Beli Lena (Kitulgala).

බලංගොඩ මානවයා යනුවෙන් පැවසූ විට ඔබ අප කාටත් මතකයට නැගෙනුයේ පාසල් වියේදී ඉතිහාස විෂයට අදාලව උගන්වන කෙටි හැඳින්වීමක් පමණි. නමුත් ඔබ දන්නවාද එතැනින් එපිටට වූ පුළුල් ඉතිහාස කථාවක් අප සතුව ඇති බව?

මීට වසර 32,000කට පමණ පෙර සිට පැවත එන බලංගොඩ හෝමෝ සේපියන් හෙවත් බලංගොඩ මානවයා නූතන මානව පරිණාමණයෙහිව සිටි පරිණත පුරුකක් වේ. බලංගොඩ මානවයා හට වසර 12,000කට පමණ පෙර වූ ඉතිහාසයක් ඇත. ගල් ගුහා නවාතැන් කර ගනිමින් ජිවත් වූ මොවුනගේ ජීවන රටාවන්, ආහාර රටාවන් සහ තාක්ෂණයන් පිළිබඳ සාක්ෂි ලබාදුන් බටදොඹ ලෙන, පාහියන් ගල වැනි ගල් ලෙන් අතරින් බෙලි ලෙන ගුහාව ප‍්‍රමුඛ ස්ථානයක් උසුලයි.

රත්නපුර දිස්ත‍්‍රික්කයෙහි යටින්යන්තොට ප‍්‍රාදේශීය සභාවට අයත් බෙලි ලෙන පුරාවිද්‍යා වටිනාකමකින් යුතු යැයි අනුමාන කෙරෙනුයේ 1978 දීය. එතැන් සිට කරන ලද පරික්ෂණයන් ඔස්සේ එළැඹුනු නිගමනයන්ගේ ප්‍රථිඵලයක් ලෙසින් 1983 වර්ෂයේදී බෙලිලෙන ඉතා ඉහළ පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් සංරක්ෂිත ස්ථානයක් ලෙසට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කරන ලදී. බෙලි ලෙන තුල වූ භූමියෙහි දිගින් දිගටම කරන ලද කැණීම් හමුවේ බලංගොඩ මානවයාගේ අස්ථි කොටස් සහ එවකට ඔවුන් භාවිතා කරන ලද ආයුධ ඇතුලු තවත් වැදගත් සාධක බොහෝමයක් හමුවී ඇත.

කොළඹ, අවිස්සාවේල්ල හරහා කිතුල්ගල නගරයට පැමිණ එතැනින් දකුණට හැරී ගිණිගත්හේන, හැටන් මාර්ගය ඔස්සේ ඉදිරියට පැමිණි විට යාහින්ද මංසන්ධිය මුණ ගැසේ. එතැන් සිට මාර්ගයේ වම් පසට වන්නට 'බෙලිලෙන පුරා විද්‍යා භූමිය' ලෙසින් විශාල පුවරුවක් සවි කොට ඇති ස්ථානයෙන් වමට හැරී ගමන් කළ යුතුය. මුළුමනින්ම රබර් වතු යායක් මධ්‍යයේ වැටී ඇති මෙම මාර්ගයෙහි අවසානය බෙලි ලෙන මුණ ගැසේ. පොදු ප‍්‍රවාහන මාධ්‍යයක් උපයෝගී කරගනිමින් බෙලිලෙන නැරඹීමට යාම එතරම් සුදුසු කරුණක් නොවන්නේ කිලෝමීටර 2කට අධික දුරක් පා ගමනින් යාමට සිදුවන බැවිණි. කිතුල්ගල, මහබාගේ මාර්ගයෙහි ද බෙලි ලෙනට පිවිසුමක් ඇති නමුත් ඒ පිළිබඳ නිසි තොරතුරක් අප සතුව නොමැති බැවින් ඉදිරි ලිපියක එය ගෙන හැර පෑමට අප බලාපොරොත්තු වන්නෙමු.

යාහින්ද රබර් වතු යාය මධ්‍යයේ වැටී ඇති මාර්ගයෙහි අවසානය තෙක් මෝටර් රථයකින් හෝ යතුරු පැදියකින් ගමන් කළ හැකිය. පසුව බෙලිලෙන කන්ද පාමුල ඇති කුඩා ද්‍රවිඩ ගම්මානය මුණ ගැසේ. පවුල් හත අටකට වඩා ජීවත් නොවන මෙම ගම්මානය සතුව ඇත්තේ එක් කුඩා කඩයක් සහ කණිෂ්ඨ පාසලක් පමණි. රබර් වතු යායෙහි කුලී රැකියාවන්ගේ නිරත වෙමින් ජීවිකාව කරගෙන යන මෙම ද්‍රවිඩ ජනතාව තරමක් දුෂ්කර වුවද සරල ජීවිතයක් ගත කරන බව අප හට වැටහෙයි.

මාර්ගය අවසානයේ සිට කිලෝමීටර් 1/2ක පමණ දුරක් පා ගමනින් කන්ද නැගීමට සිදුවෙයි. බෙලිලෙන පිහිටා ඇත්තේ ගම්මානය මායිම් කරමින් පිහිටා ඇති කඳු පන්තියක් මධ්‍යයේය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද සංවර්ධන කටයුතු වල ප‍්‍රතිඵලයක් ලෙසින් අවසාන මීටර් 150ක පමණ දුරක් ගල් පඩි වලින් නිමවා ඇත. එහි අවසානයේ මුණ ගැසෙන බෙලි ලෙනෙහි පිවිසුම පසු කාලීනව නිමැවූ වාහල් කඩක නටඹුන්ද ඉදිරිපස මායිම් කරමින් තැනූ අඩි හතරක් පමණ උස බැම්මක්ද දක්නට ඇත.

ලෙනට ඇතුළුවත්ම දිස්වනුයේ භූමියේ කැණීම් කරන ලද ස්ථානයන් වේ. අඩි 5ක් 6ක් පමණ ගැඹුරට හෑරූ කැණීම් වලවල් වල බිත්ති සුමටව කපා ඇත. තවද ඒවා පැහැදිලිව හඳුනාගත හැකි වන සේ ගල් පතුරු වලින් බැම්මක්ද නිමවා ඇත. ඉතා විශාල වපසරියක විහිදී ඇති අතර එය කොටස් දෙකකින් යුක්ත වේ. මුලින්ම හමුවන ලෙන වර්ග අඩි 40කට ආසන්න ඉඩ ප‍්‍රමාණයකින් ද අඩි 15කට අධික උසකින්ද යුක්ත වේ. එකල බලංගොඩ මානවයා ප‍්‍රධාන මැදිරිය ලෙසින් මෙම කොටස භාවිතා කරන්නට ඇතැයි අනුමාන කළ හැකිය. මන්ද යත් ප‍්‍රාග් ඵෙතිහාසික අස්ථි කොටස් ඇතුළු අනෙකුත් සාධකයන් හමු වන්නේ ද මෙතැනින් වීම නිසාවෙනි.

බලංගොඩ මානවයින්ගේ පරිශීලන කාලයෙන් පසුව යම්කිසි රජ සමයක බෙලිලෙන බෞද්ධ පූජා භූමියක් ලෙසින් පැවති බවට ප‍්‍රධාන ගුහාව තුල ඇති කුඩා කුටිය සහ ලෙනට ඇතුලුවත්ම මුණ ගැසෙන වාහල්කඩ සාක්ෂි දරයි. දියුණු ඉදිකිරීම් තාක්ෂණයක් යටතේ නිමැවුණු මෙම කුටිය බොහෝ දුරට භාවනානුයෝගී භීක්ෂුන් විසින් භාවිතා කරන්නනට ඇතැයි අනුමාන කළ හැක.

ඉතා අපූර්ව ස්වාභාවික නිමැවුමක් වන දෙවැනි ලෙනට ලඟාවත්ම එකල බලංගොඩ මානවායගේ ජීවන රාටාව පිළිබදව යම් කිසි පූර්ව හැඟීමක් සිතට නැගේ. ලෙන මුදුනින් අපුරුවට කඩා හැලෙන සිහින් දිය ඇල්ලකි. සිසිල් ජල ධහරාවකින් හෙබි මෙම දියඇල්ල පතිත වන ස්ථානයේ සුමටව නිමැවුණු ගල් තලාවකි. එය දිය නෑම සඳහා ස්වභාධර්මය විසින් මැවූ විශිෂ්ට නිර්මාණයකි.

ප‍්‍රධාන ලෙන තරම් විශාල නොවුන ද මෙම කොටස වර්ග අඩි 20කට ආසන්න ඉඩ ප‍්‍රමාණයකින් සහ අඩි 10කට නොවැඩි උසකින් යුක්ත වේ. වැහි ලිහිණි කූඩු කිහිපයක් ද ගුහාව තුල දක්නට ඇති අතර මෙය වවුල්ලුන්ගේ රජ දහනකි. ගල් කුලට ඉහලින් ගලා යන දිය පහර නිසාවෙන් ගුහාවෙහි බිත්ති තෙත ගතියකින් යුක්ත වන බැවින් සුවදායි සිසිලසක් නිරන්තයෙන් ගුහාව තුල පවතී. මෙම ලෙනෙහි සිට බැලූ කල්හි ඉදිරි පස කඳු පන්තියත් ඝන වනාන්තරයක් අංශක 180ක පමණ පුළුල් පරාසයක දිස්වේ. නමුත් ඉදිරිපස ඇති විශාල හෙල නිසාවෙන් සතුරෙකුට පහසුවෙන් ගුහාව වෙත ළඟා වීමට නොහැක. මෙම දෙවැනි ලෙන බලංගොඩ මානවයා විසින් සනීපාරක්ෂක කටයුතු සහ ආරක්ෂාව සඳහා භාවිතා කරන්නට ඇතැයි අනුමාන කෙරේ.

බෙලිලෙන වූ කලී ලාංකීය ප‍්‍රාග් ඵෙතිහාසික යුගයෙහි මානවයා විසින් භාවිතා කරන ලද අපූරු ස්ථානයකි. මෙම ලිපියෙහි අඩංගු කරන ලද වචනවලට වඩා අරුත්බර ආශ්වාදයක් බෙලිලෙන වෙත යාමෙන් ලබාගැනීමට හැකි බව මාගේ විශ්වාසයයි.

අපගේ ඉතිහාසය පිළිබඳ දැන ගන්න, කියවන්න. ඔබ කුමන වෘත්තියක නියැලුනද එහි රසවත් භාවය නිතැතියෙන්ම ඔබ වෙත නිදහස් රසාස්වාදයක් ගෙන එනු ඇත මෙතැන් සිට YAMU වෙබ් අඩවිය ඔස්සේ දිග හැරෙන ‘‘කාල යාත‍්‍රා’’ ලිපි පෙළ, ඉතිහාසය හාරා ඇවිස්සීමට කැමති ඔබ වෙනුවෙනි.

විද්වතුනි, මෙම ලිපි පෙළෙහි මා විසින් අඩංගු කරන ලද කරුණු කාරණාවන්හි යම් කිසි වැරැද්දක් ඇතොත් එය නිවැරදි කිරීම පිණිස අදහස් දැක්වීම් තීරුවෙහි ලිවීමට කාරුණික වන්න.

මතු සම්බන්ධයි…
Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Radisson Hotel Kandy Brings Exclusive Wedding Experiences to Wedding Show 2026 at Kandy City Centre

Radisson Hotel Kandy is set to showcase its signature wedding offerings at the upcoming Wedding

Highlights Trending

The Mystique Nuwara Eliya – Timeless Luxury in the Hills.

Nestled in the heart of Sri Lanka’s picturesque hill country, The Mystique Nuwara Eliya offers

Highlights Trending

ONYX Hospitality Group Celebrates 60th Anniversary, Sets THB 10.33 Billion Revenue Target with THB 5.5 Billion Expansion Plan

ONYX Hospitality Group, a leading hospitality management company in Asia-Pacific, has unveiled its growth strategy

Highlights Trending

Is Your Diamond Actually Real? Why Savvy Sri Lankans are Choosing DINIDU for Non-Negotiable Authenticity

In the fabulous world of heirloom jewellery, the glamour of gemstones can often hide the

Highlights Trending

NH Collection Colombo strengthens leadership with Kedar Dighe as General Manager

Colombo, Sri Lanka – NH Collection Colombo welcomes Mr. Kedar Dighe as General Manager, bringing

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide