හන්සා කෝපි අන් කාටත් වඩා හොඳින් දේශීය කෝපි පිරිනමන සුන්දර කුඩා තැනක් ලෙස නමක් දිනාගත් තැනක්. (මෙය අමාරු වැඩක්) ඔවුන් ආරම්භ කර තිබෙනවා ඔවුන්ගේම
චොකලට් නිෂ්පාදනයත්.
එය ඒ වගේම අන්නාසි හා කඩලගොටු කවි මඩුවටත් නිවහන. ඊළඟ කවිමඩුව පැවැත්වෙන්නේ ඔක්තෝබර් 06දා. එය සැඟවුණු කවියන් සොයා ගන්නත්, දන්නා හඳුනන කවියන් ඇසුරුකරන්නත් අවස්ථාවක්, ලාටේ කෝපි කෝප්පයකුත් තොලගාන ගමන්.
එය ඇරඹෙන්නේ පස්වරු දෙකට, ලිවීමේ වැඩමුළුව සමගින්. කවිමඩුව 3.30ට. අවසන් වන්නේ සවස හයට. සියලු භාෂාවන් පිළිගැනෙනවා.
කැමති ඕනැම සංගීත භාණ්ඩයක් රැගෙන එන්නත් පුළුවන්. ඔවුන් වැඩිපුරම ඉල්ලාසිටින්නේ ඔබේ පැමිණීමයි. මෙවැනි අවස්ථාවකට දායකවීමෙන් ඔබට යම් හොඳක් වෙන්න පුළුවන්.