මස් මාළු කටේ තියන්නෙ නැති අයට රු. 300ට බඩ පැලෙන්න කන්න කියාපු කඩ 7ක්.

“හෝව් හෝව් හෝව්, මට පෝක් දාන්න එපා. මම කන්නෑ”

හෝටලේකට ගිහින් පෝකුයි පරාටයි කන්න හැදුව විතරයි මාත් එක්ක ගියපු යාළුව පරහට හිටිය කියන්නකො. බැලින්නම් මනුස්සය වෙජිටේරියන්. වැඩේ කියන්නෙ, අවුල ඒක නෙවෙයි, මෙන්න බොලේ පෝර්ක් කෑලි දාන්න එපා කියපු මනුස්සය වේටර්ටම කියල පෝර්ක් හොදි බෙදා ගන්නව. “දෙන්නම් බොට” කියල හිතපු මම වේටර් යනකම් හිටියා.

“ඒ, උඹ මාර වෙජියෙක්නෙ. පෝර්ක් කෑලි කන්නෙ නෑ හොදි කනව. කොහෙන්ද බන් ඔය මරිසිය ඉගෙන ගත්තෙ”

“ආ… මචං මේකයි. අපේ …”

කියල හෙණ දිග ධර්ම සාකච්ඡාවකට මුල පිරුවා. හැබැයි ඉතින් පරාටා ටික මේසෙට එනකම් විතරයි. ඊට පස්සෙ බලන්න එපැයි, ඉවක් බවක් නැතුව කාපු කෑම.

කොහොම හරි එදායින් මම දැනගත්ත වෙජියි කියන ඈයොන්ගෙ ප්‍රෝඩාව. එහෙමයි කියල බොක්කෙන්ම වෙජි කට්ටියව ඒ ගොඩට දාන්න මට බෑනෙ.

අන්න ඒ නිසයි, අපේ වෙජි යාළුවන්ට සෙට් වෙන පියෝ වෙජි කඩ ටිකක් කියන්න හිතුවෙ, අපේ එකාට රිදෙන්නත් එක්කම. හැරත් නිතර දෙවේලෙ මස් මාළු ගැනම කතා කරන අපේ මාතෘකාවලට මොකක් හරි වෙනසක් තියෙන්නත් එපැයි නේ…

1. Chop Chop Kottu

වෙජියි කියල බත් පාන් විතරක් කන්නයැ. මෙන්න තියෙනව කට්ටියට, කටට රහට වෙජි කොත්තුවක් කන්න කියාපු තැනක්. බාග වෙලාවට කට්ටිය දන්නවත් ඇති කොටා රෝඩ් එකේ තියෙන මේ කොත්තු කඩේ ගැන. අවුලක් නෑ, දන්නෙ නැති අය දැන ගන්නකො. දෙන්නෙක්ට බඩ පැලෙන්න කන්න පුළුවන් සයිස් කොත්තු තමයි චොප් චොප් එකේ තියෙන්නෙ. විශේෂයෙන්ම එළවළු කොත්තුවලට එහෙම කැරට්, ලීක්ස් හැරුණාම මාළු මිරිස්, තක්කාලි, රම්පෙ කරපිංච පවා දානව. හිතා ගන්න පුළුවන්නෙ රස, සුවඳ කොහොමද කියල. එළවළු කොත්තු, ඉඳි ආප්පවලිනුත් ගන්න පුළුවන් නිසා තවත් වාසියි. ගාණත් රු. 350ක් වගේ වෙන්නෙ.

2. Amro Vegetarian Cafe

නුගේගොඩ පැත්තෙන් වෙජි කඩයක් හොයනව නම් කෙලින්ම යන්න දෙල්කඳ පාරෙ තියෙන ඇම්රෝ කැෆේ එකට. රු. 150ට 200ට ඉස්මුරුත්තාව එනකම් කෑහැකි. මෙයාලගෙ කෑමවල රස කියන්නෙ, නොකියා දුන්නොත් මස් මාළු නැති අඩු පාඩුව වත් දැන්නෙ නැති තරම්. කටගැස්මට මිරිස් කරලක්, පපඩමක් එක්ක බත් එකට ව්‍යංජන 5ක් හම්බවෙනව. ඇම්රෝ එකේ කෑමවල විශේෂත්වය තමයි හැම ව්‍යංජනයක්ම නියම ගමේ රහට හැදෙන එක. තෙල් ගතියත් සෑහෙන්න අඩුයි. හරියට මැටි ඇතිලිවල, දර ලිපේ උයල වගේ.

3. Chennai

බත්ම කන්න අවුල් වගේ නම් යන්න බම්බ ගාලු පාරෙ, චෙන්නායි එකට. කටට රහට තෝසෙ පාරක් දාන්න පුළුවන්. වැඩිය ඕන නෑ, මසාලා තෝසෙ හරි පේපර් තෝසෙ හරි ගී තෝසෙ හරි එකක් ගත්ත නම් තොල කටට ලෙව කකා උගුරට එනකම් කන්න පුළුවන්. ඕන නම් පොඩි වෙනසකටත් එක්ක උලුඳු වඩේ එකක් වුණත් ගන්න බැරියැ. හැබැයි ඔය කොයි එක ගත්තත් චෙන්නායි සාම්බාරු හොද්දයි, මිරිස් හොද්දයි කලවමේ රස බලන්න අමතක කරන්න එපා. ඒකෙ තමයි යාළු ගතිය තියෙන්නෙ. ආයෙ ෂුවර් කරල කියන්න පුළුවන්, වියදම උපරිම වුණොත් රු. 300 වෙයි.

4. New Banana Leaf

වේටර්ලගෙ සේවාව පට්ටට තියෙන, පණ්ඩිත කැෂියරයෙක් ඉන්න, පට්ට රහට කෑම හදන සුපිරි කඩයක්. ආයෙ බොරු කියල තෑගි ගන්නයැ, ජැෆ්නා ස්ටයිල් එකට හැදෙන සුපිරි කෑම වේලක් තමයි බනානා ලීෆ් එකේ තියෙන්නෙ. හැබැයි ටිකක් නවීකරණය වුණු රසවල්වලින් යුක්තයි. හොඳට මතක තියා ගන්න ‘ගමේ රහ’ නෙවෙයි හොඳද. රතු, සුදු ජාති දෙකෙන්ම බත් ගන්න තිබුනට මෙයාල ව්‍යංජන දෙන්නෙ 5යි. හැබැයි ඉතින් රු. 150ට ලොවෙත් පාඩු නෑ. කෙහෙල් කොළේට බෙදන නිසා අමුතු ගතියකුත් තියෙනව. විශේෂයෙන්ම කියන්න ඕන මෙයාලගෙ වෙජි බිරියානි එකක් තියෙනව, රු. 200යි වෙන්නෙ, පංකාදු පහයි. බඩ පැලෙන්න කන්නත් පුළුවන්.

5. My Burger

පට්ට රස වෙජි කෑම සෙට් එකක් නුගේගොඩ හයිලෙවල්, මයි බර්ගර් එකෙත් තියෙනව. ගණනුත් හැම එකක්ම වගේ රු. 200යි 250යි. වෙජි චීස් කොත්තු, වෙජි බර්ගර්, වෙජි සබ්, වෙජි ෂවර්මා වගේ වැඩ කිඩ තොගයයි. වැඩිපුර චීස් දාලා ගත්තත් රු. 300ක් යන්නෙ නෑ. අනික උණු උණුවෙ මේසෙට එනකොට දැනෙන සුවඳ නිසා ගමකට කන්න පුළුවන්. රසත් ටොපේ ටොප්. බර්ගර්, සබ්මැරීන් එහෙම වෙජිද කියලවත් හොයා ගන්න බැරි තරම්. කියන්න සන්තෝසයි, ළඟදි හමුවුණත් සුපිරි ප්ලේස් එක ඈ…

6. New Saraswathi Cafe

සයිවර් ටයිප් එකට තෝසෙ පාරක් දාන්න කොටුව පැත්තෙන් නම් ඉතින් සරස්වතී කැෆේ තමයි. රු. 150ක් තිබුන නම් බඩ පැලෙන්න කන්න පුළුවන්. තෝසෙ, වඩේ, ඉට්ලි, පිට්ටු එක්ක මෙයාලගෙ සාම්බාරු හොද්දයි, කිරි හොද්දයි කලවම් වුණාම තව මොනවද ඉතින්. කටට සැරට වගේ ඕන නම් මිරිස් හොදි ටිකකුයි, සම්බල් ටිකකුයි දා ගන්න පුළුවන්. ඔය හැරුණාම මෙයාලගෙ පේපර් තෝසෙ, මසාලා තෝසෙ එහෙමත් හොඳ රහට තියෙනව. හැබැයි ඔය ඔක්කොමත් පරාදයි රයිස් ඇන්ඩ් කරි එක මේසෙට ආවාම. ඉන්ඩියන් ස්ටයිල් එකට හැදුනු ව්‍යංජන ජාති 5ක් එක්ක මෝරු මිරිස් කරලක් දෙකක් හරි හරියට ගැලපෙද්දි රස කොහොමද කියන්නෙ උගුර ළඟට පිරෙනව තේරෙන්නෙ නැති ගාණයි.

7. Saraswathi Lodge

ටොප් එකට ඉන්ඩියන් බත් වේලක් රස බලන්න කියාපු තවත් තැනක්. තියෙන්නෙ බම්බ, ගාලු පාරෙ. කෙහෙල් කොළේට බෙදෙන ලොකු බත් දීසියයි ඉන්දියානු ක්‍රමයටම හැදෙන ව්‍යංජන 6යි මෝරු එකයි රසම් එකයි එක්ක මිරිස් කරල් දෙකකුයි තඩි පපඩමකුයිත් මේ බත් එකට එනව. ඒ එක්කම එන පොඩි උළුඳු වඩේ එක තමයි මෙතන කට ගැස්ම වෙන්නෙ. මදි පාඩු ඉල්ල ගන්නත් පුළුවන් නිසා බඩ කට පිරෙන්න කන්නත් පුළුවන්. වැඩේ කියන්නෙ මේ ඉන්ඩියන් ටයිප් එකට හදන ව්‍යංජනවල මිරිස් තුනපහයි, කිරි රසයි මදිනෙ. ඒ්ත් රු. 200ට පාඩුමත් නෑ.

හැබැයි ඉතින් පාඩු නැතුව කන්න පුළුවන් මේ වගේ ‘වෙජි කඩ’ තව තියෙන්න ඕන නේ. අපි දන්නෙ නැති වුණාට ඔයාලා ඒව කමෙන්ට් කරන්නත් ඕන නේ.. යාළුවනේ…

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Heritance Hotels & Resorts and Sara Ali Khan Spotlight Sri Lanka’s Diverse Landscapes, Heritage and Hospitality

The collaboration brings together celebrity-led storytelling and Heritance’s distinctive hospitality to showcase Sri Lanka’s cultural

Highlights Trending

ITC Ratnadipa Welcomes Chef Prakhar Srivastava to Lead the Next Chapter of Avartana in Colombo

ITC Ratnadipa, Colombo welcomes Chef Prakhar Srivastava as Sous Chef to Avartana, marking a new

Highlights Trending

Are Men Moving With The Jewellery Trends in Sri Lanka? ‘Yes,’ says DINIDU Colombo

Fine jewellery in Sri Lanka is no longer bound by gender. Accessorising has become an

Highlights Trending

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide