ශ්‍රී ලංකාව ලෝකයට ගෙන ගිය විදේශ ලේඛකයෝ 10 දෙනෙක්.

ශ්‍රී ලංකාව ඈත අතීතයේ පටන් ම, ලෝකයේ රටවල් බොහොමයක් එක්ක සම්බන්ධතා පවත්වලා තියෙන රටක්. හලාවත, පොම්පරිප්පු වගේ ප්‍රදේශවලින් හොයාගන්න ලැබුණු නටබුන්වලින් වගේ ම, අපේ රටට ආව ගිය විවිධ දේශාටකයන්ගේ වාර්තාවලිනුත් මේ බව පැහැදිලි වෙනවා. ඉතින් ලංකාවේ තොරතුරු ලෝකෙට ම ගෙනගිය ඒ වගේ විදේශ ලේඛකයන් කීපදෙනෙක් ගැන කතා කරන්නයි මේ ලෑස්තිය.

1. ඇරිස්ටෝටල්

ලංකාවේ විස්තර ගැන මුලට ම සඳහන් කරපු රචකයා විදියට සැලකෙන්නේ ඇරිස්ටෝටල් ක්‍රි. පූ. 4 වෙනි සියවසේ දී ඔහු අතින් ලියැවුණු “ඩේ මොන්ඩෝ" පොතේ මේ තොරතුරු හරි අපූරුවට සඳහන් වෙනවා. ලංකාව වෙනත් රටවල් එක්ක පවත්වපු වෙළඳ සබඳතා ගැන තමයි මේකේ වැඩිපුර ම තිබුණේ.

2. මෙගස්‌තීනිස්‌

ක්‍රි.පූ 4 වෙනි සියවසේ ජීවත්වුණු මෙගස්‌තීනිස්‌, ග්‍රීක ජාතිකයෙක්. ඉන්දියාවේ චන්ද්‍රගුප්ත මෞර්ය අධිරාජයාගේ රාජ සභාවේ ග්‍රීක තානාපතියා විදියට කටයුතු කරපු මොහු, ඒ කාලයේදී තමන් අහලා දැනගත්ත, ඇසින් දැක බලාගත්ත දේවල් පදනම් කරගෙන “ඉන්ඩිකා” නම් පොත රචනා කළා. එවකට ලංකාවේ රජකම් කරපු පණ්ඩුකාභය රජතුමා ගැනත් මේ පොතේ සඳහන් වෙනවා.

3. ටොලමි

ක්‍රිස්තු වර්ෂ 2දී ලංකාවට ආව ක්‌ලෝඩියස්‌ ටොලමි, ලංකාව සිතියමකට නංවන්න සමත් වුණා. අපට මේ වෙද්දී තියෙන පැරණි ම ලංකා සිතියම වෙන්නේ මේක. ටොලමිගේ වාර්තාවලට අනූව, ප්‍රාග් ඓතිහාසික යුගයෙහි මාතර හා ඒ අවට ජීවත් වෙලා තියෙන්නේ නාග ගෝත්‍රිකයනුයි.

4. කොස්මස්

කොස්මස් ඉන්ඩිකෝප්ලේටස් ලියපු “ටොපොග්‍රැපියා ක්‍රිස්ටියානා” පොතේ සඳහන් වෙන බොහොමයක් තොරතුරු, වෙනත් විදේශ මූලාශ්‍රවලින් හොයාගන්න නැති තරම්. ලංකාවේ දිග පළල ගැන විස්තර කරලා තියෙන පළමුවෙනි විදේශ කතුවරයා වෙන්නේ කොස්මස්. ඉන්දියාව, පර්සියාව, ඉතියෝපියාව ආදී රටවලින් ලංකාවට ආව වෙළඳුන් ගැනත්, චීනය වගේ රටවල්වලින් මිලදී ගත්ත පට රෙදි, සඳුන් දර වගේ භාණ්ඩ ඔවුන්ට විකුණන්නට ලංකාවේ වෙළඳුන් පුරුදු වී ඉඳපු බවත් ඔහුගේ වාර්තාවලින් දැකගන්න පුළුවන්. මේක පෙර අපර දෙදිග වෙළඳ මධ්‍යස්ථානයක් විදියට ලංකාවට තිබුණු තැන ගැන හොඳින් ම ඉස්මතු කරන කාරණයක්. 6 වෙනි සියවසේදී ලංකාවේ සිද්ධවුණු වෙළඳ, පාලන සහ සංස්කෘතිකමය කාරණා රාශියක් ගැන කොස්මස්ගේ වාර්තාවල සඳහන් වෙනවා.

5. හියුත්සාං

ලංකාවේ විත්ති ජාත්‍යන්තරයට ගෙනගිය ආසියානු ලේඛකයන් අතරින් පළමු තැනක් ලැබෙන්නේ හියුත්සාං හිමිනමටයි. ක්‍රි.ව. 603 දී චීනයේ ගම්මානයක උපත ලබපු මේ භික්ෂුව හර්ෂවර්ධන රජ සමයේ ඉන්දියාවට ඇවිදින් වසර 16ක වගේ කාලයක් එහේ ජීවත් වුණා. ඒ කාලය ඇතුළතදී උන්වහන්සේ ලියපු වාර්තා හැඳින්වෙන්නේ “හියුත්සාංගේ භ්‍රමණ (ගමන්) වාර්තාව” විදියටයි. මේ වාර්තාවේ 11 වෙනි පරිච්ඡේදය පුරාවට ම ලංකාවේ විස්තර බොහොමයක් සඳහන් වෙනවා.

හියුත්සාං එදා ලංකාව හඳුන්වලා තියෙන්නේ “මැණික් ඇති දේශය", එහෙමත් නැත්තන් රත්නදීපය නමින්. ලංකාව ජනාවාස වුණු විදිය ගැන වගේ ම, භික්ෂුන් අතර තිබුණු නිකාය භේදය ගැනත් උන්වහසේගේ වාර්තාවල සඳහන් වෙනවා. ඒ විතරක් නෙවෙයි, අනුරාධපුර දළදා මාළිගාව, මහාපාළි දන්සැල වගේ ගොඩනැගිලි ගැනත් මේවයේ සාකච්ඡා වෙලා තියෙනවා.

6. පාහියන්

ක්‍රි.ව. 412-414 කාල සීමාව ඇතුළේ ලංකාව ගැන විස්තර ලියපු කෙනෙක් විදියට පාහියන් භික්ෂුව හඳුන්වන්න පුළුවන්. මේ වාර්තා සහිත පොත් හැඳින්වෙන්නේ සීයූකී නමින්. අපි මෙච්චර වෙලා කතා කරපු රචකයන්ට වඩා, උන්වහන්සේගේ වාර්තා අපට ගොඩක් වැදගත්. ඒකට හේතුව තමයි, පාහියන් භික්ෂුව මේ හැමදේම ලිව්වේ, ලංකාවට ඇවිදින් සියැසින් දැකගත්ත දේවල් පදනම් කරගෙන වීම.

පාහියන් භික්ෂුව ලංකාවේ රැඳුණු කාලයේදී, අනුරාධපුර අභයගිරි විහාරයේ භික්ෂූන් වහන්සේලා 5000ක් පමණ වාසය කරලා තියෙනවා. එවකට ථෙරවාදයේ ප්‍රධාන මූලස්ථානය විදියට සැලකිලා තියෙන්නේ මහාවිහාරයේත් භික්ෂූන් වහන්සේලා 3000ක් පමණ වාසය කරපු බවට මේ වාර්තාවල සඳහන්. මිහින්තලේ වැඩ ඉඳලා තියෙන භික්ෂූන් ගණන 2000ක්. ලංකාව ජනාවාස වුණු විදිය ගැන කියැවෙන වාර්තා අතරින්, වඩාත්ම විශ්වාසදායී වාර්තාව විදියට සැලකෙන්නේ පාහියන් භික්ෂුවගේ වාර්තාවයි. ඊට අනූව, යක්ෂ, නාග ගෝත්‍රිකයන්ගෙන් පිරුණු ලංකාව ජනාවාස වෙලා තියෙන්නේ වරින් වර ආ විදේශ වෙළඳුන්ගෙන්.

අභයගිරි විහාරයේ තැන්පත් කරලා තිබුණු දළදාව ගැනත්, දළදා පෙරහැර ගැනත් පාහියන් භික්ෂුව සඳහන් කරලා තියෙනවා. ක්‍රි.ව 5 වෙනි සියවසේදී පවා චීනයත් අපේ රටත් අතර පැවතුණු වෙළඳ සම්බන්ධතාවයන් ගැන උන්වහන්සේගේ වාර්තාවලින් පැහැදිලි වෙනවා.

7. කෞටිල්‍යය

ක්‍රි.පූ. 4 වැනි සියවසේ ජීවත්වුණු කෞටිල්‍යය, ඉන්දියානු ජාතිකයෙක්. මෞර්ය චන්ද්‍රගුප්ත අධිරාජයාට රාජ්‍ය බලය ලබාගන්න උපදෙස් දුන්නු පුද්ගලයා විදියට සැලකෙන්නේත් මොහුයි. චානක්‍ය, විෂ්ණු ගුප්ත; මේ ඔහුව හඳුන්වන්න පාවිච්චි වුණු තවත් නම්. කෞටිල්‍යය අතින් රචනා වුණු අර්ථ ශාස්ත්‍රය, එවකට රාජ්‍ය බලය සහ පාලනය ගැන ලියවුණු වැදගත් ම පොත විදියට ඉතිහාසයේ සඳහන් වෙනවා. මෙන්න මේ පොතේ "පාර සමුද්‍ර" විදියට ඔහු විස්තර කරලා තියෙන්නේ අපේ ලංකාව ගැනයි.

8. රොබට්‌ නොක්‌ස්‌

රොබට් නොක්ස්ගේ “Historical Relation of Ceylon" (එහෙමත් නැත්තන් අපි දන්නා විදියට “එදා හෙළදිව") කියවලා නැති කෙනෙක් ලංකාවේ ඉන්නවද කියලත් සැකයි. සම්පූර්ණෙන් ම නොකියෙව්වත්, අඩු තරමේ මේකේ පාඨයක් හරි ඔයාලා අහලා ඇති. සිරකරුවෙක් විදියට ලංකාව තුළ වසර 19 කුත් මාස 6 ක්‌ හා දින 14 ක්‌ ගත කරපු රොබට් නොක්ස්, මේ පොත රචනා කළේ ඉන් නිදහස් වෙලා තමන්ගේ මව් රට වුණු එංගලන්තයට ගියාට පස්සෙයි.

ඉන්දියන් සාගරය මැද දි කුණාටුවකට අසුවුණු රොබට් නොක්ස් ගමන් කල නැව, යථා තත්ත්වයට පත් කරගැනීමේ අරමුණින් තමයි ඔහු ලංකාවට ගොඩ බැස්සේ. දවස් 20ක් විතර කොට්‌ටියාරම වරාය ආශ්‍රිත ව සිටි මොවුන් ගැන රජතුමාට සැලවුණා. අත්අඩංගුවට පත්වුණු රොබට් නොක්ස් ඇතුළු පිරිස, සිරකරුවන් විදියට දිවි ගෙව්වේ සත්කෝරළය නම් බිමේ බණ්‌ඩාර කොස්‌වත්ත ග්‍රාමය තුළයි.

ලංකාවේ භූගෝලීය පිහිටීම, උඩරට රාජධානියේ බෙදීම, වගේ ම පුත්තලම ලුණු ලේවාය ගැනත් නොක්ස් තමන්ගේ පොතේ සඳහන් කළා. ඒ කාලේ ලංකාවේ ප්‍රධාන ජීවනෝපාය වුණේ වී ගොවිතැනනේ. මේ ගැන විස්තර කරන නොක්ස්, හාතියල්, හොඩරවාල, හීනටි, ඇල් වගේ වී වර්ග පිළිබඳවත්, ගැමියන් වගා කරපු ධාන්‍ය වර්ග, පලතුරු වර්ග ගැනත් සාකච්ඡා කළා.

රොබට් නොක්ස්ගේ පොතට අනූව, ලංකාවේ බෞද්ධයන්ගේ ශුද්ධ වෘක්‍ෂය හෙවත් දේව වෘක්‍ෂය විදියට සැලකුණේ බෝ ගසයි. මේ හැරුණාම, කන්ද උඩරට රාජ්‍යයේ දඬුවම් ක්‍රම, විවාහ ක්‍රම, රජුගේ බලතල හා කාර්ය, බදු වර්ග, රජවාසල විත්ති වගේ කරුණු කාරණා බොහොමයක් ඔහු වාර්තා කළා.

9. ආර්. එල්. බ්‍රෝහියර්

Image Credits : royalasiaticsociety.lk

බ්‍රිතාන්‍ය යටත් යුගයේ විස්තර හොඳින් ම දැක්වෙන වාර්තා වන්නේ බ්‍රෝහියර්ගේ වාර්තායි. ක්‍රි. ව. 1910 වර්ෂයේ සිට 1949 දක්වා ලංකාවේ ජීවත්වුණු බ්‍රෝහියර් සේවය කළේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේයි.

ලංකාවේ පැවතුණු ඉපැරණි ශිෂ්ටාරවලට සම්බන්ධ විස්තර, තමන්ගේ වාර්තාවල සනිටුහන් කරන්න බ්‍රෝහියර් සමත්වෙලා තියෙනවා. අවුරුදු දහස් ගාණක් තිස්සේ ලංකාවේ තිබුණු ජනකතා, සම්ප්‍රදායන් ගැන මේ වාර්තාවල සඳහන්. බ්‍රෝහියර්ට අනූව විජය කුමාරයා ලංකාවට ගොඩබැහැලා තියෙන්නේ පුත්තලම අසල පිහිටි මඟුල් තොටමුණ නම් ස්ථානයෙන්. මඟුල් තොටමුණ කියන නම එතැනට ලැබිලා තියෙන්නේ, පස්සේ කාලෙකදී ඔවුන් දෙන්නා එහිදී විවාහ වුණු නිසා ලු.

Image Credits : dailynews.lk

කොළඹ පුත්තලම මාර්ගයේ දැකගන්න ලැබෙන උඩප්පු නම් ගම්මානයේ පැවැත්වෙන වාර්ෂික උත්සවයක් ගැනත් ඔහු සඳහන් කරනවා. ඔහු කියන විදියට ඒක පවත්වන්නේ ශිව දෙවියන් අදහන හින්දු භක්තිකයන්. ලංකාවේ කාපිරි ජනතාව ගැනත්, කපිරිඤ්ඤා ගීත ගැනත් විස්තර කරන බ්‍රෝහියර්, ලංකාවේ කෘෂිකර්මාන්තය, ජන ක්‍රීඩා, ගැමියන්ගේ විශ්වාසයන් (හූනු ශාස්ත්‍රය) වගේ දේවල් ගැනත් විස්තර ඉදිරිපත් කරලා තියෙනවා. ලන්දේසි, පෘතුග්‍රීසි ආක්‍රමණයන්ගෙන් ලංකාවට ඇතිවුණු බලපෑම් පිළිබඳ සඳහන් කරන්නත් බ්‍රෝහියර් අමතක කරන්නේ නැහැ.

10. ජෝන් ඩොයිලි

ජෝන් ඩොයිලි, ලංකාව ගැන විස්තර ලියපු තවත් බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. ක්‍රි.ව. 1801 දී මාතර ප්‍රදේශයේදී අයකැමි තනතුර හොබවන්න ආව ජෝන් ඩොයිලි, 1805 අවුරුද්දේදී ලංකා බ්‍රිතාන්‍ය රජයේ ප්‍රධාන භාෂා පරිවර්තක විදියට පත්වුණා. තෝමස් මේට්ලන්ඩ් ආණ්ඩුකාර සමයේදී, මල්වතු පාර්ශ්වයේ හාමුදුරුවන්වහන්සේලා සමඟත්, උඩරට රදලයන් සමඟත් සම්බන්ධකම් පවත්වන්න ඔහු සමත්වුණා.

“සිංහලේ ආණ්‌ඩුක්‍රමය” යන පොත වගේ ම, ඩොයිලිගේ දිනපොතෙන් ලංකාව ගැන විස්තර බොහොමයක් සඳහන් වෙනවා. මහනුවර යුගයේ ලංකාවේ රාජ්‍ය තන්ත්‍රය, බදු වර්ග, කුල භේදය, සිරිත් විරිත්, දඬුවම්, ඉඩකඩම් සම්බන්ධ තතු මේවයේ ලියවිලා තියෙනවා.

ලංකාව ගැන විස්තර ලෝකයට ගෙන ගිය කතුවරයන්ගේ ලැයිස්තුව මෙපමණක් නෙවෙයි. ඔනෙසික්‍රිටස්‌, ඉරටොස්‌තිනිස්‌, හුඩෝ, ඉත්සිං, පාඕචාං, ජෝන් ෆයිබස්‌, තෝමස්‌ ස්‌කිනර්, විලියම් ස්පිල්බර්ග්, එමර්සන් ටෙනන්ට්‌, තෝමස්‌ ස්‌කිනර් සහ ලෙනාඩ් වුල්ෆ් වගේ තවත් කතුවරයන් ගණනාවක් මේ ගොන්නට එකතුවෙනවා. අපි ඇහින් නොදැකපු එදා ලංකාව ගැන විස්තර කියවෙන මේ වගේ වාර්තාවන් ඇත්තට ම අපටත් හුඟක් වැදගත්.

 

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

25% Off Lunch at Harbour Court This September

Make lunch plans worth looking forward to this September at The Kingsbury’s Harbour Court, with

Highlights Trending

Barista Reaches 100 Outlets, Bringing World-Class Coffee Experience Closer Across Sri Lanka

Barista Coffee Lanka marked a significant milestone in its journey on 31 August 2026 with

Highlights Trending

L’Incontro: An Italian Table by the Bentota Coast

There’s something particularly appealing about an Italian restaurant at the beach. Perhaps it’s the shared

Highlights Trending

Yazu at the Beach Brings Galle’s Pan-Asian Flavour to ON14

Colombo, your dinner plans just got a whole lot more interesting. On 28 August, Yazu

Highlights Trending

Gatz at City of Dreams Sri Lanka Brings Live Entertainment to the Heart of Colombo

Gatz Re-imagined brings a fresh take on classic supper club culture, with live entertainment throughout

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide