ජපානය මෙච්චර දියුණු වුණේ කොහොමද? ජපන්නු ළඟ තියන, එදිනෙදා ජීවිතේට වැදගත් පුරුදු 10ක්.

ජපානය ලෝකයේ බලවත් ම ආර්ථිකයක් සහිත රටක්. හැබැයි ධනවත්, බලවත් නවීන බටහිර රටවල් වගේ නෙවෙයි, ජපානය දිගු ඉතිහාසයක් සහිත සාම්ප්‍රදායික පෙරදිග රටක්. මෙහෙම රටවල පුරවැසියන්ගේ සාමාන්‍ය ස්වභාවය තමයි තමන්ගෙ ප්‍රෞඪ අතීතය ගැන උජාරුවෙන් කියව කියව, අනාගතේ ගැන වගේ වගක් නැතුව ඉන්න එක. බොහොමයක් දකුණු ආසියාතික, බොහොම සාම්ප්‍රදායික දැක්මක් සහිත රටවල් වැටෙන්නෙ ඔය ගොඩට. ඔවුන් දීර්ඝ කාලයක් තිස්සෙ නොදියුණු රටවල් විදිහට පවතින්න හේතුවත් පුරවැසියන්ගේ මේ පසුගාමී මානසිකත්වය.

ඒත් ජපනා තමන්ගේ ඉතිහාසය එහෙම ම තියෙද්දි, මහන්සියෙන් වැඩ කරන්නෙ අනාගතය වෙනුවෙන්. සම්ප්‍රදායත් රැකගෙන නූතන ලෝකයට ගැලපෙන්න ඔවුන් හැඩ ගැහෙනවා. ජපානය අතිදියුණු වගේ ම ඉදිරිගාමී පුරවැසියන් සහිත රටක් බවට පත් වෙන්න දැඩිව බලපාන, ජපන් පුරවැසියන්ගේ සුවිශේෂ ජීවිත පුරුදු රාශියක් තියනවා. යහපත් රටක් නිර්මාණය කරගන්න මේවා බොහොම වැදගත්.

1 පිළිවෙළ

ජපන් ජාතිකයො හරි ම පිළිවෙළයි කියල ඕගොල්ලො අහල ඇති. පොර කන්නෙ නැතුව ඉවසීමෙන් පෝලිමක එක්කෙනා පස්සෙ එක්කෙනා පිළිවෙළින් හිටගෙන ඉන්න එයාලට පුළුවන්. කොයි තරං සෙනඟ පිරුණ බස් එකක කෝච්චියක වුණත් තෙරපෙන්නේ නැතුව අනෙකාට ඉඩ හදලා දෙමින් ගමන් කරන්න එයාලට පුළුවන්. මේසෙට කෑම අරිනකොට වුණත් පිඟන් කෝප්ප හැඳි ගෑරුප්පු ආදිය එයාල තැන්පත් කරන්නේ එක්තරා පිළිවෙළකට. ඕන වැඩකදි අවුල් කරගන්නේ නැතුව මේ පිළිවෙළ ආරක්ෂා කරන එක එයාලගේ පුරුද්දක්.

2 වෙලාවට වැඩ

ප්‍රමාද වෙන එක ලංකාවෙ අපිට නං සාමාන්‍ය දෙයක් නෙ. අපි වෙලාවට වැඩ කරන පුරුද්ද අඩුවෙන් ම අනුගමනය කරන රටක්. ඕන උත්සවයක් පටන්ගන්නෙ කියන වෙලාවට වඩා විනාඩි පහක්වත් පහු වෙලා. ස්ටේෂන් එකට කෝච්චි එන්නෙ නියමිත වෙලාවට වඩා විනාඩියක් හරි පරක්කු වෙලා. ඒකට මොකද ජපන්නු නං කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න ජාතියක්. ඔවුන් නියමිත හෝ පොරොන්දු වුණ වෙලාවට ම ඒ කටයුත්ත ඉෂ්ට කරන්න සැදී පැහැදී ඉන්නවා.

3 වගකීම් දැරීම

තමන් කරන රස්සාව හෝ ඕන ම වැඩක වගකීම දරන්න පුළුවන් වෙන එක රටක යහපත් පුරවැසියෙකුගේ ලක්ෂණයක්. ජපන් ජාතිකයො මේක අකුරට ම රකිනවා. උදාහරණයක් කිව්වොත්, හදිසියේ හරි කාර්මික දෝෂයක් වැනි දෙයක් නිසා කෝච්චිය ස්ටේෂන් එකට එන්න තත්පර තිහක් හෝ පරක්කු වුණොත්, රියැදුරු මහතා ඒ ගැන මගීන්ගෙන් සමාව ඉල්ලනවා. ඒ වගේ ම පොඩි කාලේ ඉඳන් ම තමන් කරන දේට වග කියන්න දරුවන්ට උගන්නනවා. 

4 පිරිසිදුකම

2018 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ එක තරගෙකින් ජපානය බෙල්ජියමට පැරදුණු වෙලාවේ ජපන් ජාතිකයො ඇස්වල කඳුළු පුරවගෙන ස්ටේඩියම් එක පිරිසිදු කරන ඡායාරූප වගයක් ඉන්ටනෙට් එකේ වෛරල් වුණා ඕගොල්ලන්ට සමහර විට මතක ඇති. ජපන් ජාතිකයෝ හැම ක්‍රීඩා තරගයක් අවසානයේ ම කරන දෙයක් තමයි තමන් දිනුවත් නැතත් ස්ටේඩියම් එකේ කුණු අස් කරලා යන එක. ජපන්නු පිරිසිදු කිරීම උගන්නන්නෙ පාසලේදිමයි. පන්ති කාමරය පිරිසිදුව තියාගන්න හැටි, හැම තැන ම අපවිත්‍ර කරන්නේ නැතිව කෑම බෙදාගෙන කන හැටි, තමන්ගෙ වැසිකිළිය සෝදගන්න හැටි පවා, එක වසරේ ඉඳන් ම පුංචි දරුවන්ට ඉගැන්වෙනවා. ලෝකයේ හොඳ ම අපද්‍රව්‍ය කළමනාකරණ වැඩපිළිවෙළක් සහිත රටක් විදිහට ජපානය හැඳින්වෙනවා. 

5 කලාවට ලොකු ඉඩක්

ජපන්නු කලාත්මක හැකියාව අතින් ඉහළයි. ඒකට හේතුව තමයි ඒගොල්ලො කලාව ජීවිතේට අත්‍යවශ්‍ය කොටසක් විදිහට සීරියස් ගන්න එක. ඒ වගේ ම කලාවට අගයක් ලබා දෙන එක. වැඩ කරන වෙලාවට උපරිම මහන්සි වෙලා වැඩ කරනවා වගේ ම, විවේක ගන්න වෙලාවට උපරිම විවේක සුවය විඳින එකත්, විනෝද වෙන එකත් ඒගොල්ලන්ගේ පුරුද්ද. ඒ වෙනුවෙන් හැම දවසක ම පැය විසි හතරෙන් පැයක්වත් වෙන් කරන්න ඒගොල්ලො උත්සාහ කරනවා. එදිරිවීර සරච්චන්ද්‍ර මහත්මයගෙ ‘මළගිය ඇත්තෝ’, ‘මළවුන්ගේ අවුරුදු දා’ නවකතා එහෙම කියවල තියන අය නම් මේ ගැන හොඳට ම දන්නවා ඇති.

6 විනය

ඕන ම අවස්ථාවක ගැටුම් රහිත, ඉතා ම ඉහළ මට්ටමේ විනයක් පවත්වාගැනීම ජපන් සංස්කෘතියේ අනන්‍යතාවක්. ඔවුන් අතින් තැනට නුසුදුසු වැරදි හැසිරීම්, ප්‍රචණ්ඩ හැසිරීම් වගේ දේවල් සිද්ධ වෙන්නෙ හරි ම අඩුවෙන්. ආචාරශීලී බව, සංයමය හැම වෙලේ ම පවත්වාගන්නත්, සහයෝගයෙන් කටයුතු කරන්නත් ඔවුන් දන්නවා. ඒ වගේ ම තමන්ට වඩා වයසින්, රැකියා මට්ටමින් අඩු කෙනෙකුට වුණත් නිසි ගෞරවය දෙන්න පුරුදු වෙලා ඉන්නවා. ඒ සඳහා විවිධ යෙදුම්, ආචාර ක්‍රම සහ විධි රාශියක් ජපන් සංස්කෘතියේ තියනවා. 

7 තාක්ෂණයට ඉඩ දීම

ජපානෙ කියන්නෙ රොබෝවරුන්ගේ මව්බිම නේ. බොහොම පැරණි ඉතිහාසයක් සහිත රටක් වුණත්, නවීනතම තාක්ෂණය වැළඳගන්නත් ජපනා පැකිළෙන්නේ නෑ. සම්ප්‍රදාය වැනසෙනවා කියලා තාක්ෂණය ප්‍රතික්ෂේප කරන්න තරම් මෝඩ නැති ජපානය, මිනිසුන්ගේ එදිනෙදා ජීවිතේ පහසු කරගන්න අවශ්‍ය අංගෝපාංග නිපදවීමේ ප්‍රමුඛයෙක්. ඒ වගේ ම වාහන, විදුලි උපකරණ, වෛද්‍ය උපකරණ ආදිය නිපදවීමේ නවෝත්පාදකයෙක්.

8 සොබාදහම, සතාසිව්පාවන් වෙනුවෙන්

ජපානයේ මිනිස්සු ස්වභාවයෙන් ම පරිසරය ගැන හිතන, පරිසරය එක්ක සහයෝගයෙන් ජීවත් වෙන ජාතියක්. ඔවුන් පරිසරය අපවිත්‍ර කරන්නෙ නෑ. විනාශ කරන්නෙ නෑ. කොයි තරම් තාක්ෂණික සහ කාර්මික අංශයෙන් දියුණු වුණත් ඔවුන් ඒ කටයුතු කරන්නෙ පරිසරයට අවම හානියක් වෙන විදිහට. උදාහරණයක් කිව්වොත්, හිතාගන්නත් බැරි තරමේ ඉතා ම කුඩා ඉඩකඩ ප්‍රයෝජනයට අරං ලස්සන සැපපහසු ගෙවල් හදන්න ඔවුන් දක්ෂයි.

ඒ වගේ ම ජපන්නු සතුන්ට දක්වන ආදරය ගැනත් කියන්න ඕනේ. ලෝකයේ ‘කැට් කැෆේ’ කියන සංකල්පය ප්‍රචලිත වුණු පළමු රට ජපානය. කාර්යබහුලකම සහ නිවෙස්වල තියන සීමිත ඉඩකඩ නිසා ගෙදර සුරතල් සතුන් හදන්න අපහසු, ඒත් සත්තුන්ට ආදරේ අයට විවේක වෙලාවට යන්න එන්න කියාපු තැනක් මේ කැෆේ එක. අයාලේ යන සතුන් වෙනුවෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මෙයාලව ගෙදර ගෙනියන්න කැමති අයට එහෙම අරං යන්නත් අවස්ථාව සලසල තියනවා.

9 පෝෂ්‍යදායී කෑමබීම

ජපන් ආහාර සංස්කෘතිය හරි ම විශේෂ සහ ජපානයට ම ආවේණික එකක්. ඔවුන්ගේ සාම්ප්‍රදායික ආහාර වේල හොඳ සමබර සහ පෝෂණයෙන් පිරුණු එකක්. මාළු, මුහුදු ආහාර, එළවළු සහ බත්වලට තමයි එයාල කෑම වේලක මූලිකත්වය දෙන්නෙ. ඒ නිසා ම ඒ අය සෑහෙන නිරෝගිමත්. ලෝකයේ වැඩි ම ආයුෂ තියන මිනිස්සු ඉන්න රටක් විදිහටත් ජපානය හැඳින්වෙනවා. එක ම දේවල් ටිකක් පාවිච්චි කරලා වුණත් විවිධාකාර ක්‍රමවලින්, විවිධාකාර රසවලින් යුක්තව ආහාර සකස් කරන වට්ටෝරු ගොඩකුත් ඔවුන් ළඟ තියනවා.

10 මේ මොහොත විඳීම

ජපානය කියන්නෙ නිතර ස්වාභාවික ව්‍යසනවලට මුහුණ දෙන රටක්. ජපානෙ භූමිකම්පා එහෙම බහුලයි. ‘සුනාමි’ කියන්නෙත් ජපන් වචනයක් නේ. කොහොම වුණත් මේවට එයාල හැම වෙලේ ම සූදානමින් තමයි ඉන්නෙ. ඔවුන් ගේදොර පවා හදන්නෙ භූමිකම්පාවලින් විනාශ වුණාම ප්‍රතිසංස්කරණය කරගන්න පුළුවන් වෙන විදිහට. අභියෝගවලට බය නොවීම, ඒවට මුහුණ දෙන්න පෙර සිට ම සූදානම් වීම වගේ ම, ඉස්සරහට එන අභියෝග ගැන නොතැවී මේ මොහොත සතුටින් විඳගැනීමත් ජපන් සංස්කෘතියේ තියන ලස්සන ම ලක්ෂණයක්. පොඩි කාලෙ ‘ඔෂින්’ බලපු අයට එහෙම මේ ගැන මතක ඇති.

සකුරා මල් පිපෙන කාලෙට සකුරා මල් බලන්න යන එක ජපන්නු වරද්දන්නෙ නැතුව කරන සිරිතක්. මේක පිටිපස්සෙ ගැඹුරු දර්ශනයක් තියනවා. සකුරා මල් පිපිලා තියෙන්නෙ බොහොම පොඩි කාලයයි. ඉක්මනින් නැසී යන බව දැනගෙන ම, මේ මොහොතේ තියන ලස්සන සතුටින් විඳගන්න එක තමයි ඔවුන්ගෙ බලාපොරොත්තුව. මේ දර්ශනය ජීවිතය සම්බන්ධයෙනුත් අදාළයි කියලයි ඔවුන් විශ්වාස කරන්නෙ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Goodies at Cinnamon Lakeside Empowers Women with All Female Team

In a significant step towards promoting greater female representation in hospitality, Cinnamon Lakeside Colombo has

Highlights Trending

Cinnamon Colombo Hotels and Royal Colombo Golf Club Tee Off the Inaugural Cinnamon Colombo Golf Classic

Cinnamon Colombo Hotels is proud to announce the launch of the inaugural Cinnamon Colombo Golf

Highlights Trending

ITC Ratnadipa Presents Dim Sum & Co., an Exclusive Dim Sum Experience at Yi Jing

Yi Jing at ITC Ratnadipa introduces Dim Sum & Co., a first-of-its-kind curated series of

Highlights Trending


Anantara Kalutara Resort Unveils a Taste of La Dolce Vita at Acquolina Restaurant & Lounge

Kalutara, Sri Lanka – 22 June 2026 – Anantara Kalutara Resort unveiled a renewed dining

Highlights Trending

Soul Sounds Returns to the Lionel Wendt with The Pop Era!

Led by internationally acclaimed Music Director Soundarie David Rodrigo, the celebrated ensemble will revisit the

Highlights Trending

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide