මංගල ගමනින් අවසන් ගමන් ගිය සුප්‍රසිද්ධ ටයිටැනික් ගැන අප්‍රසිද්ධ කතා 10ක්.

“කිසිදා නොගිලෙන” තේරුම ඇතුව හැදුව ටයිටැනික් නෞකාව, අද තියෙන්නේ අත්ලාන්තික් සාගරේ අඩි 12000ක් වගේ ගැඹුරු තැනක. තමන්ගේ මංගල ගමන එංගලන්තයේ සවුත්හැම්ප්ටන් වරායෙන් පටන්ගත්ත මේ නැව, අයිස් කුට්ටියක වැදිලා අනතුරට පත්වුණේ හරියට ම එයින් දවස් පහකට පස්සේ. ඒ 1912 අප්‍රේල් 15වෙනිදා රාත්‍රියේ. මේ ආශ්‍රයෙන් හදපු චිත්‍රපටියක් මීට අවුරුදු 20කට කලින් බිහිවුණා. ආදර කතාවකුත් ඔබ්බවපු ඒ සිනමාපටය මිනිස්සු වැළඳගත්තේ පිස්සුවෙන් වගේ.

ඉතිහාසයේ දරුණුත ම නාවික ඛේදවාචකය විදියට අදටත් හැඳින්වෙන මේ කතාව ඇතුළේ හැංගිලා තියෙන, කවුරුත් නොදන්නා කාරණා බොහොමයි. ඒ වගේ කරුණු දහයක් ගැනයි මේ සටහන.

1. හත්සීයට දෙකයි

Image Source : allday.com

මගීන් පන්ති තුනක් ටයිටැනික් නැවේ ගමන් කළා. ඒ පළමුවෙනි, දෙවැනි සහ තුන්වෙනි විදියට. මේ පන්ති තුනේ තිබුණු පහසුකම්, අපහසුකම් ගැන හොඳ විවරණයක් අපට ටයිටැනික් චිත්‍රපටියෙනුත් දැකගන්න ලැබුණා. කොහොම වුණත්, පළමුවෙනි, දෙවැනි පන්තිවල ඉඳපු මගීන් ගණන වැඩිවුණු නිසා, ඒවායේ ඉඳපු අය බෙදාහදාගෙන තමයි නාන කාමර පාවිච්චි කළේ. තුන්වැනි පන්තියේ ගමන් ගත්ත අයගේ තත්ත්වය ඔයිට වඩා සෑහෙන්න අවුල්. මගීන් 700කට ම තිබුණේ නාන කාමර දෙකයි.

2. නැවතුණු ජීවිතාරක්ෂ බෝට්ටු පුහුණුව

Image Source : titanicfacts.net

හරියට ම ටයිටැනික් නැව අයිස් කුට්ටියක වැදුණු දවසේ ජීවිතාරක්ෂ බෝට්ටු පුහුණුවක් (lifeboat drill) පවත්වන්න නියම වෙලා තිබුණා. ඒකට හේතුව සාමාන්‍යයෙන් අනතුරු අවස්ථාවකදී නැවේ ඉන්න මගීන් වගේ ම, සේවකයිනුත් වැඩ කරන්න ඕනේ විදිය ගැන අත්දැකීමක් ලබා දීමයි.  ඒත් මොකක්දෝ හේතුවක් නිසා නැවේ කප්පිත්තා වුණු ස්මිත්, මේක අවලංගු කළා. ගොඩක් අය කියන්නේ ඒ පුහුණුව තිබුණනම්, මීට වඩා ජීවිත ගොඩක් බේරගන්න පුළුවන් වෙන්න තිබුණා කියලා.

3. නැව ගිලෙද්දීත් සංගීතය වැයුවා වගේ

මතකයි නේද මේ රූප රාමු පෙළ? තමන්ගේ ජීවිතේ බේරගන්න උත්සහ නොකර, අන්තිම මොහොත දක්වා ම සංගීතය වාදනය කරපු මේ බෑන්ඩ් එකේ දර්ශනය ගොඩ නැඟුණේ ඇත්ත කතාවේ සිද්ධියක් පසුබිම් කරගෙනයි. ටයිටැනික් නැව ගිලෙද්දී පැය දෙකකට වඩා කාලයක් සංගීතය වාදනය කරපු සංගීත කණ්ඩායමක් නැවේ උඩ තට්ටුවේ ඉන්න හැටි බොහොමයක් දෙනාට දැකගන්න ලැබුණා. අවාසනාවකට වගේ ඒ කවුරුවත් මේ අනතුරින් බේරුණු බවට සාක්කියක් නැහැ.

4. මමියේ ශාපය නිසා ගිලුණු නැව

Image Source : ancient-origins.net

කට්ටියක් කියන්නේ ටයිටැනික් නැව ගිලුණේ මමියක ශාපය නිසා බවයි. මොකද “Princess of Amen Ra” කියලා හැඳින්වෙන මමිය මේ නැවේ අරගෙන ගිහින් තියෙනවා. අවුරුදු 3500කටත් වඩා පරණ මේ මමිය හඳුන්වන්නේ “Unlucky Mummy” (අවාසනාවන්ත මමිය) නමින්. බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තමයි මේක මුලින් තිබුණේ. අදටත් මේ මමිය දාලා තිබුණු මිනීපෙට්ටිය කෞතුකාගාරයේ දැකගන්න ලැබෙනවා. ටයිටැනික් නැවට පැටවුණු මමිය, මිනිස්සු 1500ක් එක්ක අත්ලාන්තික් සාගරය පතුලේ වැළලුනා.

5. වැඩකට නැති දුම් කවුළුව

Image Source : thoughtco.com

සිනමාපටයේ වගේ ම, ඇත්ත ටයිටැනික් නැවේ දුම් කවුළු 4ක් තිබුණා. හැබැයි මේවයින් වැඩ කළේ තුනක් විතරයි. අනිත් එක හදලා තියෙන්නේ නැවේ පෙනුම ලස්සන වෙන්නයි.

6. උදව්වට නොආව “කැලිෆෝනියන්” නැව

Image Source : ultimatetitanic.com

අප්‍රේල් 15 වෙනිදා පාන්දර 12.45ට විතර අත්ලාන්තික් සාගරයට ඉහළ අහසේ අමුතු එළි කීපයක් දිස්වෙන්න ගත්තා. එවෙලේ ඒ හරියේ ගමන් ගනිමින් උන්නු “කැලිෆෝනියන්” නම් නැවේ උදවියත් මේ එළි දැක්කා. තමන්ගේ නැවේ කැප්ටන් ව අවදි කරලා ඒ ගැන දැනුම් දුන්නත් ඒකට ප්‍රතිචාරයක් දක්වන්න ඔහු ඉදිරිපත් වුණේ නැහැ. අනික ඒ නැවේ ඉඳපු වයර්ලස් ඔපරේටර්වරයත් ඒ වෙද්දී නින්දට ගිහින්. ඒ නිසා ඔවුන් ඒ ගැන කිසිම අවධානයක් දැක්වූවේ නැහැ.

සිදුවෙලා තියෙන වින්නැහිය කැලිෆෝනියන් නැවේ උදවිය දැනගත්තේ ඉර පෑව්වට පස්සෙ. අහසේ ඒ විදියට එළි දැකගන්න ලැබිලා තියෙන්නේ ටයිටැනික් නැවෙන් නිකුත් කරපු ආපදා සිග්නල් නිසයි. වාසනාවකට වගේ මේකට ප්‍රතිචාරයක් දක්වන්න, මීට ටිකක් දුරින් ඉඳපු “කාපාතියා” නැවේ අය සමත් වෙලා තියෙනවා. ඒ කොහොම වෙතත්, ටයිටැනික් නැවට කිට්ටුවෙන් ඉඳපු කැලිෆෝනියන් නැවේ අය මේක ගැන සැලකිල්ලක් දැක්වුවනම්, තවත් ජීවිත ගොඩක් බේරගන්න අවස්ථාව ලැබෙන්න තිබුණා.

7. ලයිෆ් ජැකට් එපා කිව්ව ව්‍යාපාරිකයා

“We’ve dressed up in our best and are prepared to go down like gentlemen”

ටයිටැනික් සිනමාපටයේ එන මේ දර්ශන පෙළ මතකද? මේ රූපරාමුව ඇත්තට ටයිටැනික් නැව ගිලෙද්දී දකින්න ලැබුණු දසුනකින් නිර්මාණය වුණු එකක්. බෙන්ජමින් ගගන්හයිම් නම් ඇමෙරිකානු ව්‍යාපාරිකයා මේ නැවේ ගමන් ගනිමින් හිටියා. ඔහුත් ඔහුගේ අතවැසියාත් ඔවුන් ළඟ තිබුණු හොඳ ම ඇඳුම් කට්ටලවලින් සැරසුණේ, තමන් තව මොහොතකින් මිය යන බව දැනගෙනමයි. අන්තිම ගමන පවා නම්බුකාර විදියට යා යුතුයි කියන හැඟීමෙන් ඉඳපු ඔවුන්, අවසන් මොහොත වෙන තුරු ම නැවේ තට්ටුවට වෙලා බ්‍රැන්ඩි බොමින් ඉඳපු හැටි ගොඩක් අය දැකලා තිබුණා.

8. අනතුරින් බේරුණු මාස දෙකේ බබා

Image Source : biography.com3812

ටයිටැනික් අනතුරින් දිවි ගලවගත්ත අය අතරේ මාස දෙකක බිලිඳියකුත් හිටියා. මෑතක් වෙන තුරු ම ඉතුරු වෙලා ඉන්න අන්තිම ගැළවුම්කරුවා විදියට සැලකුනෙත් ඇයවයි. මිල්විනා ඩීන් නම් ඇය පහුගිය 2009 අවුරුද්දේ මියගියා. ඒ වෙද්දී ඇයට අවුරුදු 97ක්.

9. නැතිවුණු දියමන්තිය

Image Source : thoughtco.com

ටයිටැනික් ෆිල්ම් එකේ රෝස්ට ලැබෙන “Heart of the Ocean” කියලා හඳුන්වන නිල් දියමන්තිය මතකද? චිත්‍රපටියේ මෙහෙම පෙන්නුවට ඇත්ත කතාවේ එහෙම දෙයක් වෙලාවක් නැහැ. හැබැයි, ටයිටැනික් නැවේ සුන්බුන් අතරින් වටිනා කියන ආභරණ හුඟක් හොයාගන්න ලැබුණා. අයිතිය තහවුරු නොකරපු ඒ වගේ දේවල්, පස්සේ කාලෙකදී ලොකු මිල ගණන්වලට වෙන්දේසි වුණා. මේ පින්තූරේ තියෙන දියමන්ති මුද්දත් එහෙම එකක්.

10. ටයිටැනික් නැව් එකට පහක්

කැලිෆෝර්නියාවේ ScienCenter එක කියන විදියට, වර්තමානයේ ටයිටැනික් නැව හදන්න ගියොත් අඩු ම තරමේ ඩොලර් මිලියන 400ක්වත් යනවලු. 1997දී හදපු ටයිටැනික් චිත්‍රපටිය, මේ වෙද්දී ඩොලර් බිලියන 1.84කට වඩා මුදලක් හොයලා තියෙනවා. ඒ මුදලින් ටයිටැනික් නැව් එකට පහක් හදන්න පුළුවන් බවයි ගොඩක්දෙනා කියන්නේ.

කොහොම වුණත්, ටයිටැනික් නැව ආයෙත් සැරයක් යාත්‍රා කරන්න සූදානමක් ඇති බවත් වාර්තා වෙනවා. 2018 අවුරුද්දේ මේ සිද්ධිය වෙන්න නියමිත බවයි කියැවෙන්නේ. මේක “ටයිටැනික් II” විදියට හැඳින්වෙන, ගිලුණු නෞකාව හැඩේට ම හදපු එකක්.

ටයිටැනික් නැව ගැන ඔයාලා දන්න මේ වගේ කතන්දර තවත් තියෙනවනම්, අපට කමෙන්ට් එකක් දාන්න හොඳද.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

What is the DINIDU Lanka Pendant & Is It Sri Lanka’s Most Recognisable Modern Jewellery Icon?

Few gold pendants crafted in Sri Lanka carry the weight of identity quite like the DINIDU Lanka Pendant. Shaped after

Highlights Trending

Radisson Hotel Kandy Welcomes Global Travel Influencers to Showcase Sri Lanka’s Hill Capital and Island Experiences

Radisson Hotel Kandy recently welcomed a group of eight global travel and lifestyle influencers as

Highlights Trending

A Taste of the Swiss Alps comes to Colombo

High in the Swiss Alps, where mountain landscapes shape both life and cuisine, Chef Heinz

Highlights Trending

Sheraton Colombo Unveils a New Chapter for Ceylon Bake Shop with a Fresh Home in the Hotel Lobby

Sheraton Colombo Hotel is delighted to announce the relocation of its beloved Ceylon Bake Shop

Highlights Trending

ITC Ratnadipa Introduces Rūhāniyat, an Indian Heritage Dining Experience, Available Until 16 August

ITC Ratnadipa introduces Rūhāniyat, an Indian heritage dining experience that invites diners to discover the

Highlights Trending

Anantara Peace Haven Tangalle Resort Introduces Panoramic Ocean View Rooms, Elevating Luxury on Sri Lanka’s Southern Coast

Set along Sri Lanka’s southern shores, Anantara Peace Haven Tangalle Resort announces the introduction of

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide