57/2 Braybrooke Place, Colombo
Last updated by shru on 15 February 2013
බඩගිනිකාර කාර්යාල සේවකයන් සිටින පැත්තක හොඳින් පිළියෙල කරන ලද බත් පාර්සල් පහසු මිළට අලෙවියට තිබෙන එක වාසනාවක්. සුදු කොලර් රැකියා කරන්නන් පිරුණු ස්ටේපල් වීදියේ තිබෙන අලුත් තැනක් වන කරිමච් එහෙම තැනක්.
ඒත්, කරිමච් සාමාන්‍ය බත් කඩයක් නොවෙයි. එය බත් කඩේකට වඩා පොෂ් කඩයක්. දීප්තිමත්, පිරිසිදු ස්ථානයක් වන එහි මිත්‍රශීලී සේවක පිරිසකුත් ඉන්නවා. කෑමත් සෞඛ්‍යාරක්ෂිතයි. එහි සතියේ දින හතේ මාරුවෙන් මාරුවට බත් වර්ග පිරිනැමෙනවා. එක් දිනෙක එක් බත් වර්ගයක් පමණයි. බත් පෙට්ටියක් රු. 200ක් පමණයි. එහි කෑම කන්න ඉඩ නැහැ. මිළ ටිකක් වැඩි වෙන්න පුළුවන්. ඒත්, එහි භාවිතා කර තිබෙන අමුද්‍රව්‍ය විශිෂ්ටයි. ඒවා නැවුම්. සෞඛ්‍යාරක්ෂිතයි. බාල තෙල්වලින් නහවලා නැහැ. ගෙදර කෑම වගේමයි. කෑමෙන් පසු කිසිදු අපහසුවක් දැනෙන්නේත් නැහැ.
ලස්සන ඇට බත්. බත් කන්න නිසි පමණට ව්‍යංජන. දිග, කොළ පාට බෝංචි, මඳ පමණ කුළු බඩු යොදන ලද කටු රහිත කුකුළු මස්, උකු රන්වන් පරිප්පු.
තැඹිලි පාට පෙට්ටිය ලස්සන නැති වුණාට, නම අමුතු වුණාට, කරිමච් විශිෂ්ට තැනක්. එයට ලොකු, උමතු ප්‍රචාරයක් අවශ්‍ය නැහැ.
ගෙදර හැදූ ආකාරයේ සෞඛ්‍යාරක්ෂිත ලාංකික බත් වේලක් කන්නනම් මෙන්න යන්න තැනක්. අප මෙතැනට යොමු වුණේ LT's Facebook පිටුවෙන්.
Map is wrong.
mekata yana widiya poddak saralawa daannako! landmark ekek kiyanna pls