කටට සැරට අපේ රහට; ඔරිජිනල් ගතියට ලංකාවේ කෑම සේරම හදන සුපිරි රෙස්ටෝරන්ට් 10ක්.

ලංකාවේ ඉන්න අපට ලැබෙන හොඳම අත්දැකීම්වලින් එකක් තමයි විවිධ රටවල්වල කෑම රස විඳින්න පුළුවන් විදියේ රෙස්ටෝරන්ට් තිබීම. මොකද අපි පිටරටකට ගියොත්, ලංකාවේ කෑම ගන්න තැන් එච්චර සුලභ නැහැනේ. ඒත් ලංකාවේ ෆියුෂන් රෙස්ටෝරන්ට් ඕනේ තරම් තියෙනවා. හැබැයි ඔය කොයි රටේ කෑම කොහොම කෑවත්, සමහර වෙලාවට ගමේ තාලෙට හැදෙන බතක්, මාළුවක්, එහෙමත් නැත්තන් උණු ආප්පයක් තරම් කෑමක් අපට හරි යන්නේ නැහැ.

කොළඹ තියෙන ඉන්දියන්, චයිනීස් රෙස්ටෝරන්ට් තොගේ හැටියට, ඔරිජිනල් විදියට ලංකාවේ කෑමවල රස බලන්න පුළුවන් විදියේ තැන් ප්‍රමාණය මදියි කියලයි අපට නම් හිතෙන්නේ. පොඩි පොඩි බත් කඩ ගොඩක් තිබුණත්, අපේ හැම කෑමක් ම ඕවයින් ගන්න ලැබෙන්නේ නැහැනේ. අන්න ඒ වගේ ලංකාවේ කෑම තොගයක් එක වහලක් යටින් රස බලන්න ආසාවක් ආවොත්, යන්න පුළුවන් ටිකක් ඉහළ මට්ටමේ රෙස්ටෝරන්ට් කීපයක් ගැන කියන්නයි මේ සූදානම.

1. Upali's

ලංකාවේ කෑම සුපිරියට ම හදන රෙස්ටෝරන්ට්වලින් අනිවාර්යෙන් ම මුල් තැනක් ලැබෙන එකක් තමයි මේ. මස්, මාළු, එළවළු ජාති සේරම අපේ රසට හරි යන විදියට හදන්න උපාලීස් එක දක්වන්නේ පුදුම හපන්කමක්. සුදට උයපු කජු, කළුවට උයපු එළුමස්, කොස් ඇට කළු පොල් මාළුව, ගැට පොලොස් විතරක් නෙවෙයි අවුරුදු බර ගණනක් පරණ රෙසිපියක් පාවිච්චි කරලා හදන හත්මාළුවකුත් උපාලීස් එකේ තියෙනවා. අනික මීගමු ඉස්සෝ කරි, මාතර ඇඹුල් තියල් වගේ ප්‍රාදේශීය වශයෙන් ආවේණික කරි වර්ගත් මෙහෙ බොහෝමයි. හොඳම වැඩේ කියන්නේ, මේ වාගේ කරි එක්ක කන්න බත් විතරක් නෙවෙයි, පාන් වුණත් ගන්න ඇහැකිනෙ. කොහොමද, කළුවට උයපු එළුමස් කරියක් එක්ක, උණු රෝස්ට් පාන් කෑල්ලක් කන්න තියෙනවනම්? කෑල්ලක් නෙවෙයි, පාන් ගෙඩියකට වුණත් වගකියන්න බැරියැ. රෑ වෙලා වගේ ගියොත්, ආප්ප, පිට්ටු, ඉඳි ආප්ප වගේ දේවලුත් ගන්න පුළුවන්.  

2. Karapincha

පරිප්පු නැති හෝටලේ වගේ තමයි ලංකාවේ ගෙදරක කරපිංචා අත්තක් නෑ කිව්වොත්. කෑම රසවත් කරන්න, සුවඳ කරන්න, හැඩ කරන්න විතරක් නෙවෙයි, ඔය කොලෙස්ටරෝල් එහෙම තියෙන අයට බෙහෙතටත් දෙන්නේ කරපිංචා සම්බෝලනේ. ලංකාවේ අපට ඒ තරම් වැදගත් දෙයක් නිසාදෝ කොහේදෝ, දෙහිවල තියෙන මේ රෙස්ටෝරන්ට් එකේ නමත් කරපිංචා. උපාලීස් එකේ තරම් ලොකු මෙනුවක් නැතත්, සැලකිය යුතු ප්‍රමාණයේ සිංහල කෑම ගොඩක් මෙයාලගෙන් ගන්න පුළුවන්. ඒ හැම එක ම ලෝබ නැතුව කුළුබඩු, පහේ දාලා නිසා හරි ම රසයි. අපි වැඩියෙන් ම ආස වුණේ මේ කට්ටියගේ සුදට උයපු කජු කරියට. කළුවට උයපු එළු මස්, පහේ බැදපු චිකන් කරි වගේ ම, ආප්ප, පිට්ටු වර්ගත් මෙතැනින් රස විඳින්න පුළුවන්.

3. Curry Leaf

කොළඹ හිල්ටන් හෝටලේ, සිංහල කෑමවලට වෙන් වෙච්ච රෙස්ටෝරන්ට් එක තමයි මේ. තරු පහේ හෝටලයක් වුණත් අර කලින් කිව්ව තැන් දෙකේ තරම් ලොකු විවිධත්වයක් ඇති මෙනුවක් මේකෙන් දැකගන්න ලැබෙන්නේ නැහැ. අනික මේක බුෆේ එකක්නේ. ඒ නිසා එක්කෙනෙක්ට රුපියල් 3000කට වඩා වැඩි ගණනක් යනවා. බත්, මාළු, එළුමස්, චිකන් කරි හැරුණා ම, කොත්තු රොටී, ඉඳි ආප්ප, ආප්ප වගේ ජාතිත් කරි ලීෆ් එකේ තියෙනවා.

4. Nuga Gama

ඔන්න හොඳට ගම්මිරිස් තෙම්පරාදුවක් දාපු මීගමුවේ බ්ලැක් පෝක් කරියක් ඕනේ නම්, යන්න ම ඕනේ තැන තමයි මේ. මේක සිනමන් ග්‍රෑන්ඩ් හෝටලේ සිංහල කෑම තියෙන රෙස්ටෝරන්ට් එක. ඕක විතරක් නෙවෙයි, මැටි මුට්ටියේ හදන, ලුණු ඇඹුල් රස පදම ගානට ගළපන අපේ කෑම තොගයක් නුග ගමේ හැදෙනවා. අනික තඩි නුග ගහක හෙවණේ වාඩිවෙලා, රාත්‍රියේ හඳ අහසට නැගෙන හැටි බලන ගමන් ම මේ කෑමවල රස බලන්නත් පුළුවන් නිසා තවත් නියමයි.

5. Palmyrah

යාපනේ රස කෑම කොළඹදී ම කාලා බලන්න ආසයිද? එහෙනම් අද ම යන්න කොල්ලුපිටියේ රේණුකා හෝටලේ පැල්මයිරා රෙස්ටෝරන්ට් එකට. යාපනේට ආවේණික වෙච්ච කෑම සෙට් එකක් ම මේ අයගේ මෙනුවේ අඩංගු වෙනවා. ඒ නිසා කටට රසට පෝරියල්, ක්‍රැබ් කරි, රාල් වරායි වගේ කෑම ජාති ඕනේ තරම් කන්න ඇහැකි. ඒ විතරක් නෙවෙයි පැල්මයිරා එකේ ආප්ප එහෙමත් හොඳට නැගලා යනවා. මොකද කිරි රසට හැපෙන මේ ආප්ප කන්න යහමින් දෙහි ඇඹුල් එක්කාසු කරපු කට්ට සම්බෝල, සීනි සම්බෝල එහෙම ලැබෙනවනේ.

6. Kaema Sutra

කවුරුත් හොඳින් දන්නා “ජැකලින් අක්කගෙ ආප්ප කඩේ” තමයි මේ. ලංකාවේ සාම්ප්‍රදායික කෑම වගේ ම ෆියුෂන් කෑම ජාතිත් මෙතැනින් ගන්න පුළුවන්. හැබැයි හරි ගණන්. අතේ මිටේ හොඳට සල්ලි ගැවසෙන වෙලාවක මිසක් යන්න නරකයි. මේ කට්ටිය දෙනවා කෑම පෙට්ටිය කියලා එකක්. ඒක ඔය ජපන්නු දෙන බෙන්ටෝ බොක්ස් එක වගේ. හැබැයි ජපන් කෑම වෙනුවට මේකේ තියෙන්නේ සිංහල කෑම. අපේ චන්දන කියන විදියට මේකේ තියෙන පරිප්පු, පොලොස්, ගොටුකොළ සම්බෝල එහෙම තනිකරම ගම්වල ආච්චිලා හදනවා වගේ රසයිලු. ඒ වගේ ම මෙහෙ ආප්ප පිඟානක් වැහෙන තරම් සයිස්ලු. හැබැයි ඒවාට නා නා ප්‍රකාර ජාති දාලා (මුදවපු කිරි, කිතුල් පැණි) හැඩ කරලා එන නිසා රුපියල් 500ක් විතර වියදම් කරන්න වෙනවා.

7. Ceylon Cafe

සිලෝන් කැෆේ එකෙත් තියෙනවා ලංකාවේ කරි බොහොමයක්. ඒ හැම එක ම වගේ රුපියල් 300ක් හෝ ඊට වඩා පොඩ්ඩක් වැඩි ගණනක් වගේ. ඒ නිසා සාක්කුවට ලොකු අවුලකුත් නෑ. හැබැයි ඔය සේරට ම වඩා ප්‍රසිද්ධ මේකේ තියෙන සිලෝන් ආහාර වට්ටෝරුව. මේක ලංකාවේ කෑම කීපයක් එකතු කරපු ප්ලැටර් එකක්. කකුළු කරිය නැතුව ගන්නවනම් රුපියල් 2310යි. ඒකත් එක්ක ගන්නවානම් රු.2900යි. හැබැයි දෙන්නෙක්ට බඩකට පිරෙන්න කන්න පුළුවන්. කූනිස්සෝ බැදුම්, චිකන්, බීෆ්, මාළු, පරිප්පු කරි එක්ක බටු මෝජු, අල බැදුම්, විතරක් නෙවෙයි සීනි සම්බෝල, පොල් සම්බෝලත් මේ ප්ලැටර් එකට ලැබෙනවා. ඒ විතරක් නම් මදැයි, සුදු බත්, ආප්පත් මේකේ තියෙනවනේ.

8. Spice & Curry

මෑතකදී අපට යන්න ලැබුණු තවත් නියම තැනක් තමයි මේ. මැටි හට්ටි මුට්ටිවල සුවඳ ගහගහ හැදෙන මේ රෙස්ටෝරන්ට් එක තියෙන්නේ නුගේගොඩ. ෂහ්! මෙතන කෙසේල්මුව මාළුවයි, මාළු ඇඹුල් තියලයි ගත්ත ම බත් බුසලකට වුණත් වග කියන්න ඇහැකි. හවස් වරුවක වගේ ගියොත් ආප්ප, පිට්ටු, ඉඳි ආප්පවල රස බලන්නත් පුළුවන්.

9. Green Cabin  

අවුරුදු 60ක් විතර තිස්සේ, ලංකාවේ කෑමවල රස බෙදන ග්‍රීන් කැබින් එක අදටත් ඒ විදියමයි. මෙතැන හැම ඉරිදා ම තියෙන සන්ඩේ ස්පෙෂල් එක සෑහෙන්න ප්‍රසිද්ධයි. මේක අපේ තාලෙට හදපු එළවළු, මස්, මාළු ජාති කීපයක් එක්ක පිරිනැමෙන බුෆේ එකක්. විශේෂයෙන් ම මේ කට්ටිය හදන දෙල් කරිය පංකාදු පහයි. හොඳට කිරි රහට තියෙනවා. ඒ විතරක් නෙවෙයි දිව පිච්චෙන සයිස් එකේ කට්ට සම්බෝලයක් එක්ක උණු ආප්ප කන්න ඕනේ නම්, මේකත් මරු තැනක්.

10. Thuna Paha

වෝටර්ස් එජ් හෝටලේ සිංහල කෑම රෙස්ටෝරන්ට් එක තමයි තුනපහ. අපට තවම මේකට යන්න නම් බැරි වුණා. හැබැයි දැනට අහන්න ලැබුණු තොරතුරුවල හැටියට නම් ගොඩක් හොඳයිලු. අපේ ගම්මානවල තියෙන ගතිය ඉස්මතු කරන විදියේ සංස්කෘතික අංගත් දැක බලාගන්න ගමන් ඔරිජිනල් තාලෙට ලංකාවේ කෑම රස විඳින්න පුළුවන් බවයි ආරංචිය.  

කොටුවේ තියෙන බ්ලැක් පෙපර් එකෙත් ලංකාවේ ප්‍රාදේශීය කෑම වර්ග කීපයක් ම ගන්න පුළුවන්. තංගල්ලේ තෝර මාළු ඔළු කරිය ඒ අතරින් සෑහෙන්න ප්‍රසිද්ධයි. ඔයාලට අල්ලලා ගිය තවත් මේ වගේ රෙස්ටෝරන්ට් තියෙනවනම්, අපටත් කියන්නකෝ හොඳේ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Heritance Hotels & Resorts and Sara Ali Khan Spotlight Sri Lanka’s Diverse Landscapes, Heritage and Hospitality

The collaboration brings together celebrity-led storytelling and Heritance’s distinctive hospitality to showcase Sri Lanka’s cultural

Highlights Trending

ITC Ratnadipa Welcomes Chef Prakhar Srivastava to Lead the Next Chapter of Avartana in Colombo

ITC Ratnadipa, Colombo welcomes Chef Prakhar Srivastava as Sous Chef to Avartana, marking a new

Highlights Trending

Are Men Moving With The Jewellery Trends in Sri Lanka? ‘Yes,’ says DINIDU Colombo

Fine jewellery in Sri Lanka is no longer bound by gender. Accessorising has become an

Highlights Trending

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

25% Off Lunch at Harbour Court This September

Make lunch plans worth looking forward to this September at The Kingsbury’s Harbour Court, with

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide