CES 2025 හිදී, MSI, NVIDIA GeForce RTX 50 සහිත නවතම ලැප්ටොප් මාදිලි පෙළක් එළිදක්වයි.

ලැප්ටොප් මාදිලි 30කට අධික සංඛ්‍යාවකින් යුත් වෙනස්ම ලැප්ටොප් මාලා පහක් හරහා NVIDIA GeForce RTX 50 මාලාවේ අධි ක්‍රියාකාරීත්වය අත්විඳින්න.

(ලාස් වේගාස්, ඇමෙරිකා එක්සත් ජනපදය) ලෝකයේ මිල අධිකතම ලැප්ටොප් සන්නාමයක් වන MSI විසින්, සුඛෝපභෝගීභෝගී මුහුණුවර, උපරිම ක්‍රියාකාරීත්වය හා නවෝත්පාදක තාක්ෂණයට ප්‍රමුඛත්වය දෙමින් එහි වෘත්තීයභාවය අතිශය සාර්ථකව පවත්වා ගැනීමට සමත්ව තිබෙනවා. CES 2025 හිදී, MSI සමාගම විසින් NVIDIA® GeForce RTX™ 50 සහිත, නවතම Intel® Core™ Ultra Series 2, AMD Ryzen™ 9000 series සහ AMD Ryzen™ AI 300 series ප්‍රොසෙසර ඇතුළත් GPU වලින් සමන්විත, එහි නවතම මාදිලියේ  ලැප්ටොප් පරිගණක පෙළ එළිදැක්වූවා. එසේම MSI සමාගම හරහාම හඳුන්වා දෙනු ලබන  Titan 18 HX Dragon Edition Norse Myth පිළිබඳවද මෙහිදී එම සමාගම ප්‍රකාශයට පත් කරනු ලැබුවා. මෙම ලැප්ටොප් පරිගණකයේ සුවිශේෂම ලක්ෂණය වන්නේ Norse මිථ්‍යා ප්‍රවාදයේ හා පරිගණක ක්‍රීඩාකරණ ක්‍රියාකාරීත්වයේ සම්මිශ්‍රණය නිරූපණය කෙරෙන, අතින් අඳින ලද මකර මෝස්තර නිර්මාණය හා Nordic අක්ෂර සංකේතයි. 

නව්‍යකරණය කරන ලද Titan, Raider සහ Vector යන ලැප්ටොප් පරිගණක පෙළෙහි අධි ක්‍රියාකාරිත්වය සඳහා උසස්ම තත්ත්වයේ පිරිවිතර අඩංගු වනවා. Copilot+ සහිත Stealth මාදිලියේ ලැප්ටොප් පෙළෙහි අන්තර්ගත වන්නේ විශේෂයෙන්ම AMD Ryzen™ AI 300 series සහිත AI CPU වේ. මෙය AI තාක්ෂණයෙන් බල ගැන්වෙන ලැප්ටොප් පරිගණක අවැසි පිරිසට යෝග්‍ය වනවා.  

ඊට අමතරව, නවතම NVIDIA GeForce RTX 50 Series සහිත ඉහළ ක්‍රියාකාරිත්වයකින් යුත් Crosshair සහ Pulse ලැප්ටොප් මාලා පිළිබඳවද MSI සමාගම ප්‍රකාශයට පත් කොට තිබෙනවා. මෙය එයටම අනන්‍ය තාපජ නිර්මාණ සැලසුම් (thermal designs) සහිත සිසිලන පද්ධතියක් සහ AI තාක්ෂණය භාවිතා වන පද්ධති, යෙදුම්, මෙවලම් ආදියෙන් සමන්විතයි. 

මේ හරහා සුවිශේෂී ක්‍රියාකාරිත්වයක් සමඟ සංයෝජනය වූ අති නවීන තාක්ෂණයක් හා උසස්ම පරිශීලක අත්දැකීමක් ලබාදීමට MSI සමාගම සමත් වී තිබෙනවා.

i“අපගේ පාරිභෝගිකයන්ට අවැසි අතිනවීන සහ උසස් එසේම විවිධත්ව‍යකින් යුත් MSI ලැප්ටොප් පරිගණක මාදිලි හඳුන්වා දීමට හැකි වීම පිළිබඳව අපි පසු වන්නේ ඉතාම උද්‍යෝගයෙන්. ඔවුන්ට අවශ්‍ය වන්නේ සුවිශේෂි ක්‍රියාකාරීත්වයක් සහිත ලැප්ටොප් වුවත්, AI හරහා ක්‍රියාත්මක වන විශේෂාංග වුවත් මේ හරහා ඔවුන්ගේ අවශ්‍යතා සැපිරෙනවා.” එලෙස අදහස් පළ කළේ MSI හී, ලැප්ටොප් ව්‍යාපාර ඒකකයේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂ සහ කළමණාකාරී Eric Kuo මහතා. “අපේ නවතම ලැප්ටොප් මාදිලි පෙළ හරහා MSI සමාගම නවෝත්පාදන සඳහා නව හැඩයක් ලබා දෙන්නේ, ඔබගේ චාරිකාව බලගැන්වීම සඳහා සෑම විටම MSI පරිගණකයක් සූදානම්ව පවතින බව තහවුරු කරමින්.”

NVIDIA GeForce RTX 50 Series සමඟින් Next-Gen Gaming සහ AI ක්‍රියාකාරිත්වය දිගහැරේ. 

Powered by NVIDIA Blackwell, GeForce RTX™ 50 Series මඟින් බලගැන්වුණු GPU, පරිගණක ක්‍රීඩාකරණයේ යෙදෙන්නන්ට හා නිර්මාණකරුවන්ට වැදගත් හා සුවිශාල බලපෑමක් ඇති කරවන ශක්‍යතාවන් රැසක් ගෙන එනු ලබනවා. අතිශය ඉහළ මට්ටමක AI හැකියාවන් සහිත RTX 50 Series මඟින් නවතම අත්දැකීම් සහ ග්‍රැෆික් හී වඩා උසස් නිරවද්‍යතාවක් ලබාදෙනවා. 

NVIDIA DLSS 4 සමඟ වැඩිදියුණු කරන ලද ක්‍රියාකාරීත්වයක් සමඟ අද්විතීය වේගයකින් පින්තූර ජනනය කිරීම සිදු වෙනවා. එසේම NVIDIA Studio තුළින් නිර්මාණශීලීත්වයක්ද දිග හැරෙනවා. තවද, NVIDIA NIM microservices තුළට පිවිසීම තුළින් NIM-ready පද්ධති වල ඉහළම ක්‍රියාකාරීත්වය සහිත නවතම සහ උසස්ම තාක්ෂණයක් භාවිතා කෙරෙන AI මොඩල භාවිතයෙන් ඩිවලොපර්වරුන්ට හා මෙම පරිගණක ලෝලීන්ට AI assistants, agents, සහ workflows නිර්මාණය කිරීමට හැකියාව ලැබෙනවා.

සුවිශිෂ්‍ට gaming සහ AI ක්‍රියාකාරීත්වය සඳහා Intel® Core Ultra Series 2 සහ AMD Ryzen™ AI 300 / Ryzen 9000 ප්‍රොසෙසර මගින් බල ගැන්වුණු ඉහළ ක්‍රියාකාරීත්වයෙන් යුත් MSI ලැප්ටොප් පරිගණක 

ඉහළ ක්‍රියාකාරීත්වයෙන් යුත් MSI ලැප්ටොප් පරිගණක වල විශේෂත්වය වන්නේ ඒවායේ පවත්නා 24-core තෙක් වූ design සහ අනුකලිත NPU – AI එන්ජින් ලබාදෙන Intel® Core Ultra 200HX and 200H ප්‍රොසෙසරයි. මේ හරහා එම පරිගණක වල පෙර සංස්කරණ වලට  සාපේක්ෂව 15% ක වැඩිදියුණු කරන ලද ක්‍රියාකාරිත්වයක් ලබා දීම සිදු කෙරෙනවා.  එසේම MSI හරහා Ryzen™ 9955HX3D සහිත AMD Ryzen™ 9000 HX series මගින් බලගැන්වුණු, බහුකාර්‍ය ලැප්ටොප් පෙළක්ද හඳුන්වා දෙනු ලබනවා. මෙමඟින් වැඩි දියුණු කරන ලද gaming අත්දැකීමක් සහ කැපීපෙනෙන උසස් බවක් ලබා දෙනවා. මීට අමතරව, මෙම නවතම AMD හරහා බල ගැන්වුණු ලැප්ටොප් පරිගණක පෙළෙහි Ryzen™ AI 300 Series processors ප්‍රොසෙසර අන්තර්ගත වන්නේ 50 TOPS දක්වා වූ වඩා දියුණු කරන ලද AI capabilities සහිත next-gen NPU ලබා දෙමින්. ඉතාම ඉහළ කාර්‍යක්ෂමතාවක් සහිත මෙම ප්‍රොසෙසර වඩාත් සුදුසු වන්නේ ක්‍රියාකාරීත්වය සහ තිරසාරත්වය පිළිබඳ අවධානය යොමු කරන පරිශීලකයින් සඳහායි. 

වැඩිදියුණු කරන ලද ක්‍රියාකාරීත්වයක් සහ පරිශීලක අත්දැකීමක් වෙනුවෙන් පුරෝගාමී වන නවෝත්පාදන

MSI සමාගම හරහා අලුත්ම සිසිලන – තාපජ සැලසුම් නිර්මාණයක් (cooling-thermal design)හඳුන්වා දී තිබෙනවා. ssd heat pipe නවෝත්පාදනය මෙහි සුවිශේෂීම අංගය වනවා. මෙම SSD සිසිලන පද්ධතිය PCIe Gen 5 SSD හී උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 10 ක් දක්වා අඩු කරනු ලබනවා. මෙමඟින් ස්ථාවර ක්‍රියාකාරීත්වයක්, ඉහළ සහ තිරසාර වේගයන්, විශ්වසනීය දත්ත හුවමාරු කිරීම්, ඉතා ඉහළ workloads යටතේ පවා ලබා දෙනවා. දත්ත ආචයනය කිරීමේ ක්‍රියාකාරීත්වය (storage performance) තවදුරටත් වැඩි කිරීම සඳහා Gen 4 සහ Gen 5 SSDs සංයෝජනය කරමින් Super Raid 5  හඳුන්වා දී තිබෙනවා. මෙමඟින්, තත්පරයට MB18,000 ක ආකර්ෂණීය දත්ත කියැවීමේ වේගයක් (read-speed) ලබා දෙන්නේ, ඉතා ඉහළ ඉල්ලුමක් ඇති යෙදවුම් (applications) වලට දත්‍ත සඳහා අසීමාන්තික ප්‍රවේශයක් සහ අතිශයින්ම වේගවත් load times ලබා දෙමින්. 

MSI, කෘත්‍රිම බුද්ධිය යොදාගෙන සිදු කරනු ලැබූ එහි නවතම නවෝත්පාදනය වන MSI AI රොබෝ පිළිබඳවද ප්‍රකාශයට පත් කරනු ලැබුවා.  NVIDIA සමඟ සහයෝගීත්වයෙන් සිදු කරනු ලැබූ මෙම අති නවීන AI සහායක, ප්‍රමාණයෙන් කුඩා සහ අදාළ උපාංගය තුළම ධාවනය කෙරෙන (locally deployed) කුඩා language model, සෘජුවම පරිපථයට අනුකලනය (integrate) කෙරෙනවා. මෙම රොබෝ භාවිතයෙන් පරිශීලකයින්ට ස්වාභාවික භාෂා විධාන (natural language commands) මඟින්, අන්තර්ජාලයට සබඳතා නොමැතිව පවා තම ලැප්ටොප් පරිගණක පාලනය කිරීමේ හැකියාව ලැබෙන අතර මේ හරහා ඔවුන්ට තම ලැප්ටොප් පරිගණක වඩා සහජ ක්‍රමයකින් setup කරගැනීමට හා කළමණාකරණය කරගැනීමට හැකි වනවා. AI Noise Cancellation Pro සහ the AI Engine වලට අමතරව MSI හී විස්තීර්ණ AI යෙදුම් (comprehensive AI suite) ලැප්ටොප් පරිගණකයේ ක්‍රියාකාරීත්වය ඉහළ නංවන්නේ එහි සුහුරු බව සහ සහජ බව ඉහළ නංවමින්. එසේම එමඟින් ලැප්ටොප් පරිගණකය පාලනය කරගැනීමේ හැකියාවේ වඩා පහසු කරවන්නේ පරිශීලක අත්දැකීම් වඩා උසස් තත්ත්වයකට ගෙන එමින්.

මකරාධිපත්‍යය ගෙන එනු ලබන Titan 18 HX Dragon Edition Norse Myth 

Norse මිථ්‍යා ප්‍රවාදය පාදක කරගනිමින් MSI සමාගම හරහා limited Titan 18 HX Dragon Edition Norse Myth හඳුන්වා දෙනු ලබනවා. මෙහි සුවිශේෂීම අංගය වන්නේ අතින් අඳින ලද මකර මෝස්තරාංග සහ නෝඩික් අක්ෂරයි. (runes) එමඟින් කලාත්මක බව සහ අති නවීන ක්‍රියාකාරීත්වයේ සුසංයෝගය නියෝජනය කෙරෙනවා. Palm rest එක මත ඇති ත්‍රිමාණ මකර රුව සහ මකර මුදුවට, අතිශය සියුම්ව අතින් අඳින ලද Norse මිථ්‍යා ප්‍රවාදයේ අංගයන් වන රාජධානී නවය සහ අක්ෂර සංකේත මුසු කර ඇත්තේ විචිත්‍ර ලෝහමය දිස්නය, ඔපකරන ලද වයනය සහ vintage-inspired නිමාව සහතික කරගැනීමටයි.

Titan / Raider / Vector/ Stealth ලැප්ටොප් පරිගණක පෙළ: නවතම ශක්ති බලාගාර 

වඩා උසස් පරිශීලක අත්දැකීමක් සහ වැඩි දියුණු කරන ලද ක්‍රියාකාරීත්වයක් සඳහා MSI සමාගම, එහි ඉහළ ක්‍රියාකාරී ලැප්ටොප් පරිගණක පෙළවල් වන Titan, Raider, Vector, සහ Stealth ආදියේ ලැප්ටොප් පරිගණක අඟල් 18 ක තිරයේ ප්‍රමාණයෙන් ලබා ගැනීමටද අවස්ථාව ලබාදෙනවා. වඩා උසස් AI හැකියාවන් වලින් වැඩි දියුණු කරන ලද මෙම පරිගණක වල NVIDIA GeForce RTX 5090 Laptop GPU අන්තර්ගතයි. එම නිසා මේවායෙන් desktop-level ක්‍රියාකාරීත්වයක් කබා දීම සිදු කෙරෙනවා. MSI හී OverBoost Ultra තාක්ෂණය නිසා,  Titan, Raider සහ Vector ලැප්ටොප් පරිගණක වලින් පද්ධතියට පිළිවෙලින් 270W ක හා 260 W ප්‍රබලත්වයක් ලබා දෙනවා. (System power). එසේම මෙම පරිගණක වල Thunderbolt 5 සහ DDR5-6400 memory ක්‍රියාකාරීත්වය නිසා මේවායින් උසස්තම ක්‍රියාකාරීත්වයක්, අධිවේගී සබන්ධතාවක් (connectivity) සහ අසීමිත බහුකාර්ය විභවයක් පරිශීලකයින්ට ලබාදෙනු ලබනවා. 

Stealth පරිගණක මාලාවේ සුවිශේෂීම අංගය වන්නෙ Copilot+ PC certification සහිත AMD Ryzen™ AI 300 ප්‍රොසෙසර පෙළයි. මේවායින් AI task සඳහා ප්‍රශස්ත අති නවීන ක්‍රියාකාරීත්වයක් ලබාදෙනවා.

මනබඳනා, මට සිලුටු Mg-Al මිශ්‍ර ලෝහයෙන් සැදි රාමුව සමඟින් මෙම Stealth ලැප්ටොප් පරිගණක පෙළ විලාසිතාවේ සහ කල්පැවැත්මේ සුසංයෝගයක්. එම ලැප්ටොප් පරිගණක පෙළේ පරිගණක අතරින් වෙළෙඳපොළේ පවතින සැහැල්ලුම ලැප්ටොප් පරිගණකය ලෙස Stealth 18 කැපී පෙනෙනවා. එසේම MSI සමාගම විසින් එහි Crosshair සහ Pulse ලැප්ටොප් පරිගණක වලට නවතම NVIDIA GeForce RTX 5070 Laptop GPU යොදමින් එම පරිගණක වැඩි දියුණු කොට තිබෙනවා. ඒ තුළින් විවිධ අවශ්‍යතා සහිත පරිශීලකයින්ට විශාල පරාසයක options සහිත වඩා ප්‍රබල ක්‍රියාකාරීත්වයක් සහිත පරිගණක ලබා දෙනවා.

Venture/ VenturePro: නවතම වඩා ප්‍රබලත්වයෙන් හා සවිමත් බවින් යුත් ව්‍යාපාර හා ඵලදායිතා ලැප්ටොප් පරිගණක පෙළ 

ඵලදායිතාව තව තවත් ඉහළ නැංවීම උදෙසා MSI සමාගමෙන් තවත් ව්‍යාපාරික හා ඵලදායිතා ලැප්ටොප් පරිගණක පෙළක් හඳුන්වා දී තිබෙනවා. Venture/VenturePro ලැප්ටොප් පරිගණක මාලාව අඟල් 14 සිට අඟල් 17 තෙක් ප්‍රමාණ වලින් මිලදී ගැනීමේ හැකියාව පවතිනවා. වෘත්තීයවේදීන්ට හා නිර්මාණකරුවන්ට යෝග්‍ය වන පරිදි සකසා ඇති මෙම ලැප්ටොප් පරිගණක වල ප්‍රබල CPUs සහ විවික්ත NVIDIA GPU අන්තර්ගත කොට තිබෙනවා. අනර්ඝ සිසිලන ආකෘතිය හේතුවෙන් මෙම ලැප්ටොප් පරිගණක ඉතා ඉහළ, වඩාත් ස්ථායි ක්‍රියාකාරීත්වයක් ලබා දෙන්නේ, වඩා අඩු තාප හා ශබ්ද (noise) මට්ටමක් පවත්වා ගනිමින්. ඒවායේ ඉහළ ක්‍රියාකාරීත්වය නිසා, light creative tasks පහසුවෙන් කළමණාකරණය කර ගැනීමටත්, කාර්‍යක්ෂමව විවිධ ව්‍යාපෘති කරගැනීමටත් අවස්ථාව හිමි වන්නේ මෙම උපාංග ඵලදායිතාව ඉක්මනින් ඉහළ නංවන විශ්වාසනීය මෙවලම් බවට පත් කරමින්. VenturePro ලැප්ටොප් පරිගණක මාලාවද, එයටම අනන්‍ය  battery boost ලබා දෙන්නේ, ඔබ ලෝකයේ කොහේ සිටියත්, ඔබේ ඵලදායිතාව අමතර පැය 4-5 කින් ඉහළ නංවමින්. 

[Venture CES picture]

 Join MSI at CES 2025

MSI විසින් එළිදක්වනු ලබන අති නවීන නවෝත්පාදන ගවේෂණය කිරීම සඳහා අවස්ථාව ලබාගන්න. 

  • දිනය: 2025 ජනවාරි 7-10

ස්ථානය : Veronese 2403, Level 2, Halls A-D, Venetian Expo.

*සියලු නිෂ්පාදන වල පිරිවිතර, ක්‍රියාකාරකම් සහ බාහිර පෙනුම, මොඩල හා අදාළ රට අනුව වෙනස් විය හැකිය. සියළු පිරිවිතර, පූර්ව දැනුම් දීමකින් තොරව වෙනස් කිරීමට ලක් විය හැකිය.

high-res පින්තූර සඳහා පිවිසෙන්න:  https://msi.gm/S1BCF933 

*ජනවාරි 6 වනදා 12:00 (PST Time) සිට මෙම පින්තූර ලබාගත හැකි වනු ඇත. 

MSI Twitch:      twitch.tv/msigaming

MSI GAMING: https://www.msi.com/

MSI Facebook:   https://www.facebook.com/MSIGaming

MSI Instagram: https://www.instagram.com/msigaming/

MSI YouTube:  https://www.youtube.com/user/MSIGamingGlobal

MSI Twitter:      https://twitter.com/msitweets

නිපැයුම් පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට https://www.msi.com/rss හරහා MSI RSS සඳහා subscribe කරන්න.

MSI ගේමිං: 

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide