තාක්ෂණයත් ගාවගෙන අවුරුදු කන්නේ මෙහෙමයි; අවුරුදු දවස්වලට වටින කියන ඇප් 5ක්!.

2017 අවුරුද්දේ සිංහල අලුත් අවුරුද්ද ලබන්න තව තියෙන්නේ දවස් කීපයයි. කට්ටිය දැන් ලහිලහියේ ගෙවල් දොරවල් අස්පස් කරලා, අලුත් ඇඳුම් පැළඳුම් එහෙම අරගෙන අවුරුද්දට ලක ලෑස්ති වෙනවා ඇති. ඒ විතරක්යැ, ගෙයක් ගෙයක් ගානේ කැවුම්, කොකිස්, අලුවා රසට හැදෙන කාලයක්නෙ මේ. කොච්චර තාක්ෂණේ දියුණු වුණත් මේ දේවල් අපේ ජීවිතවල තවමත් ඉතුරු වෙලා තියෙන එක ගැන අපි ඇත්තට ම සන්තෝස වෙන්න ඕනේ.

හැබැයි ඉතින් තාක්ෂණයත් ගාවගෙන, අවුරුදු කන්න පුළුවන් විදිත් මේ අතරේ ඕනෑ තරම්. ස්මාට් මොබයිල් ෆෝන් එකක් අතේ තියෙන ඕනේ ම කෙනෙක්ට, මේ අවුරුදු දවස් ටිකේ සෑහෙන්න වැඩක් ගන්න පුළුවන් විදියේ ඇප් කීපයක් ගැන කියන්නයි මේ සූදානම් වෙන්නේ.

1. Bigbon

අලුත් අවුරුද්ද කියන්නේ කවුරු වුණත් ෂොපින් කරන්න යන කාලයක්නෙ. මේ දවස්වල ඉතින් කොහේ හරි ඩිස්කවුන්ට් එකක් දැක්කත් සනීපයි. නැත්තන් ඕවයේ ගණන්වල හැටියට ඇඳුමක් තියා ඇඳුම් කෑල්ලක්වත් ගන්න බැහැනේ.

මෙන්න මේ වගේ ඩිස්කවුන්ට් විස්තර බලාගන්න පුළුවන් නියම ඇප් එකක් තමයි Bigbon. ඇඳුම් කඩවල් විතරක් නෙවෙයි, රෙස්ටෝරන්ට්, සැලෝන්, හොටෙල් ආදී හැම තැනින් ම, එක එක බැංකු කාඩ්වලට දෙන ඩිස්කවුන්ට් මේ ඇප් එකේ දක්වලා තියෙනවා. GPS ඔන් කරගත්ත ම තමන්ගේ වටේ පිටේ තියෙන කඩවල්වලින් ගන්න පුළුවන් ඩීල්ස් සේරම බලාගන්න පුළුවන්. කාලෙන් කාලෙට විස්තර අප්ඩේට් වෙන නිසා, අලුත් අවුරුද්දට විතරක් නෙවෙයි, මේක අවුරුද්දේ ඕනේ ම කාලෙක පාවිච්චියට හොඳයි.

2. නැකත් රාළ

කවුද මේ නැකත් රාළ? නැකත් රාළ කියන්නේ ඉස්සර අපේ ගම්වල ඉඳපු ජෝතිෂ්‍ය ගැන හොඳ දැනුමක් තියෙන පුද්ගලයෙක්ට. ඒ දවස්වල මිනිස්සු අවුරුද්දට කලින් නැකත් රාළ ළඟට ගිහින් නැකත් සීට්ටුව ඉල්ලගන්න හැටි අපි පහුගිය දවසකත් කතා කළා.

මේ “නැකත් රාළ” ඇප් එක, හරියට ඩිජිටල් නැකත් රාළ කෙනෙක් වගේ. නව සඳ බැලීමේ ඉඳන්, රැකී රක්ෂාවලට පිටව යාම වෙනකම් තියෙන සේරම නැකත් ටික හරි අපූරුවට මේකේ සඳහන් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒ හැම නැකතක් ම උදා වෙන්න තියෙන තව ඉතුරු වෙලා තියෙන කාලය ගැන කියන කවුන්ට් ඩවුන් එකකුත් මේකේ අඩංගු වෙනවා. අනික නැකත උදා වෙද්දී ම ෆෝන් එකට නොටිෆිකේෂන් එහෙමත් එනවා. සිංහල, ඉංග්‍රීසි භාෂා දෙකෙන් ම මේ විස්තර බලාගන්න පුළුවන් නිසා තවත් ලේසියි.

3. ඉවුම් පිහුම්

අවුරුදු කාලේ තවත් රසවත් වෙන්නේ මේ දවස් ටිකේ හැදෙන අවුරුදු රසකැවිලිවලින්. කිරි රස බේරෙන කිරිබත කන්න උම්බලකඩ, රතු ලූණු දාලා හදන කට්ට සම්බලයක් ඕනෙමයි. කට්ට සම්බලේ සැර ගතිය කපන්න තමයි අපි කැවුම්, කොකිස්, අලුවා, ආස්මී වගේ රසකැවිලි හදන්නේ. කොහොමද මෙදා සැරේ මේ සේරම තියෙන ලස්සන අවුරුදු කෑම මේසයක්  හදාගන්න ඇත්තන්?

ඉතින් මේ කෑම හදාගන්න විදිය දන්නේ නැත්තන් බය වෙන්න දෙයක් නෑ. ඔය අවුරුදු කැවිලි රෙසිපි සේරම එකතු කරපු නියම ඇප් එකක් තියෙනවා. මේකේ නම ඉවුම් පිහුම්. ඕනේ ම අවුරුදු කැවිල්ලක් හදාගන්න විදිය සරලව, පියවරෙන් පියවර හරි ලස්සනට මේකේ විස්තර කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, අවුරුදු කෑම මේසේ තවත් රසවත් කරන්න පුළුවන් විදියේ කේක් වර්ග, තල බෝල, වගේ ඒවයේ රෙසිපිත් මේ ඇප් එකේ අඩංගුයි.

අලුත් අවුරුද්දට ගෙදරට එන නෑදෑ හිතවතුන්ට කටට රසට කෑම වේලක් දෙන්න බලාගෙන ඉන්න උදවියට මේකෙන් උදව් ගන්න පුළුවන්. මොකද කෑම වට්ටෝරු බර ගාණක් මේකේ ඇතුළත් කරලා තියෙනවනේ. මේකේ රෙසිපිවලින් ලංකාවේ ස්ටයිල් එකට විතරක් නෙවෙයි වෙන රටවල්වල තාලේ කෑමත් හදාගන්න ඇහැකි.

නිරෝගී ජීවිතයක් ගෙවන්න නම්, අපි කෑම බීම ගන්න විදියත් ගැන පොඩ්ඩක් හිතන්න ඕනේ. මේවට සම්බන්ධ කාරණාත් මේ ඇප් එකේ දාලා තියෙනවා. කෑම උයද්දී වැදගත් වෙන ටිප්ස් එහෙමත් එකතු කරලා තියෙන මේක ඇත්තට ම ගෘහණියන්ට අත් පොතක් වගේ.

මේ වගේ ම රෙසිපි දාපු තව ඇප් එකක් තියෙනවා. ඒකෙ නමත් ඉවුම් පිහුම්. මේ ඉවුම් පිහුම් එකේ කලින් කිව්ව එකේ තරම් වැඩ ගොඩක් මේකේ නැහැ. ඒත් කෑම වට්ටෝරු බලාගන්න මේකත් නියමයි.

4. අවුරුදු ගේම්ස්

අවුරුදු උත්සව කියන්නේ අලුත් අවුරුදු කාලෙට සුලබව දැකගන්න ලැබෙන තවත් දෙයක්. කොළඹ ඉන්න අයට නම් ගොඩක් වෙලාවට මේවා දකින්න ලැබෙන්නේ ටීවී එකෙන් තමයි. ක්‍රිකට්, ෆුට්බෝල් බලලා කොච්චර හුරේ දැම්මත්, කොට්ට පොරේකට ගිහින්, කඹ ඇදලා, කණා මුට්ටියක් බිඳලා එන ආතල් එක ගන්න ඔය කොයිකෙන්වත් බැහැ.

“අවුරුදු ගේම්ස්” කියන්නේ ඔය අවුරුදු සෙල්ලම් කීපයක් ගහන්න පුළුවන් විදියේ ඇප් එකකට. අලියට ඇහැ තැබීම, කණා මුට්ටිය බිඳීම, අලියට ඇහැ තැබීම, කඹ ඇදීම, කැට ගැසීම, පැපොල් ගෙඩියේ ඇට ගණන් කිරීම වගේ සෙල්ලම් හයක් මේ ඇප් එකේ තියෙනවා. අවුරුදු උත්සවේකට ගිහින් මේ සෙල්ලම් කරනවා තරම් ජොලියක් මේකේ නැති බව හැබෑව. ඒ වුණාට පොඩ්ඩෙක්ට හරි මේවා ගැන කියලා දෙන්න අවුරුදු ගේම්ස් ඇප් එක හොඳයි.

5. අවුරුද්දට – Avurudu Kavili

අපි ගෙවන මේ කලබල ජීවිතත් එක්ක, අඩු තරමේ අවුරුද්දට කැවිල්ලක් හදන්න වෙලාවක් නැතිවෙන්න පුළුවන්. අන්න එහෙම වෙලාවට කැවිලි ටිකක් ඕඩර් කරලා ගෙන්න ගන්න විදියක් ගැනයි මේ කියන්න යන්නේ.

මේ ඇප් එකේ නම අවුරුදු කැවිලි. කැවුම්, කොකිස්, දොදොල්, අලුවා, වැලිතලප වගේ අවුරුදු කැවිලි කීපයක් ම මේ ඇප් එක හරහා ඕඩර් කරන්න ඇහැකි. රුපියල් 20 ඉඳන් ඉහළට මේවයේ ගණන් වෙනස් වෙනවා.

අවාසනාවකට වගේ මේ හැම ඇප් එකම දුවන්නේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්වල විතරයි. ඇන්ඩ්‍රොයිඩ් වේවා, අයිෆෝන් වේවා තවත් මේ වගේ අවුරුද්දට වැඩ ගන්න පුළුවන් විදියේ ඇප් තියෙනවනම්, අපට පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්න හොඳද. එතකොට අපේ යාළුවන්ටත් දැනගන්න පුළුවන්නේ.    

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Iftar delights at The Banyan, Heritance Negombo

Iftar delights at The Banyan, Heritance Negombo Written by Fathima Rukaiya, Mad Dogs Bodega, Banyan

Highlights Kamu

Budget-friendly Iftar spots 2024

Written by Fathima Rukaiya, In our previous article, we highlighted some exquisite and upscale Iftar

Highlights Kamu

Iftar Buffet Round Up 2024

Written by Fathima Rukaiya As Ramadan arrives, a warm feeling of reflection and community fills

Highlights Kamu

Discovering Pasta Paradise: The Pasta Factory, Galle Fort

In the historic Galle Fort, The Pasta Factory brings a taste of Italy to Sri

Highlights Kamu

A Home for Desi Dreams – Bombay Nights by Radisson Colombo

As we stepped into the ‘Dine’ in Radisson Colombo, our senses were immediately tantalized by

Highlights Kamu

Steak Bar: A Grand Sunday Brunch at Kingsbury, Colombo

Written by Shamrina C Welcome to the ultimate brunch experience! Nestled in the heart of

Highlights Kamu Yamu Guide

Trending.

Experience the Elegance and Excitement of RTC Tourism Race Day in Nuwara Eliya

RTC Nuwara Eliya will hold its RTC Tourism Race Day on 30th March 2024 at

Trending

“85th Annual Mount Lavinia 2-Mile Sea Swim” by SLASU held at the Mount Lavinia Hotel Beach

The "85th Annual Mount Lavinia 2-Mile Sea Swim" organized by Sri Lanka Aquatic Sports Union

Trending

Sheraton Colombo Hotel celebrates International Women’s Day with empowering insights

Sheraton Colombo Hotel, part of Marriott Bonvoy’s portfolio of over 30 extraordinary brands, marked International

Trending

Anantara Kalutara Presents an Elevated Gastronomic Journey to Italy

Kalutara, Sri Lanka - March 14, 2024 - Anantara Kalutara Resort is delighted to announce

Trending

List of Party Venues 2024

By Fathima Rukaiya Finding the perfect place to host a party can be a hassle.

Highlights Trending

LCY Unveils Debut ‘LCY for Her’ Collection, Redefining Women’s Polo Wear with Strength, and Sophistication

Thursday, 14, March, 2024, Colombo: LCY, a brand synonymous with manufacturing high-quality men’s polos of

Trending

Yamu Guide.

Steak Bar: A Grand Sunday Brunch at Kingsbury, Colombo

Written by Shamrina C Welcome to the ultimate brunch experience! Nestled in the heart of

Highlights Kamu Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Him

By Fathima Rukaiya Are you trying to find the perfect way to show your special

Highlights Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Her

Written by Fathima Rukaiya The season of love is upon us once more, and opinions

Highlights Yamu Guide

Romantic Dinner and High Tea date spots for Valentine’s Day  2024

Written by Shamrina C 1. Via Torino Indulge in a fine dining exclusive 3-Course meal

Highlights Yamu Guide

BYOB Bliss: 16 Places to you can Bring Your Own Bottle!

Written by Shamrina C 1. Giovannis Indulge in Italian flavors, grooving music, pet friendly, and

Highlights Yamu Guide

Unveiling Ramada’s Festive Christmas High Tea Extravaganza!

Written by Shamrina C Mark your calendars for the 22nd, 23rd, and 24th of December,

Highlights Yamu Guide