හෙට අනිද්දා දිහාවේ බුක් ෆෙයාර් යන්නද ඉන්නේ? එහෙනම් මෙන්න මතක ඇතුව ගන්න ඕනේ සිංහල පොත් 10ක්.

හැම සැප්තැම්බරයක ම පැවැත්වෙන මහා සාහිත්‍ය මංගල්‍යයේ ප්‍රධානත ම අංගයක් විදියට කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය හඳුන්වන්න පුළුවන්. කොළඹින් දුර බැහැර පවා ජීවත් වෙන, පොතපතට, සාහිත්‍යයට ආදරය කරන අපේ කට්ටිය මේ සල්පිලට එන්න දින ගනින්නේ මාස කීපයක ඉඳලයි. මේකට සමගාමීව පැවැත්වෙන ස්වර්ණ පුස්තක සම්මාන උලෙළත් ඒ තරම් ම විශේෂයි. අපේ ගොඩක් උදවිය පොත් ප්‍රදර්ශනයට යන්නේ ම ඔය සම්මාන උලෙළට නිර්දේශිත නවකතා පොත් එකක් හෝ අනිවාර්යෙන් ම ගන්නවා කියලා හිතාගෙනමයි.

හැබැයි ඒවා විතරක් නෙවෙයිනේ. තව පොත් කොච්චර නම් තියෙනවද? ප්‍රවීණ, ආධුනික රචකයන් බොහොමයක් ලියපු අලුත් නවකතා ගණනාවක් මේ වෙද්දී එළි දැකලා තියෙනවා. සමහර පොත් දොරට වඩින්නේ පොත් ප්‍රදර්ශනය අතරතුරයි. අන්න ඒ නිසා ම තමයි අපි හිතුවේ හෙට අනිද්දා දිහාව බුක් ෆෙයාර් යන ඔයාලට ගන්න ලැබෙන හොඳ සිංහල පොත් කීපයක් ගැන විස්තරයක් කියන්න.

1. ගන්දර කළපුව

හැමදාමත් අපේ නවකතා සාහිත්‍යයට ගුප්ත වගේ ම කුතුහලය, ත්‍රාසය දනවන නවකතා එකතු කරපු භද්‍රජී මහින්ද ජයතිලක මහත්මයාගේ අලුත් ම පොත තමයි මේ.මේකේ කතාව 2014 අවුරුද්දේ ඉරුදින පුවත්පතේ කොටස් විදියටත් පළවුණා. නිහතමානි පුවත්පත් කලාකරුවෙකුත්, ධන කුවේරයෙකුත් වටා ගෙතුණු මේ කතාව, සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වුණු එකක්. ඉතාම දක්ෂ විදියට වචනයෙන් මිනිස්සු රවටන මේ ධන කුවේරයා, හොර රහසේ ම තමන්ගේ ඉලක්කවලට යන ආකාරයත්, පසුව ඔහුට කළ කම් පල දෙන හැටිත් මේකේ සඳහන් වෙනවා. භද්‍රජි මහත්මයා ලියපු  උලමාගේ රාත්‍රිය, දොඹගල නිධානය, බඹරවිලේ හොල්මන වගේ නවකතාවල තිබුණු රසවත් මේ පොතෙනුත් අඩුවක් නැතිව දැකගන්න පුළුවන්.

2. ඇත්කඳ ලිහිණි අඩවිය

ඉස්සර හැදීගෙන වයසේ ඉන්න දරුවෙක්ට අනිවාර්යෙන් ම අතට ලැබෙන පොත් කීපයක් ම තියෙනවා. කුලසේන ෆොන්සේකා මහත්මයාගේ සෝමපුර වීරයෝ, කල්ලන්දූවේ මුතු කොල්ලය, ඩී.එම් කරුණාරත්න මහත්මයාගේ බස්තියන්ගේ සොහොන, ඊළඟට ඩබ්ලිව්. අමරකීර්ති ලියනගේ මහත්මයාගේ වීරියවන්තයෝ ඒ අතරින් කීපයක්. කොහොමත් යොවුන් වයසේ ඉන්න දරුවෝ වීරකම්වලට දක්වන්නේ අමුතු කැමැත්තක්. මේ වගේ යොවුන් නවකතා ලියවෙන්නෙත් ඒ නිසාමයි.

අන්න ඒ පොත් ගොන්නට එකතු කරගන්න පුළුවන් විදියේ තවත් පොතක් තමයි මේ “ඇත්කඳ ලිහිණි අඩවිය”. තිස්ස හෙවාවිස්ස මහත්මයා රචනා කරපු මේ පොත, තමන්ගේ ම කියලා වීර කතාවක් නිර්මාණය කරන්න උත්සහ කරන අපේ කාලයේ ගැටවරයින්ට ආසාවෙන් කියවන්න පුළුවන් නවකතාවක්.

3. වැල්ලේ මිනිස්සු

සුමනසිරි දසනායක මහත්මයා අතින් රචිත “වැල්ලේ මිනිස්සු” නවකතාව, ධීවර වෘත්තීය ජීවිකාව කරගත් උදවියගේ ජීවන රටාවේ පැතිකඩක් පෙන්වන නවකතාවක්. මාක්ස්, රොසලින්, මාර්තා, ෆ්‍රැන්සිස්, සහ බෙන්ජමින් යන චරිත ඇසුරින් තමයි මේ කතාව ගෙතිලා තියෙන්නේ. කරදිය වළල්ලේ ජීවත් වන ඔවුන්ට දිනපතා මුහුණදෙන්න ට වෙන දුක් කම්කටොලු, ඒවායින් මිදෙන්න ඔවුන් දරන තැත, ඒවායින් හටගන්නා තවත් ගැටලු නිසා ඇතිවෙන පසමිතුරුකම් ඔස්සේ ගලාගෙන යන මේ කතාව එක හුස්මට කියවගෙන යන්න ඇහැකි.

4. ඓරාවණ

දැන් භූමි කම්පා, වෙනත් ස්වාභාවික ව්‍යසන කියන්නේ අපේ අයට හැමදාම අහන්න දකින ලැබෙන දේවල්නේ. ඒත් 1615 සිංහල අලුත් අවුරුද්ද දවසේ ලංකාවට ඇතිවුණු භූමි කම්පාව ගැන අහලා තියෙනවද? කොළඹ කොටුවේ ගල් බැමි පවා පුපුරලා ගිහින් කැලණි ගඟේ ගහගෙන ගහගෙන ගියේ අපේ මිනිස්සුන්ගේ ජීවිත, දේපල රැසක් අහිමි කරමින්.

අන්න ඒ වගේ සාමාන්‍ය ඉතිහාස කතාවක අපට කියවන්න නොලැබෙන සිද්ධීන් ගොන්නක් එක්කාසු කරලා ලියවුණු “ඓරාවණ”, කෝකිල ගිහාන් වීරතන්ත්‍රී මහත්මයාගේ නිර්මාණයක්. හැබැයි මේ පොත එළිදකින්නේ සැප්තැම්බර් 17වෙනිදායි. ඒ නිසා එදින ම හෝ ඊටපස්සේ දවසක පොත් සල්පිලට ඇදුණොත් මේ පොත අරගන්න පුළුවන් වේවි.

5. න ගච්ඡති

කාලයේ වැලි තලාවෙන් වැහිලා ගිය තවත් ඉතිහාසගත ආදර කතාවක් කැටි කරගත්ත “න ගච්ඡති” පද්මිනී සෙනෙවිරත්න මහත්මිය රචනා කරපු නවකතාවක්. මහනුවර රාජධානි සමයේ ඉඳපු පිළිමතලාවේ බිසවත්, රජතුමාත් අතර තිබුණු ආදර සම්බන්ධතාවය පාදක කරගෙන ලියවුණු මේ නවකතාව, ගොඩගේ අත් පිටපත් තරගයේ ප්‍රශස්ත නවකතා ලෙසින් සම්මානයක් ද දිනාගත්තා.

6. වචන 400

කාලීන ව වැදගත් වෙන සමාජ කාරණා විග්‍රහ කරන පත්තර තීරු ලිපි වෙනම ම කලාවක්. සාමාන්‍ය මාධ්‍යවේදියෙක් ට නිර්මාණශීලීත්වයේ උපරිම තැනට ළඟා වෙන්න ලැබෙන අවස්ථාවක් විදියක් විදියටත් තීරු ලිපිය හඳුන්වන්න පුළුවන්. සමහර තීරු ලිපි නම් ඒ අදාළ කාලයට ගැළපුණා ට, පස්සේ දවසක කියවද්දී කිසිම තේරුමක් දනවන්නේ නැහැ. සර්වකාලීන විදියට තීරු ලිපි ලියන්න දස්කම් දක්වපු තීරු ලිපි රචකයන් ඉන්නේ බොහොම අඩුවෙන්. සහන් කසීර වික්‍රමසිංහ මහත්මයා අන්න ඒ කිහිපදෙනාට එකතුවෙන නවක පරපුරේ රචකයෙක්.

ඉතින් සත්හඬ පුවත්පතට ඔහු ලියුව වචන 400 තීරු ලිපි පෙළ ගොනු කරලා ග්‍රන්ථයක් විදියට එළි දක්වන්න මේ දිනවල කටයුතු සූදානම් වෙලා තියෙනවා. බුක් ෆෙයාර් එකට ගියොත් පොඩ්ඩක් හොයලා බලන්නකෝ. අද හෙට විතරක් නෙවෙයි, කවදා කියෙව්වත් රස විඳින්න පුළුවන් පොතක් මේක.

7. ගැමුණු මහරජ

දුටුගැමුණු රජතුමා අපේ ඉතිහාසයේ උන්නු දැවැන්ත ම චරිත අතරින් එකක්. ඒ වගේ චරිතයක් ඇසුරෙන් කොයිම හෝ ආකාරයක කලා නිර්මාණයක් කරන එකත් ලොකු අභියෝගයක්. ඒකට හේතුව ඔහු ජනප්‍රවාදයේ එන සිද්ධි, පැරණි සෙල් ලිපි, පොත්පත්වල අඩංගු කරුණු හැරුණා ම, එක එක්කෙනාගේ මතිමතාන්තරවලින් විවේචනය වෙච්ච චරිතයක් වීමයි. ඒ නිසා අපට ගොඩක් වෙලාවට කලා නිර්මාණවලින් දැකගන්න ලැබෙන්නේ අපි හැමදාමත් අහපු දැකපු දුටුගැමුණු රජතුමාගේ ඉතිහාස කතාන්දරය විතරයි.

ප්‍රියාල් වීරසිංහ මහත්මයා ලියපු “ගැමුණු මහරජ” පොත වෙනස් වෙන්නේ ඔන්න ඔතනදී. දුටුගැමුණු චරිතයේ සැඟවුණු සිදුවීම්, අප්‍රසිද්ධ කතා බොහොමයක් මේ ග්‍රන්ථයේ ඇතුළත් වෙලා තියෙනවා.

8. අක්වැල්ල

හැබෑවට ම අක්වැල්ලක් කියන්නේ මොකද්ද? ඔය ගංගාවක, වැවක නැම්මේ පිට ඉවුර ආශ්‍රිත ව තියෙන, බැලූ බැල්මට නොගැඹුරු විදියට පෙනෙන වතුර යට තියෙන සුදු වැලි තලාව තමයි මේ අක්වැල්ල විදියට හඳුන්වන්නේ. මේක පවතින්නේ හුඟක් බුරුල් විදියට. ඒත් මතුපිටින් ඒක පේන්නේ නැහැ. කවුරුහරි මේ මත්තට අඩිය තිබ්බොත්, කරවටක් වතුර පිරිලා ගිලෙන්න තරම් ගැඹුරු අක්වැලි මේ ගංගා ආශ්‍රිත ව තියෙනවා.

අපේ ජීවිතේත් පිටින් බැලුව ම ලස්සනට පෙනෙන, ඒ වුණාට ඇතුළාන්තයෙන් බිහිසුණු අක්වැලි තලා කොච්චර නම් ඇත්ද? ජයකොඩි සෙනෙවිරත්න මහත්මයා රචනා කරපු අක්වැල්ල නවකතාවේ තියෙන්නෙත් අන්න ඒ වගේ අක්වැලි තලාවකට පය තියෙන තරුණ දොස්තර කෙනෙක්ගේ කතාවක්.

9. 12-11-10 වැලිකඩ

මතකද 2012 අවුරුද්දේ වුණු වැලිකඩ බන්ධනාගාර කෝලාහලය? බන්ධනාගාර රැඳවියන් සහ නිලධාරීන් අතර ඇතිවෙච්ච මේ ගැටුමෙන් සිරකරුවෝ 27ක් මරණයට පත්වුණා. එදා මෙදා තුර බන්ධනාගාර ඉතිහාසයේ ඇතිවුණු දරුණුතම සිද්ධි අතරින් එකක් විදියට මේක සැලකෙනවා. ඒ ඇසුරින් ලියැවුණු “12-11-10 වැලිකඩ” ග්‍රන්ථය, කසුන් පුස්සෙවෙල මහත්මයාගේ නිර්මාණයක්. මේ මාසේ 15වෙනිදා තමයි මේ ග්‍රන්ථය දොරට වඩින්නේ.

10. හඳුන්මල් කඩුල්ල

සේන තෝරදෙනිය මහත්මයා විසින් රචිත “හඳුන්මල් කඩුල්ල” දිගු කාලයක් තිස්සේ කරන ලද ඉතිහාස ගවේෂණයක ප්‍රතිඵලයක්. 1800 ගණන් වල සිට 2000 ගණන් දක්වා ලංකාවේ දකින්න ලැබුණු සමාජයීය, ආර්ථික, සංස්කෘතික, සහ දේශපාලනික තොරතුරු ගැන විග්‍රහයක් මේ පොතෙන් ඉදිරිපත් කරලා තියෙනවා. සුද්දන්ගේ පාලනයත්, ඒ නිසා ස්වදේශික ජනතාව මුහුණ දුන්නු පීඩනය මේ ග්‍රන්ථයෙන් විස්තර සහිතව දැකගන්න පුළුවන්.

මේවා විතරක් නෙවෙයි, තව ඔයාලා දන්නා හොඳ සිංහල නවකතා තියෙනවනම් ඔය ගමන් ම පොඩ්ඩක් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ එහෙනම්. අහ්! අලුත් සිංහල පරිවර්තන පොත් ටිකක් ගැන දැනගන්න කැමති නම් මෙන්න මේ ලින්ක් එකට යන්න.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Heritance Hotels & Resorts and Sara Ali Khan Spotlight Sri Lanka’s Diverse Landscapes, Heritage and Hospitality

The collaboration brings together celebrity-led storytelling and Heritance’s distinctive hospitality to showcase Sri Lanka’s cultural

Highlights Trending

ITC Ratnadipa Welcomes Chef Prakhar Srivastava to Lead the Next Chapter of Avartana in Colombo

ITC Ratnadipa, Colombo welcomes Chef Prakhar Srivastava as Sous Chef to Avartana, marking a new

Highlights Trending

Are Men Moving With The Jewellery Trends in Sri Lanka? ‘Yes,’ says DINIDU Colombo

Fine jewellery in Sri Lanka is no longer bound by gender. Accessorising has become an

Highlights Trending

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

25% Off Lunch at Harbour Court This September

Make lunch plans worth looking forward to this September at The Kingsbury’s Harbour Court, with

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide