ජීවිතේට එකපාරක් හරි රස බලන්න ඕනේ ලෝකේ රසවත්ම කෑම වර්ග 10 ක්.

By Yesha Fernando

කෑම කිව්වමත් කටට කෙල උනන කෑම ලෝලීන්ට නම් මේක හොඳ ඔත්තුවක්. ජීවිතේට එකපාරක් හරි මේ dish එකක් රසවිඳින්න ඕනේ කියන්නේ ඒවා ඒ ඒ රටට ආවේනික රසවල් නිසයි. මේ කියන්න යන කෑම වර්ග වලින්  වැඩි හරියක් අයිති වෙන්නෙත් අපේ ආසියානු කලාපෙටම තමයි. කුළුබඩු වලින් පොහොසත් රටවල කෑම රසවත් කියන එක ඉතින් ලෝකෙම දන්න රහසක්නේ. එහෙනම් අපි බලමු මොනවද මේ ලෝකෙන්ම රසවත් කෑම වර්ග කියලා.

1. Sushi (Japan)

විනාකිරි වලින් තැම්බූ සහල් සහ seafood, එළවළු සහ සමහර වෙලාවට පලතුරුත් ඇතුළු අමුද්‍රව්‍ය ගොඩකින් සකස් කරන ලෝක ප්‍රසිද්ධ කෑමක් තමයි Sushi කියන්නේ. Wasabi, අච්චාරු දමන ලද ඉඟුරු සහ සෝයා සෝස් සමඟ පිළිගන්වන සුෂි තමයි වඩාත් රසවත් කියලා කියන්නේ. මෙම ආහාරය ගොඩක් වෙලාවට සැරසිලි කරන්නේ Daikon රාබු වලින්. පිරවුමට ඇතුළත් කරන මාළු වර්ගය අනුව සුෂි වල රසය වෙනස් සහ තීව්‍ර වෙනවා. කොහොමවුණත් සුෂී වලට වැඩිම රසයක් එක් කරන්නේ විනාකිරෙන් තැම්බූ සහල් කියලා තමයි රස දන්න අය කියන්නේ. සාමාන්‍යයෙන් නම් හොඳින් දිරවන සැහැල්ලු රසයක් හොයන අයට පිළිගන්වන්නේ ටූනා, ඊල් සහ සැමන් මාළු පිරවුම් වලින් යුත් සුෂී වුණත් ඔබ ටිකක් සැර රසක් හොයන කෙනෙක් නම්  ඔබට බුවලූ මාංශ සහිත සුෂී ඇනවුම් කරන්නත් පුළුවන්.

2. Rendang, Indonesia

බොහෝ වෙලාවට “ලෝකයේ රසවත්ම ආහාරය” ලෙස හඳුන්වන, කහ, සුදුළූණු, ලෙමන්ග්‍රාස්, ඉඟුරු, මිරිස් සහ ගැලන්ගල් ඇතුළු හොඳම කුළුබඩු මිශ්‍රණයක් සමඟ පොල් කිරි සමග හරක් මස් තැම්බීමෙන් තමයි රෙන්ඩං සකස් කරගන්නේ. ඉන්පසු පැය කිහිපයක් ස්ටූ ගතිය පැමිණෙන තුරු මද ගින්නේ තැම්බීමෙන් මෙයට මෘදු මෙන්ම සහ ඉහළ රසයක් ලබා දෙනවා. මේ සුවිශේෂී රස නිසාම තමා මේක විටින් විට ජාත්‍යන්තර වශයෙන්ම කෑම ලෝලීන්ගේ අංක එකට පත් ආහාරය වෙන්නෙත්.  ඉන්දුනීසියාවේදී මෙම ආහාරය බොහෝ විට උත්සවවලදී හෝ අමුත්තන්ට පිරිනමනු ලබන්නේ ඔවුන්ට ගෞරව කිරීමක් වශයෙන් කියල කියනවා.

3. Ramen, Japan

මේකටත් හිමිකම් කියන්නේ ජපානෙම තමයි. ජපනා හපනා කියනවනේ. ඉතිං කාල නැති වුණත් ජපානයේ මේ රසවත් ආහාරය ගැන ඔයා එක පාරක් හරි අහල නම් නැතිවෙන්න බැහැ. කොහොමවුණත්, අපි මේ කතා කරන්නේ ඇසුරුම් කළ ක්ෂණික නූඩ්ල්ස් ගැන නම් නෙමෙයි. ඔව් මේ Ramen කියන්නේ තිරිඟු පිටි නූඩ්ල්ස් වලින් සාදන ලද ජපන් කෑමක් තමයි.  හැබැයි එළවළු සහ මස් සමඟ සුප් පානයක් සමඟ පිරිනමනු ලබන Ramen ජපනුන්ටම විතරක් ගන්න පුළුවන් සුවිශේෂී රහස් රසයකින් යුක්තයි. Ramen සුප් හොද්ද ඒකට දාන කුළුබඩු වර්ග අනුව රස කිහිපයකින්ම පැමිණෙනවා. ජපානයේ සෑම පළාතකටම ඒ පළාතටම ආවේනික රසයක් තියෙන Ramen dish එකක් තියෙනවා. Tonkotsu කියන්නේ ඌරු අස්ථි සූපය සමඟින් සාදන ප්‍රසිද්ධ Ramen dish එකක් වන අතර Hokkaido වලට ආවේනික ජනප්‍රියම Ramen වර්ගය තමයි miso ramen. ඉතිං  ජපන් කෑම රස බලන්න හිතන අය Ramen dish එක අමතක කරන්න එපා.

4. Tom Yam Goong, Thailand

මදක් ඇඹුල් සහ උණුසුම් තායි සුප් වර්ගයක් වන Tom yam goong ඉතාම සෞඛ්‍ය සම්පන්න ඖෂධ පැළෑටි සහ කුළුබඩු වර්ග තොගයක් සමඟ ඉස්සන් කළවම් කරලයි හදන්නේ. ලෙමන්ග්‍රාස්, දෙහි, කෆීර් කොළ, ගැලන්ගල් සහ රතු මිරිස් මේ සඳහා අනිවාර්යෙන්ම එකතු කරනවා. ඒ වගේම තමා එකතු කරන අමුද්‍රව්‍ය අනුව මේ සුප් එකේ රස සැර, ඇඹුල්, ලුණු සහ පැණිරස කියන flavours කිහිපයකින්ම ලබාගන්න ඔබට පුළුවන්. එහි රසය වැඩි කරන්න සුප් එකට පොල් කිරි වගේම ක්‍රීමුත් යොදාගනු ලබනවා. එහි දේශීය රසය නිසාම මේක තායිලන්තයේ සංචාරයට එන පිරිස අතර බොහොම ප්‍රසිද්ධ බව තමයි කියන්නේ.

5. Kebab, Turkey

කෙබාබ් නම් ඉතින් ලංකාවෙත් තියෙනවනේ නේද? හැබැයි තුර්කියේ කෙබාබ් තමයි ලෝකයේ රසවත්ම කෙබාබ් විදිහට සළකන්නේ. මැදපෙරදිග පුරා ජනප්‍රිය කෑමක් වන කෙබාබ් මුලින්ම පැමිණෙන්නෙත් තුර්කියෙන්. අඹරන ලද මස් හෝ මුහුදු ආහාර, පලතුරු සහ එළවළු වලින් සමන්විත වන මේ කෙබාබ් සමහර අවස්ථාවලදී BBQ ක්‍රමයටත් සකසනවා. සුදුළූණු, ගම්මිරිස් සහ එළවළු තෙල් ඇතුළු විවිධ අමුද්‍රව්‍ය සමඟ පිසින කෙබාබ් වලට ගොඩක් වෙලාවට යොදාගන්නේ එළුමස් හෝ බැටළු පැටවුන්ගේ මස් තමයි. ඒ වගේම හරක් මස්, මාළු සහ කුකුල් මසුත් යොදාගන්නවා. එකතු කරන කුළුබඩු අනුව රසය වෙනස් වුණත් පරිපූර්ණ ආහාර සම්මිශ්‍රණයක් වෙන කෙබාබ් ලෝකයේ රසවත්ම කෑම වර්ග වලින් එකක් බවට නිතරඟයෙන්ම පත් වෙනවා.

6. Pho, Vietnam

Vietnam කෑම වර්ග ගැන, විශේෂයෙන්ම මාංශ ආහාර වර්ග ගැන ඇතැම් වෙලාවට බය හිතෙන තත්වයක් තිබුණත් මේ කියන්න යන්නේ නම් ලෝකේ රසවත්ම ආහාර අතරට එකතු වුනු Vietnam කෑම වර්ගයක් වන Pho ගැනයි. ඉතා සරල ආහාරයක් වුනත් විශිෂ්ට රසයක් තියෙන Pho සහල් නූඩ්ල්ස් සහ මස් (සාමාන්‍යයෙන් හරක් මස් හෝ කුකුල් මස්) වලින් සාදන ආහාරයක්. ආහාර අනුභව කරන කෙනාගේ ඔලුවෙන් ලේසියකට මැකිලා නොයන සුවඳක් මේ dish එකට තියෙනවා. වියට්නාමයේ ජනප්‍රිය වීදි ආහාර වර්ගයකුත් වන Pho ශරීරයට අහිතකරත් නැහැ. සාමාන්‍යයෙන් මේක ජනප්‍රිය ශීත ඉර්තුවේදියි. ඉතිං වියට්නාමේ යනවනම් ඔන්න Pho කන්න අමතක කරන්න එපා.

7. Peking duck, China

Peking duck කියන්නේ චීනයේ බීජිං වලින් බිහිවූ රසවත් dish එකක්. මේ සඳහාම විශේෂයෙන් ඇතිකරන තාරාවන් දින 60 කට පසු මරා, පිරිසිදු කර season කිරීමෙන් අනතුරුව උඳුන තුල පුළුස්සා පදම් කරගනු ලබනවා. මෙමගින් මස් හැපෙනසුළු සමක් සහ මෘදු බවක් සමඟ වඩාත් රසවත් වෙනවා. පිපිඤ්ඤා, ලූනු සහ පැණිරස බෝංචි සෝස් සමඟ තමයි මේ dish එක පිරිනමන්නේ. භෝජන සංග්රහයකදී නම් එයට සහභාගී වන පිරිස ඉදිරියේදී තමයි මේ Peking duckව කොටස් තුනකට කපන්නේ. එහි පළමු කොටස පළමුව, සීනි සහ සුදුළූනු සෝස්  එක්කත් දෙවෙනි කොටස පෑන්කේක් එක්කත් ඉතිරි කොටස එහි සූපය සමඟත් පිරිනමනු ලබනවා. මෙහි රසය ඉතාමත් ප්‍රියජනකයි. ඒ නිසාම මේක ලෝකයේ වැඩිම ඉල්ලුමක් ඇති රසවත්ම ආහාර අතරට එකතු වෙනවා.

8. Paella, Spain

ස්පාඤ්ඤයේ Valencia වලින් බිහිවූ කාම වර්ගයක් වන Paella ලෝකයේ රසවත්ම ආහාර අතරට එක් වන තවත් ආහාරයක්.  ඇත්තටම මේක මේ වෙනකොට විවිධ විවිධ ක්‍රම වලට සහ රස වලට modify වුණු පරණ කාලේ කෑමක් කියන්න පුළුවන් . Paella කන්න විවිධ ක්‍රම තියෙනවා. මුල් වට්ටෝරුවට අනුව නම සුදු සහල්, බෝංචි, මස් (හා මස් හෝ කුකුල් මස්, සමහර විට තාරා මස්), බටර් බෝංචි, ගොලුබෙලි වර්ග ඇතුලත් වන Paella රෝස්මරී වැනි කුළුබඩු වර්ග වලින් season කරලා තමයි හදනවා කියන්නේ. තවත් විශේෂ රසයක් මේකට එකතු කරන්න artichokes හෙවත් අල සූරියකාන්ත යොදාගන්න බවත් කියනවා. Pan  එකක ඔලිව් තෙල්වලින් පිසින Paella විවිධ රසයෙන් පිරී තියෙන නිසා ලෝකයේ රසම කෑම වර්ග වලින් එකක් ලෙස සැළකෙනවා.

9. Steak and Kidney Pie, England

බ්‍රිතාන්‍යයන් වඩාත්ම ප්‍රසිද්ධ එක දෙයක් තමයි ඔවුන්ගේ විශේෂ ආහාරයක් වන pie වර්ග වලට. ඒ අතරිනුත් ලෝකයේ රසවත්ම ආහාර අතරට එකතු වෙන්නේ Steak and Kidney Pie එක. හරක් මස් සහ වකුගඩු කුඩා කැබලි වලට කපා (බොහෝ විට බැටළු මස්, හරක් මස් හෝ ඌරු මසුත් යොදාගන්නවා), දුඹුරු පැහැ gravy සහ බැදපු ලූනු වලින් පුරවා හදන පික්වන්ට් පයි වර්ගයක් වන මෙය බ්‍රිතාන්‍ය ආහාර සහ සංස්කෘතිය නියෝජනය කරන ආහාරයකුත් වෙනවා. මේකෙ gravy එක හදන්නේ අල, රස කළ හරක් මස් සූපය සහ ඉරිඟු පිටි වලින්. puff pastry, hot water crust pastry හෝ  shortcut pastry යන වර්ග වලින් එකක විශේෂ පේස්ට්‍රි මතුපිටකින් යුක්ත වන Steak and Kidney Pie තරමක් මිල අධික ආහාරයක් වුනත් ඒක එකපාරක් හරි කාල බලන්න තරම් රසවත් කෑමක්. 

10. Apfelstrudel, Austria

Apple Strudel ලෙස පොදුවේ හැඳින්වෙන Apfelstrudel කියන්නේ ඔස්ට්‍රියාවේ සහ යුරෝපයේ අනෙකුත් ප්‍රදේශවල ජනප්‍රිය පේස්ට්‍රි වර්ගයක්. ස්ට්‍රඩල් පේස්ට්‍රි ආවරණයකින් සහ ප්‍රණීත ඇපල් මදයෙන් ඇතුළත පිරවීමෙන් තමයි මේ ආහාර සකසා ගන්නේ. ගාන ලද ඇපල්, කුරුඳු, සීනි, පාන්කුඩු සමඟ මුද්දරප්පලම් එක් කොට සැකසු පිරවුමකින් මෙය සමන්විත වෙනවා. මෙම ප්‍රණීත ආහාරය වැනිලා අයිස්ක්‍රීම් සහ විප් ක්‍රීම් සමඟ පිරිනමන විට වඩාත් රසවත් වේ. නැතහොත් ඔබට අයිස්ක්‍රීම් වෙනුවට වැනිලා සෝස් සහ ක්‍රීම් වෙනුවට කස්ටඩ් අත්හදා බලන්නත් පුළුවන්. Apfelstrudel කෝපි, තේ හෝ ෂැම්පේන් සමඟ රසවිඳින්න පුළුවන්  වියානාවේ කැෆේවල බහුලව දකින්න ලැබෙන ලෝකයේ ප්‍රණීතම ආහාරයක්. 

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

25% Off Lunch at Harbour Court This September

Make lunch plans worth looking forward to this September at The Kingsbury’s Harbour Court, with

Highlights Trending

Barista Reaches 100 Outlets, Bringing World-Class Coffee Experience Closer Across Sri Lanka

Barista Coffee Lanka marked a significant milestone in its journey on 31 August 2026 with

Highlights Trending

L’Incontro: An Italian Table by the Bentota Coast

There’s something particularly appealing about an Italian restaurant at the beach. Perhaps it’s the shared

Highlights Trending

Yazu at the Beach Brings Galle’s Pan-Asian Flavour to ON14

Colombo, your dinner plans just got a whole lot more interesting. On 28 August, Yazu

Highlights Trending

Gatz at City of Dreams Sri Lanka Brings Live Entertainment to the Heart of Colombo

Gatz Re-imagined brings a fresh take on classic supper club culture, with live entertainment throughout

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide