මේ අවුරුද්දේ මඟුලක් කන්නද ලෑස්තිය? මෙන්න, ලාබෙට මඟුලක් ගන්න හරි යන ටිප්ස් 10ක්.

අවුරුදු ගාණක් තිස්සේ පස්සෙන් ගිහිල්ලා, දවසට එකසිය ගාණට එස්.එම්.එස් ගහලා කෙල්ලෙක් ව හරි කොල්ලෙක් ව හරි යාළු කරගත්තැයි කියමුකෝ. ඊටපස්සේ ගෙවල්වලට කන්කෙඳිරි ගාලා කොහොම හරි මඟුලටත් කැමති කරගන්න එපැයි. ඒකත් කළාට පස්සේ තමයි ඔන්න ලොකුම යුද්දේ පටන්ගන්නේ. ඒ වෙඩින් එකට ලෑස්ති වෙන එක.

මේ දවස්වල තියෙන ආර්ථිකෙත් එක්ක හැමෝට ම සුපිරි වෙඩින් ගන්න බැහැනේ. මොකද හත් අතට ණය වෙලා මඟුලක් කෑවොත්, ඊට පස්සේ වෙන්නේ මැරෙනකම් ඒ ණය ගෙවන එක. සමහර වෙලාවට කසාදෙ දික්කසාදෙන් ඉවර වෙන්නත් ඕවා හේතුවෙන වෙලාවල් තියෙනවා. අන්න ඒ නිසා අපි හිතුවා මඟුලයි, පොකට් එකයි දෙකම බේරගෙන වෙඩින් එකක් ගන්න පුළුවන් වෙන විදියේ ටිප්ස් ටිකක් ඔයාලට කියන්න.

1. සීසනල් දවසක් තෝරගන්න

අපේ කේන්දර, නැකත් පලහිලව් එක්ක මේ වැඩේ කරන එක ටිකක් අමාරුයි තමයි. ඒත් වෙඩින් එක ගන්න සීසනල් දවසක් තෝරගන්න එක සෑහෙන්න ගාණක් අතේ ඉතුරු වෙන වැඩක්. විශේෂයෙන් ම අවුරුද්ද අගදී කොළඹින් පිට තියෙන හුඟක් හෝටල්වලින් ඩිස්කවුන්ට් හම්බෙනවා. ඒ නිසා මේක හනිමූන් එකට යන ගාණ අඩු කරගන්න නියම චාන්ස් එකක්.

2. සේරට ම හරි යන ලොකේෂන් එකක්

දිනේ දාගත්තට පස්සේ වෙන්න ඕනේ වෙඩිම ගන්න හෝටලයක් හොයාගන්න එක. දකින පළමුවෙනි හෝටලයේ ම වෙඩින් එක ගන්න දඟලන්න එපා. සතියක් දෙකක් අරගෙන, පොඩ්ඩක් වටේ පිටේ කැරකිලා පවුල් දෙකට ම එන්න ලේසි විදියේ තැනක, ෆොටෝවලටත් ගැළපෙන පසුබිමක් තියෙන හෝටලයක් තෝරගන්න.

ඔය ගොඩක් වෙඩින් හෝල්වල, හොටෙල්වල වෙඩින් පැකේජ් තියෙනවා. මංගල උත්සවේ සේරම වැඩ බලාකියාගන්න පොරොන්දුව පිට හදපු පැකේජ් වුණත්, මේවට අයවෙන්නේ සෑහෙන්න ලොකු ගණන්. අඩු ගාණට තියෙන වෙඩින් පැකේජ් තිබුණත්, ඒවායේ දෙන්නේ ප්ලේට් එක විතරයි. පෝරුවේ ඉඳන් ඉතුරු සේරම අපි වෙනම ම ගෙන්න ගන්න ඕනේ. මෙන්න මේ කාරණා ගැනත් අවධානය යොමු කරලා, තමන්ට ගැලපෙන විදියේ හෝටලයක්, වෙඩින් හෝල් එකක් බුක් කරගන්න පුළුවන් නම් තමයි හොඳ. තමන් ඇතුළු පිරිස අඳින තැනේ ඉඳලා හෝටලයට තියෙන දුර වගේ දේවලුත් මෙතැනදී සලකා බලන්න ඕනේ.

3. පොඩි ගෙස්ට් ලිස්ට් එකක්

ලංකාවේ මඟුලක් ගන්න ගියාම ගෙස්ට් ලිස්ට් එක හදන එක තරම් අමාරු තවත් වැඩක් නැති තරම්. මොකද මඟුල ඔයාගේ වුණත් ලැයිස්තුවේ වැඩිපුර ම ඉන්නේ අම්මගේ, තාත්තගේ යාළුවොයි, හරියට නෑකමවත් ගළපගන්න බැරි, ජීවිතේට දැකලා නැති නෑදෑයෝ ටිකකුයි.

ගෙස්ට් ලිස්ට් එක දික්වෙන්න වෙන්න, සාක්කුවේ සල්ලි ටික බලාගෙන ඉද්දී හිඳෙනවා. ඔන්න ඕකට උප්පරවැට්ටියක් දාගන්න පුළුවන් නම් ලොකු ගාණක් ඉතුරු කරගන්න පුළුවන්.

නෑයෝ වේවා, යාළු හිත මිත්‍රාදීන් වේවා තමන්ගේ මේ විශේෂ දවසේ ළඟින් ම ඉන්න ඕනේ කියලා හිතන උදවියට අනිවාර්යයෙන් මේ ලැයිස්තුවේ මුල්තැන ලැබෙන්න ඕනේ. දුරින් සම්බන්ධතා තියාගෙන ඉන්න අයට නම් පවුල් පිටින් එන්න නොකිව්වත් ප්‍රශ්නයක් නැහැ. ඒ පවුල්වල ප්‍රධානියෝ දෙන්නා ආවත් ඇති. ඒ නිසා අම්මගේ අක්කා බැඳපු මහත්තයාගේ අයියගේ නෝනාගේ මල්ලිට ළමයට මඟුල නොකිව්වයි කියලා ඔයා හිත අමාරු කරගන්න කාරි නෑ හොඳේ.

4. තමතමන් ම ආරාධනා පත්‍ර හදාගත්තා නං

ගෙස්ට් ලිස්ට් එක හදාගත්තට පස්සේ, ඊළඟට තියෙන්නේ ආරාධනා පත්‍ර ටික බෙදන්න යන එක. දැන් කාලේ නා නා ප්‍රකාර අරුමෝසම් ආරාධනා පත්‍ර හැදෙන බව හැබෑව. ඒකයි කියල මේ කාඩ් එකකට ලොකු ගාණක් වියදම් කරන එක අලි බොරු වැඩක්. මොකද ඒ යන සල්ලි ටික වෙඩින් එකේ වෙන දේකට පාවිච්චි කරන්න පුළුවන්නේ.

මේ වැඩේට නියමෙට හරි යන පොට් එක තමයි කොටුවේ මැලිබන් වීදිය. ලාබෙට වෙඩින් කාඩ් ගන්න පුළුවන් වගේ ම, අඩු ගාණකට ඒවා ප්‍රින්ට් කරගන්න පුළුවන් තැන් මේ වීදියේ තියෙනවා. වෙඩින් කාඩ් එකේ ඩිසයින් එක ඔයාට ම හදාගන්න පුළුවන් නම් තවත් ලාබයි. ගෙදර ඉන්න අයගේ උදව්ව අරගෙන, පොඩි මෝස්තරෙකට සීක්වින් ටිකක්, රිබන් පටි කෑල්ලක්, පබළු ඇටයක් අලවගන්න එකනේ තියෙන්නේ. ඒකත් එක්ක ගැලපෙන විදියට කේක් පෙට්ටිවලටත් මෝස්තරේ දාගත්තා නම් තවත් ගාණක් අතේ ඉතුරු වෙනවා.

5. බ්‍රයිඩ්ස්මෙට් – බෙස්ට්මන් ලැයිස්තුව

මඟුලක් කාලා ලංකාවේ කට්ටියක් ලෝක වාර්තාවකුත් තිබ්බා ඔයාලට මතකත් ඇතිනේ. 2013 අවුරුද්දේ වුණු මේ මංගල්ලෙට දෙවන මනාලියෝ ම 126ක් හිටියා. ඉතින් ගිනස් පොතට යන්න බලාපොරොත්තුවක් නැත්තන්, ලාස් ගණන් කට්ටිය මේ වැඩේට ඕනේ නැහැ.

මේකට තෝරගන්න ඕනේ තමන්ට විශ්වාස, හිතවත් කෙනෙක්වයි. එහෙම නැතුව කාගෙන්වත් වදෙන් බේරෙන්න බැරිකමට හෝ කවුරුවත් තරහ වෙයි කියන බයට මේ ලැයිස්තුව හදන එකේ කිසිම තේරුමක් නැහැ. මොකද දෙවන මනාල මනාලියන් විතරක් නෙවෙයි, මල් කුමාරයන් කුමාරියන් දාන කරාබුවේ, ටයි පටියේ ඉඳන් හැම පුංචි දේට ම වියදම් කරන්න වෙන්නේ ඔයාලගේ අතින්. දෙවන මනමාලියෝ වේවා, මල් කුමාරයෝ වේවා; මේ හැම ජාතියෙන් ම එක්කෙනෙක්, නැත්තන් දෙන්නෙක් හිටියා ම හොඳට ම ඇති නේද?

6. ඔයාගේ වෙඩින් එක ඔයා ම ප්ලෑන් කරන්න

වෙඩින් ප්ලෑන් කරන කම්පැනි දැන් ලංකාවේ ඕනේ තරම්. මේ ගැන පහුගිය දවසකත් අපි කතා කළා. අතේ සල්ලි ගොඩක් තියෙනවනම්, තමන්ගේ වෙඩින් එක ප්ලෑන් කරන්න මේ විකල්පය තෝරගත්තට කමක් නැහැ. මොකද තෝරගන්න පැකේජ් එකේ හැටියට වෙඩින් එකේ වැඩ සේරම ඒ කාණ්ඩෙ කරනවනේ.

හැබැයි දුකට සැපට, මරණෙට මඟුලට ඉස්සරට පැනලා වැඩ කරන බොක්කේ ෆිට් යාළුවො සෙට් එකක්, නෑයෝ ටිකක් ඉන්නවනම්, වෙඩින් ප්ලෑන් කිරිල්ල කිරිකජු වගේ. ලක්ෂ ගණන් වෙඩින් ප්ලැනර්ලට වියදම් කරන්න ඕනේ නැහැ. කට්ටියට ගානට නූලට වැඩ ටික බෙදලා දුන්නනම් හරි. හැබැයි ඒකයි කියලා ආඬි හත්දෙනාගේ කැඳ හැලිය වගේ සීන් එකක් කරගන්න එපා හොඳද.

7. බාර් එක ඔයාගේ කරගන්න

අමද්‍යප සංගමේ දෙන්නෙක් බැන්ඳත් ඔය කොයි මඟුලෙත් බොන කාණ්ඩයක් ඉන්නවමයි. එහෙම අයට හෝටලේ බාර් එකෙන් බොන්න දෙනවා කියන්නේ අතේ තියෙන අන්තිම පිච්චියටත් කෙල වෙනවා කියන එක. මොකද අස්ප ගණන්නේ. අනික බීලා වැඩිවෙලා මේ කට්ටිය පිස්සු නටන්න ගත්තම වස විළි ලැජ්ජාවයි. ඔන්න ඔය වැඩේ නොවෙන්නයි, අතේ සල්ලි එකතු කරගන්නයි දෙකට ම හරි යන පිළියමක් තියනවා. ඒ තමයි ඔයාගෙ ම කියලා බාර් එකක් දාගන්න එක.

මුලින් ම ඔය ඩියුටි ෆ්‍රී හරි, මොකක් හරි හොඳ ලිකර් කඩයක් බලලා ඕනේ කරන බෝතල් කීපයක් ගෙන්නගන්න. බයිට්නුත් පිටින් ගෙන්න ගත්තනම් වැඩේ ලේසියි. මේ වැඩ දෙකට ම ඔයා තෝරගන්න හෝටලෙන් ප්‍රශ්නයක් නොවෙන බවටත් වග බලාගන්න ඕනේ. ඒ සේරමත් ශේප් නම් ඊටපස්සේ කරන්න තියෙන්නේ වෙඩින් එක දවසේ මේ බඩු ටික බොන සෙට් එක අතරේ බෙදලා දෙන එක තමයි.

8. යාළුවෝ ලවා කේක් හදවගන්න

සමහර වෙඩින්වල කපන කේක් හෝල් එකේ වහලේ ගෑවෙන සයිස් එකට උසයි. ඒ වුණාට ඇත්තට ම කන්න පුළුවන් කේක් තියෙන්නේ මේකේ පාදම හරියේ විතරයි. උඩ ටිකේ තියෙන්නේ රිජිෆෝම්. ලොකු ගාණක් දීලා බොරු සෝබන කේක් එකක් හදන වෙලේ, හැමෝට ම කන්න පුළුවන් විදියේ රස කේක් ගෙඩියක් හදාගත්තොත් මොකද?

කේක් හදන්න දක්ෂ තමන්ගේ යාළුවෙක් හෝ නෑයෙක් ඉන්නවනම්, එයාට මේ වැඩේ බාර දෙන්න. ඒ නැතත්, රසට කේක් හදන හෝම් බේකර්ස්ලා අද ලංකාවේ හැම පැත්තේ ම වාගේ ඉන්නවා. ඒ වගේ කෙනෙක්ගේ උදව්වත් මේ වෙලාවේදී ගන්න පුළුවන්.

9. එක ඇඳුමක් තිබුණ ම මදැයි

අපේ පැරණි සිංහල මංගලෝත්සවවල සිරිතක් තමයි, "මනමාලිය, මනමාලියක් ලෙසින්ම ගෙදරින් පිටවිය යුතුය" කියන සංකල්පය. පෝරුවෙන් බහිද්දී ඇඳගෙන ඉඳපු ඇඳුම ම ඇඳගෙන මනාලයාගේ ගෙදරට පිටවෙන්න ඒ කාලේ  මනමාලියෝ පුරුදු වෙලා හිටියේ ඒකයි.

හැබැයි දැන් මේ සිරිත දැකගන්න නොලැබෙන තරම්. අද පෝරුවට එක ඇඳුමකුත්, ඉන්පස්සේ තව ඇඳුමකුත්, මධු සමයට පිටවෙද්දී තවත් ඇඳුමකුත් වශයෙන් ඇඳුම් කීපයකට මාරුවෙන්න ගොඩක් දෙනා පුරුදු වෙලා ඉන්නවා. ඉතින් මේ හැමදේකින් ම වෙන්නේ අතේ සල්ලි ටික තවත් හිඳෙන එකයි. හොඳ ම දේ තමයි මේ වැඩේ එක ඇඳුමකට සීමා කරන එක. එහෙම කළා කියලා තමන්ගේ තත්ත්වයේ අඩුකමක් පේන්නේ හෝ වරදක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද මේ ගොඩක් දේවල් අපේ අය සල්ලි විසි කරන්න හදාගත්ත පුරුදුනේ.

අනික සාරි, කලිසම්, කමිස වගේ දේවල් කුලියට ගන්නවනම්, එක ම තැනකින් ඒක කරනකොට ලොකු ගාණක් ඉතුරු කරගන්න පුළුවන්. සපත්තු, ආභරණ වගේ දේවල් හදවද්දීත් මේ කතාව අදාළ වෙනවා.

10. සරල සැරසිලි

හෝල් එක ඇතුළේ සැරසිලි ලොකුවට නොකළට ඒ හැටි අවුලක් නැහැ. පොඩි සැරසිල්ලක් තිබුණා ම හොඳට ම ඇති. මොකද මේ දවසට හැමෝගේ ම අවධානය යොමු වෙලා තියෙන්නේ බඳින ජෝඩුව දිහාට මිසක්, මේසේ උඩ තියෙන මල් පොකුරට නෙවෙයි.

මනාලියෝ සේරගේ ම මල් පොකුරුවලට ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් පාවිච්චි කරන්න ගොඩක් අය කැමතියි. ඒත් මේවට සෑහෙන්න වියදම්. ඒ නිසා මනමාලිගේ මල් පොකුර විතරක් ෆ්‍රෙෂ් මල්වලින් හදලා, අනිත් අයගේ ඒවා කෘතිම මල්වලින් හදවන්න. ඒකෙන් තවත් ගාණක් ඉතුරු කරගන්න පුළුවන්.

පොකට් එක බේරගෙන මඟුලක් කන්න පුළුවන් විදියේ තවත් ටිප්ස් දන්නවද? දාන්නකෝ එහෙනම් කමෙන්ට් එකක්!

කවරයේ පින්තූරය : dailymail.co.uk
Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide