කොළොම්තොටේ රවුම් ගහන ගමන් කොළඹ පුරාණය දැකබලාගන්න; කොළඹ අවටින් අපූරු කෞතුකාගාර 9ක්.

‘ටිංං…’

ඔෆිස් එකට ගිහින් ලැප් එක ඕන් කරන්න හම්බවුණේ නෑ අපේ එකෙක්ගෙන් ෆේස්බුක් මැසේජ් එකක්. බැලින්නම් හැමදාම වද දෙන එකාම තමයි. වෙනසකට කියල තිබුනෙ අහපු ප්‍රශ්නයෙ පොඩි වැද ගැම්මක් තිබුන එක.

වෙනදට මහ දවල් කතා කරල “මොකෝ කරන්නෙ බං”, “මුකුත් නැද්ද බං” වගේ ගොං ප්‍රශ්න අහන යාළුවා, එක පාරටම අහපි “මචං ජෙනුඉන් විදියට වෙලාව කන්න පොට් එකක් නැද්ද?” කියල.

ඒක ඇහුවත් හරි මගේ ඉහෙන් කණෙන් හීන් දාඩිය දැම්ම. ඇයි බොලේ, මූට මොකක්ද වෙලා තියෙන්නෙ. ෂුවර් එකට, කාට හරි හෙණ පොෂ් ලයින් එකක් අල්ලන්න වෙන්න ඇති.

මොනව කරන්නද ඉතින්, වැඩේ කියන්නෙ තැන් ටිකක් හොයල කිව්වෙ නැත්නම් පාරෙ බැහැල යන්න වෙන්නෙ නෑනෙ.

“මහ ලොකුවට ඇහුවොත් ‘යමු’. ඒ වුණාට කොළඹ පැත්තෙ රවුමක් දාන්න තැන් ටිකක් දන්නෙ නෑ” එකසිය ගාණට කියවන්න ගන්නව.

ඉතින් ඔක්කොම වැඩ පැත්තකින් තියපු මම, දවසේ පැනයට පිළිතුරු හොයන්න ගත්තා. පුස්තකාල, පන්සල් පල්ලි, පාර්ක්, බීච්, ෂොපින්ග් කොම්ප්ලෙක්ස් වගේ එක එක ප්ලේසස් ඔලුවට ආවට, ඒව හරි යන්නෙ නෑනෙ. ඔය විදියට පැයක් විතර කල්පනා කරද්දි මටම එපා වෙලයි තිබුනෙ. වැඩේ අල්ලල දාන්නත් හදල, ඔන්න ඔහෙ තව පොඩ්ඩක් බලනව කියල හිතුවත් හරි ආවා කියන්නකො සුපිරිම අයිඩියා එකක්.

‘කෞතුකාගාර’!

හොයල බැලින්නම් කොළඹ කිට්ටුව 10ක් 11ක්ම තියෙනව. ආයෙ මොනව බල බල ඉන්නද ගැහුව කෙලින්ම ලිස්ට් එකක්. ගහල යැව්ව යාළුවට. පොරටත් ෆුල් සැටිස්.

ඊට පස්සෙ මම කල්පනා කළේ ඒ ලැයිස්තුවම ඔයාලත් එක්කත් බෙදා ගන්න. බලන්නකො යාළුවනේ, ඔන්න පල්ලෙහායින් තියෙනව තැන් ටික. හැබැයි එකක් මතක තියා ගන්න, ඔය රාජකාරි, අනිත්කාරි වැඩ මග ඇරල, හොර ජල්තර හැංගි මුත්තං සෙල්ලම් දැම්ම වගේ නෙවෙයි, මේ තැන්වලදි හොඳ විනයක් පවත්වා ගන්න ඕන හරිය!

1. Bandaranayaka Museum (011 2691139)

බෞද්ධාලෝක මාවත, BMICH එකේ පිහිටල තියෙන මේ කෞතුකාගාරය මුලුමනින්ම වගේ සමන්විත වෙන්නෙ බණ්ඩාරනායක මහත්තයගෙ ඝාතන සිද්ධියට ආදාළ දේවල්. ඒ හැරුනාම එතුමාගෙ ජීවිත කතාවෙ ස්වර්ණමය අවස්ථා කීපයක ඡායාරූප, සිහිවටන වගේ දේවල් තියෙනව. සෙනඟ නම් ඒ හැටි ගැවසෙන තැනක් නෙවෙයි මේක. කොහොම වුණත් සතියෙ හැම දවසකම උදේ 9 ඉඳන් 4 වෙනකම් ඇරල තියෙන නිසා බයක් සැකක් නැතුව යන්න පුලුවන්.

2. Colombo Port Maritime Museum (011 2421201)

කොළඹ කොටුව හැදුවෙ ලන්දේසි කියල කට්ටිය දන්නව ඇතිනෙ. අන්න ඒ හදපු කොටුවෙ, බන්ධනාගාරය පිහිටපු තැන තමයි මේ වරාය කෞතුකාගාරය පිහිටල තියෙන්නෙ. ඇත්තටම බලන්න වටින තැනක්. මොකද පැරණි ලංකාවෙ වරාය වැඩ කටයුතු කෙරුන විදියෙ ඉඳන් මෑත ඉතිහාසය වෙනකම්ම කතාව ඇඹීම්, පුරාවස්තු වගේ දේවල්වලින් හරි අපූරුවට නිර්මාණය කරල තියෙනව. ඉස්කෝලෙ ළමයින්ට එහෙම සෑහෙන්න වටින මේ කෞතුකාගාරය, අපි හොයා ගත්තු විදියට නම් සතිය පුරාම රාජකාරි වෙලාවන්වල තමයි ඇරල තියෙන්නෙ.

3. Currency Museum

කොළඹ කොටුව සෙන්ට්‍රල් බෑන්ක් එකේ පිහිටල තියෙන මේ කෞතුකාගාරය නම් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති තරම් ලස්සනයි. මොකද මේකෙ තියෙන්නෙ අපි කවුරුත් පොදුවේ ආස කරන පැරණි මුදල්. කොටින්ම කියනව නම් ක්‍රි. පූ. 3වෙනි සියවසට අයිති කාසි පවා තියෙනව. එ් විතරක් නෙවෙයි අනුරාධපුර, පොළොන්නරු, මහනුවර යුගයන් වෙනකම්ම භාවිතා වුණු මුදල්වල ලොකු එකතුවකුත් මේ කෞතුකාගාරයෙ තියෙනව. ඒ වගේම තමයි මේක ලාංකීය ආර්ථිකයේ අතීතයත් වර්තමානයත් දෙකම එකතු කරල හදපු හරි ලස්සන තැනක්. ආනයන, අපනයන, දේශීය ආර්ථිකය වගේම අපේ රටේ ආර්ථිකයට සම්භන්ධ විදෙස් රටවල්වල බඩු බාහිරාදිය, තොරතුරු එහෙමත් මේ කෞතුකාගාරයෙ තියෙනව. තඹ කාසි, රිදී කාසි, වගේම පැරණි රුපියලේ කොළේ පවා මෙතන තියෙන නිසා, විනෝදාංශයක් විදියට මුදල් එකතු කරන අයට මේක කියාපු තැනක්.

4. Dutch Museum (011 2448466)

මේක තියෙන්නෙත් කොළඹ ලන්දේසි බලකොටුව ඇතුලෙමයි. කොටුව, ප්‍රින්ස් මාවතේ යන්න ඕන. කියන්න සන්තෝසයි මේ කෞතුකාගාරයෙ නම් බලන්න දේවල් සෑහෙන්න තියෙනව. ඔක්කොම වගේ හරියක්ම ලන්දේසි කාලෙ භාවිතා වුණු දේවල්. කෞතුකාගාරය පිහිටල තියෙන්නෙත් ලන්දේසි ආණ්ඩුකාරවරයෙක්ගෙ ගෙදරක නිසා ඇතුලට ගියපු වෙලාවෙ ඉඳන් ඒ පැරණි ගතිය හිතට ගතට දැනෙන්න ගන්නව. මෙතනටත් පිවිසෙන්න නම් ටිකට් එකක් ගන්න ඕන. හැබැයි සතිය පුරාම රාජකාරි වෙලාවන් වලට විවෘත නිසා අවුලක් නෑ.

5. Gem Museum (077 7905425)

ආසාවෙන් බලල, ආසාවන් ගොඩක් ඇති කරගන්න කියාපු තැනක්. මොකද හතර වටේටම මැණික්නෙ තියෙන්නෙ. දේශීය ඛණිජ සම්පත ගැන හොඳ දැනුමක් ලබා ගන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි මැණික් ඔබ්බපු ආභරණ නිර්මාණකරණය, මැණික් එක්ක සබැඳි අපේ ප්‍රෞඪ ඉතිහාසය, ජ්‍යොතිෂ්‍ය සහ මැණික් අතර සබඳතාව වගේ තොරතුරු තොගයක් එකතු කරගන්නත් නියම අවස්ථාවක්. මේ කෞතුකාගාරය පිහිටල තියෙන්නෙ කුරුඳු වත්ත, ග්‍රීන් පාත් එකේ. සතියෙ දවස් 7ම ඇරල වුනාට රාජකාරි වෙලාක යන්න පුළුවන් නම් තමයි හොඳ.

6. Independence Memorial Museum (011 2691825)

නිදහස් චතුරස්‍රයෙ තමයි මේ කෞතුකාගාරය පිහිටල තියෙන්නෙ. පාසල් ළමයි අනිවාර්යයෙන්ම නරඹන්න ඕන තැනක්. මොකද අපේ රට, විදසේ ආණ්ඩුකරණයෙන් නිදහස ලබන්න මුල්වුණු ගොඩක් සාධක මෙතන එක්රොක් වෙලා තියෙනව. විප්ලවීය වීරයින්ගෙ ප්‍රතිමාවලින් හැඩවුණු මේ කෞතුකාගාරයෙ, ලාංකීය නිදහස් ඉතිහාසයට සම්බන්ධ ඡායාරූප එකතුවක් එහෙමත් තියෙනව. හීන් සැරේ ඇවිදඇවිද ගොඩක් වෙලා රස විඳින්න කියාපු තැනක්. අනික සතියන්තවලත් යන්න අවසර තියෙන නිසා පවුලේ හැමෝම එක්කගෙන වුණත් යන්න පුළුවන්නෙ.

7. National Museum & Natural History Museum (011 2695366)

කෙටියෙන්ම කියනව නම් ජාතික කෞතුකාගාරයට ගිහින් නැත්නම් අද හෙටම වත් යන්න. ඒකෙ තමයි අපේ රටේ අතීතයෙ හොඳම සාරාංශය තියෙන්නෙ. විජයගෙ කාලයත්, ඊට එපිට ඉතිහාසයෙ පොඩිපොඩි දේවලුත්, අනුරාධපුර යුගයෙන් පස්සෙ තිබුනු හැම යුගයක ඉඳන් ඉතා මෑත ඉතිහාසය වෙනකම්ම කාලයන්වලට අදාලා කෞතුක වස්තු තොගයක් මෙතන තියෙනව. දවසක් තිස්සෙ ඇවිද්දත් පාඩු නැති මේ ජාතික කෞතුකාගාරය පිහිටල තියෙන තැන…, කමක් නෑ දන්නෙ නැති අයට දැන ගන්න එක්ක කියන්නම්, කුරුඳු වත්ත විහාර මහා දේවී පාර්ක් එක ඉස්සරහ.

ජාතික කෞතුකාගාරය ඇතුලෙ, ගොඩ දෙනෙක් නොදන්න තවත් කෞතුකාගාරයක් තියෙනව. ඒ තමයි ජාතික ස්වභාව විද්‍යා කෞතුකාගාරය. ගහට කොළට, සතා සීපාවට ආදරය කරන අයට ගොඩක් වටින තැනක්. ඇඹීම්වලින්, ඡායාරූපවලින් පිරුනු මේ තැන, ලාංකීය ස්වභාව සම්පත්වල වටිනාකම්, ආවේණිකතා වගේ කරුණු ගැන හොඳ දැනුමක් ලබා ගන්නත් කියාපු.

8. Traditional Puppet Art Museum (011 2714241)

දෙහිවල, අනගාරික ධර්මපාල මාවතේ පිහිටල තියෙන මේ අපූරු කෞතුකාගාරයෙ තියෙන විශේෂත්වය තමයි දැනුම එක්ක ලොකු සතුටක් ලබන්න පුළුවන් එක. ඔයාලට කෙසේ වෙතත් පොඩි අයට නම් සෑහනේන වැදගත් වේවි. මොකද මේක පිරිලා තියෙන්නෙ රූකඩවලින්. අතීත රූකඩ කළාවෙ ආපු චරිත තොගයකින් පිරුනු මේ කෞතුකාගාරයෙ වර්තමාන චරිත නැත්තමෙත් නෑ. කොහොම වුණත් මේ තැන, නුවර යුගයටයි, අම්බලන්ගොඩ වෙස් මූණු පාරාදීසයටයි නම් හොර රහසේම හිත අරන්යනව කියල කියන්න පුළුවන්.

9. Weera Puran Appu Museum

ඔය උඩින් කියපු මොන කෞතුකාගාර බැලුවත් වැඩක් නෑ මොරටුව, ගාලු පාරෙ පිහිටල තියෙන වීර පුරන් අප්ප කෞතුකාගාරය බැලුවෙ නැත්නම්. පුරන් අප්පු චරිතය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. මොරටු කොල්ලෙක්, ඉවසල ඉවසල බැරිම තැන 1848 කැරුල්ල බැහැලා අමරණීය ගේමක් ගැහුවා. ජාතියේ අවාසනවට කැරුල්ල පරාද වුණ නිසයි පුරන් අප්පු වීරයව, ඉංග්‍රීසීන් විසින් වෙඩි තියල මරන්නෙ. අන්න ඒ වෙනකම් එතුමාගෙ සියලු දේ වගේම එතුමා කරපු සියලු දේත් එකතු කරල හදපු මේ කෞතුකාගාරය, වෙලාවකට ඔයාගෙ ඇස අගට කඳුලක් ගේන්නත් ඉඩ තියෙනව. කොහොම වුණත් අනිවාර්යයෙන්ම බලන්න.

හැබැයි, බලල විතරක්මත් මදි. මේ තැන්වලින් ඔයා එකතුකරගන්න මතකයන්, ඡායාරූප අපිත් එක්ක බෙදා හදා ගන්නත් පුළුවන් නම් ගොඩක් වටිනව. කොහොම වුණත් කෞතුකාගාර නැරඹීමයි, කෞතුක භාණ්ඩ එකතු කිරීමයි කියන දෙකම පෞද්ගලික ජීවිතයට අලුත් පන්නරයක් ගේනව කියල වගකීමෙන් කියන්න පුළුවන්.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide