ආයෙත් රස බලමුද? 90 දශකයේ අපි කාපු අමතක නොවෙන කෑම ජාති 10ක්.

ඉස්කෝලෙ කාලෙ අපි හිතාගෙන හිටියෙ ඉස්කෝලෙ යන එක තරම් කරදරයක් තවත් නෑ කියලනෙ. ඒත් කොහොමද දැන්?

විකාරෙන් වගේ නැගිටල උදෙන්ම වැඩට යන කට්ටිය හවසට ගෙදර එන්නෙ බාගෙට මැරිලා. ඉතින් ඔය විදියට සතියෙ දවස් පහ වුනාම වීක් එන්ඩ් එකක් තිබුණද නැද්ද වගක් ඇත්තෙත් නෑ. එහෙමයි කියල ඉතින් මේක අත ඇරල දාන්නත් බෑනෙ. අනාගතය වෙනුවෙන් ඇදගෙන යන්න එපැයි.

හැබැයි කවුරු කොහොම කිව්වත්, කොච්චර ප්‍රශ්න තිබුනත් ෆුල් සැපේ, ජොලියෙ ඉන්න අයත් ඔය අතරෙ ඕන තරම් ඉන්නව. පොඩි අවුලකට තියෙන්නෙ එයාලා සතුටු වෙන්න පාවිච්චි කරන්නෙ මත් පැන්, මත් ද්‍රව්‍ය මොනවහරි වෙච්ච එක තමයි. බඹර පදමට ආවට පස්සෙ ඉස්කෝලෙ කාලෙ කරපු වැඩ, සිද්ධ වෙච්ච සිද්ධි මතක් කරල පුදුම ආතල් එකක්නෙ ගන්නෙ.

වැඩේ කියන්නෙ කන්නෙ බොන්නෙ නැති අයට ඒ වගේ ආතල් එකක් ගන්න ක්‍රමයක් නැද්ද? යමු අපි කල්පනා කලා. කරල තමයි හොයා ගත්තෙ මෙන්න මේ මේ අපූරු ක්‍රමය.

කරන්න තියෙන්නෙ මෙච්චරයි. දවල් දවසට පාර තොටේ ඇවිදින වෙලාවක් අල්ලල යන්න ලඟම තියෙන ඉස්කෝලයක් ලඟට, හැබැයි ඉස්කෝලෙ ඇරෙන්න කිට්ටු කරල. ඊට පස්සෙ කෙලින්ම ටාගට් කරන්න ගේට්ටුවයි තාප්පයයි අරක්ගෙන ඉන්න කඩචෝරු වෙළෙන්දො ටික. ආයෙ මොනවද ඉතින්, රු. 100ක් වියදම් කලා නම් ඇති ළමා කාලයට යන්න. ඔයා ආසම කඩචෝරු ජාති වලින් මල්ල ගාණෙ අරගෙන එතන ඉඳන්ම කන්න පටන් ගන්න. ඒ අතරට ඉස්කෝලෙ ඇරිලා කෑ ගගහ ගෙදර දුවන පොඩ්ඩො දිහාත් බලාගෙන හිටිය නම් ඔයාටත් නොතේරීම ඔයාගෙ හිත, ඔයාව ළමා කාලයට ගෙනයාවි.

ඒක නෙවෙයි, හදිස්සියෙවත් ඒ කාලෙ කාපු දේවල් මතක නැත්නම් ඔන්න පහළින් තියෙනව මිහිරි මතක කඩචෝරු ලැයිස්තුවක්ම. බලල මතක් කර ගන්නකො.

1. බොම්බයි මොටයි සහ නයිස්

ඡායාරූපය

ට්‍රිලිං ට්‍රිලිංං… ට්‍රිලිං ට්‍රිලිංං…

අහල පුරුදු සද්දයක් නේ. පියුම් මාමා හැරුණාම… ආ… බොම්බයි මොටයි මාමා!

ටින් පෙට්ටියක් පුරවල රෝස පාට බොම්බයි මොටයි, පෙට්ටියෙ පැත්තක කම්බියෙ අමුණපු නයිස් තොගයයි. ඉස්සර නම් මේවා රු. 5යි, දැන් නම් කොහොමද දන්නෙ නෑ. මතක තියා ගන්න ඔය පැණි රසට කාගෙන කාගෙන ගියා වගේ නෙවෙයි කට දෙපැත්ත ඇලෙන්න ගත්තාම. ඉස්සර නම් ෂර්ට් එකේ හරි පිහිද ගත්ත, ඒත් දැන් එහෙම බෑනේ.
 

2. අයිස් පලම්

ඡායාරූපය

පී… මෝ…

අයිස් පලම් වලට ආවේණික නලා සද්දෙ. මතකද? අර රබර් බෝලෙ තද කරද්දි සද්දෙ එන දිග නලාව. එතකොට… සින්ගර් බයිසිකලේ පිටිපස්සෙ ලොකු සෘජුෆෝම් පෙට්ටියක් ගැට ගහ ගෙන ඉස්කෝලෙ ගේට්ටුව ලඟ ඉන්න අයිස් මාමා.

එක එක පාටට කෝටුවල ගහල හදපු අයිස් පලම් තොගයක් තිබුනට මොකද අපි වැඩියෙන්ම ආස කලේ රසටත් වඩා ඒකෙ සීතලට. ඉස්කෝලෙ ඇරෙන වෙලාවට අයිස් පලමක් කියන්නෙ දිව්‍ය භෝජනයක් වගේ.

3. අච්චාරු

ඡායාරූපය

“කන්න එපා ජරාව” අම්මා හැමදාම කියනව.

එපා කියන නිසාම අපි හැමදාම කනව.

කවුරු එපා කිව්වත් අච්චාරු කියන්නෙ නම් නොකා ඉන්න පුලුවන් කෑමක් නෙවෙයි. විශේෂයෙන්ම දිවුල් අච්චාරුයි, වෙරළු අච්චාරුයි. එතකොට අඹ අච්චාරු, මිශ්‍ර අච්චාරු එහෙමත් පට්ට රසයි. වැඩේ කියන්නෙ ඔය කෝකත් පරාදයි අලුත් අවුරුදු කාලෙට හැදෙන පළතුරු වලින් දාන අච්චාරු වලට. ජම්බු, ලොවි, කජු පුහුලම් අච්චාරු වල රස… මතක් වෙද්දිත් කටට කෙල උනනව.

4. ලුණු, මිරිස් කලවමයි තීරු ගහපු පළතුරුයි

ඡායාරූපය

ගෙදරදි කොච්චර ට්‍රයි කලත් අංකල් කපන විදියට අඹ ගෙඩිය කපන්න අපිට බැරි වුනානෙ. 8ට කපන්නත් ඕන. මල වගේ විහිදෙන්නත් ඕන. හැබැයි මික්‍ස්චර් එක දාද්දි කෑලි කැඩිල වැටෙන්නත් බෑ. අඹ විතරක් නම් බැරියැ, පොඩි ඇඹරැල්ල ගෙඩියත් ඒ විදියට කපනවනෙ. අමු අඹ නම් කොහොමත් මික්ස්චර් එකත් එක්ක යනව. හැබැයි කට්ටිය පොර කන්නෙ ඉදුණු අඹ ගෙඩියක් ඔය අතරට තිබුනොත් තමයි. මොකද හැමදාම කන රසට වඩා වෙනස් රසක්නෙ.

5. අයිස් පැකට්, බීම පැකට්

ඡායාරූපය

අයිස් පලම් මාමා ලඟ තිබුනු අයිස් පැකට් බීම පැකට් කියන්නෙත් අපි හිතේ හැටියට රස බලපු කඩචෝරුවක් තමයි. වෙනසකට තියෙන්නෙ ගාණ අඩු එක. උපරිම රු. 5ක් වගේනෙ වුනේ. අයිස් පැකට් ගොඩක්ම ආවෙ කිරි මිශ්‍ර රසවල් වලිනුයි පළතුරු මිශ්‍ර රසවල් වලිනුයි වුනාට බීම පැකට් නම් තනිකරම සරුවත්. ඒත් මොකද රු. 10 අයිස් පලම් ගන්න සල්ලි නැති දවස් වලට අයිස් පැකට්නෙ තනිකරම සෙට් එක රන් කලේ?

6. මල් බිස්කට්

ඡායාරූපය

ගෑණු ළමයි අතරෙ නැගල ගියපු කෑමක්. හේතුව තමයි ඒවයෙ තිබුනු පාට. රෝස, නිල්, කොළ, තැඹිලි, රතු, කහ වගේ පාට තොගයක්. මේව හදන්නෙ ජෙම් බිස්කට් උඩට අයිසින් වගේ මිශ්‍රණයක් දාලා හයි වෙන්න තියල. පාට පාට, චූටි චූටි මල් බිස්කට් ලොකු වීදුරු බෝතලයකට දැම්මාම හරිම ලස්සනයි. ඉතින් ගෑණු ළමයි නොකා ඉඳියිද නේ?

7. පාර්ටි ටයිම් චුවින් ගම්

ඡායාරූපය

“ලොකුම බෝලෙ පුම්බන එක්කෙනා දිනුම්. මොකෝ කියන්නෙ”

ඔය විදියට ඔට්ටු දාලා චුයින් ගම් බෝල පුම්බද්දි කවුරු හරි ඇඟිල්ලෙන් ඇන්නොත් කේස් එක. ඊට පස්සෙ ඉතින් හෙන රණ්ඩුව. හදිස්සියෙවත් දෙකක් කාලා මාට්ටු වුනොත් එතනත් වලිය. කොහොම හරි ලොකුම බෝලෙ පුම්බල දිනන කෙනාට පාර්ටි ටයිම් චුවින් ගම් එකත් එක්ක එන පච්ච දෙකම හම්බ වෙනව. ඒත් ඉතින් වැඩක් නෑ, මොකද ලොකුම බෝලෙ පුම්බද්දි පිපුරුවුට පස්සෙ මූණ පුරා ඇලවිච්ච චුවින් ගම් කෑලි ගලවන්න ගියාම එපා වෙනවනෙ.

8. ඇඹුල් පේර, දං, කිරිල්ල

ඡායාරූපය

ගම් පැතිවල විතරක් නෙවෙයි, කොළඹ පවා තිබුනු පළතුරු ජාති තුනක්නෙ ඇඹුල් පේර, දං, කිරිල්ල කියන්නෙ. අවාසනාවට දැන් නම් බෙහෙතකට වත් කොළඹ කිට්ටුව පාතින් හොයා ගන්න බෑ. මොනව කරන්නද අද කාලෙ ළමයින්ගෙ අවාසනාවනෙ. ඉස්සර අපි ඇඹුල් පේර ලන්දකට, දං ලන්දකට රිංග ගත්තාම පැය ගාණකට එළියට එන්නෙ නෑ. ආවත් සාක්කු වල පුරවගෙන එන්නෙ.

දං කන්නෙ නම් ගෙදර ගිහින් රස පදමට සීනි එහෙම දාලා. කාලා ඉවර වෙලා කෙලින්ම දුවන්නෙ කණ්නාඩිය ඉස්සරහට, දිවේ දම්පාට බලන්න.

එතකොට ඇඹුල් පේර, කිරිල්ල කඩද්දි, ඉදිච්ච ඒව ගහේදිම දෙසා බාලා ඉතිරිය තමයි ගෙදර ගේන්නෙ. එහෙමෙ ගෙනැල්ල ගෙඩි පිරුණු අත්තක් අම්මට දික් කරන්නෙ ලොකු වැඩක් කලා වගේ.

9. පැළ පොල්

ඡායාරූපය

එදා ඉඳන්ම කඩෙන් පොල් ගත්තු ගෙවල් වල ළමයි නම් පැළ පොල් ගැන ඒ හැටි දන්නෙ නැතුව ඇති. ඒත් අපි නම් අදටත් කනව. වේලිලා වැටුනු පොල් ගෙඩියක් පැල අංකුරය ආවට පස්සෙ ලෙලි ගහල, බිඳග අරගත්තාම තමයි මදය කන්න පුලුවන් වෙන්නෙ. ඒකත් පිහිතුඩෙන් හෙමිහිට ගලව ගත්ත නම් රස කර කර හිතේ හැටියට කන්න පුලුවන්.

10. සාර විට

ඡායාරූපය

කට සුවඳ කරයි

දත පණුවො නොකයි…

ඒ කෙසේ වෙතත් සාර විට අයියගෙ අතේ තියෙන ටොනික් මූඩි සිලිං බිලිං එක නම් අදටත් මතකයි. පොඩිම කාලෙ සාර විට නොකෑවට මොකද ටිකක් ලොකු වෙද්දි නම් සාර විට කියන්නෙ අහන්නෙ බලන්නෙ නැතුව කාපු කෑමක්. රු. 10ට පවා තිබ්බනෙ. කහට රසට පදමට ගැලපෙන පැණි රසකුයි, සුවඳ එන්න කරදමුංගු, කරාබු නැටි, ඉඟුරු පියලි ටිකකුයි පදමට වැටිල හැදෙන සාර විටේ රස ඩබල් වෙන්නෙ සූකිරි පොඩ්ඩකුත් වැටුනාම. ආයෙ පංකාදු පහයි ඈ…

අපි මෙතන 10ක් කිව්වට ඔයාල දන්න තවත් මේ වගේ කෑම වර්ග සෑහෙන්න ඇතිනෙ, ඔය බුල්ටෝ ටොපි, කජු පුහුලම වගේ. එහෙනම් ඒවත් එකතු කරල දාමුද අපිට පොඩි කමෙන්ට් පාරක්.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Radisson Hotel Kandy Brings Exclusive Wedding Experiences to Wedding Show 2026 at Kandy City Centre

Radisson Hotel Kandy is set to showcase its signature wedding offerings at the upcoming Wedding

Highlights Trending

The Mystique Nuwara Eliya – Timeless Luxury in the Hills.

Nestled in the heart of Sri Lanka’s picturesque hill country, The Mystique Nuwara Eliya offers

Highlights Trending

ONYX Hospitality Group Celebrates 60th Anniversary, Sets THB 10.33 Billion Revenue Target with THB 5.5 Billion Expansion Plan

ONYX Hospitality Group, a leading hospitality management company in Asia-Pacific, has unveiled its growth strategy

Highlights Trending

Is Your Diamond Actually Real? Why Savvy Sri Lankans are Choosing DINIDU for Non-Negotiable Authenticity

In the fabulous world of heirloom jewellery, the glamour of gemstones can often hide the

Highlights Trending

NH Collection Colombo strengthens leadership with Kedar Dighe as General Manager

Colombo, Sri Lanka – NH Collection Colombo welcomes Mr. Kedar Dighe as General Manager, bringing

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide