හොරු අතරට අලුතින් එක් වූ “ජංගි හොරා”.

By Yesha Fernando

මෙරට සියලු ආකාර හොරු අතරට එක්වූ අලුත්ම හොරා “ජංගි හොරා” යි. මෙකී හොරු ලංකාවේ දුලබ නොවුවත්, ශ්‍රී ලාංකේය සිනමාව එවන් හොරෙකුගේ කතාවට මානුෂීය ඇසකින් ඉඩදුන් පළමු අවස්ථාව මෙය විය යුතුය. මින් පෙර වරක් “සමනල සංධ්වනිය” තුළ ඉතා කෙටි රූප රාමුවක් “ජංගි හොරෙකුට” වෙන්වී තිබුණා ඔබට මතක ඇති. ලිංගික මනෝ ව්‍යාධියක් වන අර්චන කාමය හෙවත් Fetishism යන්න දෙස මානුෂික ඇසකින් බලන්නැයි යන මාතෘකාව මූලික කතා තේමාව කරගත් ජංගි හොරා හෙවත්  Underpants Thief ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක ආචාර්ය සෝමරත්න දිසානායකගේ 9 වැනි සිනමා නිර්මාණයයි.

මෙතෙක් වැඩි වශයෙන් ළමා සිනමාව ස්පර්ශ කරමින් සිටි සෝමරත්න දිසානායක මහතාම කියනා පරිදි මෙය ඔහු විසින් සාදාගත් ප්‍රතිරූපයට හානියක් විය හැකි වැඩිහිටියන්ට පමණයි ශානරයේ සිනමා පටයකි.  තිර රචනයෙන් වසර හත අටක් ගතවනතුරුත් ජංගි හොරා එළිදැක්වීමට පසුබාමින් සිටියේ එනිසා බව ඔහු පවසයි. “ජංගි” යන්න ලංකාවේ පොදු භාෂා ව්‍යවහාරය තුළ අසභ්‍ය යැයි සම්මත ලේබලයක් අලවාගෙන සිටින නිසා වඩාත් සම්මත අර්ථයෙන් කිව හැකි පරිදි ඉංග්‍රීසි භාෂාවෙන් එය “Underpants Thief” ලෙසද නම් කළ බව සැවෝයි ප්‍රිමියර් සිනමාශාලාවේදී පැවතුණු “ජංගි හොරා” මාධ්‍ය දර්ශනය අවස්ථාවේදී සෝමරත්න දිසානායක මහතා සිය අදහස් ප්‍රකාශ කළා.

පැයයි මිනිත්තු 30 ක ධාවන කාලයක් පුරා දිවෙන “ජංගි හොරා” ගොඩනැගී ඇත්තේ කළින් සඳහන් කල පරිදි fetishism යන මානසික ව්‍යාධියෙන් පෙළෙන “සෑම්” නම් තරුණයෙකුගේ ජීවන සිද්ධි දාමයක් අලලායි. මෙම ව්‍යාධියට ගොදුරු වූවන්  විශේෂ ආසාවක් ලෙස කාන්තා යට ඇඳුම් එකතු කිරීමත් සොරා ගැනීමත් සිදු කරන අතර ඔවුන්ට ලිංගික තෘප්තිය ලැබීමට ඇති හොඳම ක්‍රමය මෙම ඇඟලුම් අතපත ගෑම සහ ඒ සතුට මත ස්වයං වින්දනයේ යෙදීම බව පැවසෙනවා. කෙසේවෙතත් සිනමාපටයේ පෙනෙන පරිදි ඔහු ඉන් එහා ගොස් ගෙදර මෙහෙකාරියගේ හා මහමඟ යන එන තරුණියන්ගේ අවයව ස්පර්ශ කිරීමටත්, සිය සොහොයුරා හා බිරිඳගේ රාත්‍රී නිදන කාමරයට හොරෙන් එබිකම් කිරීමටත් පුරුදු වූ අයෙක්. වත් පොහොසත්කම් ඇති පවුලක බාල සොහොයුරා වන ඔහු කෙටි පිළිතුරු ලබාදෙන නිහඬ චරිතයක් වන අතර, ඔහුගේ දෙනෙත් වල නිරතුරුව ඒ මානසික මත් බවේ උමතුව රැඳී තිබේ. වැඩිමහල් සොහොයුරාගේ පවා ආදරය හෝ අවබෝධය නොලබන සෑම්ව වටහා ගන්නා කාන්තා චරිතය ලෙස සිනමා පටයේ අනෙක් ප්‍රධාන චරිතය වන සොහොයුරාගේ බිරිඳ වන “නයනි” ප්‍රේක්ෂකයා ඉදිරියට ගෙන ඒ.

මෙහි එක් තැනක ඇය සෑම්ගෙන් අසන්නේ
“ඇයි අල්ලන්නේ?” කියායි
එයට පිළිතුරු ලෙස ඔහු පවසන්නේ “අල්ලන්නේ ඉතින් ආස නිසා” යනුයි.

ඉන් අනතුරුව එනිසා කාන්තාවන්ගෙන් මෙන්ම පිරිමින්ගෙන්ද ගුටි කන්නට වන බව ඔහු පවසයි. ඔව් මෙවැනි මානසික ව්‍යාධීන් ඉවසන හෝ අවබෝධයෙන් දකින තත්වයක් මෙරට තුළ නැති බව අපි දනිමු. එයට පිළියම් සොයනා නයනි, වරෙක සිය යට ඇඳුම් කැමැත්තෙන්ම ඔහුට ලබා දෙන අතර, වරෙක මෙහෙකාරියගෙන් එම අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා සෑම් ඉල්ලන මුදල් ලබා දේ, තවත් විටෙක ඇය එම අවස්ථාව ඔහුට ලබා දීමට ඉදිරිපත් වේ. මේ සියලු දේ සඳහා ඇය පනවන කොන්දේසි වන්නේ අසල්වැසි නිවෙස් වල යට ඇඳුම් සොරකම් කිරීම මෙන්ම තරුණියන් හා මෙහෙකාරිය අතපත ගෑම තහනම් යන්නයි. එපමණක් නොවේ ඇය සිය සැමියා,සෑම්ට දක්වන අකරුණාවට විරුද්ධවද සිය අදහස් පළ කරයි.


බැලු බැල්මට මෙය ඉතා මානුෂික හා අවබෝධාත්මක පියවරක් ලෙස පෙනුනනද, එය විද්‍යාත්මක හෝ නිසි ක්‍රමවේදයේ පියවර නොවන බව අපට වැටහේ. මෙය ඇවිලෙන ගින්න පිදුරු වලින් වැසීමක් වැනි යැයි විචාරකයින් මත පළ කරයි. මෙම මානසික ව්‍යාධිය හැරුණු කොට සෑම් යනු උගත්, සංගීතයට ලැදි, සාමකාමී චරිතයක් බව සිනමා අධ්‍යක්ෂකවරයා නොයෙක් විට අප වෙත ගෙනහැර දක්වයි. එහෙත් එය වඩාත් තර්කානුකූල හා පිළිගත හැකි මඟකට යොමු කොට මෙම සිනමාපටය වඩා විශිෂ්ඨ තැනකින් නිම කිරීමට තිබු අවස්ථාව ගිලිහී ගොස් ඇති බවක් පෙනේ.

ඇතැම් විට එම ප්‍රථමික පියවර, පවුලේ සාමාජිකාව ලෙස නයනිට සෑම්ව මෙම ක්‍රියා පිළිවෙතින් වළක්වා ගැනීමට ගත හැකිව තිබූ සාමාන්‍ය පියවර විය හැක. එහෙත් ඒවා යථාර්තයෙන් ඔබ්බට ගිය නාටකමය බව උලුප්පා පෙන්වන රූප රාමු බව පැවසිය හැකියි. මන්ද සැබෑ ලෝකයේ ජංගි හොරුන් එතරම් අහිංසක නොවන බවත්, එවන් අයෙකු ඔවන් ක්‍රියාමාර්ග වලින් සුමඟට ගත හැකි බව පෙන්වීම ඔස්සේ ඉන් අනතුරුව එය එතරම් සාමාන්‍ය තත්වයක් ලෙස සාධාරණීකරණය කළ නොහැකි බව අපි දනිමු. මන්ද බොහෝ විට ඔවැනි ක්‍රියා මාර්ගයකින් වඩාත් ඇවිස්සෙන එවන් පුද්ගලයෙකුගේ ගොදුරක් බවට හය හතර නොදත් කුඩා දරුවෙකු බිලි වීමේ වැඩි සම්භාවිතාවක් ඇති බැවිනි. එබැවින් සුමට හා පරිණත රූප රාමු රැසක් සෝමරත්න දිසානායක මහතාට මඟහැරී ඇතිවා විය හැක.එමෙන්ම මෙය ළමා මනසකින් සැදූ වැඩිහිටි සිනමාපටයක් බවටත් ප්‍රසිද්ධ සිනමාපට අධ්‍යක්ෂකවරයෙක්  අදහස් දක්වා තිබේ. අන්තර්ජාලයට මුදා හැර ඇති සිනමාපටයේ ඇතැම් ජවනිකා වලට ප්‍රේක්ෂක පිරිස් දක්වා ඇති අදහස් බහුතරය සුබදායී නොවේ. නමුත් එයින් බහුතරයක් මින් පෙර නිර්මාණය වුනු සම්භාව්‍ය ගනයේ වැඩිහිටි චිත්‍රපට වලට දැක්වූ So Sri Lankan ආකල්පම වේ. ඒවායින් පෙනෙන්නේ ලංකාවට තවමත් “ජංගි” සහ “ස්ත්‍රී නිරුවත”  ලාංකේය  සිනමාපටයක පෙන්වීම මැජික් සහගත සාපරාධී බවය. ලංකාව Sex සහ ඒ ආශ්‍රිත මානසික තත්වයන් පිළිබඳ තව උගත යුතුව ඇති බවට එම ප්‍රේක්ෂක අදහස්  සාක්ෂි දරයි.

කෙසේවෙතත් මෙහි ප්‍රධාන චරිත වන සෑම් ලෙස රංගන ශිල්පී පුබුදු චතුරංගත් නයනි ලෙස දිල්හානි ඒකනායක මහත්මියත් සිය චරිතයන්ට සාධාරණය ඉටු කරන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. එමෙන්ම 6 වැනි දිල්ලි ජාත්‍යන්තර සිනමා උලෙළේ තරගකාරී අංශයේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානයට උරුමකම් කියමින් සෝමරත්න දිසානායක මහතාට සිය 33 වැනි අන්තර්ජාතික සම්මානය හිමි කර දුන් “ජංගි හොරා”,  22 වැනි බුසාන් අන්තර්ජාතික සිනමා උලෙළත් නියෝජනය කිරීමට සමත් වී තිබේ.

එබැවින් ලෙස්ටර්, පතිරාජ සහ බණ්ඩාරනායක ස්වර්ණමය සිනමා යුග පසු කරමින් දරුණු ප්‍රපාතයකට ඇද වැටෙමින් තිබූ ලාංකේය සිනමාව මෙළෙස යම් පමණකින් හෝ නැවත ගොඩ නැගෙමින් තිබීම අගය කළ යුතු වේ. Something is better than nothing යැයි කියමනක් තිබේ. එනිසා කිති කවාගෙන බලෙන් සිනහා විය යුතු බාල ගණයේ jokes වලට වඩා “ජංගි හොරා” යහපත් සිනමා ප්‍රවේශයක් බව පොදුවේ පැවසිය හැකියි. 

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

25% Off Lunch at Harbour Court This September

Make lunch plans worth looking forward to this September at The Kingsbury’s Harbour Court, with

Highlights Trending

Barista Reaches 100 Outlets, Bringing World-Class Coffee Experience Closer Across Sri Lanka

Barista Coffee Lanka marked a significant milestone in its journey on 31 August 2026 with

Highlights Trending

L’Incontro: An Italian Table by the Bentota Coast

There’s something particularly appealing about an Italian restaurant at the beach. Perhaps it’s the shared

Highlights Trending

Yazu at the Beach Brings Galle’s Pan-Asian Flavour to ON14

Colombo, your dinner plans just got a whole lot more interesting. On 28 August, Yazu

Highlights Trending

Gatz at City of Dreams Sri Lanka Brings Live Entertainment to the Heart of Colombo

Gatz Re-imagined brings a fresh take on classic supper club culture, with live entertainment throughout

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide