ඉස්කෝලෙ දි අපි ඉගෙනගත්ත බොරු 10ක්.

අපි හැමෝම වගේ ඉස්කෝලෙ ගිහින් තියෙනවා. විෂය කරුණු විතරක් නෙවෙයි, සිරිත්විරිත්, සමාජය එක්ක ගනුදෙනු කරන විදිය වගේ දේවලුත් ගොඩක් අපි ඉගෙනගන්නෙ ඉස්කෝලෙ දි. පොඩි පන්තිවලදි අපේ ගුරුවරු කියන දේවල් අපි ගොඩක් වෙලාවට ගෙඩි පිටින්ම ඇත්ත කියල පිළිගන්නවා. සමහර වෙලාවට අපිට ටිකක් ලොකුවෙද්දි හිතෙනවා මේ සමහර දේවල් ඇත්තමද කියලා. ඒත් ඉස්කෝලෙදි අපේ ඔළුවට දාන සමහර බොරු අපි තාමත් ඇත්තයි කියල හිතන් ඉන්නවා.

මේ ඒ වගේ ඉස්කෝලෙන් අපේ ඔළුවලට දාපු බොරු 10ක්.

තව මේ වගේ ඉස්කෝලෙ යන කාලෙ ඔයාලා ඉගෙනගත්ත බොරු තියෙනව නම් පහළින් කම‍ෙන්ට් කරන්න.

1. මහවැළි කැලණි කළු වලවේ යන ගංගා

“”මහවැළි, කැළණි, වලවේ, කළු යන ගංගා
සමනළ කන්ද මුදුනේ සිට පැන නැංගා””

පී. බී. අල්විස් පෙරේරාගේ මේ කවි පෙළ අපි ඉගෙනගන්නෙ ඉස්කෝලෙ පොඩි පන්තිවලදි මයි. අල්විස් පෙරේරා කියන්නෙ හිටපු දක්‍ෂ කවියෙක්. ඒත් කරුණු හැටියට ගත්තොත් නම් මේ කවියෙන් කියන්නෙ පට්ටපල් බොරුවක්. මහවැළි, කැළණි, වලවේ කියන ගංගා පටන්ගන්නෙ සමනල කන්ද හෙවත් ශ‍්‍රීපාද කන්දෙන් නෙවෙයි!

සාමාන්‍යයෙන් ගංගාවක් හැදෙන්නෙ එකඑක තැන්තැන්වලින් එන පොඩිපොඩි දිය පාරවල් ගොඩක් එකතුවෙලා මිස එක තැනකින් ටැප් එකක් ඇරියා වගේ පටන්ගන්නේ නෑ. ඒ වුණත් ඒ අතරින් ප‍්‍රධාන මූලාශ‍්‍රය ඒ ගංගාවේ ආරම්භය කියල ගන්න එකෙත් වරදක් නෑ. ඒත් එහෙම බැලූවත් ඔය ගංගා හතරෙන් සමනල කන්දෙන් පටන්ගන්නෙ කළු ගඟ විතරයි. කැළණි සහ වලවේ ගංගා පටන්ගන්නේ හෝටන් තැන්නෙන්. මහවැලි ගගේ ප‍්‍රධාන මූලාශ‍්‍රය වන කොත්මලේ ඔය පටන්ගන්නෙත් හෝටන් තැන්නෙන්.

2. නිව්ටන් සහ ඇපල් ගෙඩිය

අයිසැක් නිව්ටන් ගුරුත්වාකර්ෂණය පිළිබඳ න්‍යාය ගොඩනැගුවේ ඇපල් ගහක් යට වාඩිවෙලා ඉද්දි ඔළුවට වැටුණු ඇපල් ගෙඩියක් නිසා කියලයි අපි හැමෝම අහල තියෙන්නේ. ඒත් ඇත්තට ම ගුරුත්වාකර්ෂණය පිළිබඳ න්‍යාය එහෙම එකපාරට එයාගේ ඔළුවට ආපු එකක් නෙවෙයි. නිව්ටන්ට ඒක හදන්න අවුරුදු විස්සක් විතර ගිහින් තියෙනවා. ඒ වගේ ම ක‍්‍රිස්ටෝපර් වී‍්‍රන්, රොබර්ට් හෝක්, එඩ්මන්ට් හැලී වගේ ගොඩදෙනකුගේ උදව්වෙන් තමයි ඔයා ඒක ගොඩනගලා තියෙන්නේ.

3. තේ, පොල්, රබර්

ලංකාවේ ප‍්‍රධාන අපනයනයන් හැටියට කවුරුත් කටපාඩමින් වගේ කියන්නෙ තේ, පොල් රබර් කියලා. ඒත් දැන් මේක වෙනස් වෙලා සෑහෙන කාලයක්. ඇත්තට ම කල්පනා කළොත් අපිට වැඩිම විදේශ විනිමයක් ගේන අපේ ප‍්‍රධාන අපනයන භාණ්ඩය වෙන්නෙ මිනිස්සු; මැදපෙරදිගට යනව කාන්තාවෝ. ඒත් ආර්ථික විද්‍යාවෙ දි මිනිස්සුන්ව ‘භාණ්ඩයක්’ හැටියට සැලකෙන්නෙ නැති නිසා නිළ වශයෙන් අපේ ප‍්‍රධාන අපනයන භාණ්ඩය හැටියට සැලකෙන්නෙ ලැයිස්තුවේ ඊළඟට තියෙන ඇඟලුම්. ඇඟලුම්වලට පස්සෙ වැඩි ම ආදායම තවමත් (2014 සංඛ්‍යාලේඛණවල හැටියට)  එන්නේ තේ සහ රබර්වලින්. ඒත් පොල් නම් හොයන්න වත් නෑ, ඒ තරම් පොඩි ප‍්‍රතිශතයක් තමයි පොල් අපනයනය කරන්නේ. 90 දශකයක් එක්ක බැලූව ම ඇඟලුම් අපනයනය තරමක් අඩුවෙලා තියෙනවා. ඒත් තාමත් තේ, රබර් දෙකේ ම ආදායම එකතු කළත් ඇඟලුම් ආදායමට කිට්ටුකරන්නවත් බෑ.

4. වවුලන්ට ඇස් පේන්නෙ නෑ

අපි ගොඩදෙනෙක් හිතාගෙන ඉන්නෙ වවුලන්ට ඇස් පේන්නෙ නෑ, එයාලා ශබ්ද තරංගවල පරාවර්ථනයෙක් තමයි දේවල් අඳුනගන්නෙ කියල. ඒත් ඒක සම්පූර්ණ බොරුවක්. සාමාන්‍යයෙන් වවුලන්ට අපට වඩා හොඳට ඇස් පේනවා. ඇත්ත. එයාලා ශබ්ද තරංග පරාවර්ථනයත් පාවිචිකරනවා දේවල් අඳුනගන්න. හැබැයි ඒ පෙනීමට අමතර ව තවත් හොඳට දේවල් අඳුනගන්න. එහෙම නැතුව වවුලෝ අන්ධ නෑ.

5. ඉන්දියාවේ උපන් බුදුන්

සිදුහත් කුමාරයා ඉපදුණේ කොහෙද කියල ඇහුවොත් ඉන්දියාවේ කියල තමයි අපි ගොඩක් දෙනෙක් උත්තර දෙන්නෙ. ඒත් සිදුහත් උපත සිදුවුණු ලුම්බිනිය වගේ ම එයාගේ තාත්තා රජකම් කරපු කපිලවස්තුපුරයත් අයිතිවෙන්නෙ වර්තමාන නේපාලයට මිස ඉන්දියාවට නෙවෙයි. නමුත් ඇත්තම කතාව නම් බුදුන්ගේ කාලයේ ඉන්දියාවක් වත් නේපාලයක්වත් තිබුණේ නෑ; අද ඉන්දියාව, පකිස්තානය, නේපාලය වගේ රාජ්‍යයන්ට අයිති භූමි ප‍්‍රදේශවල ඒ කාලේ තිබුණේ එක එක රාජධානි. ඒ පොඩි පොඩි රාජධානි එකතුකරලා ‘ඉන්දියාව’ කියන රාජ්‍යය නිර්මාණය කරන්නේ බි‍්‍රතාන්‍යයන්.

කවුරුහරි තර්ක කළොත් බුදුන් උපන්නේ ඉන්දියාවේ නෙවෙයි දඹදිව කියලා, අපට ඒක නම් පිළිගන්න සිද්ධවෙනවා. ඒත් ප‍්‍රශ්නය තියෙන්නෙ ‘දඹදිව’ කියල ගොඩක්දෙනෙක් හිතාගෙන ඉන්න එකට නෙවෙයි ඇත්තට ම දඹදිව කියන්නේ. ගොඩදෙනෙක් හිතාගෙන ඉන්න විදියට ‘දඹදිව’ කියන්නේ ඉන්දියාවට (නැත්නම් යුරෝපීයයන් වර්තමාන ඉන්දියාව නිර්මාණය කරන්න කලින් තිබුණයි කියන රටට) තවත් නමක්. ඒත් වේද පුරාණවලට අනුව නම් දඹදිව කියන්නේ සප්ත මහා සාගරවලින් වෙන්වෙලා තියෙන මහද්වීප හතෙන් එකක්. වේද ග‍්‍රන්ථවල සඳහන් වෙන මේ මහද්වීප අපි අද දන්න මහාද්වීපවලට වඩා සෑහෙන වෙනස්. ඒත් දඹදිව හෙවත් ජම්බුද්වීපය කියන්නෙ යම් භූමි ප‍්‍රදේශයක් කියල ගත්තොත් වර්තමාන ඉන්දියාව, චීනය විතරක් නෙවෙයි යුරෝපය සහ අප‍්‍රිකාවත් අයිති වෙන ගොඩබිම්කඩ ඒ නමින් හැඳින්වුණා කියල හිතන්න පුළුවන්. එහෙම නැත්නම් මනුෂ්‍ය වර්ගයා ජීවත්වන ස්ථානයට හදාගත්ත සංකල්පීය නමක් වෙන්නත් පුළුවන්. ඒ කොහොම එකක් පැහැදිළියි: දඹදිව කියන්නෙ ඉන්දියාව නම් නෙවෙයි.

6. ජලය අවර්ණයි

පොඩි වීදුරුවකට වගේ පිරිසිදු වතුර ටිකක් දැම්මොත් නම් ඒක අවර්ණයි වගේ තමයි පේන්නේ. ඒත් වතුර ගොඩක් තියෙන වැව්, පොකුණු නැත්නම් මුහුද අපට පේන්නේ නිල් පාටට. ගොඩක් වෙලාවට පොඩි කාලෙ මේ ප‍්‍රශ්නෙ ඇහුවම අපට ලැබෙන්නේ, ‘‘අහසේ ඡායාව වැටෙන නිසා,’’ ‘‘ඒ තැන්වල වතුර පිරිසිදු වතුර නොවන නිසා’’ වගේ උත්තර. ඒත් ඇත්තම කතාව තමයි පිරිසිදු වතුර ස්වභාවයෙන් ම නිල් පාටයි. ඒත් ගොඩක් ලා නිල් පාටක්. ඒකයි වතුර පොඩි ප‍්‍රමාණයක් තියෙද්දි අවර්ණයි වගේ පේන්නේ.

7. කටුස්සගේ පාට

අපි ගොඩදෙනෙක් පොඩිකාලේ ඉගෙනගත්තේ කටුස්සා එයා ඉන්න පරිසරයේ පාටට ගැලපෙන්න පාට වෙනස්කරනවා කියල. ඒත් ඒක බොරු. කටුස්සෝ එයාලගේ හමේ පාට මාරුකරන්න හේතු කීපයක් තියෙනවා. ගොඩක් වෙලාවට එයාලා ඒක කරන්නේ සන්නිවේදන ක්‍රමයක් හැටියටයි; එයාලා ඉන්නෙ මොන වගේ මූඩ් එකකද කියල අනිත් කටුස්සන්ට දන්වන්න. උදාහරණයක් හැටියට කටුස්සෙකුට මළපැන්නොත් ඌ අඳුරු පාට වෙනවා. කටුසු කෙල්ලෙක් (හරි කොල්ලෙක්) ගැන හිතක් පහළ වෙලා එයාගෙ අවධානය දිනාගන්න  ඕනවුණාම කටුස්සො එයාලගේ හම ළා පාටට හරවනවා. මීට අමතරව පරිසරයේ උෂ්ණත්වයට ගැලපෙන්නත් එයාලා පාට වෙනස්කරනවා. සීතල දවසක නම් වැඩිපුරි උණුසුමක් ඇඟට උරාගන්න පුළුවෙන් වෙන්න හම අඳුරු පාට කරගන්නවා; රස්නේ දවස්වලට පාට ළා කරනවා.

8. පසිඳුරෝ

අපට අපි අවට පරිසරය දැනෙන්නේ ඉන්ද්‍රියන් පහකින් කියල තමයි අපට ඉස්කෝලේ උගන්වන්නේ. විද්‍යාවට වගේ ම බෞද්ධ ළමයින්ට නම් බුද්ධාගමටත් උගන්වනවා ඇස, කණ, නාසය, දිව, ශරීරය කියල ඉන්ද්‍රියන් පහක් ගැන. ඒ අතර සමහරු ගොඩක් උනන්දුයි ‘6 වන ඉන්ද්‍රියක්’ ගැන. (6th Sense  කියල චිත‍්‍රපටියකුත් තියනේනෙ) ඒත් ඇත්තට ම නම් 6ක් නෙවෙයි අපට අඩු තරමේ සංවේදන වර්ග 9ක් විතර දැනෙනවා. සමහර විද්‍යාඥයෝ කියන විදියට නම් මේක 21ක් විතර වෙන්නත් පුළුවන්.

මේ පංචේන්ද්‍රිය කතාව එන්නේ ඇරිස්ටෝටල්ගෙන්. බෞද්ධ පොත්පත්වලත් පසිඳුරන් ගැන කියවෙනවා. ඒත් මේ කියන පෙනීම, ඇසීම, ගන්ධය, රස සහ ස්පර්ශය කියන පහට අමතර ව සමබරතාව, වේගය, වේදනාව, අපේ ශරීරාංග තියෙන තැන් වගේ ම සාපේක්‍ෂ උෂ්ණත්වය යන දේවලූත් අපට දැනෙනවා. මීට අමතර ව කාලය, කැසිල්ල, පීඩනය, බඩගින්න, තිබහ, බඩපිරුණු ගතිය, මළ-මුත‍්‍ර පිටකිරීමේ අවශ්‍යතාව වගේ තව ගොඩක් දේවලුත් අපට දැනෙන දේවල් ගණයට ගන්න පුළුවන් කියල තමයි නූතන විද්‍යාඥයෝ කියන්නේ.

9. අපි පාවිච්චි කරන්නේ මොළයෙන් 10%යි

මේක චිත‍්‍රපටිවලට පවා තේමාවෙලා තියෙන කතාවක්. ඒත් පට්ටපල් බොරුවක්. මේ කතාවට අනුව ඇල්බර්ට් අයින්ටයින් වගේ ම බුදුනුත් මෙ සීමාව ඉක්මවා ගිය අය කියලයි සමහරු කියන්නේ. ඒත් ඇත්තට ම නම් අපි හැමෝ ම වගේ අපේ මොළය 100%ක් ම පාවිච්චි කරනවා. විද්‍යාත්මක පර්යේෂණවලට අනුව නම්, මොළේ පාවිච්චි කරන්නෙම නෑ කියල අපිට සමහර වෙලාවට හිතෙන පට්ටපල් මෝඩයෝ වගේ ම දේශපාලනඥයෝ වුණත් තමන්ගේ මොළය 100%ක් ම පාවිච්චි කරනවා. ඒ වගේ ම අපේ මොළයේ ගොඩක් කොටස් හැමවෙලාවෙම ක‍්‍රියාකාරීවයි පවතින්නේ. අපි නිදාගෙන ඉන්න වෙලාවට පවා ඒ කොටස් ක‍්‍රියාත්මක වෙනවා. අපේ මොළයේ එක්එක් කොටස්වලින් කෙරෙන කාර්යයන් වෙනස්. ඒකයි අනතුරක් වගේ දෙයක් නිසා මොළයේ පොඩි කොටසකට හරි හානියක් වුණොත් ඒකෙ ප‍්‍රතිඵලය ගොඩක් දරුණු වෙන්නෙ.

10. මඩ සෝදාගත් කල ගොවියා රජකමටත් සුදුසුයි

රොබට් නොක්ස් කීවා කියන මේ කතාව අපට උගන්වන්නේ ගොවිතැනට ඒ කාලේ තිබුණු පිළිගැනීම කොච්චරද කියල පෙන්වන්නයි. ඒත් මේක තනිකර ම රොබට් නොක්ස්ගේ අදහස අමු අමුවේ විකෘතිකිරීමක්. රොබට් නොක්ස්, උඩුනුවර හා යටිනුවර ගැන ලියපු විස්තරය තමයි මේ විදියට විකෘතිකරලා තියෙන්නෙ. නොක්ස්ගේ පොතට අනුව උඩුනුවර හා යටිනුවර පලාත් සහ ඒ පැත්තෙ ජීවත්වෙන අය අනෙත් පළාත්වලට වඩා උසස් කියල පිළිගැනීමක් තිබිලා තියෙනවා. ඒ නිසා, රජෙක් පත්කරගන්න  ඕන වුණොත් කරන්න තියෙන්නෙ උඩුනුවර-යටිනුවර දෙපලාතෙ ඉන්න  ඕන කෙනෙක්ව අරන් ගිහින් පොඩ්ඩක් හෝදලකරල ගන්න එකයි කියල කතාවක් ඒ පැත්තෙ මිනිස්සු අතර තිබිලා තියෙනවා. කොටින් ම මේකෙ කියවෙන්නෙ ඒ පලාත්වල ජීවත් වුණු මිනිස්සුන්ට තමන්ගේ පරම්පරාව සහ තත්ත්වය ගැන තිබුණු අධිතක්සේරුව ගැන මිස ගොවිකම ගැන නෙවයි. ඒ කතාව තමයි මේ අපේ කට්ටිය එයාලා ආසා විදියට වෙනස්කරලා අරන් තියෙන්නේ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Heritance Hotels & Resorts and Sara Ali Khan Spotlight Sri Lanka’s Diverse Landscapes, Heritage and Hospitality

The collaboration brings together celebrity-led storytelling and Heritance’s distinctive hospitality to showcase Sri Lanka’s cultural

Highlights Trending

ITC Ratnadipa Welcomes Chef Prakhar Srivastava to Lead the Next Chapter of Avartana in Colombo

ITC Ratnadipa, Colombo welcomes Chef Prakhar Srivastava as Sous Chef to Avartana, marking a new

Highlights Trending

Are Men Moving With The Jewellery Trends in Sri Lanka? ‘Yes,’ says DINIDU Colombo

Fine jewellery in Sri Lanka is no longer bound by gender. Accessorising has become an

Highlights Trending

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

25% Off Lunch at Harbour Court This September

Make lunch plans worth looking forward to this September at The Kingsbury’s Harbour Court, with

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide