The Brewery By O! (RIP)

Canal Row, Colombo 1

0112436462
Brewery is closed replaced by Taphouse by RnR

The Brewery by O!, or O bar as it's more commonly referred to, is insanely popular. Go there any night of the week, even Sunday, and it's likely to be full to the brim with beer brandishing patrons.

Located in the back courtyard of the lovely Dutch Hospital Shopping Precinct, the bar itself isn't huge - there are two sections where you can sit down and a big square shaped bar at the back with stools around it. This area's packed on Wednesday, Friday and Saturday nights, but if you're sitting outside the chances of getting a waiter (or waitress - O! seems to be the only bar in Colombo to employ female bar staff, and we're proud of them for it) over to your table are slim - you'll have to go up to the bar to order (be sure to look up at the ceiling when you do, there's a very interesting gold scuplture).

Service is definitely slow, and getting a drink can be difficult. We've had friends who've disappeared into the bar only to emerge about 20 minutes later having spilt a gin jostling their way back. But no one really seems to mind too much. On popular nights there's a separate stand outside selling beer and towers - so this can make procuring your beverage a little easier.

Prices seem to be pretty standard. A mug of Lion is Rs. 140, a pitcher Rs. 650 and a tower Rs. 1300. They've also got some interesting beer cocktails like the Gun Slinger (Carlsberg, ginger and lemon grass - Rs. 300) and the Boys Thing (Orange, Lion and cinnamon - Rs. 300).

Spirit cocktails are all around Rs 400 - the Sea Breeze is good (gin, tonic and lime) - and the bites are fine but a bit pricy - we usually go for the Superspuds (wedges, Rs. 300) and cheese toast (Rs. 350). The better option would be to turn up on a Wednesday wearing your hem above your knees. Er, yes, they've got a rather strange promotion where anyone (men included) showing a bit of knee gets free food between 6 and 10pm - I'm torn between indignation and delight, but I guess it's better than paying Rs. 350 for cheese toast.

Why is O bar so popular? Maybe cause of the lovely big courtyard that gives you such a large area to mingle - as well as more breathing space. You get the atmosphere of being at a bar without literally being in a bar, if you know what I mean. The place has a great vibe - and it's crowded without being claustrophobic. If you do sit outside however, note that all the chairs consist of cement blocks - quite heavy and difficult to move around if you're trying to add more people to a table.

The only criticism we really have is that they tend to play extremely loud music outside. This is unecessary and unpleasant - it makes talking difficult and the music is rarely good.

But basically, O bar is a great place, we love it. See you there.

 

Tip

They don't serve alcohol between 2 and 5, so don't go there if you're planning on an afternoon beer.
Posted by on 25 September 2012
Back to Latest Review
බෲවරි බයි ඕ හෝ වැඩිදෙනෙක් කියන හැටියට ඕ බාර් පිස්සු හැදෙන තරම් ජනප්‍රියයි. සතියේ ඕනෑම දවසක, ඉරිදා පවා, එය බියර් ලෝලී පාරිභෝගිකයන්ගෙන් පිරී ඉතිරිලා.

එය පිහි‍ටා තිබෙන්නේ සුන්දර ලන්දේසි‍ රෝහල භූමියේ. බාර්එක ඒතරම් ලොකු නැහැ. කොටස් දෙකක් තිබෙනවා. ලොකු රවුම් බාර් එකේ වටේට තිබෙන්නේ ස්ටූල්. මේ හරිය බදාදා, සිකුරාදා හා සෙනසුරාදා රෑට පිරිලා. ඔබ පිටත බලා සිටියොත් වේටර්වරියක් ඔබ වෙත ඒවි යයි බලාපොරොත්තු වෙන්න බැහැ. (මෙතැන තමයි කාන්තාවන් වේටර්වරියන් ලෙස සේවය කරන කොළඹ එකම බාර්එක. අපි ඒගැන ආඩම්බරයි) ඔබ කෙළින්ම බාර්එක වෙත ගොස් ඇණවුම් කළ යුතුයි. (එතැනට යනවිට සීලිම දෙස බලන්නත් අමතක කරන්නත් එපා. එහි තිබෙනවා අනගි මූර්තියක්.

සේවාව හැමවිටම හෙමින්. බීමක් ගැනීම දුෂ්කර වෙන්න පුළුවන්. අපේ සමහර මිතුරන් බාරය‍ට වැදී විනාඩි 20ක් බලා ඉඳ අරගෙන ආ ජින් වඩිය ඇ‍ඟේ හළාගත් අවස්ථා තිබෙනවා. ඒත් කිසිවෙක් ඒ කිසිවක් ගණන් ගන්න බවක් පේන්නේ නැහැ. ජනප්‍රිය රාත්‍රීවලදී බියර්  විකුණන්න පිටත වෙනම කවුන්ටරයක් හදනවා. එතකොටනම් ඔබේ බීම ටිකක් පහසුයි.

මිළ ගණන් ප්‍රමිතිගතයි. ලයන් බීර ජෝගුවක් රු. 140යි. කොතලයක් හෙවත් පිචර් එකක් රු. 650යි. උස් බඳුනක් හෙවත් ටවර් එකක් රු. 1300යි. ඔවුන් ළඟ ආසා හිතෙන බීර කොක්ටේලුත් තිබෙනවා. ගන් ස්ලිංගර් එයින් එකක්. කාල්ස්බර්ග්, ජිංජර් හා ලෙමන් ග්‍රාස්වලින් සැදි එය රු. 300ක් පමණයි. කොල්ලන්ගේ පානයක් හෙවත් බෝයිස් තිං ලෙස නම් කළ ලයන්, දොඩම් හා කුරුඳු පානයද රු. 300යි.

සැර මත්පැන් කොක්ටේල් හැමඑකක්ම රු. 400යි. ජින්, ටොනික් හා දෙහි අඩංගු මුහුදු සුළඟ හෙවත් සී බ්‍රීස් හොඳයි. කටගැස්මත් හොඳයි, ඒත් මිළ වැඩියි. අපි සාමාන්‍යයෙන් ගන්නේ සුපර්ස්පඩ්ස් (රු. 400යි) සහ චීස් ටෝස්ට් (රු. 350). බදාදා දිනක ඔබේ කලිසම් වාටිය දනහිසෙන් උඩට නවාගෙන එනවානම් හොඳයි. ඔවුන් ළඟ අමුතු ප්‍රවර්ධනයක් තිබෙනවා. පිරිමින්ද ඇතුළුව දනහිස පෙන්වන ඕනෑම කෙනෙකුට සවස හයත් දහයත් අතරදී නොමිළේ කෑමක් ලැබෙනවා. මේ ගැන මට කෝපයක් මෙන්ම සතු‍ටක්ද ඇතිවෙනවා. ඒත් චීස් ටෝස්ට් එකකට රු. 350ක් ගෙවනවාට වඩා එය හොඳයි.

ඕ බාර් මෙතරම් ජනප්‍රිය ඇයි? සමහරවිට ඒ ඔබට මුසුවීම සඳහා ඇති අංගනයේ විශාලත්වය නිසා වෙන්න ඇති. බාර් එකක් නොවෙමින් බාර් එකක වාතාවරණය එහිදී ලබාගන්න පුළුවන්. තෙරපී මැරෙන බිය ඇති කරන්නේ නැතිව එහි සෙනගට පිරෙන්න පුළුවන්. පිටත වාඩි වෙන අයට තමන්ගේ මේසවලට තව කීපදෙනෙකු ළං තරගන්න ගියවිට ඇතිවන ප්‍රශ්නය තමයි, මෙහි පුටු පහසුවෙන් එහාමෙහා සෙලවිය නොහැකිසිමෙන්ති කුට්ටිවලින් තනා තිබීම.

අපට තිබෙන එකම විවේචනය තමයි, පිටත අධික ශබ්දයෙන් සංගීතය වාදනය කිරීම. මෙය අනවශ්‍ය, අප්‍රසන්න දෙයක්. එයින් කතාකිරීමත් අමාරුයි. ඒ වගේම සංගීතයත් බෙහෝවිට හොඳ නැහැ.

ඒත්, ඕ බාර් හොඳ තැනක්. එහෙනම් හමුවෙමු එහිදී.

Comments

Tip: Login to get your comment approved instantly
Ordered by: Oldest First