කිසිදා නොමියෙන භාරතයේ ස්වර්ණ ගී හඬ – ලතා මංගේෂ්කාර්.

By Yesha Fernando

Covid 19 වෛරසය විසින් මිහිමතින් නිවා දැමු තවත් තාරකාවක් ලෙසින් ලෝ සුපතළ ඉන්දීය ගායිකා ලතා මංගේෂ්කාර් මෙමස 6 වෙනිදා (පෙබරවාරි 6) මෙලොවින් සමුගත්තා. ඇගේ ගීයක් නොඇසෙන දහවලක් , රැයක් නොතිබුණු, ගීත දහස් සංක්‍යාවක් ගායනා කර තිබූ මේ ගීත කෝකිලාව ඉන්දියාව තුළ හැඳින්වුයේ Nightingale of India සහ Queen of Melody යන අන්වර්ථ නාමයන්ගෙන්. විදේශ භාෂා ඇතුළු භාෂා 36 කින් ගීත 30,000 වඩා ගායනා කොට වැඩිම ගීත ප්‍රමාණයක් පටිගත කළ ගායිකාව හැටියට වරක් ගින්ස් දත්ත වාර්තා අතරටද එක්වූ ඇය ලාංකේය සිනමාපටයක් වූ සැඩ සුළං වෙනුවෙන් “ශ්‍රී ලංකා, මා ප්‍රියාදර ජය භූමි” නම් ගීතයක්ද ගායනා කළා.

වයස අවුරුදු  5 සිට සංගීතය හැදෑරු ඇය සිය පියා වූ දීනානාත් මංගේෂ්කාර් ගේ අභාවයෙන් පසු ඔහුගේම අඩි පාරේ යමින් හින්දි සිනමා පසුබිම් ගායනයට එක් වන්නේ ඇයට වයස අවුරුදු 13 දී යි. ඒ 1942 වසරේ තිරගත වූ මරාති සිනමාපටයක් වූ Pahili Mangalaa-gaur හී Natali Chaitraachi Navalaai නම් ගීතය ගායනා කරමින්. එතැන් සිට 2019 වසර තෙක් පුරා වසර 77 ක් ඇගේ අසම සම මිහිරි හඬින් නොනවත්වා ගී ගැයූ මේ ගීත කෝකිලාව සිය තාරකා ආලෝකය නිවී යද්දී 92 වියේ පසු වූණා. ලන්ඩනයේ Royal Albert Hall හී ප්‍රසාංගික අංගයක් ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවුණු පළමු ඉන්දියානුවා වන ඇය එරට ජාතික සිනමා සම්මාන 3ක්, හොඳම පසුබිම් ගායිකාවට හිමි ෆිල්ම්ෆෙයාර් සම්මාන 4 ක්, ජීවිතකාලයටම එක්වරක් පමණක් ලැබෙන ෆිල්ම්ෆෙයාර් සම්මානයක්, ඉන්දියාවේ ඉහලම පුරවැසි සම්මානය වන භාරත් රත්න සම්මානයක් ඇතුළුව තවත් සම්මාන 20 කට ආසන්න සංක්‍යාවක් දිනා ගනු ලැබුවා.

Laxmikant–Pyarelal ගේ සිට AR Rehman දක්වා ඇය වෙනුවෙන් සංගීත සංයෝජනය කර ඇති අතර Kishore Kumarගේ සිට Sonu Nigam දක්වා ඇයගේ යුගල ගායනයන් යාවත්කාලීන වනවා. ඇයගේ අභාවය වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරමින් බොලිවුඩයේ  සුපිරි තාරකාවන් මෙවන් සටහන් කිහිපයක් තබා තිබුණා.

She has left us. The voice of a million centuries has left us. Her voice resounds now in the Heavens !”  “Prayers for calm and peace- Amitabh Bachchan

 ”U will be missed our nightingale. But ur voice shall live with us forever … #RIPLataji.” – Salman Khan

“How can one forget such a voice! Deeply saddened by the passing away of Lata Mangeshkar ji, my sincere condolences, and prayers. Om Shanti” – Akshay Kumar

Heartbroken, but blessed to have known & loved this incredible soul –  Anil Kapoor

”Love ,respect and prayers”. – AR Rehman

She will continue to live in the hearts of people through her songs forever. My deepest condolences to the near and dear. May her great soul rest in peace – Allu Arjun

මෙලෙස සියලු හදවත් ශෝකයෙහි ගිල්වාලමින්, නමුදු තවත් දශක ගණනාවකට සිය මිහිරිතම ස්වරය ඉතිරි කර තබමින් මැකී ගිය ඉන්දියානු ගීත කෝකිලාවිය ලතා මංගේෂ්කාර් ගේ ජනප්‍රියතම ගීත කිහිපයකි මේ.

1. Laga Ja Gale – (Woh Kaun Thi -1964 )

එදා මෙදාතුර ඇයගේ අතිශය ජනප්‍රියත්වයට පත් ගීයක් ලෙස හැඳින්විය හැකි මෙහි ඇති හදවතට අමතන මිහිර හේතුවෙන්ම වර්තමානයේ ජනප්‍රිය Bollywood ගායක ගායිකාවන් අතින්ද මෙම ගීය වරින් වර ප්‍රතිනිර්මාණය වී තිබෙනවා. 1964 වසරේදී Woh Kaun Thi නම් සිනමා පටය වෙනුවෙන් ලතා මංගේෂ්කාර් ගායනා කළ මෙම ගීය Raja Mehdi Ali Khan විසින් රචනා කොට Madan Mohan විසින් සංගීත සංයෝජනය කළ සොඳුරුතම හින්දි ගී නිර්මාණයක්. Manoj Kumar හා Sadhana රංගනයෙන් දායක වන මෙහි ඇත්තේ මෙවන් තේරුමක්;

එන්න මා වැළඳගන්න,
කව්රුන්ද දන්නේ මේ සුන්දර රාත්‍රිය
නැවත පැමිණේදැයි කියා..,
සමහරවිට මේ මුළු ජීවිත කාලයේදීම
අපට යළි හමුවන්නට නොහැකි වේවි…

Watch the video here.

2. Kora Kagaz Tha Yeh Man Mera – (Aradhana – 1969)

මේ, ශ්‍රී ලංකාවේ පවා අතිශය ජනප්‍රියත්වයට පත් Aradhana සිනමාපටය වෙනුවෙන් ඇය සිය සොඳුරුතම හඬ මුසු කළ මිහිරිතම ගීතයක්. මෙහිදී ඇය සමඟ යුග ගායනනෙන් එක් වූයේ බොලිවුඩයේ තවත් විශිෂ්ඨ හඬ පෞර්ෂයක් හෙබවූ ගායක Kishore Kumar. S.D Burman  විසින් සංගීත සංයෝජයන කළ මෙහි අතිශය සොඳුරු රූ දසුන් සමඟින් රංගනයෙන් දායක වූයේ ජනප්‍රිය නලු නිළි යුවළක් වූ Rajesh Khanna සහ Sharmila Tagore.

මා එහි ඔබේ නම ලියනා තෙක්
මගේ හදවත හිස් කඩදාසියකි
මගේ හදවත බිඳුණු තරුවකි
ඔබේ වූ දා පටන් දැන් එය සඳවතකි

Watch the video here.

3. Dekha Ek Khwab – (Silsila – 1981)

බොලිවුඩයේ මෙන්ම මෙරටද අතිශය ජනප්‍රියත්වයට පත් ගීත රැසක් රැගත් Silsila සිනමා පටයට මෙම ගීතය එක් වූයේ ලතාමය සුභාවිත හඬට Kishore Kumar හඬ පෞර්ෂය ද මුසු කරමින්. Amitabh Bachchan සහ Rekha අතර පෙම් සබඳතාවය ලොවට හෙළිදරව් කළ අතිශය සොඳුරු මේ සිනමාපටය බොලිවුඩයේ දැවැන්තයෙකු වූ Yash Chopra ගේ මුල් කාලීන නිර්මාණයක්.

ඔබේ සුවඳ මගේ සුසුම් වල රැඳී තිබේ
ඒ ඔබේ ආදරයේ මායාවයි
ඔබේ හඬ මේ සුළඟේ රැඳී තිබේ
මේ හැම තැනකම ආදරයේ පැහැය රැඳී තිබේ

4. Pyar Hua Iqraar Hua – (Shree 420 – 1955)

බොලිවුඩ් ඉතාහාසයේ රන් අකුරින් ලියවුණු සුපිරි සිනමා නිර්මාණයක් වූ Raj Kapoorගේ Shree 420 සිනමාපටය වෙනුවෙන් ලතා මංගේෂ්කාර් මේ ගීය ගායනා කළේ Manna Dey සමඟිනුයි. බොලිවුඩයේ මෙන්ම සැබෑ ජීවිතයේද පෙම්වතුන් වූ Raj Kapoor හා Nargis ගේ ප්‍රේමනීය ජවනිකාවකින් හැඩ වූ ගීතයට ලතා මංගේෂ්කාර්ගේ මිහිරි හඬින් එක් වූ මිහිර ප්‍රේක්‍ෂක හදවත් කොපමණ ස්පර්ශ කළාදැයි සාක්ෂි සපයන්නේ මේ ගීය ලැබූ අතිශය ජනප්‍රියත්වයයි.

ආදරයක් ඇතිවුණා, එය පිළිගැනුනා
ඒත් තවමත් හදවත ආදරයට බිය ඇයි
මාර්ගය දුෂ්කර වේ යැයි හදවත කියයි
මේ ගමනේ කෙළවර කොහිදැයි කිසිවෙකු නොදනියි

5. Jiya Jale –  (Dil Se -1998)

Shah Rukh Khan, Manisha Koirala හා  Preity Zinta රංගනයෙන් දායක වූ අතිශය ජනාදරයට හා ප්‍රසිද්ධියට පත්  Dil Se සිනමාපටය වෙනුවෙන් ගීත කෝකිලාවිය මේ ගීය ගැයුවේ M.G. Sreekumar සමඟින්. කාශ්මීර යුධ ගැටුම් තේමා කරගත් මෙය Mani Ratnam ගේ නිර්මාණයක්. සංගීත සංයෝජයන AR Rehman විසිනි.

මගේ හදවත දැවේ
ප්‍රාණයද දැවේ
මගේ දෙනෙත් මිහිදුමෙන් මෙන් බොදවේ
ඔබ දකින විට මගේ හදවතෙහි රිදුමක් දැනේ

6. Satyam Shivam Sundaram – ( Satyam Shivam Sundaram -1978)

බොලිවුඩයේ සරාගිනියක වූ  Zeenat Aman , කඩවසම් නලු Shashi Kapoor සමඟින් රංගනයෙන් දායක වූ Satyam Shivam Sundaram සිනමාපටයේ තේමා ගීතය වූ Satyam Shivam Sundaram සිය හඬින් ගීතවත් කරනු ලැබුවේද ලතා මංගේෂ්කාර් විසින්. Raj Kapoor විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ මෙය Box office වාර්තා තැබූ සිනමාපටයක්. ශිව දෙවිදුන් වන්දනා කරන ගීතයක් වන එය ලතා මංගේෂ්කාර්ගේ භක්තිවන්ත හඬින් පිරී අදටත් රසික සිත් සනසනවා.

දෙවියන් යනු සත්‍යයි
සත්‍ය යනු ශිව වේ
ශිව සුන්දරයි
අවදි වී බලන්න
ජීවිතයේ ගිනිසිළ දැවෙමින් තිබේ

Watch the video here.

7. Tujhe dekha toh yeh jaana sanam – (Dilwale Dulhania Le Jayenge – 1995)

බොලිවුඩ් සිනමාවේ වැඩිම ජනප්‍රියත්වයක්, වැඩිම සම්මාන ගණනක් හිමි කරගත් සිනමාපට අතර ඉහළින්ම වැජඹෙන Dilwale Dulhania Le Jayenge සිනමා පටයේ ජනප්‍රියම ගීතය වන මෙය ලතා මංගේෂ්කාර් විසින් ගයනු ලැබුවේ Kumar Sanu සමඟිනුයි. 1995 වසරේ සිට 2014 වසර දක්වා සති 1000 ක් නොකඩවා සිනමාහල් වල ධාවනය වුණු ලොව එකම සිනමා පටය වන මෙහි සාර්ථකත්වයට බොලිවුඩයේ ගීත කෝකිලාවිගේ කිසිදා වියපත් නොවූ තුරුණු ප්‍රේමනීය හඬ මනා පිටුවහලක් වූ බව නියතයි. එමෙන්ම ඇය ගායනා කළ මෙහි එන Zara Sa Jhoom Loon Main, Mere Khwabon Mein යන ගීතද අතිශය ජනාදරයට පත් අද දවසේද ජනප්‍රියත්වයෙන් අඩු නොමැති සොඳුරු නිර්මාණයි.

ප්‍රියය, ඔබ දුටු විට මා දැනගත්තා
ආදරය නම් උමතුවක් වන බව
දැන් ඉතින් මා කොහේ යන්නද
ඔබේ දෑතේ මියෙනු මිස


8. Tere Liye – (Veer Zaara – 2004)

2004 වසරේදී බොලිවුඩය කඳුළින් නැහැවූ සොඳුරු ප්‍රේමකතාවක් රැගත් Veer Zaara සිනමාපටයේ පසුබිම් ගායනාවන් හැඩ වූයේද මේ ගීත කෝකිලාවියගේ ළයාන්විත ස්වරයෙනි. Roop Kumar Rathod සමඟින් ඇය ගයන මේ ගීය ආදරයක පරිපුර්ණත්වය දරාගත් සොඳුරුතම ගීයක්. එහි අනෙක් ජනප්‍රිය ගී වන “Do Pal”, “Yeh Hum Aa Gaye Hain Kahaan” ද ගීතවත් වී ඇත්තේ ඇයගේ හඬින්.

ඔබ වෙනුවෙනි මා ජීවත් වූයේ
මගේ දෙතොළින් වදනක් හෝ පිට නොකොට
ඔබ වෙනුවෙනි මා ජීවත් වූයේ
කඳුළු සයුරක් රස බලමින්
නමුත් මගේ හදවතේ ආදරයේ පහන් දැල්වෙමින් තිබුණා
ඔබ වෙනුවෙන්, ඔබ වෙනුවෙන්


9. Ajeeb dastaan hai yeh – (Dil Apna Aur Preet Parai – 1960)

නැවත නැවතත් බොලිවුඩය හා ඉන්දියානු සිනමා කර්මාන්තය තුල අලුත් වෙමින් ඉහල ආදායම් ඉපැයූ ගීතයක් වන මෙය ඇය ගායනා කොට ඇත්තේ 1960 වසරේ Dil Apna Aur Preet Parai සිනමාපටය වෙනුවෙන්. මෙහි රංගනයෙන් දායක වූ බොලිවුඩයේ කඳුළු බිදුව Meena Kumari ට ඉතා හොඳින් ගැළපුණු ලතා මංගේෂ්කාර්ගේ හඬ දෙවියන් විසින් සිනමා කර්මාන්තයටම දුන් දායාදයක් යැයි එම සිනමා අධ්‍යක්ෂකවරුන් විශ්වාස කළා

එය වෙනස් කතාවකි
එය ඇරඹෙන්නේ කොහෙන්ද, කොතැනින් අවසන් වේද
මේ ගමනේ නිමාවන් කොහිද
ඔවුන්ටවත් අපටවත් එය නොතේරේ

10. Do Ghoont Mujhe Bhi Pila De Sharabi – (Jheel Ke Us Paar -1973)

මේ ගීතයේ ඉතිහාසය 1973 තරම් ඈතකට දිවෙන මුත් මෙය වඩාත් ජනප්‍රිය වුයේ 2021 වසරේ දී යැයි කිවහොත් එය අසත්‍යක් නොවේ. Jheel Ke Us Paar  සිනමාපටය වෙනුවෙන් ලතා මංගේෂ්කාර් ගැයූ මේ අපූරු ගීයට රංගනයෙන් දායක වූයේ Mumtaz. මේ වන විට ජනප්‍රිය TikTok ගීයක් වී ඇති එයට යුරෝපීය ජාතිකයින් පවා නර්තන ඉදිරිපත් කොට තිබෙනවා. එහි තනුව මෙන්ම මත් බවත් හාස්‍යත් පිරි ගීත කෝකිලාවියගේ හඬ රසික සිත් අදටත් අමන්දානන්දයට පත් කරනවා.

මට වරක් මීවිත බොන්නට දෙන්න  
කුමක් වේදැයි බලන්න
පෙම්වත
වතුරට ගින්දර එක් කරන්න
කුමක් වේදැයි බලන්න https://www.youtube.com/watch?v=z83LpMHN7z4

11.  Aaja Re Pardesi –  (Madhumati – 1958)

ලතා මංගේෂ්කාර් ගැයූ දහසකුත් ගී අතර සුවිශේෂිතම ගීතය වන්නේ මෙයයි. පුනර්භවයක් පිළිබඳ කියවෙන සොඳුරු, අතිශය අනප්රිය සිනමාපටයක් වූ Madhumati වෙනුවෙන් ඇය ගැයූ Aaja Re Pardesi නම් මෙම ගීතය ඇයගේ පළමු ෆිල්ම්ෆෙයාර් සම්මානය ඇයට හිමි කර දෙනවා. සුරූපී වෛජන්ති මාලා රංගනයෙන් දායක වන එය රසිකන්ගේ ආත්මයටම හඬ ගැසූ ගීයක්. එම ගීයේ ජනප්‍රියත්වය අදටත් නොනැසී පවතින්නේ ලතා මංගේෂ්කාර් ගේ එම ආත්මීය හඬ පෞර්ෂය නිසයි.
පිටරැටිය, පැමිණෙන්න
මා කොතෙක් නම් කල්
මේ ගං ඉවුරේ ඔබ එනතෙක් බලා සිටියාද
මඟ බලා හිදම මගේ දෙනෙත් රිදුම් දේ

බොලිවුඩ් ගී තාරකාව ලතා මන්ගේෂ්කාර්, ඔබේ ආලෝකය හෙටත් දිදුළනු ඇත. ඔබට සුබ රාත්‍රියක්!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide