Squid Game අපට කියා දෙන ජීවිත පාඩම් 6 ක්.

By Yesha Fernando.

සල්ලි ඔබට කොයිතරම් වැදගත්ද ?

ඔබ ටිකක් හැඟීම්බර මනුස්සයෙක් නම් ඔබ කියයි “බල්ලොත් නොකන සල්ලි, ඒ වගේද මනුස්සකම්” කියලා.ඒත් ඔබ ප්‍රයෝගික තීරණ ගන්න කෙනෙක් නම් ඔබ කියයි “ඔක්සිජන් වලට පස්සේ සල්ලි තමා ඉතිං වැදගත්ම” කියලා. ඔව් මේ පවතින පැන්ඩමික ඊරාවේ අපි අත්දකිමින් ඉන්නවා සල්ලි නැතුව ඔක්සිජන් වත් ලබාගන්න බැහැ කියල. කොවිඩ් ඒ පාඩම වෙන කවදාටත් වඩා හොඳට අපිට ඉගැන්නුවා. ලොව පුරාම මේ වසංගතයෙන් මිය ගිය පිරිසෙන්  75%ක් වත්  සෞඛ්‍ය රක්ෂණයක් නොමැති, නිවාස රහිත, පොදු ප්‍රවාහන සේවය භාවිතා කරන මුදල් හිඟපාඩු මිනිස්සු. මුදල් කියන්නේ ශක්තිය. ශක්තිවන්තයාට තමා ව්‍යසනයකදී ගැළවී සිටීමේ අවස්ථාව වැඩියෙන් ලැබෙන්නේ. ඉතිං එදිනෙදා ජීවන අරගලය කියන ව්‍යසනයට මුහුණ දීලා ඉන්න මිනිස්සු මුදල් කියන ශක්තිය වෙනුවෙන් ජීවිතේ වුනත් පරදුවට තියනවා.

BTS, Blackpink විතරක් නෙමේ, ලොව පුරා අතිශය ජනප්‍රිය ටෙලි මාලා, 2020 හොඳම සිනමා නිර්මාණයට හිමි Academy සම්මානය සමඟින් විනෝදාත්මක ලේබලයෙන් ලොව ආක්‍රමණය කරමින් සිටින දකුණු කොරියානුවන් ගෙන ආ අලුත්ම උන්මාදය Squid Game අපට කියා දෙන්නේ ජීවිතයට අවැසි මුදල් වෙනුවෙන් ජීවිතයම ලංසු තබනා මිනිසුන්ගේ කතාවයි.

කෙල්ලෝ වගේ කොල්ලෝ කිය කිය අපේ යක්ඛ පැටව් කොච්චර අපහාස කලත් කොරියානුවන්ගේ භාවාත්මක රඟපෑම් වල අතිශය තාත්වික බව අවතක්සේරු කරන්න කිසිවෙකුට නොහැකි බව Squid Game හරහා ඔවුන් නැවතත් ඔප්පු කොට තිබෙනවා. ප්‍රචණ්ඩත්වය වපුරවන බවට චෝදනා එල්ල  වූවත් එදා මෙදා තුර වැඩිම Netflix නැරඹුම් වාර ගණනට අයත් වාර්තාවට හිමිකම් කියනා Squid Game සැබවින්ම කියන්නේ උඩින් පෙනෙනා සුන්දරත්වයට යටින් දිවෙනා මිනිසුන්ගේ දුක්බර ජීවන අරගලයයි. මේ Squid Game අපට කියා දෙන ජීවිත පාඩම් මොනවාද ?

අපි බලමු.

1. ඇස් දෙකට පේන, කන් දෙකට ඇහෙන හැමදේම ඇත්ත නෙමේ

Squid Game හී ප්‍රධානම චරිතය වන Gi-hun මේ මාරක සෙල්ලමට අහුවෙන්නේ ඇස් දෙකට පේන, කන් දෙකට ඇහෙන දේ විශ්වාස කරන්න ගිහින්. ලෙල්ලටම හිඳිලා ඉන්න වෙලාවේ පිදුරු ගහෙත් එල්ලෙන කලාවෙන් සල්ලි කීයක් හරි හොයන් තමන්ගේ අම්මව සුව කරගන්න, දුවව බලන්න යන්න හිටපු හාදයට දුම්රියපොලකදී අනපේක්ෂිතව ලැබෙන ආරාධනය ඔහුගේ ජිවිතයම වෙනස් කරනවා. ඔහු නැවත ඇහැ අරින කඳවුර ඇතුළෙදි ඔහුත් එක්ක ඉන්න අනෙක් 455 දෙනාම දෙවන වරටත් තේරුම් නොගන්න දෙය තමා ඇස් දෙකට පේන, කන් දෙකට ඇහෙන හැමදේම ඇත්ත නෙමේ කියන එක. කුඩා කාලයේ කල සරල සෙල්ලමක්  වන Red Light, Green Light හී සරල බව පිටුපස තිබු අනතුර ඔවුන් හඳුනා ගන්නා විටත් තරඟ කොන්දේසිය අනුව පරාජිතයින්ට සිය ජීවිත අහිමි වී අවසන්. ලේසියි වගේ පේන හැමදේම ලෙහෙසි නැහැ. ඒ වගේම ඔබට පෙනෙන හෝ ඇහෙන දෙයට ප්‍රතිචාර දක්වන්න කලින් ඒක පොඩ්ඩක් analyze කරන්න ඔබේ මොළයට ඉඩ දෙන්න කියන පාඩම Squid Game අපිට කියා දෙනවා.

2. සල්ලි පාවිච්චි කරද්දී මොළෙත් පාවිච්චි කරන්න

මේකේ ප්‍රධාන චරිතය Gi-hun වගේම  Sang-woo හා Deok-su ගැන බැලුවම අපිට පේන පොදු දුර්වලකම තමයි සූදුව සහ වැරදි තීරණ. ඔවුන්  පෙර ගත කළ සාමාන්‍ය ජීවිතයේදී තමන්ගේ අතේ තියන මුදල් මොළේ ඇතුව පාවිච්චි කළා නම් ඔවුන් කවදාවත් අමාරුවේ වැටෙන්නේ නැහැ, ඒ අමාරුවෙන් ගැළවෙන්න Squid Game එක ඇතුළේ කොටු වෙන්නෙත් නැහැ. ඔව් ඒක තමා වැදගත්ම පාඩම. සල්ලි හම්බකරන්නේ කොහොමද කියන එක වගේම වියදම් කරන්න ඕනේ මොනවටද කියන එකත්, සතේක හරි ඉතුරුව වැදගත් කියන එකත් ආයේ ආයෙමත් මතක තියාගන්න නැත්නම් Squid Game ඇත්තට බිහි වෙන වගේම ඔබ ඊට කොටු වෙන කාලයත් වැඩි ඈතක වෙන එකක් නැහැ කියන පණිවිඩය මෙම සුපිරි කොරියානු ටෙලි නාටකයේ ගැබ්වී තියෙන මූලිකම පණිවිඩයක්.

3. වැදගත්ම දේ සල්ලි නෙමේ, ඔබට සල්ලි අවශ්‍ය කාරණයයි ?

ඔව් බැලු බැල්මට Squid Game පේන්නේ සල්ලි නැතිව නන්නත්තාර වෙච්ච පිරිසක් මෝඩකමට අහුවෙච්ච භායනක සෙල්ලමක් වගේ තමා. නෑ ඔවුන් මෝඩ නෑ. අපි හැම මනුස්සයෙක්ටම වගේ එයාලටත් ජීවිතේ යම් යම් තැන වලදී වැරදිලා. නමුත් ඔවුන් බොහෝ දෙනෙක්ගේ අරමුණත් ඒ වැටුණු ළිං කටින්ම ගොඩ ඒමයි. Gi-hun වගේම ඔහුගේ මිත්‍ර Sang-woo ත් මේ සෙල්ලමට ගොඩ වෙන්නේ ඔවුන්ගේ ණය බරින් නිදහස් වෙන්න. Jun-ho තමන්ගේ සහෝදරයා හොයාගන්න. සල්ලි නෙමේ වැදගත්, සල්ලි හොයන්න මුල් වුණු අරමුණ සහ ඒක වැඩකට ඇති දෙයක්ද කියන එකයි. ඒ නිසා සල්ලි හොයන්න ක්‍රමයක් හොයන්න කළින් හිතන්න ඔබට සල්ලි අවශ්‍ය මොකටද කියලා. අරමුණක් නැත්නම් කොච්චර හම්බ කළත් ඔබ සදාකාලික මර උගුලක හිරවුණු  දුප්පතෙක්. ඒ වගේම සල්ලි හොයන්න වෙහෙසෙන ඔබේ මිත්‍රයාට, අසල්වැසියාට ඇනුම්පද කියන්න, හිනා වෙන්න එපා. ඔබ දන්නේ නැහැ ඔවුන්ගේ කතාව මොකක්ද ඔවුන්ට සල්ලි අවශ්‍ය ඇයි කියල. කාට වුණත් ජීවිතේ අමාරු ඉලක්ක වලට යන්න තමන්ගෙම හේතුවක් තියෙනවා ඒ හේතුවයි වැඩියෙන්ම වටින දේ කියල Squid Game අපිට කියල දෙනවා.

4. කාවවත් අවතක්සේරු කරන්න එපා

සාමාන්‍යයෙන් අපි හරි දක්ෂයි පෙනුමෙන් මිනිස්සු මනින්න.මේ Squid Game එක පුරාමත් අපි එහෙම දුර්වලයෝ කියල අපිට පේන කිහිප දෙනෙක්වම දකිනවා. පළවෙනියා තමා ඉතින් පළවෙනියා: 001. මොළේ ගෙඩියක් හේතුවෙන් පීඩා විදින වයසක මනුස්සයා, ඒ වගේම තව කාන්තාවන් කිහිපදෙනෙක්. ඒත් ඇයි එයාට 001 කියන අංකය ලැබිලා තියෙන්නේ. සැළකිය යුතු තත්වයේ කෙනෙක් නොවන නිසා අපි ඒක හිතන්නෙවත් නැහැ. ඒත් මතකද  tug of war සෙල්ලම ඔවුන් දිනන්නේ අංක 001 වයසක මනුස්සයාගේ උපක්‍රමයට පින්සිද්ද වෙන්න. Spoiler alert එකක් වෙන්න පුළුවන් වුණත් Oh Il-nam අංක 001 වීමේ හේතුවක් තියෙනවා. දුර්වලයි කියල හිතෙන නිසා බොහෝවිට අපි අවතක්සේරු කරන්නේ ඒ වැඩේ හරියටම දන්න කෙනා වෙන්න පුළුවන්. ඒ නිසාම ප්‍රායෝගික ජීවිතේදී අපි වැරදි තෝරාගැනීම් කරනවා. අන්න ඒ නිසා තක්සේරුව “අව” හෝ “අධි” කරන්න කලින් ඕනෙම දෙයක් හෝ ඕනෙම කෙනෙක් දිහා ටිකක් අවධානෙන් බලන්න කියන පාඩම Squid Game අපේ ජීවිතයට රැගෙන එනවා.

5. ආදරේ වෙනුවෙන් කරන්න බැරි දෙයක් නැහැ

ආදරේ කියන වචනේ කොයි තරම් සරලද, ඒකට තියෙන බලය ඒ තරම්ම ප්‍රබලයි. Gi-hun ට මේ game එකෙන් දිනන සල්ලි අවශ්‍ය තමන්ගේ දුවව තමන් ළඟට අරගෙන අම්මගේ අසනීපය සුව කරගන්න. Abdul ට සල්ලි අවශ්‍ය තමන්ගේ පවුල ආර්ථික අහේනියට නොයා රැකගන්න. Sae-byeok ට සල්ලි අවශ්‍ය තමන්ගේ දෙමාපියන්ව උතුරු කොරියානු සීමාවෙන් සුරක්ෂිතව පන්නලා දෙන තැරව්කරුවෙක්ට ගෙවන්න. ඒ වගේම Jun-ho ට අවශ්‍ය තමන්ගේ අතුරුදන් වූ සහෝදරයා හොයා ගන්න. ඔවුන්  ජීවිතේ පරදුවට තියන්නේ සල්ලි වෙනුවෙන්ම නෙමේ තමන්ගේ ආදරණීයන් වෙනුවෙන්. ආදරය කියන්නේ ඔබට අමාරුම තීරණ වුනත් ගන්න සවිය දෙන ප්‍රබල ශක්තියක්. ඒ නිසා ජීවිතේ කොයිතරම් අඳුරු කාලයකදී වුණත් ඔබේ හිතේ තියෙන ආදරය, කරුණාව නැති කරගන්න එපා, ආදරය තමයි ඔබට අවශ්‍ය ඉලක්කයට යන්න ශක්තිය දෙන්නේ කියන එකයි Squid Game යටිපෙළ අපට ගෙනෙන එක් පණිවිඩයක් වන්නේ.

6. වැරදි පියවරක් වෙනුවෙන් ගෙවන්නට වෙන මිල අධිකයි

Squid Game grand prize එක ද.කොරියානු වොන් බිලියන 45.6. තරඟයේ තරඟකරුවන් ගණන 456 ක්. හැම තරඟකරුවෙක්ගේම ජීවිතයේ මිල ද.කොරියානු වොන් මිලියන 100 ක්. එක් තරඟකරුවෙක් මිය ගිය විට ත්‍යාග මුදලට ඔහුගේ ජීවිතයේ  වටිනාකම වන වොන් මිලියන 100 එකතු වෙනවා. අනෙක් 455 දෙනා පරාජය මතින් මරණයට ගෙවූ මිල වන වොන් මිලියන 455 ට එකම එක ජයග්‍රාහකයා දිනාගත් ජීවිතයේ වටිනාකම වන වොන් මිලියන100 එක්වී වොන් බිලියන 45.6 ක අවසන් ත්‍යාගය ඔහුට හිමි වෙනවා. හිතන්න! එක් වැරදි පියවරක් වෙනුවෙන් ගෙවන්න වෙන මිල වොන් මිලියන 100ක් සහ ජීවිතයයි. අපේ ජීවිතේ කියන Squid Game එකෙත් ඒ තියරිය එහෙම්මම තමයි. අපි තියන හැම වැරදි පියවරක් වෙනුවෙන්ම අපිට ඉහළ මිලක් ගෙවන්න වෙනවා. සමහරවිට ජීවිතයෙන් පවා. ඔව් හැමවෙලාවෙම නිවැරදිම පියවර තියන්න අපි program කරපු රොබෝලා නොවන බව ඇත්ත.  ඒත් අවධානය, අධිෂ්ඨානය සහ නිරීක්ෂණය ඔබව බොහෝ විට වැරදි පියවරක් වෙනුවෙන් ගෙවන්න වෙන ඉහළ මිලෙන් ගලවාගන්න බව Squid Game එක අපිට කියල දෙනවා.

ත්‍රාසය, ශෝකය, කුතුහලය වගේම මෙයට වඩා තවත් බොහෝ ජීවිත පාඩමුත් Squid Game කථාංග නවයට ඇතුළත්. නමුත් අධ්‍යක්ෂක Hwang Dong-hyuk කියන්නේ මේ ටික ලියලා, අධ්‍යක්ෂණය කරලත් ඔහුට දැඩි වෙහෙසක් දැනෙන බව. ඉතිං Squid Game එක තව ඉස්සරහට කරගෙන යනවද නැද්ද කියන එක ඔහු තවම තීරණය කරලා නැහැ. ඒ කොහොමවුණත් අපේ ජීවිත Squid Game එක අපිට තවමත් ඉතුරුයි. ඒ නිසා පරිස්සමින් අඩිය තියන්න.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Iftar Buffet Round Up 2024

Written by Fathima Rukaiya As Ramadan arrives, a warm feeling of reflection and community fills

Highlights Kamu

Discovering Pasta Paradise: The Pasta Factory, Galle Fort

In the historic Galle Fort, The Pasta Factory brings a taste of Italy to Sri

Highlights Kamu

A Home for Desi Dreams – Bombay Nights by Radisson Colombo

As we stepped into the ‘Dine’ in Radisson Colombo, our senses were immediately tantalized by

Highlights Kamu

Steak Bar: A Grand Sunday Brunch at Kingsbury, Colombo

Written by Shamrina C Welcome to the ultimate brunch experience! Nestled in the heart of

Highlights Kamu Yamu Guide

Dampa Seafood: Where seafood dreams come true!

Are you ready for a culinary journey that captures the essence of the ocean? Look

Highlights Kamu

An unforgettable brunch celebration at Harbour Court, The Kingsbury.

The Ambience From the hotel entrance to our designated seat, a vibrant atmosphere resonated with

Highlights Kamu

Trending.

“85th Annual Mount Lavinia 2-Mile Sea Swim” by SLASU held at the Mount Lavinia Hotel Beach

The "85th Annual Mount Lavinia 2-Mile Sea Swim" organized by Sri Lanka Aquatic Sports Union

Trending

Sheraton Colombo Hotel celebrates International Women’s Day with empowering insights

Sheraton Colombo Hotel, part of Marriott Bonvoy’s portfolio of over 30 extraordinary brands, marked International

Trending

Anantara Kalutara Presents an Elevated Gastronomic Journey to Italy

Kalutara, Sri Lanka - March 14, 2024 - Anantara Kalutara Resort is delighted to announce

Trending

List of Party Venues 2024

By Fathima Rukaiya Finding the perfect place to host a party can be a hassle.

Highlights Trending

LCY Unveils Debut ‘LCY for Her’ Collection, Redefining Women’s Polo Wear with Strength, and Sophistication

Thursday, 14, March, 2024, Colombo: LCY, a brand synonymous with manufacturing high-quality men’s polos of

Trending

Royal Turf Club Nuwara Eliya Sports Tourism Race Day 2024 Colombo

The Royal Turf Club Nuwara Eliya held its first race for the year on 24th

Trending

Yamu Guide.

Steak Bar: A Grand Sunday Brunch at Kingsbury, Colombo

Written by Shamrina C Welcome to the ultimate brunch experience! Nestled in the heart of

Highlights Kamu Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Him

By Fathima Rukaiya Are you trying to find the perfect way to show your special

Highlights Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Her

Written by Fathima Rukaiya The season of love is upon us once more, and opinions

Highlights Yamu Guide

Romantic Dinner and High Tea date spots for Valentine’s Day  2024

Written by Shamrina C 1. Via Torino Indulge in a fine dining exclusive 3-Course meal

Highlights Yamu Guide

BYOB Bliss: 16 Places to you can Bring Your Own Bottle!

Written by Shamrina C 1. Giovannis Indulge in Italian flavors, grooving music, pet friendly, and

Highlights Yamu Guide

Unveiling Ramada’s Festive Christmas High Tea Extravaganza!

Written by Shamrina C Mark your calendars for the 22nd, 23rd, and 24th of December,

Highlights Yamu Guide