“ද පොටරි ෂොප්” කියන්නේ අඩමානෙට තදබදේට රාක්කවල අසුරපු මැටි බඳුන් වලින් පිරුණු තැනක්. මෙහෙ තියෙන ඔක්කොම මැටි බඳුන් දේශීය කලා කරුවන්ගෙ අතින් නිමැවුණ ඒවා. එයාල ළඟ ලාම්පු, විසිතුරු බඩු, තේ බඳුන්, පිඟන්, ජෝගු, පෙන්ඩන්ට්, හෝටල් සහ ස්පා සඳහා ෂැම්පූ බඳුන්, සුවඳ තෙල් බඳුන්, අළු බඳුන් වගේ දේවල් තියෙනවා. මිල ගණන් සාධාරණයි. රුපියල් 350ක් වගෙ මිලකට සෑහෙන දෙයක් (සෙරමික් පෙන්ඩන්ට් එකක් හෝ කී ටැග් එකක්) ගත හැකියි. මැටි මග් රුපියල් 500 ඉඳලා ඉහළට.

සමාජ එකමුතු, වාණිජ මණ්ඩල උත්සව වගේ දේවල් වලට ඒ සඳහාම විශේෂයෙන් හැදූ මැටි බඳුන් ගන්නත් පුළුවන්. ඒකට නම් ගිහිල්ලා මෙයාලව හම්බවෙන්න වෙනවා. ගණන තීරණය වෙන්නේ ඇණවුමේ ප්‍රමාණය මතයි.

අලි මග්!

අලියෙකුගේ කකුලක හැඩයට හදපු විශාල මග්වලට අකමැති වෙන කෙනෙක් හිටොයොත් ඉතිං ඒ නම් කලාතුරකින්. (මම අන්තිමට බලද්දි මග් එකක මිල රුපියල් 800යි.)

මෙයාල ළඟ කම්මැලි තෑගි තෝරන්නන්ටම ගැලපෙන පොදු මග් වර්ග තියෙනවා. ‘World’s Greatest Mum’ වගේ දේවල් ගහලා තියෙන මග් මෙතන තියෙනවා. කාට හරි අන්තිම මොහොතේ, හදිසියෙන් තෑග්ගක් තෝරගන්න වුණොත් මමනම් යෝජනා කරන්නේ පොටරි ෂොප්. ඒ ගොල්ලො මග්වල දාන වචනවල නම් කිසිම අළුත් ගතියක් නෑ. ඒත් හැමදම සාප්පුවල දකින ඒකාකාරි තෑගි භාණ්ඩවලට වඩා නම් පොටරි ෂොප් එකේ තෑගි භාණ්ඩ හොඳයි.

මටනම් හොඳටම විශ්වාසයි අලි කකුලක හැඩය ගත් අළු බන්දුනකට දුම් බොන කෙනෙකුගේ හිත ඇදිලා යයි කියලා. සමහරවිට ජීවිතේට දුම් බීලා නැති කොළඹ ආන්ටි කෙනෙකුත් එවැනි අළු බඳුන් එකතු කරන්නට පෙළඹෙන්න පුළුවන්.

දුර්වර්ණ ලාම්පු සහ ගොරහැඩි සතුන්

මේ දෙක ගැන නම් නොකියම බැහැ. මේවා ගැන විශේෂයෙන්ම කියන්න ඔනේ කියල හිතෙන්නේ මේව මෙතන තියෙන අනෙකුත් සුන්දර නිර්මාණවලට වඩා ගොඩක් වෙනස් නිසාමයි.

1. ලාම්පු – රුපියල් 10,000ක මිල සාධාරණය කරන්න පුළුවන් කිසිම දෙයක් මේවගෙ ඩිසයින් එකේ නම් නැහැ. පහන් ඔක්කොගෙම පැහැදිලි අළු පාට මැටි පාදකයකුයි ඒ වගේම පැහැදිලි ලාම්පු ආවරණයකුයි තියෙනවා.

2. සත්තු – මේ තියෙන සත්ව රූප ගැනනම් කියන්න තියෙන්නේ මෙයාලා කිසිම අණ ගුණ නැති සත්තු ටිකක් කියලයි. පොටරි ෂොප් එකට මේ වගේ දුර්වල විදියට නිර්මාණය කරපු සත්තු ප්‍රදර්ශනය කරන්නට වුණ හේතු නම් හිතාගන්න බැහැ. මැටිවැඩ පංතියක උන්නු අතික්‍රියාශීලි (hyperactive) ළමයින් පිරිසක් හදපු විකාර අලියෙකුගේ මොකක් හරි ආකර්ෂණයක් තියෙනවද? ඒක හැදුවේ ඔයාගේම ළමයනම් යම්කිසි ආකර්ෂණයක් තියෙන්න තිබුණා. මටනම් හිතාගන්නවත් බෑ.

මේ විකාර නිසා පොටරි ෂොප් එකේ අනිත් නිෂ්පාදන භාණ්ඩ හදපු කදිම නිර්මාණශීලීත්වයටත් අවනම්බුවක්.

ඉන්දිගේ දිගු කලකට පෙර නැතිවුණ මල්ලිද?

මම පොටරි ෂොප් එකට ගියපු දවස් දෙකේම කවුන්ටරයට පිටිපස්සෙ හිටියේ ඉන්දිගෙ දිගු කලකට ඉස්සෙල්ල නැතිවුණ මල්ලි වගේ කෙනෙක්. එයා හරිම ශාන්ත දාන්ත කෙනෙක්. සාප්පුවේ තියෙන ඔක්කොම බඩු පහසුවෙන් කැඩෙන බිඳෙන ඒවා වෙලත් එයා එහෙම සැහැල්ලුවෙන් ඉන්නේ කොහොමද? “ඔබ අතින් බිඳුනොත් මිලදී ගන්න” “බලන්න, ඒත් අල්ලන්න එපා” වගේ කලහකාරි වදන් කිසිවක් මෙහි කිසි තැනක අලවල නැහැ.

ඉන්දිගෙ දිගු කලකට ඉස්සෙල්ල නැතිවුණ මල්ලි හරිම මිත්‍රශීලි වගේම විනාඩි විස්සක් පුරා මගෙන් එල්ලවුණු ප්‍රහාරාත්මක ප්‍රශ්න වලින් වෙහෙසට පත් වුණෙත් නෑ. (සමහරවිට ඒ මම ගියේ එතරම් වෙළඳාම නැති සඳුදා උදෑසනක නිසා වෙන්න ඇති.)

සාරාංශයක් විදියට කියනවනම් මම පොටරි ෂොප් එකට කැමතියි වගේම එයාලගෙ අළුත් ඩිසයින් බලන්නත් ආපහු යන්න හිතාගෙනයි ඉන්නේ.

එයාලගේ අලි කකුල්වල හැඩයට නිමවූ මග් / අළු බඳුන් බලන්න. ඒ වගේම එයාල ළඟ විශිෂ්ට ලෙස නිමැවූ තේ බඳුනුත් තියෙනව රුපියල් 2,000කට විතර.

 

 

Special offer

Look out for their mugs/ ashtrays fashioned into the shape of an elephant’s foot. They also have some exquisitely crafted teapots for Rs 2000 or so.