Pool ගහMU ද ?.

රස කෑම කන්න තියෙන තැන් ගැන හැමදාම කියන නිසා මම අද හිතුවා ටිකක් වෙනස් දෙයක් ගැන ලියන්න. හැමෝම වගේ දන්නවනෙ ඉතින් පූල් නැත්නම් බිලියඩ්ස් කිව්වාම. මේ ක්‍රීඩාව ලංකාවට එන්නෙ නම් සුද්දන්ගෙන් තමයි. හැබැයි හොඳ ඉවසීමක් ඉලක්කයක් වගේම පූල් ක්‍රීඩාවෙන් හොඳ විනයකුත් පුරුදු වෙනවා. පූල් වල තියෙන්නෙ හරිම සරල නීති රීති ටිකක් වුණාට හොඳට සෙල්ලම් කරන්න නම් පලපුරුද්ද හැරුණාම උසස් තත්වයේ පූල් මේසයක්, බෝල කට්ටලයක් වගේම පූල් පිත්තකුත් තියෙන්න ඕනි. ඉතින් මම දැන් කියන්න යන්නෙ පූල් සෙල්ලම් කරන්න ආස යාළුවන්ට කෝට්ටේ නගරය පැත්තෙන් හොඳ පූල් පාරක් ගහන්න යන්න පුළුවන් තැන් ටිකක් ගැන.

Nitrous Pool Lounge (Koswatte)

හරියටම බත්තරමුල්ල, කොස්වත්තෙ ඩිපෝව ඉස්සරහ තියෙන දෙමහල් ගොඩනැගිල්ලෙ උඩ තට්ටුවෙ තමයි මේ තැන තියෙන්නෙ. මුළුමනින්ම වායු සමනය කරලා තියෙන ක්‍රීඩාගාරය ඇතුලෙ සෙල්ලම් කරන්න හොඳට ඉඩ තියෙන්න පූල් මේස තුනක් දාලා තියෙනවා. ප්‍රමිතියට අනුව විදුලි බුබුළු හයි කරලා නිසා මේසය පුරා තියෙන ඕනම ඉලක්කයක ලේසියෙන් සෙල්ලම් කරන්න පුළුවන්. විශේෂයෙන් කියන්න ඕන මෙතන තියෙන මේස තුනේම මේසය මත පාපිස්ස නැත්නම් ඇතිරිල්ල පළුදු වීම් වලින් ගොඩක් අඩුයි. බෝල කට්ටලත් සෑහෙන්න දුරට අලුත්. පළුදු වීම් නැති ඒවා.

උස දෙකකින් වගේම තුඩු ප්‍රමාණ දෙකකින් තියෙන පූල් පිති හතරකට වැඩි ගණනකුයි x පිති දෙකකුයි හැම මේසෙකටම වෙනමම තියෙන නිසා සෙල්ලම අතරෙ පිති හොය හොය තැන තැන දුවන්න ඕනිත් නෑ. ක්‍රීඩාගාරයෙ අයිනකට වෙන්න සෝපාවකුත් දාලා තියෙන්න කැමති අයට විවේක ගන්න පුළුවන් වෙන්න. හැබැයි ක්‍රීඩාගාරය ඇතුලෙ දුම් බොන්න නම් තහනම්. 'නයිට්‍රස් පූල් ලවුන්ජ්’ එකේ හැම දෙයක්ම වගේ හොඳ ප්‍රමිතියට තියෙන නිසා පැයකට රුපියල් 400ක් ගෙව්වට පාඩු නෑ කියල තමයි මට නම් හිතෙන්නෙ. (011 2075020)  

Kelibima (Thalawathugoda)

තලවතුගොඩ හන්දියෙ SISIL ගොඩනැගිල්ලට අල්ලලා දකුණු පැත්තට වෙන්න තියෙන ගොඩනැගිල්ලෙ පලවෙනි තට්ටුවෙ තියෙන මේ පූල් ක්‍රීඩාගාරයට තමයි තත්වයෙන් දෙවනි තැන දෙන්න පුළුවන් වෙන්නෙ. හැබැයි මෙතන නම් තියෙන්නෙ පූල් මේස දෙකයි. ක්‍රීඩාගාරය වායු සමනය කරල තිබුණට ඇතුලෙ දුම් පානය කරන්න තහනමක් නෑ. ආලෝකකරණයත් ගොඩක් දුරට හොඳයි. බෝල කට්ටලත් පළුදු වීම් වලින් අඩුයි. මේසය මත ඇතිරිලි තැනින් තැන, පොඩ්ඩක් පළුදු වෙලා තිබුණට සෙල්ලමට නම් බාධාවක් නෑ.

කෙළිබිමෙත් උස වගේම තුඩු ප්‍රමාණ දෙකකින් වගේ තියෙන පූල් පිති හතරකුයි x පිත්තකුයි මේස දෙකට වෙන වෙනමම තියෙනවා. පැයකට රුපියල් 300ක වගේ සාධාරණ ගාණකට හොඳ ප්‍රමිතියක් තියෙන තැනක පූල් සෙල්ලම් කරනවනම් ඉතින් තලවතුගොඩ කෙළිබිම තමයි. (077 7666075)

Chill (Thalawathugoda)

පොදුවේ ගත්තාම පූල් මේස, බෝල කට්ටල වගේම පිතිත් තරමක් අඩු ප්‍රමිතියකින් තියෙන තැනක් තමයි 'චිල් පූල් ක්‍රීඩාගාරය කියන්නෙ. තලවතුගොඩ හේමාස් රෝහල ඉස්සරහ පෙරේරා මාවතට හැරෙන කොටම තියෙන ගොඩනැගිල්ලෙ උඩ තට්ටුවෙ තියෙන මේ පූල් ක්‍රීඩාගාරයෙත් ඇතුලත වායු සමනය කරල තියෙනවා. ඒ නිසා ක්‍රීඩාගාරයෙන් එළියෙ වෙනමම තියෙන පුංචි කොටසක තමයි දුම් බොන්න තියෙන්නෙ. වැඩිපුරත් එක්ක ඉඩ තියෙන්න පූල් මේස තුනක් දාලා හදලා තිබුණට මේස මත ඇතිරිලි නම් ටිකක් පළුදු වෙලා.

ඒ විතරක් නෙවෙයි, ගොඩක් කල් පාවිච්චි කරලා නිසාද කොහෙද සුමට ගතියත් නෑ. බෝල කට්ටලත් අලුත් ඒවා නම් නෙවෙයි. ඒවගෙත් පොඩි පොඩි පළුදු වීම් තියෙනවා. ලොකුම ප්‍රශ්නෙ තමයි මෙතන තියෙන පූල් පිති එකම ප්‍රමාණයෙන් තියෙන එක. අනික මේසයකට වෙන් කරලා තියෙන්නෙ පිති දෙක තුනයි. ඒ නිසා මම නම් දකින්නෙ 'චිල් පූල් පාලර්' එකේ පැයකට අය කරන රුපියල් 350 නම් ටිකක් වැඩියි කියලා. (0777676462)       

Sanhinda sports complex (Nugegoda)

සංහිඳ කියන්නෙ පූල් ක්‍රීඩාගාරයක් විතරක්ම නෙවෙයි. නුගේගොඩ ස්ටැන්ලි තිලකරත්න මාවතේ තියෙන මේ ක්‍රීඩා සංකීර්ණයේ භෝජනාගාරය තියෙන තියෙන ගොඩනැගිල්ලෙ පලවෙනි තට්ටුවෙ තමයි පූල් සෙල්ලම් කරන්න තියෙන්නෙ. ඇත්තෙන්ම එතන පූල් සෙල්ලම් කරන්නම කියල හදපු තැනක් නම් නෙවයි. වායු සමනය කරලත් නෑ. මේස දෙකක් දාලා තිබුණට නඩත්තු කරන්නවත් ක්‍රීඩකයින්ට ඔන වෙන දේවල් දෙන්නත් කවුරුත් නෑ. ඒත් කමක් නෑ ප්‍රමිතියට පූල් මේස ටික තියෙනවනම්. එහෙමත් නෑ. මේස වල ඇතිරිලි ගොඩක්ම පළුදු වෙලා.

ඒ මදිවට මේසෙ වලවල් ළඟට පවුඩර් දාලා හරියට කැරම් සෙල්ලම් කරන කොට වගේ. සමහර බෝල වල තියෙන ලොකු පළුදු වීම් නිසා ඉලක්කයකට පහර දෙන්න බෑ. තෝරා ගෙන සෙල්ලම් කරන්න කියල ප්‍රමාණ කීපයක පූල් පිති ඇත්තෙත් නෑ. ඇත්තටම කියනවනම් පැයට රුපියල් 250ක් ගෙවලා සංහිඳේ පූල් සෙල්ලම් කරන එකේ නම් තේරුමක් නෑ. (011 2 768166)

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

What is the DINIDU Lanka Pendant & Is It Sri Lanka’s Most Recognisable Modern Jewellery Icon?

Few gold pendants crafted in Sri Lanka carry the weight of identity quite like the DINIDU Lanka Pendant. Shaped after

Highlights Trending

Radisson Hotel Kandy Welcomes Global Travel Influencers to Showcase Sri Lanka’s Hill Capital and Island Experiences

Radisson Hotel Kandy recently welcomed a group of eight global travel and lifestyle influencers as

Highlights Trending

A Taste of the Swiss Alps comes to Colombo

High in the Swiss Alps, where mountain landscapes shape both life and cuisine, Chef Heinz

Highlights Trending

Sheraton Colombo Unveils a New Chapter for Ceylon Bake Shop with a Fresh Home in the Hotel Lobby

Sheraton Colombo Hotel is delighted to announce the relocation of its beloved Ceylon Bake Shop

Highlights Trending

ITC Ratnadipa Introduces Rūhāniyat, an Indian Heritage Dining Experience, Available Until 16 August

ITC Ratnadipa introduces Rūhāniyat, an Indian heritage dining experience that invites diners to discover the

Highlights Trending

Anantara Peace Haven Tangalle Resort Introduces Panoramic Ocean View Rooms, Elevating Luxury on Sri Lanka’s Southern Coast

Set along Sri Lanka’s southern shores, Anantara Peace Haven Tangalle Resort announces the introduction of

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide