ඉතින් අපි කල්පනා කළා ගෙවුණු අවුරුද්දට ආපහු හැරිල, ඇත්තටම මොකද වුණේ කියල බලන්න. මොකද, මොන දේ නැතත් බඩ කට පිරෙන්න කාපු අවුරුද්දක්නෙ.
අවුරුද්ද මුල ම පරණ දේවල් කතා කරනවා කියලත් කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒ වුණාට මේ හැම සිනමා නිර්මාණයක් ම අපේ රිදී තිරයේ ස්වර්ණමය සලකුණු තියපු උසස් ගණයේ නිර්මාණ බව අමතක කරන්න හොඳ නැහැ.
ඔන්න අහගන්නකො. පල්ලෙහායින් තියෙනව අපි ගිය අවුරුද්දෙ කියපු සුපිරිම කෑම අතරින් හොඳ හැටි නැගල ගියපු රෙසිපි ටිකක්. ගමේ ගොඩ් කෑම වගේම බටහිර පන්නයෙ කෑමත් …
අතේ තියෙන ගාණට හිතේ හැටියට විනෝද වෙලා, හොඳ සැපට ඉඳගෙන රස කෑම ටිකක් එහෙමත් කාලා කාරිය හැන්දෑවට ගිනිමැල පාර්ටියක්, පොඩි බෝතලයක් දෙකක් එහෙමත්! නේ…
ලබන සතියෙ එන ලෝන්ග් වීක්එන්ඩ් එකෙත් ගෙදරට වෙලා ඉඳගෙන කකා බිබී ඉන්න ආස යාළුවොත් ගොඩක් අපි අතරෙ ඉන්නවනෙ. නේ…!
ලොකු ටුවර් පොඩි ටුවර් කියල නෑ. මේ ගොඩක් තැන් කොළඹ අවට නිසා, ඒවයෙ පාරිසරික වටිනාකම රැකගන්න හැමෝම මතක තියාගන්න ඕන හොඳද. නැත්නම්, කොළඹ අපිටත් තව ටික කාලෙකින් හුස්ම ගන්න බැරි ප්‍රශ්න එයි හොඳේ!
ඇත්තම කිව්වොත් නාන්වලට කෑදර උදවියට විතරක් නෙවෙයි, අපේ අයගේ බිරියානි කෑමේ ආසාවන් සංසිදුවගන්නත් මේ රෙස්ටෝරන්ට් 7 නියමයි.
නිකම් නෙවෙයි, බෝනස් එහෙම හම්බුවෙලා අතමිට ටිකක් සරු වෙච්ච එකේ දවසක් දෙකක් ගත කරල එන්න කියාපු වනබද හෝටල් ටිකක් කියන්න. හැබැයි කැලේ කොලේ රවුම් ගහන්න ඕන කරන බඩු මුට්ටු, විශේෂයෙන්ම ඔය කැමරා වගේ දේවල් එහෙමත් ලෑස්ති කරගන්න.
බෝනස්, ඇනුවල් ලීව් එහෙම ලැබෙන කාලෙනේ. යමුද පිටරට සවාරියක්?