හීනෙකින්වත් හිතන්නෙ නැති ක්‍රම වලට හදන අමුතුම මධ්‍යසාර ජාති 10ක්.

මත්පැන් කිව්වාම සමහරු නම් කට ඇරගෙනනෙ ඉන්නෙ ''සෙට් වෙමු බන්'' කියන්න බලාගෙන. ඒ වුනාට ඔය සූර් වෙන්න අඩිය ගහන කිසි කෙනෙක් තමන් බොන්නෙ මොනවද කියල තියා ඒව හැදුණෙ කොහොමද කියලවත් දන්නෙ නෑ.

දැන් එහෙම කිව්වාම හිතයි අපේ ගල් අරක්කු, පොල් අරක්කු හදන හැටි කියන්න යනව කියල. නෑ එහෙම නෙවෙයි, අපි අද කියන්න යන්නෙ මහ අමුතු, අසාමාන්‍ය ක්‍රමවලට හදන, නැත්නම් අපි හීනෙකින් වත් නොහිතන දේවල් පාවිච්චි කරල හදන ඇල්කොහොල් ජාති ටිකක් ගැන.

බය වෙන්න එපා ආස හිතුණත් මේවා ලංකාවෙ ගන්න නෑ.

1. Baby Mouse Wine‍

by Scott

චීන්නුන්ගෙ වැඩක්. අළුත ඉපදුණු මී පැටව් පාවිච්චි කරල තමයි මේ වයින් හදන්නෙ. එයාලගෙ ලොකු විශ්වාසයක් තියෙනව මේ වයින් බිව්වාම ලෙඩ රෝග සෑහෙන්න ප්‍රමාණයකින් බේරිලා ඉන්න පුළුවන් කියල. හාල්, යීස්ට් එකතු කරල පැහෙන්න තියන වයින් බූලියට මී පැටව් දාලා අවුරුද්දක් විතර පැහෙන්න තියල තමයි බේබි මවුස් වයින් පෙරල ගන්නෙ.

2. Pizza Beer

by USB

ටොම්, ඇතීනා දෙපලට ඕන වෙලා තියෙනව ප්‍රසිද්ධ කෑම ජාතියකින් බියර් හදන්න. ඉතින් එයාලා අතින් ධාන්‍ය තලල, අනිත් අඩුම කුඩුම ටිකත් එකතු කරල බීර පැහෙන්න තියනව. මේ බියර් වල තියෙන විශේෂත්වය තමයි දාන හැම අමුද්‍රව්‍යයක්ම මුළු මනින්ම දියවෙන්න ඇරල අන්තිමට පීසා එසන්ස් එකතු කරන එක. මේව බොද්දි හරියට පීසා බොනව වගේ ඇති නේ?

3. Platinum & White Gold Tequila

by Drinksfeed 

රුපියල් ලක්ෂ 35ක් විතර වියදම් කරල පොඩි ෂොට් එකක් දාන්න ආස කවුරු හරි ඉන්නවද? ගාණ මදි වගේ නම් රුපියල් ලක්ෂ 220කටත් බෝතලයක් තියෙනව. දැක් කට්ටිය බලයි මොනවද බොලේ මෙච්චර වටින ඇල්කොහොල් ජාතිය කියල. බය වෙන්න එපා මේවයෙ වටිනකම තියෙන්නෙ බීම එකේ නෙවෙයි, බෝතලේ. මොකද එක බෝතලයක් තනිකරම ප්ලැටිනම් වලින් හදල තියෙන්නෙ. අනිත් එක රත්තරන් සහ රිදී වලින්. මේ ටිකිලා බෝතල් දෙක තමයි දැනට ලෝකෙ ගණන් වැඩිම ඇල්කොහොල් බෝතල් දෙක විදියට ගිනස් පොතට යන්නෙත්. මෙක්සිකෝවෙන් එළියට එන මේ බෝතල් වල තියෙන ටිකිලා නම් හැදෙන්නෙ නිල් ඇගේව් කියන ගස් ජාතියෙන් ගන්න යුෂ අවුරුදු 6ක් විතර පැහෙන්න ඇරුණාම.

4. Snake Wine

by Ruou 

වියට්නාමෙ හදන මේ වයින් බෝතල්වලට ලොකු නයෙක්ව දානව. එයාලගෙ විශ්වාසය මේ වයින් බිව්වාම ගොඩක් ලෙඩ රෝග වලින් වැළකිලා ඉන්න පුළුවන් එක. ඒ වගේම කොණ්ඩය යන එකත් අඩු වෙනවලු. ලිංගික ශක්තිය වැඩි වෙනවලු. කොහොම වුනත් මේ බෝතලයට දාන සර්පයගෙ විෂ මධ්‍යසාර වලින් හීන වෙලා යන නිසා බොන අයට අවුලක් නෑ කියල තමයි කියන්නෙ.

5. Three Lizard Liquor

by Nick

මේකත් චීන්නු, වියට්නාම් කාරයො හදන තවත් අප්‍රිය හිතෙන අරක්කු ජාතියක්. මේ අරක්කු බෝතල් වලට තලගොයි වගේ උරග සත්තු තුන් දෙනෙක් දාලා තමයි විකුණන්න තියෙන්නෙ. කොහොම බොනවද මන්දා?

6. Chocolate Donut Stout

by

ජපානයේ හදන මේ මධ්‍යසාර ජාතිය නම් කටේ තියාගෙන බොන්න පුළුවන්. ඇයි තනිකරම චොකලට් රසයිනෙ. මේවා හදන්නෙ මෝල්ට්, හොඳ චොකලට් වගේම ඩෝනට් එසන්සුත් එකතු කරල.

7. Chili Vodka

by Jake

මේව හදන්නෙ නයි මිරිස් දාලා. සැර ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. කොටින්ම කියනවනම් මේ වොඩ්කා බෝතලේම ගහල තියෙනව 'ඉතා බිහිසුණුයි. අපගේ යෝජනාව මෙය මිලදී ගන්න සිතන්නවත් එපා කියා'.

8. Mekong River Eel Wine

by

චීනය, ලාඕසය, කාම්බෝජය, වියට්නාමය, තායිලන්තය වගේම මියන්මාරයත් පෝෂණය කරගෙන ගලා බහින මීකොන්ග් ගඟේ ඉන්න ආඳන් විශේෂයකුයි ජින්සෙන්ග් ගහේ මුලුයි තව ඖෂධ වර්ග ටිකකුයි දාලා තමයි මේ වයින් ජාතිය හදන්නෙ.

9. Seagull Wine

by Nomader

සීගල් කියන වෙරළාශ්‍රිත කුරුල්ලෙක්ව තමයි මේ වැඩේට ගන්න්නෙ. මේ වයින් හදද්දි මධ්‍යසාර බෝතලයට මේ කුරුල්ලෙක්ව දාලා ඉර අව්වෙ තියල තියනවලු, කුරුල්ලව මුළුමනින්ම දිය වෙනකම්. ඒ විදියට පැහුණු මධ්‍යසාරය තමයි සීගල් වයින් එක විදියට පෙරල අරන් විකුණන්නෙ. නිශ්පාදකයො කියන විදියට නම් මේ වයින් ජාතිය බැට්රි ඇසිඩ් තරමට වුනත් සැර වෙන්න ඉඩ තියෙනවලු.

10. Three Penis Liquor

by

මේක තමයි මරුම අරක්කු ජාතිය. සීල් මත්ස්‍යයකුගෙයි, මුවෙකුගෙයි, බල්ලෙකුගෙයි වෘෂණ කෝෂ දාලා හදන මේ මධ්‍යසාර වර්ගය චීන්නු නම් හඳුන්වන්නෙ ඖෂධීය පානයක් විදියට. ඒ විතරක් නෙවෙයි මේ පානය එයාලගෙ පුරාතන බෙහෙත් වට්ටෝරුවලත් තියෙනවලු.

කියවල ඉවර කරගෙනම ආව නම් මේ වෙද්දි සමහරුන්ට අරක්කු බොන එකත් එපාවෙලා ඇති. හැබැයි එක අතකින් ඒකත් හොඳයි කියල හිතෙනව. ආ නැද්ද?

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide