රොහාන් සමරජීව හා සී.ජේ. අමරතුංග සම කතුවරුන් වන මෙම කෘතිය බහුවිධ යටිතල අංශ හා ජාත්‍යන්තර ආර්ථික මූලෝපාය ආවරණය කරයි. කෘතිය LIRNEasia ක්‍රියාකාරිත්වයන්ගෙන් පරිබාහිර වන මුත්, පැහැදිලිවම එයින් උත්තේජනය ලැබූවකි. පොතේ කවරය එවැන්නකි. 2009-10 වකවානුවේදී අපි LIRNEasia වාර්ෂික වාර්තාවේ කවරය සඳහා Wordle භාවිතා කෙරුවෙමු. මෙම කවරයේ ඇත්තේ පහන් සරච්චන්ද්‍ර විසින් නිර්මානය කරන ලද ප්‍රථම සිංහල වදන් වළාකුළ හෙවත් වචන හරඹයයි.
අගෝස්තු 6දා සවස 4ට කොළඹ 7 ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ බංඩාරනායක මධ්‍යස්ථානයේදී පැවැත්වෙන උත්සවයකදී පොත දොරට වැඩීම සිදු වේ. ප්‍රධාන දෙසුම පවත්වනු ලබන්නේ මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති හා විශිෂ්ට ගත් කතුවරයකු වන ඩබ්. ඒ. විජේවර්ධන විසිනි.