වැනිලා අයිස්ක්‍රීම්වලට අකැමැති අය කියන්නේ එය නීරස, කම්මැලි දෙයක් කියලායි. ඒත්, එයට චොකලට් සෝස් පොඩ්ඩක්, අඹ කෑලි ටිකක්, ස්ට්‍රෝබෙරි ගෙඩියක් දෙකක්, කිතුල් පැණි ස්වල්පයක් එකතු කරගෙන බලන්න. එතකොට මේ සාමාන්‍ය වැනිලා අයිස්ක්‍රීම්වලට ගහන්න තවත් හිමකිරමක් කොහිද? වැනිලා අයිස්ක්‍රීම් නැතිව මිල්ක්ෂේක්එකක්වත් බොන්න පුළුවන්ද?

ලංකා‍ව සුන්දර වෙන්න එක් හේතුවක් තමයි, එහි මිළ අඩු, හොඳ තත්වයේ වැනිලා අයිස්ක්‍රීම් වර්ග රැසක්ම විකුණන්න තිබීම. හැම එකක්ම එකවගේ නැහැ. එලිෆන්ට් හවුස් තමයි, ලංකාවේ ප්‍රධානම අයිස්ක්‍රීම් වෙළෙන්දා. ඒත්, කාගිල්ස් උත්සාහ කරනවා එයින් සැලකියයුතු පංගුවක් ඩැහැගන්න. හයිලන්ඩ් හා කොත්මලේට පක්ෂපාතී ලෙස ප්‍රිය කරන අය ඉන්නවා. තවත්, කුඩා අයිස්ක්‍රීම් අලෙවිකරුවෝත් ඉන්නවා.

ඉතින් ‘යමු’ තීරණය කළා අයිස්ක්‍රීම් රසබැලීමක් කරන්න. මෙහිදී අපි සලකා බැලුවේ ජනප්‍රිය සුපිරි වෙළඳසල්වල ඇති මිළ අඩු වර්ග පමණයි. Il Gelato’s, Carinos සහ Hagen Dasz ආදී ඉහළපෙළේ වර්ග මෙහිදී සලකා බැලුවේ නැහැ. අපි කානිවල් අයිස්ක්‍රීම්ද මෙහි ඡායාරූපගත කර නැහැ. එය සුදු පාටයි. වැනිලා පෙනුමක් නැහැ.

මේවා අතරින් රසවත්ම එක කුමක්ද?

5. කානිවල් ලීටරය රු. 270යි

මෙය තමයි අවසන් ස්ථානයට පත්වුණේ. එය කෘත්‍රිම රසයෙන් යුක්තයි. දියාරුයි. එතරම් කිරි රසකුත් නැහැ. නරකමත් නැහැ. ඒත්, මෙවැනි අයිස්ක්‍රීම් වර්ග බ්‍රිතාන්‍යයේ නම් බාලම හා ලාභම ඒවා. එහෙත්, මෙය තමයි අප කාලා බැලූ ඒවා අතරින් මිළ අධිකම එක. ඔවුන්ගේ අයිස්ක්‍රීම් ලීටරයේ පෙට්ටිය මෙහෙම වුණාට ඔවුන්ගේ ගාලුපාරේ අයිස්ක්‍රීම්හලේ හිමකිරමනම් රසවත් බව ප්‍රසිද්ධයි.

4. හයිලන්ඩ් ලීටරය රු. 230යි

මෙයත් ටිකක් බලාපොරොත්තු සුන්කළ අයිස්ක්‍රීම් එකක්. ලංකාවේ ලොකුම කිරි නිෂ්පාදකයා වන හයිලන්ඩ්ගේ වැනිලා අයිස්ක්‍රීම් ගැන බොහෝදෙනෙක් මහ ඉහළින් කතාකරනවා. ඒත්, මේ අයිස්ක්‍රීම්එකනම් හොඳ නැහැ. එය ගොඩක් කිරිවලින් යුක්තබව පෙනෙනවා. ඒත්, ඒ කිරි
නරක්වෙලා වගේ.

සමහරවිට ඔවුන් කිරි නිසිලෙස පැස්ටරීකරණය කර නැතුවා වෙන්නඇති. අපි මීට පෙර ඔවුන්ගේ චොකලට් කිරි රසබැලූ අවස්ථාවේ අත්දැකීමත් මෙවැනියි. කණගාටුයි.

3. කොත්මලේ ලීටරය රු. 230යි

මෙය තවත් අතුරු නිෂ්පාදකයකු‍ විසින් ගෙන එන ඇතැමුන් ලොල්වූ අයිස්ක්‍රීම් වර්ගයක්. කඳුකරයේ පිහිටි ඔවුන්ගේ කදිම කිරි ගොවිපළ මෑතදී කාගිල්ස් විසින් මිළදීගත්තා. ඒ සමගම ඔවුන්ගේ ප්‍රමිතීන් පහළ වැටුණුබවත් කියනවා. ඔවුන්ගේ මිළෙන් ඉහළ පෙකන්, බෙරීස් ආදී අයිස්ක්‍රීම් වර්ග ඉතා ජනප්‍රියයි.

අප රස බැලූ වැනිලා අයිස්ක්‍රීම් උකුබවින් හා ක්‍රීම් ගතියෙන් හොඳයි. ඒත්, වැනිලා ර‍ස මදි. එය මඳක් දියවූවිට යන්තමින් පාප්ප රසක් ආවා. නරක නැතිවුණත්, හොඳත් නැති නිසා එය මධ්‍යම මට්ටමටයි වැටුණේ.

2. එලිෆන්ට් හවුස් ලීටරය රු. 220යි

බොහෝ කොළඹ වැසියන්ට අයිස්ක්‍රීම් කිව්වාම ඉතින් එලිෆන්ට්හවුස් තමයි. ඒත්, අපේ රසවිඳුමේදී එයට හිමිවුණේ දෙවන තැන. එය හොඳ වැනිලා හා කිරි රසින් යුක්තයි. සුමුදුයි. ශක්තිමත් වැනිලා රස නිසා එය හොඳ කේක් පිටිමුසුවක් වගේ. අනෙක් වර්ගවල ඇටකටු සුද වගේ නොවෙයි එහි ඇත්දළ වර්ණයත් රුචියවඩනසුළුයි. එහි සැහැල්ලුබවට ඇතැමෙක් ප්‍රියකරන්න පුළුවන්. ඒත්, අපනම් සිතන්නේ එහි කිරි ගතිය හා උකු ගතිය එහි තරගකරුවාට සාපේක්ෂව මදි කියායි.

1. කාගිල්ස් මැජික් ලීටරය රු. 220යි,

මේ තමයි හොඳම අයිස්ක්‍රීම් වර්ගය. කීල්ස් අයිස්ක්‍රීම්වලට වඩා මඳක් ඉහළින් ඇති එය අප රස බැලූ වර්ග අතරින් සමබරම එක. ක්‍රීම් ගතියයි. ඒත්, පාප්ප ගතියක් නැහැ. සුමුදුයි. වෙනත් ටොපිංස් වර්ගවලට හොඳ පදනමක්. මෙයත් සාමාන්‍ය සුපිරිවෙළඳසල අයිස්ක්‍රීම් වර්ගයක්ම තමයි. අතිවිශිෂ්ට රසයක් නොවෙයි. ඒත්, සියුම් රස නිසා කාගිල්ස් මැජික් පළමු තැනට පත්වුණා. කාගිල්ස් නිෂ්පාදන ගැන අපි කලින් තරමක් විවේචනාත්මකවුණත් වැනිලා අයිස්ක්‍රීම් නම් මේ රසවිඳුමේ ජයග්‍රාහකයා වුණා.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

25% Off Lunch at Harbour Court This September

Make lunch plans worth looking forward to this September at The Kingsbury’s Harbour Court, with

Highlights Trending

Barista Reaches 100 Outlets, Bringing World-Class Coffee Experience Closer Across Sri Lanka

Barista Coffee Lanka marked a significant milestone in its journey on 31 August 2026 with

Highlights Trending

L’Incontro: An Italian Table by the Bentota Coast

There’s something particularly appealing about an Italian restaurant at the beach. Perhaps it’s the shared

Highlights Trending

Yazu at the Beach Brings Galle’s Pan-Asian Flavour to ON14

Colombo, your dinner plans just got a whole lot more interesting. On 28 August, Yazu

Highlights Trending

Gatz at City of Dreams Sri Lanka Brings Live Entertainment to the Heart of Colombo

Gatz Re-imagined brings a fresh take on classic supper club culture, with live entertainment throughout

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide