පොඩි ෂොට් එකක් දාන්න බයිට් ජාති 13ක්.

වැස්ස කාලෙ ඇවිල්ල තියෙන්නෙ. මේ කාලෙට තමයි වැඩි හරියක් ම අපේ කට්ටිය හවස් ජාමෙට බාර් එකට රිංගගන්නෙ. සීතලයි කියාගෙන පොඩි බීර වීදුරුවක් හරි අරක්කු ෂොට් එකක් හරි උගුරට දෙකට කටට හලාගත්තට පස්සෙ ඉතින් හොඳ කටගැස්මකුත් එපැයි. සමහර විට කට්ටිය පාවිච්චියට නොගන්න බයිටුත් මෙතන ඇති. බලන්නකො කොහොමද කියල. ඒක නෙවෙයි, මෙතන නැති ඔයාල දන්න බයිට් ජාති එහෙම තියෙනවනම් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.

කඩල

by Vegan

ගොඩක් වෙලාවට බාර් ඉස්සරහට වෙලා පොඩි කඩල කරත්තයක් තියාගෙන ඉන්න මල්ලිල ලඟ තම්බපු කඩලයි තෙල් දාපු කඩලයි දෙකම තියෙනව. බියර් වලට නම් යන්නෙ තෙල් දාපු කඩල තමයි. පොඩියට කපපු පොල් කෑල්ලකුයි බැදපු මිරිස් කරලකුයි එක්ක එන තම්බපු කඩල සෙට් වෙන්නෙ අරක්කු වලට. මොකද බැදපු මිරිස් කරලෙ සැරයි පදමට තියෙන ලුණු රසයි අරක්කු සැරට නියමෙට කැපෙනවනෙ. අනික රු. 20 ඉඳන් උඩට තියෙන ඕන ගාණකට ගන්නත් පුළුවන්.

පරිප්පු වඩේ

ඕන ජාතියකට නියමෙට ගැලපෙන බයිට් එකක්. පොඩියට කපපු මිරිස් කෑලි, පරිප්පුත් එක්ක කලවම් වෙලා හැදෙන පරිප්පු වඩේ වලට බැදපු මිරිස් කරලකුත් එකතු වුනාම නියම බයිට් එක. රු. 2, 3, 5, 10 වගේ ගණන් වලට ගන්න පුළුවන් නිසා පරිප්පු වඩේ කියන්නෙ සෑහෙන්න ප්‍රසිද්ධ බයිට් එකක්. හැබැයි සමහර වෙලාවට කලින් දවසෙ ඉතුරු වුන පරිප්පු වඩේ ආයෙත් සැරයක් බැදල විකුණන සවුත්තු වෙළෙන්දොත් නැතුවම නෙවෙයි.

ඉස්සො වඩේ

ඔය පරිප්පු වඩේ එකම පොඩ්ඩක් ලොකුවට, රවුමට හදල පොඩි ඉස්සො දෙන්නෙක් හරි තුන් දෙනෙක් හරි උඩින් තියල ගැඹුරු තෙලේ බැදල ගන්නවා. එහෙම හැදෙන ඉස්සො වඩේ එකක් රු. 10, 15 විතර වෙන්නෙ. හැබැයි බයවෙන්න දෙයක් නෑ, මේව නම් කලින් දවසෙ ඉතුරු වෙලා ආයෙත් බැදල ගත්ත ඒව වෙන්නෙ නෑ. මොකද දෙපාරක් බැද්දොත් ඉස්සව කර වෙනවනෙ.

උළුඳු වඩේ

ඇත්තටම උළුඳු වඩේ කිව්වට ගොඩක් බයිට් කඩවල මේවට උළුඳු දාන්නෙ නෑ. පාන් පිටි වලින් තමයි හදන්නෙ. පිටි මෝලියට ලුණු, මිරිස් පදමට දාලා හදන මේ වඩේ සයිවර් කඩවල උළුඳු වඩේ වලට වඩා පොඩියට හදන්නෙ රු. 10, රු. 15 වගේ ගණන් වලට දෙන්න පුළුවන් නිසා. සමහර පෙට්ටි කඩවල් වල උළුඳු වඩේ එක්ක බැදපු මිරිස් දුන්නට ගොඩක් වෙලාවට දෙන්නෙ කොච්චියි පොලුයි දාලා හදන සම්බෝලයක් හරි ලුණු මිරිස් හරි තමයි.

බැදපු මාළු

by Ramesh

වැව්වල ඉන්නෙ බට්ටො කියල මාළු ජාතියක්. උපරිම වුනොත් අඩි බාගයක් දිග ඇති. මාළුවගෙ බඩ අයින් කරල බැදල ගත්තාම පොඩි ගතියක් තියෙනව තමයි. හැබැයි කටු ගොන්නයි. බැදපු බට්ටෙක් සාමාන්‍යයෙන් රු. 20න් 30න් උඩ ගණන් වලට තමයි තියෙන්නෙ. ඒකත් උගෙ ප්‍රමාණයේ හැටියට. මේ හැරුණාම බැදපු සාලයො, හැඳැල්ලො එහෙමත් ඉන්නව. පාන් කුඩු වල දවටල බැදපු එයින් එකෙක් රු. 20ක් වගේ වෙන්නෙ. හැබැයි බට්ටන්ට වැඩිය නම් හැඳැල්ලොයි සාලයොයි දෙකම හොඳයි.

බැදපු සුදු ළූණු

තෙල් කකා ෂොට් එක දාන අයට පොඩ්ඩක් හරි ඇඟට හොඳ දේකට කියල තියෙන්නෙ මේක වුනාට කවුරුත් වැඩිය කන්නෙ නෑ. සුදු ළූණුවල නියම ගතිය එන්නෙ අඟුරු අස්සෙ දාලා පුච්චල ගත්තාම. ඒත් බයිට් කඩ වල්වල තියෙන්නෙ නම් තෙලේ බැදපු සුදු ළූණු තමයි. හැබැයි ඉතින් සුදු ළූණු පදමට බැදෙන්න ඕන වගේම තමයි රස පදම එන්න මිරිස් කුඩුයි ලුණු කුඩුයිත් දාන්න ඕන. මේකත් රු. 20ක් වගේ අඩු ගාණකට ගන්න පුළුවන් නියම බයිට් එකක්.

බයිට් පැකට්

by Harsha

බැදපු රට කජු, මික්ස්චර්, බෝල බයිට්, අල පෙත, මුරුක්කු වගේ ඒව තමයි මේ කාණ්ඩයට අයිතිවෙන්නෙ. අදාල ජාති ගැඹුරු තෙලේ බැදල ලුණු කුඩු, මිරිස් කුඩු ටිකක් උඩින් දාලා පැකට් කරල විකුණන්න තියෙන මේ බයිට් රු. 10 ඉඳන්ම ගන්න තියෙන නිසා ගොඩක් දෙනා හදිස්සියට ගන්නෙ මේව තමයි.

පොල් රොටි

by Shehal

ටික දෙනෙක් විතරක් දන්න නියම බයිට් එකක්. හැබැයි නිකන් පොල් රොටි කාලා හරියන්නෑ. එක පොල් රොටියක් උඩට හොඳ ලුණු මිරිස් තලියක් දාලා, අතුරලා අනික් පොල් රොටිය ඒක උඩින් තියාගත්තාම හයියට, සැරට හැපෙන හොඳ බයිට් එකක්. ගාණත් උපරිම වුනොත් රු. 20ක් 30ක් වෙයි.

රොටි

by Alpha

ගෝදම්බ රොටි නෙවෙයි. ඔය පෙට්ටි කඩවල් වල තියෙන්නෙ පොල් රොටි විදියට පොල් නොදා ඊට වඩා ලොකුවට හදන රොටි. මේව ලුණු මිරිස් එක්ක කන්නත් පුළුවන්. ඒත් නියම බයිට් එකක් විදියට හැදෙන්නෙ රොටිය පොඩි කෑලි වලට කපල කලවම් හොදි (පරිප්පුයි මිරිස් හොදියි) ටිකක් එක්ක ලුණු මිරිස් ටිකකුත් දාලා ගත්තාම. මමත් ඕක දැන ගත්තෙ කඩුවෙල පැත්තෙදි කාලක් ගහන්න සෙට් වුන අංකල් කෙනෙක්ගෙන්. ඇත්තටම නියමම බයිට් එකක් තමයි. රු. 30ක් 40ක් වගේ වෙන්නෙ.

අච්චාරු

by Indi

හැම අච්චාරුවම හරියන්නෙ නෑ. අඹ අච්චාරු හරි ඇඹරැල්ල අච්චාරු හරි තමයි වැඩේට හරියන්නෙ. අනික මතක තියාගන්න රු. 20ට 30ට ගන්න පුළුවන් වුනාට මේ බයිට් එක බියර් වලට නම් එච්චරටම ගැලපෙන්නෙ නෑ.

ටිපි ටිප්

හැමෝටම වගේම හැම ජාතියකටම ගැලපෙන්නෙත් නැති වුනාට රු. 40කට 50කට ගන්න පුළුවන්.

බිස්කට්

ක්‍රිස්කෝ, ස්නැක්ස්, චීස් බටන්ස්, අනියන්, සේවරි නට්ස් වගේ රු. 20, 30 පොඩි පැකට් වලට එන බිස්කටුත් හදිස්සි වෙලාවට සෑහෙන්න නැගල යන බයිට් එකක්.

කට්ලට්

by Eatingeast

රෝල්ස්, එළවළු රොටි වගේ ජාතිත් පෙට්ටි කඩවල තිබුණට බයිට් විදියට වැඩියෙන්ම යන්නෙ කට්ලට් කියල තමයි හොයල බැලුවාම මට දැන ගන්න ලැබුණෙ. ඇයි කියන්න නම් හරියටම දන්නෙ නෑ. සමහර විට රු. 20ට 30ට ගන්න පුළුවන් නිසා වෙන්නත් ඇති.  

by Gabriel

මේ විදියෙ පොඩි පොඩි බයිට් තියෙන්නෙ ටවුන් වල වුනාට ගමේ ගොඩේ රා කට්ටක් බොන අය පාවිච්චි කරන්නෙ බැදපු කරවල කෑල්ලක්, ලුණු කැටයක්, රතු ළූණු ගෙඩියක් වගේ වෙනස්ම බයිට් ජාති ටිකක්. ඒ කොහොම වුනත්, ගමේ ගොඩේ, සිදාදියේ කොච්චර අඩු ගණන් වලට බයිට් තිබුණත් බයිට්, සැන්ඩි මුකුත්ම නැතුව අමුවෙන්ම ෂොට් එක දාන කට්ටියත් ඔය අතරෙ ඕන තරම් ඉන්නව.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Four Chefs, One Generous Table: Flavours of Türkiye Returns to Shangri-La Colombo

The aroma of kebabs on the grill, the delicate layers of freshly prepared börek and

Highlights Trending

Trio of Radisson Hotels Welcome the Festive Season with Christmas Cake Mixing Ceremonies

Welcoming the spirit of the festive season, Radisson Blu Resort Galle, Radisson Hotel Kandy, and

Highlights Trending

Colombo Gets Ready for a Christmas Spectacular Like No Other

International circus artistry, Christmas music and festive dining come together for Once Upon a Christmas

Highlights Trending

Christmas Begins Above the Clouds

City of Dreams Sri Lanka ushers in the festive season with its Christmas cake mixing

Highlights Trending

BODARE VOL. 1 – A playground for heavyweights, a launchpad for fresh talent in hip-hop

Sri Lanka’s hip-hop scene is gearing up for a major showcase as BODARE VOL. 1

Highlights Trending

Sri Lanka’s biggest Oktoberfest returns to City of Dreams Sri Lanka

Running from 21 to 24 October at The Podium, tickets are priced at LKR 9,800

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide