MSI GeForce RTX™ 50 ලැප්ටොප් පරිගණක මාලාව සුවිශේෂී වට්ටම් සමඟින් දැන් ලබාගත හැකියි!.

විප්ලවීය ray tracing සහ කෘත්‍රිම බුද්ධි හැකියාවන් සහිත MSI GeForce RTX™ 50 ලැප්ටොප් පරිගණක මාලාව අසමසම වට්ටම් සමඟින් දැන් වෙළෙඳපොළේ.


AMD සහ Intel හී නවතම ප්‍රොසෙසර සමඟ NVIDIA GeForce RTX™ 50 මාලාවේ GPU සහිත MSI විසින් හඳුන්වාදෙන නවතම ලැප්ටොප් පෙළ, දැන් පෙර නුවූ දීමනා සමඟින් Unity Systems, Nanotek, GameStreet, Sellx හිදී මිලදී ගැනීමේ හැකියාව දැන් පවතිනවා! පෙබරවාරි 25 සිට මාර්තු 12 තෙක් GeForce RTX™ 5090 laptop GPU දැන් මිලදී ගත හැකියි. දැන්ම මේ අපූරු දීමනා වල වාසිය අත්විඳගන්න. 

විවිධාකාර පරිශීලකයින් සඳහා සුවිශේෂයෙන්ම සැකසූ GeForce RTX™ 50 මාලාවේ ලැප්ටොප් විශාල ප්‍රමාණයක් අතරින් තමාට සුදුසුම ලැප්ටොප් පරිගණකය තෝරාගැනීමේ හැකියාව MSI ආයතනය සිය පාරිභෝගිකයින්ට ලබා දෙනවා. Desktop පරිගණක වෙනුවට ලැප්ටොප් පරිගණක ආදේශ කිරීමට අවැසි පරිශීලකයින් වෙනුවෙන් Titan පරිගණක මාලාව නිර්මාණය කොට තිබෙනවා. Mystic Lightbar මෝස්තරය සහිත Raider පරිගණක මාලාව නිර්මාණය කොට තිබෙන්නේ පරිගණක ක්‍රීඩා වල යෙදීමට රිසි අය වෙනුවෙන්. ඉංජිනේරුවන් හා නිර්මාණකරණයේ යෙදෙන්නන් වෙනුවෙන් නිර්මාණය කර ඇති Vector පරිගණක මාලාවේ එයටම සරිලන වෘත්තියමය පෙනුමක්ද ලබා දී තිබෙනවා. පරිගණකය තැනින් තැනට ගෙනයාමේ හැකියාවට ප්‍රමුඛත්වය ලබා දෙන පුද්ගලයින්ට යෝග්‍ය Stealth පරිගණක මාලාව වඩා සිහින් එමෙන්ම ඉහළ විභවයකින්ද යුක්ත වනවා. 

GeForce RTX™ 50 මාලාවේ GPU මඟින් බල ගැන්වුණු මෙම ලැප්ටොප් පරිගණක වල ඇත්තේ විප්ලවීය AI හැකියාවන්. එම නිසා මේවා පරිගණක ක්‍රීඩා වල නිරත වන්නන්ට හා නිර්මාණකරණයේ නිරත වන්නන්ට ඉතා යෝග්‍ය වනවා. NVIDIA DLSS 4 හරහා ක්‍රියාකාරීත්වය කිහිප ගුණයකින් වැඩි කරගන්න. පෙර නුවූ විරූ වේගයකින් පින්තූර generate කරගන්න. NVIDIA Studio සමඟ ඔබේ නිර්මාණශීලීත්වය විදහාලන්න. 

තවද, මෙම ලැප්ටොප් පරිගණක, *PCIe Gen 5 SSD එකක්, එයටම වෙන්වූ තාපන නළයක් (heat pipe), *අධිවේගී DDR5-6400 ධාරිතාවක්, මනස්කාන්ත *4K Mini LED තිරයක් සහ නවතම ප්‍රොසෙසර වල තාක්ෂණය වැඩි දියුණු කරවන MSI Overboost තාක්ෂණයෙන්ද සමන්විත වනවා. 

Titan 18 HX Dragon Edition Norse Myth

මෙම limited-edition පරිගණක වල මනස්කාන්ත සැලසුම් නිර්මාණය සඳහා පාදක වී ඇත්තේ Norse මිථ්‍යා ප්‍රවාදය පදනම් කරගත් ත්‍රිමාණ මකර මෝස්තරයයි. දියුණු, ලෝහ නිරේධන (etching) තාක්ෂණයෙන් මෙය ලැප්ටොප් Lid එක මතත්, ත්‍රිමාණ මුදුව palm rest area එක මතත් නිමවා තිබෙනවා. මේ සෑම ලැප්ටොප් පරිගණකයකම මෝස්තරය අතින් නිමවා ඇති අතර අති දක්ෂ අත්කම් නිර්මාණ ශිල්පියෙක් විසින් මෙම සියුම් නිර්මාණ ඔප ගන්වා ඇත්තේ ඒවා එකකට එකක් වෙනස් නිර්මාණ බවට පත් කරමින්. මෙම ලැප්ටොප් පරිගණක ඒවාටම ආවේණික වූ *ත්‍රිමාණ මකර හැඩයෙන් යුත් කීචේන් එකක්, මවුස් එකක්, මවුස් පෑඩ් එකක් සහ කලර් බොක්ස් එකකින් යුතු බන්ඩලයක් ලෙස එළි දැක්වෙන අතර නවතම Intel® Core™ Ultra 9 processor 285HX සහ NVIDIA® GeForce RTX™ 5090 GPU වලින් සමන්විත වනවා. එසේම අති නවීන PCIe Gen 5 SSD එකකින් සහ එයටම වෙන්වූ සිසිලන නළයක් (cooling pipe) සහ Thunderbolt™ 5 සඳහා යෝග්‍ය වාෂ්ප කුටීරයක් සිසිලනයක්ද (vapor chamber cooling) අන්තර්ගත වනවා. මේ සියලු විශේෂාංගයක්ම සැබෑම ඩෙස්ක්ටොප් පරිගණකයක ක්‍රියාකාරීත්වයක් වැනි ක්‍රියාකාරීත්වයකට දායක වනවා.

MSI හී OverBoost අධි තාක්ෂණය මඟින් මෙම ලැප්ටොප් පරිගණක වල හැකියාවන් තව තවත් වැඩි දියුණු කරනවා. ඒ, CPU සහ GPU වල ක්‍රියාකාරීත්වයේ සුසං‍යෝගය තවදුරටත් ඉහළ නැංවීම හරහායි. ඉන්, CPU සහ GPU ද්විතයෙන්ම ලබා දෙන *270W ක මුළු ජවයම කළමණාකරණය කරගත හැකියි.  

MSI Vector ලැප්ටොප් පරිගණක මාලාව

පරිගණක ක්‍රීඩා වල යෙදෙන්නන්ට, ඉංජිනේරුවන්ට සහ නිර්මාණකරණයේ යෙදෙන්නන්ට මෙම ආකර්ෂණීය, ලෝහමය දිස්නයක් සහිත අළු පැහැයෙන් යුත් Vector ලැප්ටොප් පරිගණක මාලාව පිළිබඳ විශ්වාසය තැබිය හැකියි. මේවා Intel® Core™ Ultra 9 275HX ප්‍රොසෙසර හෝ AMD Ryzen™ 9 9955HX ප්‍රොසෙසර හා NVIDIA® GeForce RTX™ 5090 ලැප්ටොප් GPU වලින් සමන්විතයි. ඉහළ ජවයක් අවැසි කෘත්‍රිම බුද්ධි යෙදුම් වලට හා ත්‍රිමාණ නිර්මාණකරණයට අවැසි මෘදුකාංග කියවීමට අවැසි හැකියාව සහ ක්‍රියාකාරීත්වය මෙම ලැප්ටොප් පරිගණක සාපේක්ෂව පහසු මිල ගණන් යටතේ ලබාගත හැකියි. GeForce RTX™ 5080 ලැප්ටොප් GPU සහිත මේවායේ 16” මොඩලය නුදුරු දිනකදීම එළි දැක්වෙනු ඇති.

 Mystic lightbar සහිත Raider ලැප්ටොප් පරිගණක මාලාව නිමවා ඇත්තේ පරිගණක ක්‍රීඩා වල යෙදීමට කැමැත්තක් දක්වන පුද්ගලයින් උදෙසායි. උසස් නිමාවෙන් යුත් මෙම ලැප්ටොප් පරිගණක පෙළ ඉංජිනේරුවන්ට හා නිර්මාණකරණයේ යෙදෙන්නන්ගේ වෘත්තීන් වලට යෝග්‍ය වන අතර, ඉතා සිහින්, විභවයෙන් ඉහළ Stealth ලැප්ටොප් පරිගණක පාඨමාලාව පරිගණක එහා මෙහා ගෙන යෑමේ හැකියාවට ප්‍රමුඛත්වය දෙන පිරිසට වඩා සුදුසු වනවා. 

GeForce RTX™ 50 මාලාවේ GPU මඟින් බල ගැන්වුණු මෙම ලැප්ටොප් පරිගණක වල ඇත්තේ විප්ලවීය AI හැකියාවන්. එම නිසා මේවා පරිගණක ක්‍රීඩා වල නිරත වන්නන්ට හා නිර්මාණකරණයේ නිරත වන්නන්ට ඉතා යෝග්‍ය වනවා. NVIDIA DLSS 4 හරහා ක්‍රියාකාරීත්වය කිහිප ගුණයකින් වැඩි කරගන්න. පෙර නුවූ විරූ වේගයකින් පින්තූර generate කරගන්න. NVIDIA Studio සමඟ ඔබේ නිර්මාණශීලීත්වය විදහාලන්න. 

තවද, මෙම ලැප්ටොප් පරිගණක, *PCIe Gen 5 SSD එකක්, එයටම වෙන්වූ *තාපන නළයක් (heat pipe), *අධිවේගී DDR5-6400 ධාරිතාවක්, මනස්කාන්ත 4K Mini LED තිරයක් සහ නවතම ප්‍රොසෙසර වල තාක්ෂණය වැඩි දියුණු කරවන MSI Overboost තාක්ෂණයෙන්ද සමන්විත වනවා. 

18″ 4K Mini LED තිරයත්, 120Hz ක refresh rate එකත් ඔබට දෘශ්‍යමය අත්දැකීමක් ගෙන එනවා.

Titan 18 HX හී සාමාන්‍ය non-limited සංස්කරණයකුත් MSI විසින් පරිශීලකයින්ට ලබා දෙනවා. 

MSI Raider ලැප්ටොප් පරිගණක මාලාව

නවතම AMD Ryzen™ 9 9955HX3D ප්‍රොසෙසරය හෝ Intel® Core™ Ultra 9 285HX ප්‍රොසෙසරය, NVIDIA® GeForce RTX™ 5090 ලැප්ටොප් GPU, සහ නවතම PCIe Gen 5 SSD සහිත Raider ලැප්ටොප් මාලාව සැබැවින්ම පරිගණක ක්‍රීඩා බලාගාරයක්. Gen 5 SSD කියවීමේ වේගය උපරිමයේ පවත්වා තබා ගැනීම සඳහා එයටම වෙන්වූ නවෝත්පාදිත තාපන නළය (heat pipe) නිර්මාණය කර තිබෙනවා. Re-engineered 2nd Gen AMD 3D V-Cache™ තාක්ෂණය භාවිතා කෙරෙන, නවීනතම Zen 5 ප්‍රොසෙසර සැකසුම සහිත AMD Ryzen™ 9 9955HX3D ප්‍රොසෙසර භාවිතා කර ඇත්තේ පරිගණක ක්‍රීඩාකරණයේ දී ක්‍රියාකාරීත්වය විශාල වශයෙන් ඉහළ නැංවීම සඳහායි. පරිගණක ක්‍රීඩා වල යෙදෙන්නන්ට දැන් අසීමාන්තික ගේමිං අත්දැකීමක් සහ RGB light නිර්මාණ සැලසුම MSI Raider ලැප්ටොප් පරිගණක වලින් ලබා ගත හැකියි.

MSI Vector ලැප්ටොප් පරිගණක මාලාව 

පරිගණක ක්‍රීඩා වල යෙදෙන්නන්ට, ඉංජිනේරුවන්ට සහ නිර්මාණකරණයේ යෙදෙන්නන්ට මෙම ආකර්ෂණීය, ලෝහමය දිස්නයක් සහිත අළු පැහැයෙන් යුත් Vector ලැප්ටොප් පරිගණක මාලාව පිළිබඳ විශ්වාසය තැබිය හැකියි. මේවා Intel® Core™ Ultra 9 275HX ප්‍රොසෙසර හෝ AMD Ryzen™ 9 9955HX ප්‍රොසෙසර හා NVIDIA® GeForce RTX™ 5090 ලැප්ටොප් GPU වලින් සමන්විතයි. ඉහළ ජවයක් අවැසි කෘත්‍රිම බුද්ධි යෙදුම් වලට හා ත්‍රිමාණ නිර්මාණකරණයට අවැසි මෘදුකාංග කියවීමට අවැසි හැකියාව සහ ක්‍රියාකාරීත්වය මෙම ලැප්ටොප් පරිගණක සාපේක්ෂව පහසු මිල ගණන් යටතේ ලබාගත හැකියි. GeForce RTX™ 5080 ලැප්ටොප් GPU සහිත මේවායේ 16” මොඩලය නුදුරු දිනකදීම එළි දැක්වෙනු ඇති.

MSI Stealth ලැප්ටොප් පරිගණක මාලාව 

Stealth ලැප්ටොප් පරිගණක, MSI විසින් හඳුන්වාදෙන සිහින් සහ බරින් අඩු, ඉහළ ක්‍රියාකාරීත්වයෙන් යුත් පරිගණක වනවා. Intel® Core™ Ultra 9 275HX ප්‍රොසෙසරය හෝ Copilot+ PC සහතිකය සහිත නවතම AMD Ryzen™ AI 300 මාලාවේ ප්‍රොසෙසරය සහ NVIDIA® GeForce RTX™ 5090 ලැප්ටොප් GPU මෙම පරිගණක වල අන්තර්ගත වනවා. Stealth ලැප්ටොප් පරිගණක මාලාව, පරිගණක ක්‍රීඩා, කෘත්‍රිම බුද්ධි‍ය මඟින් සිදු කෙරෙන කාර්‍යයන් සඳහාත්, ඉහළ ජවයක් අවැසි Content creation මෘදුකාංග වලට යෝග්‍ය වන පරිදි නවීනතම ක්‍රියාකාරීත්වයෙන් ප්‍රශස්තකරණය කිරීම සිදු කොට තිබෙනවා. මැග්නීසියම්-ඇලුමිනියම් මිශ්‍ර ලෝහයෙන් සාදන ලද රාමුව හරහා Stealth ලැප්ටොප් පරිගණක පාඨමාලාව කල් පැවැත්මත්, තැනින් තැනට ගෙනයෑමේ හැකියාවත්, ආකර්ෂණීය හැඩහුරුවත් අසීමාන්තිකව මුසු කෙරෙනවා. 

ඔබ නවතම AAA ගේම් ක්‍රීඩා කළද, ග්‍රැෆික් නිර්මාණය කළත්, system resources බොහොමයක් භාවිතා කෙරෙන (resource-intensive) කෘත්‍රිම බුද්ධි මෘදුකාංග භාවිතයෙන් කාර්‍යයන් රැසක යෙදී සිටියත්, MSI හී GeForce RTX 50 ලැප්ටොප් පරිගණක මාලාව මඟින් සුමට ක්‍රියාකාරීත්වයක් සහ අසමසම ග්‍රාෆික (graphic) ලබාදීම සහතික කෙරෙනවා. මෙම ලැප්ටොප් පරිගණක Unity Systems, Nanotek, GameStreet, Sellx හරහා අදම ඇණවුම් කර විශේෂ දීමනාවන් ලබාගන්න. 

*Titan 18 HX Dragon Edition Norse Myth සඳහා සඳහන් කෙරුණු බන්ඩල අයිතම වෙනස් විය හැකිය. 

*අනිවාර්‍ය නැත. සැකැස්ම මත පදනම්ව පිරිවිතර වෙනස් විය හැකිය. 

*සැකැස්ම මත පදනම්ව Thunderbolt™ 5 ක්‍රියාත්මක කිරීමේ හැකියාව වෙනස් විය හැකිය. 

*MSI Center හිදී AC power යොදාගනිමින් ආන්තික ක්‍රියාකාරීත්ව ආකාරය (extreme performance mode) යටතේ 270W සඳහා පිරික්සන ලදි.

*තෝරාගත් සැකසුම් හා පිරිවිතර මත මිල වෙනස් විය හැකිය. 

MSI: https://www.msi.com

MSI Tiktok: https://www.tiktok.com/@msi_srilanka?lang=en

MSI Facebook: https://www.facebook.com/MSIGamingSriLanka

MSI Instagram: https://www.instagram.com/msigaming_lk/

MSI Twitter: https://twitter.com/MSITweets

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide