ඔයත් රට ඉන්න කෙනෙක්ද?; ලංකාවේ මේ කෑම මතක් වෙද්දී දුකයිනේ?.

ලංකාවේ ඉපදිලා, ලංකාවෙ ම හැදුණු වැඩුණු කෙනෙක්ට වුණත් නොහිතූ නොපැතූ වෙලාවක තමන්ගේ පවුල්, ගෙවල් අත ඇරලා වෙනත් රටක වාසයට යන්න වෙන්න පුළුවන්. ආර්ථික අපහසුතා නිසා විතරක් නෙවෙයි, වැඩිදුර අධ්‍යාපන කටයුතු මේකට හේතු වෙනවා. ඉතින් අපේ කෑම බීම මේ රටවල්වලින් ගන්න හම්බෙන්නේ හරි අඩුවෙන්. ඉඳලාහිටලා හරි හොයාගත්තත්, ගෙදර කෑම පිඟානේ රස මේවා කිට්ටුවෙන්වත් තියන්න බැහැ. ඔය රටරටවල්වල කොච්චර නා නා ප්‍රකාර කෑම වර්ග තිබුණත් ඔහොම වෙලාවට ආයේ අනිත් පැත්තට ලංකාවට එන්නමයි හිතෙන්නේ.

ඔයත් දුරු රටක ඉඳගෙන මේක කියවන ඇත්තෙක් නම්, පොඩ්ඩක් හිතලා බලන්න; මේවයින් ලංකාවේ අපේ රස මතක් වෙන්නේ නැද්ද කියලා.

1. පරිප්පු හොද්ද

තරු පහේ හෝටලේ වේවා, සාමාන්‍ය ගෙදරක හෝ වේවා පරිප්පු හොද්ද තරම් කොමන් තවත් කෑමක් නැති තරම්. ඇත්තට ම පරිප්පු හොද්දක් නැති කෑම වේලක් ලංකාවේ තැනකින් හොයනවා කියන්නේ කළුනික හොයනවා වගේ වැඩක්. “පරිප්පු නැති හෝටලේ වගේ” කියන කතාව අපේ වහරේ තියෙන්නෙත් ඒකනේ.

බත් එක්ක විතරක් නෙවෙයි, උණු උණු පරිප්පු හොද්දක් එක්ක පාන් ගෙඩියකට වුණත් වගකියන්න ඇහැකි. අනික තෝසේ කන්නත් මේක මරුනේ. රතු ලූණු, අමු මිරිස්, මිටිකිරි දාන තරමට මේකේ රස වැඩිවෙනවා. ඒ විතරක්යැ, සුදුලූණු, නයි මිරිස් ටිකකුත් එකතු කරලා, දෙහි බෑයකුත් මිරිකගත්තනම්, බලන්න තිබුණා මේකේ රසයි, සුවඳයි දෙක ම වැඩිවෙන හැටි.

පහුගිය දවසක යමු එකේ අපිත් පරිප්පු හැදුවා. මේ වීඩියෝ එකෙන් බලාගන්නකෝ එහෙනම්.

2. ජාඩි

Image Source : TheCulinarycorner

“ජාඩියට මූඩිය වගේ"

හොඳට ගැලපෙන දෙන්නෙක් එක්කාසු වුණාමනේ අපි මේ කතාව කියන්නේ. හැබෑට ම මොනවද මේ ජාඩි?

කොටින් ම කියනවා නම් මේක මාළු කල් තියාගන්න ක්‍රමයක්. සාමාන්‍යයෙන් පාවිච්චි වෙන්නේ හුරුල්ලෝ, කුම්බලාවෝ, බලයෝ, අලගොඩුවෝ වගේ මාළු වර්ග. මුලින් ම කරන්නේ මුහුදු වතුරෙන් හරි, ලුණු වතුරෙන් හරි මේ මාළු හෝදන එක. ඊටපස්සේ මාළුන්ගේ බඩවල් එහෙම අයින් කරලා, කෑලි කපාගන්නවා.

මැටි මුට්ටියක අඩිය වැහෙන විදියට ගොරකා, ලුණු අහුරලා ඊට උඩින් මේ මාළු තට්ටුවක් ඇතිරීමක් සිද්ධවෙනවා. ඉන්පස්සේ ආයෙත් ලුණු, ගොරකා තට්ටුවක්. ආයෙත් මාළු තට්ටුවක්. මේ විදියට මාරුවෙන් මාරුවට ගොරකා-ලුණු, මාළු තට්ටු දාපු  මුට්ටියේ කට හොඳින් වහලා, වතුර නොවැටෙන, මැස්සන් නොගැවසෙන තැනක තියන්න ඕනේ. දුම් මැස්ස තමයි මේකට නියමෙට ම හරි යන තැන.

මාසයක් වගේ යද්දී, මේ මාළු ටික ගානට පදම් වෙනවා. මොකද ලුණුවල ලවණතාවයෙන් මාළුවල තියෙන වතුර උරාගන්නවනේ. ඉතින් සෑහෙන තරමට රතුලූණු, මිරිස් එහෙම දාලා යස ජාඩි හොද්දක් මේකෙන් හදාගන්න පුළුවන්.

3. රෝස්පාන් සහ පොල් සම්බෝල

Image Source : gourmetcirclelk.com

කරස් ගාලා හැපෙන රෝස්පාන් එක්ක, හොඳට ලුණු ඇඹුල් දාපු පොල් සම්බෝලයක්; මතක් වෙද්දීත් කටට කෙළ උනනවානේ? පාන් ගෙඩිය වටේ තියෙන තෙල් ගතියට තවත් ආස හිතෙනවා. කොහොම වුණත් මේ සම්බෝලට උම්බලකඩත් තියෙනවනම් තමයි තවත් මරු. ඒ විතරක් නෙවෙයි, මේක කාලා බොන්න හොඳ ඉඟුරු තේ එකකුත් ඕනේ.

4. අච්චාරු

Image Source : Shikifood

අපරාදේ කියන්න බෑ ගහක, වැලක හැදෙන ඕනේ ම පලතුරකින්, එළවළුවකින් අච්චාරු හදන්න අපේ උන්දැලා හරි ම දක්ෂයි. පොලොස් අච්චාරු, පැපොල් අච්චාරු, රුහුණු අච්චාරු; මේ එළවළුවලින් හැදෙන අච්චාරු වර්ග කීපයක්. රසට හදපු අච්චාරුවක් තියෙනවා කියන්නේ, ඒ කෑම වේලට තව ඕනේ බතකුයි පරිප්පුවකුයි විතරයි.

ඊළඟට ආයේ තියෙනවා පලතුරුවලින් හදන අච්චාරු වර්ග සෙට් එක. අඹ, වෙරළු, දිවුල්, ලොවි, ජම්බු, නෙල්ලි වගේ පලතුරු අච්චාරු ඒ අතරින් ප්‍රධානයි. ගම්මිරිස්, ලුණු, පදමට එකතු කරලා විනාකිරි ඩිංගකුත් වත් කරලා තමයි මේවයේ නියම රස ගන්නේ.

5. ආප්ප, ඉඳි ආප්ප

දුම් දදා මේසෙට එන ආප්ප කන්න හොඳටම ගැලපෙන්නේ හොඳ සැරට හදපු කට්ට සම්බෝලයක් තමයි. ඒ නැත්තන් හොඳ කිතුල් හකුරු කෑල්ලක් තියෙන්න ඕනේ.

රතු හාලෙන් වගේම සුදු හාලෙන් හැදෙන ඉඳි ආප්ප කන්න, උණු කිරි හොද්දක්, අල හොද්දක්, මාළු හොද්දක් එහෙම වරදින්නේ නැහැ. ලුණු, ඇඹුල් යහමින් දාපු පොල් සම්බෝලෙකුත් මේකට එක්කාසු වුණාම ඉඳි ආප්ප සීයකට වුණත් වග කියයි අපේ කට්ටිය.

6. වණ්ඩු ආප්ප

Image Source : Uditha Sumathipala

වණ්ඩු ආප්ප කියලා කිව්වට මේක තවත් ආප්ප වර්ගයක් නොවෙන වග ඔයාලා දන්නවා ඇතිනේ. පොල්, උණු කරපු සීනි, හාල් පිටි මිශ්‍රණයක් පැහෙන්න තියලා, කැන්ද කොළ ගොටුවලට පුරවලා, හුමාලයෙන් තම්බලා තමයි මේ වණ්ඩු ආප්ප හැදෙන්නේ. පට්ට රසයි ඈ! උදේට එන බඩගින්න යවාගන්න නියම කෑම.

7. ප්ලේන්ටි එක්ක කිතුල් හකුරු

ප්ලේන්ටී කියන්නේ ලංකාවේ ජාතික පානයනේ. ඝර්ම කලාපීය රටක් වුණාට මොකද, තිබහට, මහන්සියට, උණට, හීතලට, නිදිමතට සේරටම ලංකාවේ අයගේ බෙහෙත තමයි ප්ලේන්ටී. ඉඟුරු කෑල්ලක් කපලා දාගත්ත ම තවත් රසට බොන්න ඇහැකි. සීනි නැතත් අවුලක් නෑ හොඳ ඔරිජිනල් කිතුල් හකුරු කෑල්ලක් තියෙනවනම්.

8. හැලප

Image Source : Shikifood

කුරක්කන් තට්ටු දෙකක් මැද්දට පැණිපොල් පුරවලා හැදෙන හැලපයක් කාලා, ප්ලේන්ටියක් බිව්වනම් බඩගින්න කොහේ ගියාද නැතිවෙයි. ගොඩක් වෙලාවට දකුණේ උදවිය තමයි මේ විදියට හැලප හදන්නේ. අනිත් අය මේක හදන්නේ කුරක්කන් මිශ්‍රණේට ම පැණිපොල් එකතු කරලයි. හැබැයි ඉතින් කොහොම හැදුවත් මේක රසයි. තවපු කැන්ද කොලේ ඔතලා තියෙන නිසා, ගමනක් බිමනක් වුණත් යද්දී කිසි අවුලක් නැතුව අරගෙන යන්න පුළුවන්.

9. ඇඹුල් තියල්

Image Source : Shikifood

මේක දකුණේ කට්ටිය සෑහෙන්න උජාරුවෙන් හදන කෑමක්. මේකට පාවිච්චි කරන්නෙත් බලයෝ, කෙලවල්ලෝ වගේ මාළු. ගොරකා, ගම්මිරිස්, ඉඟුරු, සුදු ලූණු එහෙම දාලා හැදෙන මේ ඇඹුල් තියලේ හොද්දක් නැහැ. හැබැයි හරියට හදලා ගත්තම බත් මුට්ටියකට වුණත් වග කියන්න පුළුවන් තරමට පංකාදුයි. දෙහි ඇඹුල් ටිකක් එහෙම එකතු කරපු පොල් සම්බෝලයක් එක්ක මේක තවත් රසයි.

යමු එකේ අපිත් කාලෙකට ඉස්සර මාළු ඇඹුල් තියල් හැදුවා. හැබැයි ඒක ඔරිජිනල් රුහුණේ මාළු ඇඹුල් තියල් නෙවෙයි. පොඩ්ඩක් වෙනස් එකක්. කැමති නම් මේ වීඩියෝ එකෙන් බලලා හදාගන්නකෝ.

10. ලුණු දෙහි  

Image Source : kajuwatta.com

ලුණු දෙහි කියන්නේ දෙහි කල් තියාගන්න දාන උප්පරවැට්ටියක්. කොහොම වුණත් කෑමකට  මේකෙන් එකතුවෙන්නේ සුපිරි රසක්. මුලින් ම කරන්නේ වෙන් නොවෙන විදියට දෙහි ගෙඩි ටික කෑලි හතරට කපාගන්න එක. ඊටපස්සේ ලුණු කැට ටිකකුත් එකතු කරලා, අව්වේ වේලෙන්න තියන්න ඕනේ. රස වැඩි කරගන්න ඕනේ නම් කොච්චි මිරිස්, කහ, විනාකිරි ටිකකුත් එකතු කරගන්න පුළුවන්.

කෑමවල දෙහි රස ගන්වන්න විතරක් නෙවෙයි, බතක්, පරිප්පුවක් එක්ක නිකන් කන්නත් මේක නියමයි.

ඔයාට ලංකාව මතක් කරවන තවත් කෑම ඕනේ තරම් ඇති. එහෙනම් කමෙන්ට් එකක් දාලා අපට කියන්නකෝ. ආයේ දවසක ඒ ගැනත් කතා කරන්න බැරියැ .

***මාළු ඇඹුල්තියල, හැලප සහ රුහුණු අච්චාරුවේ පින්තූර ලබාදුන් ශිඛී රණසිංහ මහත්මියට අපේ විශේෂ ස්තූතිය හිමිවෙනවා.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

What Are the Best Gold & Gemstone Earrings to Shop at DINIDU in Colombo?

Earrings are among the most expressive pieces of jewellery a person can own. They may

Highlights Trending

Inside Charcoal Colombo: A Story Told Through Fire, Spice and Design

In just a few months since opening its doors, Charcoal Tandoor Fire & Grill has

Highlights Trending

Cinnamon Box Office: Launch of Destination Event Calendar to Elevate Colombo’s Entertainment Landscape

Cinnamon Box Office unveils a new era of entertainment experiences, positioning Colombo as South Asia’s

Highlights Trending

What is the DINIDU Lanka Pendant & Is It Sri Lanka’s Most Recognisable Modern Jewellery Icon?

Few gold pendants crafted in Sri Lanka carry the weight of identity quite like the DINIDU Lanka Pendant. Shaped after

Highlights Trending

Radisson Hotel Kandy Welcomes Global Travel Influencers to Showcase Sri Lanka’s Hill Capital and Island Experiences

Radisson Hotel Kandy recently welcomed a group of eight global travel and lifestyle influencers as

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide