තැනින් තැනට ගෙන යාමේ හැකියාව නව මට්ටමකට ගෙන යන, දැනට පවතින වඩාත් සැහැල්ලුම සහ දීර්ඝම කල් පැවැත්මක් සහිත පරිගණකය වේ. 

Prestige 14 AI+ & Prestige 16 AI+: Prestige 14 AI+ සහ Prestige 16 AI+ පරිගණක දැනට පවතින ඉහළම කල් පැවැත්මක් සහිත Copilot+ පරිගණක වේ. ඉහළම කාර්‍යක්ෂමතාවක් සහිත Lunar Lake ප්‍රොසෙසර සහ කර්මාන්තය තුළ පවත්නා විශාලතම බැටරි වන 90Wh සහ 99.9Wh සහිත මෙම මොඩලයන්, පැය 25 ක කාර්‍ය ඵලදායිතාවක් සහ 1080p විඩියෝ පැය 20 ක ධාවනය කිරීම් කාලයක් ලබා දෙයි. 1.5 kg ක සැහැල්ලු බරකින් යුතු වන මෙම පරිගණක ද්විත්වය නූතන පරිගණක වල තැනින් තැනට ගෙන යාමේ හැකියාව නවතම මට්ටමකට ගෙන යයි. 

MSI: කෘත්‍රිම බුද්ධි පරිගණක වල සැබෑම මුල් තැන හොබවන්නා

කෘත්‍රිම බුද්ධිය මෘදුකාංග වල අනාගතය හැඩ ගස්වන අතරේ මෙවැනි වැඩි දියුණු වීම් වලට සරිලන පරිගණකයක් පැවතීමේ වැදගත්කම ඉහළ යන බව නිගමනය කළ හැකියි. පරිශීලක අත්දැකීම් ඉහළ නැංවීම සඳහා විවිධ පරිගණක සන්නාම අතරේ සම්පූර්ණ කෘත්‍රිම බුද්ධි පරිගණක මාලාවක් පමණක් නොවේ, ඒ සඳහා විශේෂයෙන්ම නිර්මාණය කළ කෘත්‍රිම බුද්ධියෙන් බල ගැන්වෙන මෘදුකාංග මාලාවක් ද හඳුන්වා දෙන MSI විවිධාකාර පරිගණක සන්නාම අතරේ මුල් තැන හොබවන්නා ලෙස කැපී පෙනෙයි. ඔබත්, ඔබේ ඵලදායිතාව ඉහළ නැංවීමට හෝ ඔබේ විනෝදාස්වාදය තව තවත් වැඩි දියුණු කර ගැනීමට කෘත්‍රිම බුද්ධි පරිගණකයක් සොයන්නේ නම්, MSI යනු ඒ සඳහා සලකා බැලිය හැකි අගනා සන්නාමයකි.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

What is the DINIDU Lanka Pendant & Is It Sri Lanka’s Most Recognisable Modern Jewellery Icon?

Few gold pendants crafted in Sri Lanka carry the weight of identity quite like the DINIDU Lanka Pendant. Shaped after

Highlights Trending

Radisson Hotel Kandy Welcomes Global Travel Influencers to Showcase Sri Lanka’s Hill Capital and Island Experiences

Radisson Hotel Kandy recently welcomed a group of eight global travel and lifestyle influencers as

Highlights Trending

A Taste of the Swiss Alps comes to Colombo

High in the Swiss Alps, where mountain landscapes shape both life and cuisine, Chef Heinz

Highlights Trending

Sheraton Colombo Unveils a New Chapter for Ceylon Bake Shop with a Fresh Home in the Hotel Lobby

Sheraton Colombo Hotel is delighted to announce the relocation of its beloved Ceylon Bake Shop

Highlights Trending

ITC Ratnadipa Introduces Rūhāniyat, an Indian Heritage Dining Experience, Available Until 16 August

ITC Ratnadipa introduces Rūhāniyat, an Indian heritage dining experience that invites diners to discover the

Highlights Trending

Anantara Peace Haven Tangalle Resort Introduces Panoramic Ocean View Rooms, Elevating Luxury on Sri Lanka’s Southern Coast

Set along Sri Lanka’s southern shores, Anantara Peace Haven Tangalle Resort announces the introduction of

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide