ශ්‍රී ලංකාවේ අනාගත අධිවේගී මාර්ග | Sri Lanka’s Future Expressways.

This is a translation of Future Expressways of Sri Lanka.

ලක්වාසී ජනතාව නිතැතියෙන්ම බලාපොරොත්තු වනුයේ  ක‍්‍රමවත්ව විහිදුණු මහා මාර්ග හා දුම්රිය මාර්ග පද්ධතියක උපකාරයෙන් මහ මගදී මුහුණ දීමට සිදුවන අපහසුතාවයන් මග හරවා ගැනීමටය. දවස ආරම්භයේත් අවසානයේත් සෙනඟින් පිරීගිය බස් රථයක් තුළ තෙරෙපෙන විවිධ සමාජ මට්ටම් වල ජනතාව තරමක් සුවපහසුව ගමන් කළ හැකි පොදු බස් රථ හෝ දුම්රිය සේවාවක් බලාපොරොත්තුවෙන් සිටිති. රාජකාරී බහුල වේලාවන් හීදී පවා මුහුණ දීමට සිදුවන වාහන තදබදය නිසාවෙන් මහමගට ගෙවී යන වැදගත් කාලය ඉතිරි කර ගැනීමට බලාපොරොත්තු වන වාහන හිමිකරුවන් හට ද ඊට සාධාරණ පිළිතුරක් අවශ්‍යව ඇති බව YAMU අප නිරීක්ෂණය කළෙමු. මේ වන විට ලංකාව පුරා ඉදිවෙමින් පවතින අධිවේගී මාර්ග පද්ධතිය ඉදිරි වසරයන් හීදී කුමන ආකාරයකින් විහිදේ දැයි යන්න පිළිබඳ කෙටි සංක්ෂිප්තයක් ඔබ හට ගෙන හැර පෑම අපගේ අරමුණ වෙයි.

වර්තමාන තත්ත්වය, දකුණු පළාත

මේ වන විට දක්ෂිණ අධිවේගී මාර්ගයෙහි වැඩ කටයුතු බොහෝ දුරට අවසන් වී ඇත. කඩුවෙල සිට ගාල්ල හරහා මාතර නගරය තෙක් ඉදිවී ඇති මෙය අධි සුඛෝපභෝගී බස්රථ සේවාවකින් සමන්විත වේ. කඩුවෙල සිට ගාල්ල නගරය දක්වා ගමන් කිරිමට රුපියල් 420ක ද මාතර දක්වා ගමන් කිරීමට රුපියල් 500ක ද ටිකට් පතක් ඒ සඳහා ලබාගත යුතුය. රමණීය පරිසරයක් මධ්‍යයෙහි පිහිටා ඇති දක්ෂිණ අධිවේගී මාර්ගය නිසාවෙන් කඩුවෙල සිට ගාල්ල නගරය දක්වා පැයක පමණ කාලයකින් ද මාතර දක්වා පැය 1 1/2ක පමණ කාලයකින් ද ගමන් කිරීමට හැකියාව ලැබී ඇත. නුදුරු අනාගතයේදී දක්ෂිණ අධිවේගී මාර්ගය මාතර සිට හම්බන්තොට නගරය දක්වා දීර්ඝ කිරීම සඳහා මේ වන විට කටයුතු සම්පාදනය වෙමින් පවතී. එමගින් කතරගම, යාල, අම්පාර වැනි ගිණිකොණ දිග මුහුදු තීරය වෙතද බුත්තල මොණරාගල, ඇල්ල, වැල්ලවාය වැනි දිවයින අභ්‍යන්තර කලාපයන වෙතද කෙටි කාලයකින් ප‍්‍රවේශ වීමට අවස්ථවා උදාවෙනු ඇත.

මීගමුව

කටුනායක ගුවන්තොටුපල සිට මීගමුව නගරය තෙක් ඉදිකර ඇති අධිවේගී මාර්ගය සංචාරක කර්මාන්තය ඉහල නැංවීමෙහිලා තුඩු දෙන හේතුවක් වී ඇත. තවද කටුනායක ගුවන්තොටුපල සිට කඩුවෙල නගරය දක්වා මෙම අධිවේගී මාර්ගයන් සංවර්ධනය කිරීම මගින් කොළඹ නගරයෙහි නිරන්තයෙන් පවතින වාහන තද බදයට හසු නොවී සෘජුවම ගාල්ල හෝ මාතර නගරය වෙත ගමන් කිරීමට ද නුදුරු අනාගතයේදී ලක් වැසියනට සහ සංචාරකයිනට අවස්ථාව උදා වේ යැයි අප සිතමු.

වසර 05 කට පසුව, මහනුවර

නුවර පාර නිරන්තරයෙන් වාහන තදබදයට මුහුණ දෙන මාර්ගයකි. ඇතැම් විට එය කඩුවෙල සිට බැලූම්මහර දක්වා දික් වූවක් වෙයි. කෑගල්ල නගරයෙහිද සතියේ වැඩ කරන දිනයන්හිදී නිරන්තරයෙන් වාහන තදබදය දැකිය හැකිය. මෙම හේතූන් නිසා කොළඹ සිට කිලෝමීටර් 115 ක් පමණ දුරින් පිහිටා ඇති නුවර නගරය වෙත ගමන් කිරීමට ආසන්න වශයෙන් පැය 03 කට අධික කාලයක් ගත වේ. ඊට විසඳුමක් ලෙසින් 2002 වර්ෂයේදී යෝජනා වූ මධ්‍යම අධිවේගී මාර්ගයෙහි වැඩ කටයුතු ආරම්භ කිරීම සඳහා එවකට ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ විසින් 2014 වර්ෂයේදී මුල්ගල් තබනු ලැබිණි. 2018 වර්ෂයේදී සාදා නිම කිරීමට නියමිතව තිබූ දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා වර්තාමානයේදී උත්තර අධිවේගී මාර්ගය යන නාමය භාවිතා කරනු ලබයි. මීට හේතුව උතුරු මැද පළාත හරහා උතුරු පළාතට සෘජුවම පිවිසීමේ හැකියාව එමගින් ලැබෙන බැවිණි. පැය 2 ක පමණ කෙටි කාලයකින් නුවර නගරය වෙත ළගා වීමේ පහසුකම් සලසන උත්තර අධිවේගී මාර්ගය ලක්වැසි ජනතාවට නිතැතියෙන්ම අස්වැසිල්ලක් වනු ඇත.

වසර 07 කට පසුව, රත්නපුර

කොළඹ, රත්නපුර ප‍්‍රධාන මාර්ගය යනු තවත් බාධා රැසකින් හෙබි මාර්ගයකි. ඇඹිලිපිටිය සහ බදුල්ල යන ප‍්‍රධාන නගර වෙත ද පිවිසුම් මාර්ගයන් පිහිටා ඇත්තේ කොළඹ, රත්නපුර මාර්ගය ඔස්සේය. බොහෝ දිනයන් හිදී අවිස්සාවේල්ල නගරයෙහි පවතින වාහන තදබදය සඳහා කදිම විසඳුමක් ලෙසින් රුවන්පුර අධිවේගී මාර්ගය 2014 වර්ෂයේදී ආරම්භ කිරීමට නියමිතව තිබිණි. නමුත් සිදුවූ දේශපාලන විපර්යාසයන් හේතුකොට ගෙන අතපසු වී ගිය මෙම අධිවේගී මාර්ගයෙහි වැඩ කටයුතු නුදුරු දිනයකදී ආරම්භ වනු ඇති අතර අවුරුදු 5 – 7 අතර සංවර්ධන කාලයක් ඒ සඳහා ඇස්තමේන්තු කර ඇත. කොළඹ නගරයෙහි සිට කිලෝමීටර 95කට ආසන්න දුරකින් පිහිටි රත්නපුර නගරය වෙත ගමන් කිරීම සඳහා වර්තමානයේදී පැය 03 ක පමණ කාලයක් ගතවන අතර රුවන්පුර අධිවේගී මාර්ගයෙහි නිමැවුමෙන් පසුව මිනිත්තු 45 ක පමණ ඉතා කෙටි කාලයකින් රත්නපුර නගරයට ළගා වීමට ලක්වාසීනට හැකි වනු ඇත.

වසර 10 කට පසු, ත්‍රිකුණාමළය හා මඩකලපුව

වසර 10ක හෝ 15ක කාල පරාසයක් අතරතුර නැගෙහිර පළාත සඳහා ද අධිවේගී මාර්ගයක් අවශ්‍ය වනු ඇතැයි අප සිතමු. ඒ අනුව උත්තර අධිවේගී මාර්ගය කුරුණෑගල, දඹුල්ල හරහා ත්‍රිකුණාමළය නගරය දක්වා දීර්ඝ කිරීමටත් දක්ෂිණ අධිවේගී මාර්ගය හම්බන්තොට සිට අම්පාර හරහා මඩකලපුව නගරය දක්වා දීර්ඝ කිරීමටත් හැකිවනු ඇති බව අපගේ විශ්වාසයයි.

වසර 15 කට පසුව, යාපනය

2014 වර්ෂයේදී යාල්දේවි දුම්රිය යාපනය දක්වා ධාවනය වීම යලි ආරම්භ වූ බැවින් කොළඹ සිට කිලෝමීටර් 395කට ආසන්න දුරකින් පිහිටි යාපනය නගරය වෙත ගමන් කිරීමට ගත වනුයේ පැය 08 කට ආසන්න කාලයකි. නමුත් දුම්රිය තුළ ඉඩ පහසුකම් සීමාසහිත බැවින් තදබදයකින් තොරව යාපනය නගරය වෙත ගමන් කිරීම සඳහා උත්තර අධිවේගී මාර්ගය දඹුල්ල, වව්නියාව හරහා යාපනය නගරය තෙක් ඉදිවෙනු ඇතැයි අප සිතමු. එමගින් පැය 04ක පමණ කෙටි කාලයක් තුළ යාපනය නගරය වෙත ගමන් කිරීමේ පහසුකම ලක්වාසී ජනතාව හට ලබාදීමට උත්තර අධිවේගී මාර්ගය සමත් වෙනු ඇත.

වර්තමානයේදී ශ්‍රී ලංකාව තුළ සිදුවෙමින් පවතින දේශපාලන, වාණිජ සහ දේශගුණික විපර්යාසයන් හමුවේ නොසැලී ඉදිවෙන මහා මාර්ග, දුම්රිය මාර්ග, වරාය සහ ගුවන්තොටුපල වැනි සංවර්ධනයට තුඩුදෙන ගොඩනැගීම් ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් කිරීමෙහිලා වූ දිගු ගමනේ පුරෝගාමීන් වෙති. ඒ අනුව ඉන්දියන් සාගරයේ මුතු ඇටය නම් වූ මෙම අපූරු දිවයින තුළ විවිධ පළාත් වල ජීවත් වන විවිධ ජාතීන් අතර සහයෝගීතාවය නංවාලීම පිණිස මෙම සංවර්ධන කි‍්‍රයාවලිය ඉවහල් වනු නොඅනුමානය.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide