අපි ලංකාවට ආදරෙයි. ලංකාව ලෝකවේ වැඩියෙන්ම ප්‍රසිද්ධ නිවාඩු දින ඇති රටවලින් එකක්. මේ සතියේ ඔන්න තවත් දිග සතිඅන්තයක්. බොහෝදෙනෙක් මේ නිවාඩුව කොළඹින් ඈතට පළායන්නට යොදාගත්තාට, නගරයේ රැ‍ඳෙන අය කරන්නේ මොනවාද? මේ කොළොම්පුරයේ බොහෝ අනගි අවස්ථා තිබෙනවා ඔබට කොළඹින් පිට ගිහින් ලැබූ සතුටම ලබන්න.

ඉංග්‍රීසියෙන් ස්ටේකේෂන් (staycation) කියන්නේ ගෙදර නතරවන නිවාඩුවට. ඉතින් මෙය ඔබට ස්ටේකේෂන් එකක්නම් නගරයේ රැඳී සිටිමින් සතුටුවන්නට මෙන්න ක්‍රම හයක්. වියදමත් අඩුයි.

1. ගාලුමුවදොර සරුංගල් යැවීම හා පිහිනීම

ගාලුමුවදොර තණනිල්ලේ සක්මන්කර, මුහුදේ නෑම නිවාඩුදින හැන්දෑව ගත කරන්න හොඳ විදියක්. සරුංගලයකුත් මිළදීගන්න. මිළ රු. 150ත් 500ත් අතර. ඇවිදින අතරේ එය සුළ‍ඟේ පාකරන්න.  එය පුදුම හිතෙන අන්දමේ සතුට දනවන ක්‍රියාවක්. ඉස්සන් වඩේ සපමින්, මුහුදේ රැළි බලමින් සරුංගලයේ නූල අල්ලාගෙන හිඳීම සතුට වඩනවා.

සවස පහට පමණ නෑමක් සඳහා ගෝල්ෆේස් හෝටලයට යන්න. මෙය රුපියල් 1000ක් පමණයි. මුහුදුවතුර පිහිනුම්තටාකය අපූරුයි. එතැන සිට මුහුදේ සුන්දර දර්ශනයකුත් දක්නට ලැබෙනවා. සවස හය වනතුරු සි‍ටියොත් දර්ශනීය ඉර බැසයාමක් දැකගන්න පුළුවන්. පිහිනුම්තටාකය තිබෙන්නේ හෝට‍ලයේ කෙළවරේ, සෙනගින් තොර හරියේ. ඒ අසල බාර්එකකුත් තිබෙනවා. ක්ලබ් සැන්විච් හා ජින්ජර් බියර් එහෙම බොන්නත් පුළුවන්.


2. බත්තරමුල්ල බලන්න යන්න

බත්තරමුල්ලේ යනඑක කොළඹින් පිට ඈත පළාතකට යනවා වගේය කියනඑක බොහෝදෙනෙක් දන්නේ නැහැ. එහි වසර 200ක් පැරණි ගලරයක නටබුන් පවා තිබෙනවා. මේ බලන්න යන්න තැන් කීපයක්.

පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ කටුගෙය

ආකර්ශනීය ගොඩනැඟිල්ලක ප්‍රදර්ශනය වන කුඩා එකතුවක් වන මෙහි ඇති පැරණි කඩු හා මැකී යමින් ඇති රූප සටහන්වලින් එතරම් දෙයක් නොකියවුණත්, අවට ඇති ඓතිහාසික ගොඩනැඟිලි ලැයිස්තුව ඉතා වැදගත්ය. ස්ථානයේ භාරකරුට මේ තැන්වලට යන පාර හරියටම කිව හැකිය. යමු GPS tagging භාවිතා කරමින් මේ තැන් සොයා ගන්නට ඔබට පුළුවන. ඔබේ රියෙන් හෝ ත්‍රිරෝද රියකින් මේ තැන්වලට යාමට ගත වන්නේ සුළු කාලයකි. ඒවා පිහිටා ඇත්තේ කටුගෙය අසල එකිනෙකට සමීප ස්ථානවලය.

අලකේශ්වර මාලිගා බිම

මෙය රාජ මාළිගාවක කොටසක් ලෙස සැලකේ. අතීත ශ්‍රී විභූතිය සිහිපත් කරන්නට එහි ඇත්තේ සුළු නටබුන් ප්‍රමාණයකි. එය 1960 දශකයේ බාගෙට ඉදි කළ නිවසක අත්තිවාරම වැනි හතරැස් ඉදිකිරීමකි. නොතකා හැර ඇති මෙම ස්ථානයේ කටු කම්බි අතරින් රිංගා, කබොක් ගල් මතින් බඩ ගා දිගු තණ ගස් ඈත් මෑත් කර පැරණි වැවක නටබුන් නරඹන ඔබට රාජධානියක නටබුන් මුල් වරට ගවේශනය කරන පුරා විද්‍යාඥයකුගේ හැඟීම් ඇති කර ගත හැකිය.

බැද්දගාන වෙහෙරකඩ නටබුන්

වංකගිරියක් වන් ඇතුල් කෝට්ටේ පටු මං දිගේ ත්‍රිරෝද රියේ උඩ පනිමින් යන ඔබට පුදුම සිතෙන තරම් ප්‍රසන්න තැනකට යා හැකිය. එහි ඈත කෙළවරේ දියවන්නා ඔය ඉස්මත්තේ හොඳින් සංරක්ෂණය කරන ලද ස්ථූප වැනි ඉදි කිරීම් දෙකකි. ‍කබොක් ගලින් බඳින ලද ඒවා අඩි දහයක් පමණ උසය. පිහිටීම අනුව එය පන්සලක් නොවන බව පෙනේ. ඉතිහාසඥ සෙනරත් පරණවිතාන යෝජනා කර ඇති පරිදි එය රට එක් සේසත් කළ අවසන් රජු වන සවන පරාක්‍රමබාහු නිරිඳුගේ සොහොන් ගැබයි.

එහි නිදන නිරිඳුට අපේ වත්මන් පාලකයන් හොඳින් දැක ගැනීමට හැකි වන පරිදි හැදුවාක් සේ දියවන්නාව අසබඩ නව පාර්ලිමේන්තුව ඔබට දිස් වේ. අනුරාධපුරයට චාරිකාවක් ගියා සේ ඔබට හඟවන මෙම සුන්දර ස්ථානයට දිනක විනෝද ගමනක් යන්නට අපි ඔබට ආරාධනා කරමු.

කෝට්ටේ සැඟවුණු රාජධානිය ගැන තවත් විස්තර සඳහා .

මේ ගවේශනය අවසන් කර, සුන්දර දියවන්නාව අසල ඇති Rama’s Tea House හෝ The Boardwalk  වෙත ගොස් තේ බොන්නත් පුළුවන්. .


3. සිනමන් ග්‍රෑන්ඩ්හි බ්‍රන්ච්

Cinnamon Grand Brunch යනු යා යුතුම තැනක්. මේ නිර්ලෝභී ඉරුදින දිවාආහාරය ඇතැම් කොළඹ පවුල්වල සම්ප්‍රදායක් වගේ. පල්ලි ගොස් එන ඇතැම් කොළඹවාසීන් සිය හැන්දෑව ගෙවන්නේ මෙහි තැප්‍රොබානා අවන්හලේ ‍මුහුදු බෙල්ලන් සහිත රිදී පළංගාන හා බැටළුමස් ගාත් එක්ක.

ඉරුදින එකතුවට නැතිදෙයක් නැතිතරම්. සුෂි, චීස්, කෝල්ඩ් කට්ස්, පැස්ටා, වොෆ්ල්, කැරමල් යෙදූ පළතුරු, සරුවත්, චොකලට් ආදී හැමදෙයක්ම. කෑම ඉතා ඉහළ තත්වයේ. ජාති මහගොඩයි. මිළත් රු. 1900ක් පමණයි. තියෙන තරම අනුව මිළ  එතරම් ලොකු නැහැ. එය ඔබේ ඉරුදින සන්ධ්‍යාව රසයෙන් පුරවාවි. ඇහෙනවද ෂැම්පේන් බෝතලයක් විවෘත කරන පොප් හඬ. ඔබ ඉදිරියේ තිබෙනවා, රිදී පළඟානක පිරවූ මුතු බෙල්ලන් හෝ මාළු බිත්තර. මේ නම් ඉරුදින හැන්දෑව ගෙවන්න හොඳම විදියක්. විස්තර සඳහා මෙතැන


4. නිදහස් චතුරස්‍රයේ ව්‍යායාමකිරීම

ඉරුදින දිවාභෝජනය හා සැන්දෑවෙන් අනතුරුව මහත්වුණ ශරීරය කෙට්ටුකරන්න නරකද සුන්දර නිදහස් චතුරස්‍රය පැත්තේ සක්මනක යනඑක.

මේ ප්‍රදේශය මැතදී පිළිවෙලට යළි සැකසුවා. වාහන නවත්වන්න පුළුවන් ප්‍රදේශයක් තිබෙනවා, චතුරස්‍රයට ඔබ්බෙන්. නිදහස් මන්දිරයට බටහිර පැත්තට වෙන්න‍ට Independence Walk පැත්තේ. මේ පාර පටන්ගන්නේ දිග පොකුණු දෙකකින්. එය තුරු පෙළක සෙවණ දිගේ ඉදිරියට යනවා. වාහන නැහැ. පයින් යන්නන්ට පමණමයි. මේ පටුමග අවසන් වන්නේ කොළම ග්‍රහලෝකාගාරය අසලින්.  තව විස්තර මෙතන.


5. බලන්න DVD

මෙය හිරුරැසින් නෑවුණු මුහුදුවෙරළක කාලය ගතකිරීම තරම් විවේකී හා විනෝදජනක නැතිබව ඇත්ත. ඒත් ගෙදර නතරවී වීඩියෝ බැලීමත් නරක නැහැ. ඔබට හොඳ වීඩියෝ ටිකක් Video International වෙතින් සොයාගන්න පුළුවන්. එය පිහිටා තිබෙනවා තුන්පොළක. නාවල පාරේ, බත්තරමුල්ලේ හා බම්බලපිටියේ බෙයාෆුට් ගැලරිය අසල. ඔබට වීඩියෝ පහක් දක්වා එකක් රු. 160 බැගිනුත්, 6-10 දක්වා රු. 135 බැගිනුත්, 11-20 දක්වා රු. 125 බැගිනුත් 21-30 දක්වා රු. 120 බැගිනුත් මිළදී ගන්න පුළුවන්. ඊටත් වඩා මිළ අඩුවෙන් වීඩියෝ මිළදීගන්න පුළුවන් Brite Video වෙතින්. එකක් රු. 100ක් පමණයි. ඒත්, එහි අලුත් ඒවා කැපී පෙනෙන අන්දමින් තත්වයෙන් බාලයි. වීඩියෝ ඉන්ටර්නැෂනල්හි වීඩියෝ තත්වයෙන් හොඳයි. අපි මිළදීගත්තා, Cosmopolis, Moonrise Kingdom සහ To Rome With Love. ඒ ඔක්කොම හොඳ තත්වයේ.

ඔබට රු. 1000ක් ගෙවා එහි යාවජීව සාමාජිකත්වය රැගෙන ඔවුන්ගේ එකතුවෙන් බ්ලූ රේ වීඩියෝ එකක් රු. 100 බැගින් ණයට ගන්න පුළුවන්. Pixar රැසක් සහ Avatar, Pan’s Labyrinth වැනි දෘෂ්‍ය පුදුමයන් මෙන්ම David Attenboroughගේ Planet Earth, Frozen Earth වැනි කදිම වාර්තා චිත්‍රපට පවා ඔවුන් සතුව තිබෙනවා. ඒවා බ්ලූ රේ තාක්ෂණයෙන් බලනඑක රසවත්. විස්තර  මෙතැනින්.


6. කොල්ලුපිටිය මාකට් එකට ගිහින් ඇවිත් උයන්න

මේ තමයි, ආනයිනක ආහාරද්‍රව්‍ය හා විවිධ එළවළු, පලතුරු, මස්වර්ග මිළදීගන්න කොළඹ තිබෙන හොඳම තැන. එහි Doritosවල පටන් බ්ලූබෙරීස් හා ආනයනික චොකලට් වර්ග දක්වා හැමදෙයක්ම තිබෙනවා. පහත මාලයේ මුහුදු බෙල්ලන්, කොළඹ දුර්ලභ ඌරුමස් සොසේජස් හා වාරයේ පලතුරු මිළදීගන්න පුළුවන්. ඕනෑම කෑම වට්ටෝරුවකට අවශ්‍ය අමුද්‍රව්‍ය එතැනින් සොයාගන්න පුළුවන්.
විස්තර මෙතැන.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Heritance Hotels & Resorts and Sara Ali Khan Spotlight Sri Lanka’s Diverse Landscapes, Heritage and Hospitality

The collaboration brings together celebrity-led storytelling and Heritance’s distinctive hospitality to showcase Sri Lanka’s cultural

Highlights Trending

ITC Ratnadipa Welcomes Chef Prakhar Srivastava to Lead the Next Chapter of Avartana in Colombo

ITC Ratnadipa, Colombo welcomes Chef Prakhar Srivastava as Sous Chef to Avartana, marking a new

Highlights Trending

Are Men Moving With The Jewellery Trends in Sri Lanka? ‘Yes,’ says DINIDU Colombo

Fine jewellery in Sri Lanka is no longer bound by gender. Accessorising has become an

Highlights Trending

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

25% Off Lunch at Harbour Court This September

Make lunch plans worth looking forward to this September at The Kingsbury’s Harbour Court, with

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide